වැඩිය හොඳ කෝකද? II

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
වැඩිය හොඳ කෝකද? II

දෙමව්පියන් ගිය තැන

“අනේ නෝනා මටත් ඕනෙ පුළුවන් තරම් ඉක්මනට අම්මයි තාත්තයි ඉන්න තැනට යන්ඩ. මට එකට රුපියල් දහයක් දෙන්ඩ.” සුඛෝපභෝගී රථයකින් පැමිණ එයින් බිමට බට ප්‍රතාපවත් මහලු කාන්තාව දෙස බැහැපත් බැල්මක් හෙළමින් කොලුවෙක් කීවේය.

කොලුවා දෙස අනුකම්පාවෙන් බැලූ කාන්තාව තම අත්බෑගය හැර රුපියල් විස්සේ නෝට්ටුවක් ගෙන එය කොලුවා අත තබමින් මෙසේ කීවා ය.

“අනේ අපොයි! අම්මයි තාත්තයි මළයි කියල උඹ මොකටද ළමයෝ ඒ මත්තෙම නැහෙන්නෙ? උඹ කොහෙ යන්ඩද ඔය හදන්නෙ, කනත්තට ද?”

“කනත්තට නෙවෙයි නෝනා, පික්චර් හෝල් එකට අපෙ අම්මයි තාත්තයි ගියා පික්චර් එක බලන්ඩ” කියූ කොලුවා සිනමා ශාලාව පිහිටි දෙසට පියාඹන්නට විය.



-- -- -- -- --
ඒකම නෙමෙයි​

දොස්තර ගුණවර්ධන ඩිස්පැන්සරියේ බෙහෙත් දෙමින් සිටියදී තමා ඉදිරිපිටට ආ පුද්ගලයාට වාඩි වෙන ලෙස සන් කොට, ඔහු දෙස බලා මෙසේ ඇසීය.

“මීට කලින් මෙහෙන් බෙහෙත් අරගෙන තියෙනවද?”

”අපොයි ඔව් දොස්තර මහත්තයො. මගෙ කොන්ද නවනකොට දිගඅරින කොට විදුලි කොටන්නා වගෙ වේදනාවක් තිබිලා මම මාසෙකට විතර කලින් මෙහෙන් බෙහෙත් ගත්තා නොවැ” ලෙඩා කීවේය.

”ආ.. දැන් මට මතකයි. කොහොමද ඒ බේත්වලින් ගුණද?” දොස්තර මහතා විමසීය.

”අනේ ඔව් දොස්තර මහත්තයො. දැන් ඒ අමාරුව හොඳයි” ලෙඩා කීවේ කෘතඥතාපූර්වක සිනාවක් පාමිනි.

”එතකොට දැන් මේ ආවේ? දොස්තර මහතා නළල රැළි ගන්වා ඇසීය.

”දැන් කොන්ද නමනකොට, දිගඅරිනකොට හෙණ ගහනවා වගෙයි” ලෙඩා පිළිතුරු දුන්නේය.



-- -- -- -- --
මට අයිති නැහැ

පළාත් සභාවට අලුතින් පත්වූ සෞඛ්‍ය ඇමැතිවරයා හා හා පුරා කියා තම පළාතේ ප්‍රධාන රෝහලක නිරීක්‍ෂණ චාරිකාවකින් තම රාජකාරි කටයුතු ඇරඹීය.

රෝහල් බලධාරීහු ඇමැතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගෙන රෝහලේ වාට්ටු, ශල්‍යාගාර වෙත කැඳවාගෙන ගොස් එමගින් කෙරෙන සේවාවන් පිළිබඳ දීර්ඝ විස්තරයක් ද කළෝය.

අනතුරුව ඇමැතිවරයා කැටුව කොරිඩෝවකට පිවිසුණු රෝහල් අධ්‍යක්‍ෂවරයා නුදුරින් පෙනෙන තනි මහලේ ගොඩනැගිල්ලක් වෙත අත දිගුකොට මෙසේ කීවේය.

’සර් අරක තමයි අපේ ලේබර් රූම් එක. ඒක බලමු නේද?’

ඇමැතිවරයා, රෝහල් අධ්‍යක්‍ෂ වෙත හැරී අප්‍රසාදයෙන් මෙන් මෙසේ කීවේය.

’අයිසෙ, මම මොකටද ඒක බලන්නෙ. අපිට කම්කරු ඇමැතිවරයෙක් ඉන්නවනෙ. ලේබර් රූම් එක අයිති වෙන්ඩ ඕනෙ ලේබර් මිනිස්ටර්ට.’



-- -- -- -- --
මොන කූඩුවෙද?

”ඊයෙ අපි සත්වෝද්‍යානය බලන්න ගියා.” සඳුදා උදේ කාර්යාලයට පැමිණි චන්ද්‍රසේන තේ බොමින් සිටියදී තම මිතුරන් හා කීවේය.

”ඉතින් මාත් එහෙ හිටියනෙ” සුගත් වහා කීය.

”ඇත්තද? මං දැක්කෙ නෑනෙ. මොන කූඩුවෙද හිටියෙ?” චන්ද්‍රසේන ඇසීය.





නැවත පළකිරීමක් නම් සමාවෙන්න.

වැඩිය හොඳ කෝකද? I
 
Last edited: