මේ කරුණු බොහොමයක් ගන්නේ Dhanusha Gihan Pathirana මෑත කාලේ ඉදිරිපත් කල අදහස් වලින්. මේ කියන කලාපය කවුරුවත් කොහෙවත් කතා කරනවා දැකලා නොතිබුණු නිසා සහ මේ කියන දේවල්වල වැදගත්කම නිසා සෑහෙන කම්පනයක් කෝපයක් සහ බියක් ඇති වෙනවා.
අපි ලංකාවේ ආර්ථික අර්බුධය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් කතා කරේ ඩොලර් හිඟය, අයවැය පරතරය, අධි පරිභෝජනය, බදු ප්‍රතිපත්තිය, රාජ්‍ය ආයතනවල නාස්තිය සහ අකාර්යක්ෂමතාවය, දේශපාලකයන්ගේ දූෂණ වංචා ආදිය විදිහට. ඒත් කතා නොවෙන ප්‍රධාන කාරණා දෙකක් ගැන කියන්න යන්නේ.
1. Over/Under invoicing හරහා ප්‍රාග්ධනය අනීතිකව රටෙන් පිටට යාම
Over invoicing කියන්නේ මෙහෙම එකක්. මම මොනවා හරි දෙයක් මිලදී ගන්නකොට, ඒ මිලදී ගන්න භාණ්ඩයේ වටිනාකමට වඩා වැඩි මුදලකට රිසිට් එකක් දාගන්නවා. නිකං උදාහරණයකට ගාමන්ට් ෆැක්ටරි එකක් තමන්ගේ අවශ්‍යතා සඳහා රෙදිපිලි ඉන්දියාවෙන් ගේනවා කියල හිතන්න. ඉන්දියාවෙන් මිලට ගන්න රෙදිවල සැබෑ මිල ඩොලර් මිලියන පහයි. හැබැයි මේකේ මිල ඩොලර් මිලියන හයක් කියල තමා මෙයාල රිසිට් එක දාගන්නේ. මේ කියන්නේ අතිරේක ඩොලර් මිලියනයක් රටෙන් පිටට යනවා. ඒ මොකටද? ඒ ඩොලර් මිලියනය රටෙන් පිට ෆැක්ටරි අයිතිකාරයාගේ හෝ මේ වැඩේට සම්බන්ධ කෙනෙක්ගේ ඩොලර් අකවුන්ට් එකකට තමා යන්නේ.
Under invoicing කියන්නේ මම මොනවා හරි විකුණනකොට, ඒ භාණ්ඩවල වටිනාකමකට වඩා අඩු වටිනාකමකට රිසිට් එක දැමීම. උදාහරණයකට ගාමන්ට් එකක් නිමි ඇඳුම් අපනයනය කරනකොට ඒ නිමි ඇඳුම් වල සැබෑ විකුණුම් මිල ඩොලර් මිලියන තුනක් නම්, මෙයාලා මේකට මිලදී ගන්නාගෙන් අය කරගන්නේ ඩොලර් මිලියන දෙකහමාරයි. මේ ගාණට රිසිට් එක දැම්මම, ඩොලර් මිලියන බාගයක් රට ඇතුලට එන්නේ නෑ කිසිම විටක. ඇඳුම් මිලදී ගත් කෙනාට නැවත ඒ ඇඳුම් නියම මිලට විකුනලා ඩොලර් මිලියන තුන (හෝ වැඩියෙන්) හොයාගත හැකියි.
මේ අවස්ථා දෙකේදීම මිලදී ගන්නා කෙනා සහ විකුණන කෙනා එකම පාර්ශවයක් වුනත් වෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකම කරන්න පූර්ව සාධකයක් විදිහට ඉහල උද්ධමනයක් සහ අඩු තීරුබදු පවතින්න ඕන. උදාහරණයකට රෙදිපිළි රට ඇතුලට ගේනකොට ලොකු ටැක්ස් එකක් වදිනවා නම් මේක එච්චර සාර්ථක නෑ. නමුත් මේ වැඩ සිද්ධ වෙන්නේ වෙළඳ ගිණුම හරහා අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්වීම් විදිහට. මේ අංශ වලට බද්ද 0% හෝ ඊට ආසන්න නිසා මේ වැඩේ කරන්න පුළුවන්. මේ දෙකම නීති විරෝධී වැඩ.
රටේ මුදල් ඒකකය දිගින් දිගට අවප්‍රමාණය වීම නිසා රුපියල් අතේ තියාගැනීම වෙනුවට ඩොලර් තියාගැනීම වඩා හොඳයි. ඒ නිසා තමන් අත ඇති ප්‍රාග්ධනය අනීතිකව රටෙන් පිටමං කිරීමේ සහ විදේශවල සංචිත කිරීමේ ක්‍රම මේවා.
මේ ආකාරයට රටෙන් එලියට ප්‍රාග්ධනය අනීතිකව දිගින් දිගට ගලායාම නිසා වෙන දේ තමයි අපේ රට එන්න එන්න දුගී වීම සහ මේ ආකාරයට ප්‍රාග්ධනය විදේශවල සංචිත කරගන්නා පිරිස බලවත් වීම. කොහොමත් මේ ආකාරයේ දේවල් කරන්න පුළුවන් ඉහලම ව්‍යාපාරික ලේයර් එකට විතරයි. මේ දේවල් කරන්න බැංකු පද්ධතියත් හවුල් අතර ඒ බැංකු වල සෑහෙන හිමිකාරිත්වයකුත් ආයේ මේ සෙට් එකටම හිමියි
මෙහෙම පිටට යන ඩොලර් කියන්නේ වෙළඳාම, ප්‍රේෂණ, ණය සහ විදේශ ආයෝජන විදිහට රට ඇතුලට ආව සල්ලි. අපේ සල්ලි තමා මේ කිහිප දෙනෙක්ගේ ලේයර් එකක් රටෙන් එලියට ගෙනිහින් තියෙන්නේ.
Global Financial Integrity කියන ආයතනය විසින් 2021 දෙසැම්බර් 16 නිකුත් කල Trade-Related Illicit Financial Flows in 134 Developing Countries 2009-2018 කියන වාර්තාවේ කියවෙන විදිහට මේ ක්‍රම හරහා 2009-18 කාලය අතරතුර ලංකාවෙන් පිටට ගිහින් තියෙන ප්‍රාග්ධනය ඩොලර් 45ක් පමණ වෙනවා.
මේක සිද්ධ වෙන එක ගැන එක උදාහරණයක් විදිහට දෙන්නේ 2021 වසරේ මෙතරම් ආනයන තහනම් තියෙද්දිත් ඩොලර් බිලියන 20.6ක ආනයන තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ආනයන වලින් 80%ක් පමණ අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමට යන වියදම. නමුත් මෙතරම් අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්නුවා නම්, එක අතකින් රට තුල විරැකියාව වැඩි වෙන්න බෑ, අනෙක් අතින් අපනයනවල කාර්මික අපනයන වැඩි වෙන්න ඕන. මේ දෙකම වෙලා නැති අතර (කාර්මික අපනයන අඩුවෙලා) ඩොලර් බිලියන 11ක පමණ අපනයන විතරයි වෙලා තියෙන්නේ. වෙනස ඩොලර් බිලියන දහයකට ආසන්නයි. මෙහෙම වෙන්නේ කොහොමද? මේ පරතරය මෙතරම් වැඩි වෙන්න පුළුවන් විදිහ තමයි ඔය උඩ පැහැදිලි කරලා තියෙන්නේ.
2. කලු සල්ලි හරහා ප්‍රාග්ධනය අහිමි වීම
2020ට කලින් ඇස්තමේන්තු කරලා තිබ්බ විදිහ අනුව රටේ විදේශ ප්‍රේෂණ (remittances) වලින් 30%ක් පමණ එන්නේ උන්ඩියල් ක්‍රම මගින්. රුපියල 203 ට ස්ථාවර කිරීම එක්ක මේ ප්‍රතිශතය වැඩි වුනු බව පැහැදිලියි. රටේ මුදල් ඇමති ප්‍රසිද්ධියේ උන්ඩියල් සහ බ්ලැක් මාකට් එක වෙනුවෙන් පෙනී ඉන්නවා. කලින් ඇස්තමේන්තුවට අනුව 2009-18 කාලය තුල ලංකාවට උන්ඩියල් ක්‍රම නිසා අහිමි වී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන විස්සක් විතර වෙනවා. මේ කලු සල්ලි නැවත භාවිතා වෙන්නේ මත්ද්‍රව්‍ය, ආයුධ, මිනිස් වෙළඳාම ආදී වෙළඳාම් සඳහා.
එතකොට මේ ඇස්තමේන්තු අනුව බැලුවොත් 2009-18 කාලය තුල පමණක් ලංකාවට අහිමි වී ඇති ප්‍රාග්ධනයේ ඩොලර් ප්‍රමාණය බිලියන 65ක් විතර. වසරකට ඩොලර් බිලියන 6.5ක්. අපි එච්චර ණය ගන්නෙවත් නෑ අවුරුද්දකට. අපේ මුළු ණය බර වෙන්නෙත් ඩොලර් බිලියන 55යි. ඒ නිසා අපි මේ කතා කරන්නේ කජු ඇට කොස් ඇට ගැන නෙමෙයි.
මීට අමතරව ලංකා රජය විසින් පසුගිය ජනවාරි වෙනකම් ISB ගෙවීම් කරනවා. මෙහෙම ගෙවන්නේ පැහැදිලිවම ඉදිරියට මිනිස්සුන්ට තෙල් ගේන්න, බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිවෙන බව හොඳින් පෙනි පෙනී. ඩිෆෝල්ට් කරන්න වෙන බව දැනගෙන. මිනිස්සු මැරෙන්න යන බව පෙනෙද්දී. මීට අමතරව (කාල වකවානුව දන්නේ නෑ - W.D. ලක්ෂ්මන් ඉන්න කාලේ) ලංකාවේ තිබ්බ රන් සංචිත වලින්ඩොලර් බිලියන ටොන් දහතුනක රන් සංචිත රත්තරන් මිල ඉතා පහල මට්ටමකට වැටුණු වෙලාවක විකුනලා දාලා තියෙනවා. මේවා විකුණුවේ කාටද කියල දන්නේ නෑ. අන්තිමට එක සතයක් නැති වෙනකම්ම රටේ මිනිස්සු හොයපු ඩොලර් ටික එලියට ඇදලා තමා මෙයාලා IMF යන්නේ.
මේ සියල්ල තව හොයා බලන්න, පරීක්ෂා කරන්න. වැරදි ඇති නම් දැනුවත් කරන්න. අපිට අප්‍රිකාව වගේ වෙන්න ඕනේ නැත්තන්, මේ ප්‍රශ්න ගැන දැනුවත් වීමත්, ඒවා සම්බන්ධව විසඳුම් සහිත වැඩපිලිවෙලකුත් අපිට අවශ්‍යයි. ප්‍රධාන ධාරාවේ දේශපාලකයන් සියල්ලම පාහේ උඩ කිවූ ව්‍යාපාරික ලේයර් එක විසින් අල්ලාගෙන ඇති බව සහතික නිසා ඔවුන් විශ්වාස කල නොහැකියි. ඇමතිවරුන්ට උපදෙස් දෙන්න පත් කල ආර්ථික කමිටුවේ හිටියෙත් ලංකාවේ ඉහලම ව්‍යාපාරිකයන් සෙට් එකනේ. මේ කිසිවක් ගැන අපි කිසිත් නොදැන ඉන්නේ කොහොමද කියලත් ඇසිය යුතුයි.
---
මේ සාකච්ජාවෙ දනුශ කියන කාරණා ගැනත් අහන්න
අපි ලංකාවේ ආර්ථික අර්බුධය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් කතා කරේ ඩොලර් හිඟය, අයවැය පරතරය, අධි පරිභෝජනය, බදු ප්‍රතිපත්තිය, රාජ්‍ය ආයතනවල නාස්තිය සහ අකාර්යක්ෂමතාවය, දේශපාලකයන්ගේ දූෂණ වංචා ආදිය විදිහට. ඒත් කතා නොවෙන ප්‍රධාන කාරණා දෙකක් ගැන කියන්න යන්නේ.
1. Over/Under invoicing හරහා ප්‍රාග්ධනය අනීතිකව රටෙන් පිටට යාම
Over invoicing කියන්නේ මෙහෙම එකක්. මම මොනවා හරි දෙයක් මිලදී ගන්නකොට, ඒ මිලදී ගන්න භාණ්ඩයේ වටිනාකමට වඩා වැඩි මුදලකට රිසිට් එකක් දාගන්නවා. නිකං උදාහරණයකට ගාමන්ට් ෆැක්ටරි එකක් තමන්ගේ අවශ්‍යතා සඳහා රෙදිපිලි ඉන්දියාවෙන් ගේනවා කියල හිතන්න. ඉන්දියාවෙන් මිලට ගන්න රෙදිවල සැබෑ මිල ඩොලර් මිලියන පහයි. හැබැයි මේකේ මිල ඩොලර් මිලියන හයක් කියල තමා මෙයාල රිසිට් එක දාගන්නේ. මේ කියන්නේ අතිරේක ඩොලර් මිලියනයක් රටෙන් පිටට යනවා. ඒ මොකටද? ඒ ඩොලර් මිලියනය රටෙන් පිට ෆැක්ටරි අයිතිකාරයාගේ හෝ මේ වැඩේට සම්බන්ධ කෙනෙක්ගේ ඩොලර් අකවුන්ට් එකකට තමා යන්නේ.
Under invoicing කියන්නේ මම මොනවා හරි විකුණනකොට, ඒ භාණ්ඩවල වටිනාකමකට වඩා අඩු වටිනාකමකට රිසිට් එක දැමීම. උදාහරණයකට ගාමන්ට් එකක් නිමි ඇඳුම් අපනයනය කරනකොට ඒ නිමි ඇඳුම් වල සැබෑ විකුණුම් මිල ඩොලර් මිලියන තුනක් නම්, මෙයාලා මේකට මිලදී ගන්නාගෙන් අය කරගන්නේ ඩොලර් මිලියන දෙකහමාරයි. මේ ගාණට රිසිට් එක දැම්මම, ඩොලර් මිලියන බාගයක් රට ඇතුලට එන්නේ නෑ කිසිම විටක. ඇඳුම් මිලදී ගත් කෙනාට නැවත ඒ ඇඳුම් නියම මිලට විකුනලා ඩොලර් මිලියන තුන (හෝ වැඩියෙන්) හොයාගත හැකියි.
මේ අවස්ථා දෙකේදීම මිලදී ගන්නා කෙනා සහ විකුණන කෙනා එකම පාර්ශවයක් වුනත් වෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකම කරන්න පූර්ව සාධකයක් විදිහට ඉහල උද්ධමනයක් සහ අඩු තීරුබදු පවතින්න ඕන. උදාහරණයකට රෙදිපිළි රට ඇතුලට ගේනකොට ලොකු ටැක්ස් එකක් වදිනවා නම් මේක එච්චර සාර්ථක නෑ. නමුත් මේ වැඩ සිද්ධ වෙන්නේ වෙළඳ ගිණුම හරහා අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්වීම් විදිහට. මේ අංශ වලට බද්ද 0% හෝ ඊට ආසන්න නිසා මේ වැඩේ කරන්න පුළුවන්. මේ දෙකම නීති විරෝධී වැඩ.
රටේ මුදල් ඒකකය දිගින් දිගට අවප්‍රමාණය වීම නිසා රුපියල් අතේ තියාගැනීම වෙනුවට ඩොලර් තියාගැනීම වඩා හොඳයි. ඒ නිසා තමන් අත ඇති ප්‍රාග්ධනය අනීතිකව රටෙන් පිටමං කිරීමේ සහ විදේශවල සංචිත කිරීමේ ක්‍රම මේවා.
මේ ආකාරයට රටෙන් එලියට ප්‍රාග්ධනය අනීතිකව දිගින් දිගට ගලායාම නිසා වෙන දේ තමයි අපේ රට එන්න එන්න දුගී වීම සහ මේ ආකාරයට ප්‍රාග්ධනය විදේශවල සංචිත කරගන්නා පිරිස බලවත් වීම. කොහොමත් මේ ආකාරයේ දේවල් කරන්න පුළුවන් ඉහලම ව්‍යාපාරික ලේයර් එකට විතරයි. මේ දේවල් කරන්න බැංකු පද්ධතියත් හවුල් අතර ඒ බැංකු වල සෑහෙන හිමිකාරිත්වයකුත් ආයේ මේ සෙට් එකටම හිමියි
මෙහෙම පිටට යන ඩොලර් කියන්නේ වෙළඳාම, ප්‍රේෂණ, ණය සහ විදේශ ආයෝජන විදිහට රට ඇතුලට ආව සල්ලි. අපේ සල්ලි තමා මේ කිහිප දෙනෙක්ගේ ලේයර් එකක් රටෙන් එලියට ගෙනිහින් තියෙන්නේ.
Global Financial Integrity කියන ආයතනය විසින් 2021 දෙසැම්බර් 16 නිකුත් කල Trade-Related Illicit Financial Flows in 134 Developing Countries 2009-2018 කියන වාර්තාවේ කියවෙන විදිහට මේ ක්‍රම හරහා 2009-18 කාලය අතරතුර ලංකාවෙන් පිටට ගිහින් තියෙන ප්‍රාග්ධනය ඩොලර් 45ක් පමණ වෙනවා.
මේක සිද්ධ වෙන එක ගැන එක උදාහරණයක් විදිහට දෙන්නේ 2021 වසරේ මෙතරම් ආනයන තහනම් තියෙද්දිත් ඩොලර් බිලියන 20.6ක ආනයන තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ආනයන වලින් 80%ක් පමණ අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමට යන වියදම. නමුත් මෙතරම් අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්නුවා නම්, එක අතකින් රට තුල විරැකියාව වැඩි වෙන්න බෑ, අනෙක් අතින් අපනයනවල කාර්මික අපනයන වැඩි වෙන්න ඕන. මේ දෙකම වෙලා නැති අතර (කාර්මික අපනයන අඩුවෙලා) ඩොලර් බිලියන 11ක පමණ අපනයන විතරයි වෙලා තියෙන්නේ. වෙනස ඩොලර් බිලියන දහයකට ආසන්නයි. මෙහෙම වෙන්නේ කොහොමද? මේ පරතරය මෙතරම් වැඩි වෙන්න පුළුවන් විදිහ තමයි ඔය උඩ පැහැදිලි කරලා තියෙන්නේ.
2. කලු සල්ලි හරහා ප්‍රාග්ධනය අහිමි වීම
2020ට කලින් ඇස්තමේන්තු කරලා තිබ්බ විදිහ අනුව රටේ විදේශ ප්‍රේෂණ (remittances) වලින් 30%ක් පමණ එන්නේ උන්ඩියල් ක්‍රම මගින්. රුපියල 203 ට ස්ථාවර කිරීම එක්ක මේ ප්‍රතිශතය වැඩි වුනු බව පැහැදිලියි. රටේ මුදල් ඇමති ප්‍රසිද්ධියේ උන්ඩියල් සහ බ්ලැක් මාකට් එක වෙනුවෙන් පෙනී ඉන්නවා. කලින් ඇස්තමේන්තුවට අනුව 2009-18 කාලය තුල ලංකාවට උන්ඩියල් ක්‍රම නිසා අහිමි වී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන විස්සක් විතර වෙනවා. මේ කලු සල්ලි නැවත භාවිතා වෙන්නේ මත්ද්‍රව්‍ය, ආයුධ, මිනිස් වෙළඳාම ආදී වෙළඳාම් සඳහා.
එතකොට මේ ඇස්තමේන්තු අනුව බැලුවොත් 2009-18 කාලය තුල පමණක් ලංකාවට අහිමි වී ඇති ප්‍රාග්ධනයේ ඩොලර් ප්‍රමාණය බිලියන 65ක් විතර. වසරකට ඩොලර් බිලියන 6.5ක්. අපි එච්චර ණය ගන්නෙවත් නෑ අවුරුද්දකට. අපේ මුළු ණය බර වෙන්නෙත් ඩොලර් බිලියන 55යි. ඒ නිසා අපි මේ කතා කරන්නේ කජු ඇට කොස් ඇට ගැන නෙමෙයි.
මීට අමතරව ලංකා රජය විසින් පසුගිය ජනවාරි වෙනකම් ISB ගෙවීම් කරනවා. මෙහෙම ගෙවන්නේ පැහැදිලිවම ඉදිරියට මිනිස්සුන්ට තෙල් ගේන්න, බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිවෙන බව හොඳින් පෙනි පෙනී. ඩිෆෝල්ට් කරන්න වෙන බව දැනගෙන. මිනිස්සු මැරෙන්න යන බව පෙනෙද්දී. මීට අමතරව (කාල වකවානුව දන්නේ නෑ - W.D. ලක්ෂ්මන් ඉන්න කාලේ) ලංකාවේ තිබ්බ රන් සංචිත වලින්
මේ සියල්ල තව හොයා බලන්න, පරීක්ෂා කරන්න. වැරදි ඇති නම් දැනුවත් කරන්න. අපිට අප්‍රිකාව වගේ වෙන්න ඕනේ නැත්තන්, මේ ප්‍රශ්න ගැන දැනුවත් වීමත්, ඒවා සම්බන්ධව විසඳුම් සහිත වැඩපිලිවෙලකුත් අපිට අවශ්‍යයි. ප්‍රධාන ධාරාවේ දේශපාලකයන් සියල්ලම පාහේ උඩ කිවූ ව්‍යාපාරික ලේයර් එක විසින් අල්ලාගෙන ඇති බව සහතික නිසා ඔවුන් විශ්වාස කල නොහැකියි. ඇමතිවරුන්ට උපදෙස් දෙන්න පත් කල ආර්ථික කමිටුවේ හිටියෙත් ලංකාවේ ඉහලම ව්‍යාපාරිකයන් සෙට් එකනේ. මේ කිසිවක් ගැන අපි කිසිත් නොදැන ඉන්නේ කොහොමද කියලත් ඇසිය යුතුයි.
---
මේ සාකච්ජාවෙ දනුශ කියන කාරණා ගැනත් අහන්න
Last edited:

Basil Rs pawenna nodi boruwata allan hitiya undial heththa business eka hadaganna kan e karala undial aulak na kiuwe ubala wage hithana unuth inna nisa, eka nisa unta ratata $ awath ekai nathath ekai... awe nathi unoth worst case wenne un pacha wela gedara yanawa, rate minissu homben yanawa..