වැඩිවන විදුලි බිලට විසදුම මෙන්න

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,413
    113
    ශ්‍රී ලංකාවේ මේ වන විට ෆ්‍රිජ් මිලියන 3 කට වඩා තියෙනවා. අලුත් ඒවා වගේම අපි දන්නවා ගෙවල් වල කොච්චර පරණ ෆ්‍රිජ් තියෙනවා ද කියලා. මේවායේ තාක්ෂණය පරණයි. මොකද පහු ගිය දශකය පුරාවට බල ශක්තිය පිරිමහන නව තාක්ෂණය දියුණු උනා.

    දැන් මේ පරණ ෆ්‍රිජ් තොගය අපි ආසන්නව එක මිලියනයක් කියලා හිතුවොත්, අලුත් ඒවාට සාපේක්ෂව ඒවාට අධික බල ශක්ති බිලක් වැටෙනවා. එහි මුළු එකතුව ආසන්නව 150MW පමණ විය හැකි බව බල ශක්ති විශේෂඥයන් ගේ මතයයි. ඒ කියන්නේ ඒ පරණ ෆ්‍රිජ් ටික හිමීට අයින් කරලා අලුත් ඒවා දා ගත්තොත් මෙගාවොට් 150 ක අලුත් විදුලි බලාගාරයක් හදන එක නවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් තෙල් වලින් නම්, අවුරුද්දකට තෙල් ලීටර් මිලියන 60 ක් පමණ රටට ගෙන්වන එක නවත්වන්න පුළුවන්.

    තෙල් නැතුව සූර්ය පැනල ගැහැව්වත්, අක්කර 450 ක භූමියක් ඕනේ මෙගාවොට් 150 ක් හදන්න. ඉතිං හිතන්න අවුරුදු පතා ඩොලර් තොගයක් තෙල් ලීටර් මිලියන 60 ක් ගෙන්වන්න යවනව ද, නැත්නම් අලුත් ෆ්‍රිජ් ටිකක් ගෙනත් වැඩේ කාර්යක්ෂම කරනව ද?

    අපි බල ශක්ති වෙළෙඳපොළ ගැන නිතර කතා කළාට, බල ශක්තියේ අරපිරිමැස්ම ගැන කතා කරන්නේ අඩුවෙන්. අලුත් තාක්ෂණය එක්ක බල ශක්තිය නිශ්පාදනය කර ගන්න වගේම, පරිභෝජනය අඩු කර ගන්නත් පුළුවන්. ඒ නිසා ඔබටත් පුළුවන් ෆ්‍රිජ් එක අලුත් කර ගන්න සැළසුමකට යන්න. එහෙම නොවුනොත් ඔබේ පරණ ෆ්‍රිජ් එක ලයිට් බිලෙන් ලොකු කොටසකට වග කියනවා.

    ලෝකේ එක්ක වෙනස් වෙන්න පුළුවන් නම්, ලෝකේ අනිත් මිනිස්සු වගේම හොඳ ජීවිතයක් උරුම කර ගන්න අපිටත් පුළුවන්. අලුතින් හිතන්න.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
    #හරිත
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,027
    17,181
    113
    Fantasy
    ෆ්‍රිජ් එකෙ තියෙන කෑම අවශ්‍ය වෙලේ කඩේ දුවලා ගෙනාවනම් ෆ්‍රිජ් එක ඕෆ් කරලම තියන්ඩ පුලුවන්. විදුලියත් ඉතුරුයි, බඩත් අඩු වෙයි
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,476
    1,471
    113
    Here and there
    පරණ ෆ්‍රිජ් භාවිතයෙන් ඉවත් කරලා අලුත් ෆ්‍රිජ් භාවිතයට ගත්තොත් බලශක්තිය කොච්චර ඉතුරු කරන්න පුලුවන්ද කියල SLSEA එක (සුනිත්‍ය බලශක්ති අධිකාරිය) දැනටමත් හොයලා බලලා තියෙන්නෙ. උන් ඒකට feasibility report හදල බලාගෙන ඉන්නෙ පිටරටින් මොකක් හරි අධාරයක් හරි ණයක් හරි ලැබෙන කන්. මොකද කොච්චර විදුලි බලය ඉතුරු වුනත් අලුත් ෆ්‍රිජ් එකක් ගන්න මිනිස්සුන්ට සල්ලි නැති හින්ද. ආධාරයක් හම්බුනොත් අලුත් ෆ්‍රිජ් එකක ගානෙන් සියයට ගානක් දෙන්න පුලුවන්.

    මට නම් පේන්නෙ පැචුම් කලු මිට්ටට මේක කොහෙන්හරි ආරංචි වෙලා මේක මුගෙම අලුත් අයිඩියා එකක් වගේ fb දාලා වගේ. පැචුනොමිස් කියලා උගෙ නමත් දාගෙන. තව ටික කාලෙකින් ඔය ප්‍රොජෙක්ට් එක පටන් ගත්තොත් මූ කියයි ඌ තමයි මුලුන්ම ඕක ගන කිව්වෙ කියල. fb එකෙ මුගෙ දායක සබාව සාදුකාර දෙන්න ගනී.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    55,494
    43,801
    113
    මාලඹේ

    තැනේ හැටියට ඇනේ ගහලා ඡන්ද ටිකක් වැඩි කරගන්න මු හදන්නේ 🤩
    පොර වීමේ ආසාව
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    7,308
    10,679
    113
    ෆ්‍රිජ් එකෙ තියෙන කෑම අවශ්‍ය වෙලේ කඩේ දුවලා ගෙනාවනම් ෆ්‍රිජ් එක ඕෆ් කරලම තියන්ඩ පුලුවන්. විදුලියත් ඉතුරුයි, බඩත් අඩු වෙයි
    කඩේ ලග තියෙනවා නම් හොදයි ඉතින් දුවලා ගෙන්න :D
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,027
    17,181
    113
    Fantasy
    කඩේ ලග තියෙනවා නම් හොදයි ඉතින් දුවලා ගෙන්න :D
    ගෙදර කඩේ ලඟ හදාගන්ඩ ඕනි.
    නැත්තම් ගෙදර කඩයක් දැම්ම නම් තවත් ලේසියි. ඉන්කම් එකකුත් එනවනේ. කොහොමද ටිකිරි මොලේ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    4,911
    9,013
    113
    Milagiriya
    5.jpg
     
    • Haha
    Reactions: JohnSnow

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,977
    1,909
    113
    ශ්‍රී ලංකාවේ මේ වන විට ෆ්‍රිජ් මිලියන 3 කට වඩා තියෙනවා. අලුත් ඒවා වගේම අපි දන්නවා ගෙවල් වල කොච්චර පරණ ෆ්‍රිජ් තියෙනවා ද කියලා. මේවායේ තාක්ෂණය පරණයි. මොකද පහු ගිය දශකය පුරාවට බල ශක්තිය පිරිමහන නව තාක්ෂණය දියුණු උනා.

    දැන් මේ පරණ ෆ්‍රිජ් තොගය අපි ආසන්නව එක මිලියනයක් කියලා හිතුවොත්, අලුත් ඒවාට සාපේක්ෂව ඒවාට අධික බල ශක්ති බිලක් වැටෙනවා. එහි මුළු එකතුව ආසන්නව 150MW පමණ විය හැකි බව බල ශක්ති විශේෂඥයන් ගේ මතයයි. ඒ කියන්නේ ඒ පරණ ෆ්‍රිජ් ටික හිමීට අයින් කරලා අලුත් ඒවා දා ගත්තොත් මෙගාවොට් 150 ක අලුත් විදුලි බලාගාරයක් හදන එක නවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් තෙල් වලින් නම්, අවුරුද්දකට තෙල් ලීටර් මිලියන 60 ක් පමණ රටට ගෙන්වන එක නවත්වන්න පුළුවන්.

    තෙල් නැතුව සූර්ය පැනල ගැහැව්වත්, අක්කර 450 ක භූමියක් ඕනේ මෙගාවොට් 150 ක් හදන්න. ඉතිං හිතන්න අවුරුදු පතා ඩොලර් තොගයක් තෙල් ලීටර් මිලියන 60 ක් ගෙන්වන්න යවනව ද, නැත්නම් අලුත් ෆ්‍රිජ් ටිකක් ගෙනත් වැඩේ කාර්යක්ෂම කරනව ද?

    අපි බල ශක්ති වෙළෙඳපොළ ගැන නිතර කතා කළාට, බල ශක්තියේ අරපිරිමැස්ම ගැන කතා කරන්නේ අඩුවෙන්. අලුත් තාක්ෂණය එක්ක බල ශක්තිය නිශ්පාදනය කර ගන්න වගේම, පරිභෝජනය අඩු කර ගන්නත් පුළුවන්. ඒ නිසා ඔබටත් පුළුවන් ෆ්‍රිජ් එක අලුත් කර ගන්න සැළසුමකට යන්න. එහෙම නොවුනොත් ඔබේ පරණ ෆ්‍රිජ් එක ලයිට් බිලෙන් ලොකු කොටසකට වග කියනවා.

    ලෝකේ එක්ක වෙනස් වෙන්න පුළුවන් නම්, ලෝකේ අනිත් මිනිස්සු වගේම හොඳ ජීවිතයක් උරුම කර ගන්න අපිටත් පුළුවන්. අලුතින් හිතන්න.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
    #හරිත
    දෙශපාලනයේ පැතිදෙකක් තියනවා.
    01. එකක් තමයි සවුන්දර්යාත්මක දේශපාලනය(ලස්සන/mic දේශපාලනය )
    02. අනික තමයි ප්‍රායොගික දේශපාලනය(භූ දේශපාලනය)

    01. සවුන්දර්යාත්මක දේශපාලනය :)
    --------------------------------------------
    මනින්දට පන්සලේ උත්සවේකට ගියාම.
    ඔන්න No 1 පටන් ගන්නවා.
    " අනාගත දරුපරම්පාරාව මේම මේම අපේ හාමුදුරුවනේ. අද ලන්කාව ගුන නැන බෙලෙන් යුතුපුතුමය වෙලා පිරිහිල.
    අද අපේදරුවෝ සාරධර්ම මෙව්වා වෙලා.වර්තාමාන ආණ්ඩුවෙන් මෙව්වවෙල.
    දහම් අද්‍යාපනය දරුවාට දෙන්න්න ඔනා යහපත් පරපුරක් හදන්න"

    රනිල් විපක්ශේ ඉද්දි අබ්බෝ....
    "අද ප්‍රජාතන්ත්‍රවාදය නැ... මාද්‍ය නිදහස නැ. අපි දෙන්නේ නැ ඔයාලගේ භාශනයේ නිදහස.නැතිකරන්න
    පෙස්භූක් රකිනවා. අදපාරේ උද්ගෝශනේ කරන්න බැ."

    අනුරයාටත් මේකේ ඉඩක් තියනව. {....Anura's apace ..}
    තවම පුරවන්න දත්ත නැ

    තව අය මෙහෙම කියනව...
    රටේ ජාතික නිශ්පාදනය වැඩිකලය්තුයි...හාල් පොල් හදන්න ඔන.
    කිරි වලින් ස්වයපොශිත කරන්න ඔනා.බලගන්වන්න ඔනා.
    බලන්න හසන්තමහත්තොයෝ චීනා ඇස්දෙක චූටිකරගන මහා පැට්ටරි හැදුවේ නිදිමතේ.බලන්න හැම චිනගේම ඇස් චූටිවෙලා. උන් නිදිමතේ පාන්දර ඇහැරිලා වැඩකොරලා.ඒවා අද පොල්ගස් වගේ පැන්සල් හදනවා. ෆුට් බෝලවගේ ටොපි හදනව. එඊ ශිශ්ඨාචාරයේ බලගැන්ම අද කීන් කීන් ගගා මෙන්න ඩියබලාණ්ඩුවෙ පොඩි පැල්පතකින් පුනුරුච්චරනය වෙනව.
    අම්මටසිරි මිනිස්සුත් චුන් වෙනවා.. කොමෙන්ට් වැටෙනව... අනාගතය රකින දියසෙන් ඔබයි.මෙකයි වෙන්න ඔනා.

    2. ප්‍රායෝගික දේශපාලනය. :)
    --------------------------
    අරව කියල චූන් කරල , ජනාදිපති මැති ඇමතියෝ හදුන්කූර ඉදලා චිනෙන් ගේනව. විශ්වාස කරනවද හැපි බර්ත්ඩේ කියන කාඩ්බොඩ් කැලිටික චිනේ කියල.
    අවුරුදු 20ක් (මහින්ද රනිල් ) සිනි කිරි මිරිස් ටික හදන්නෙ වැඩපිලිවෙලකට රට යොමු නොකරන උන්, Digital ඉන්වර්ටර් fridge බෙදයි මේන් කියලා.
    හදන්නෙ නැත්තෙ මොකද? කොමිස් ගන්න.
    රනිල් ආවම==> රවී සිනි බද්ද බස්සලා හොරාකන්න දෙනව..
    මහින්ද බලයට ආවම ==> උත්දෙනවා.
    Solar ගහන්න කැමති නැති විදුලි බලඇමතියා, නිලධාරින් , බිස්නස් නැතිකරගන්න. කැමති වෙයි මේන් කියල,

    මහින්දයා දහම්පාසල් ලමයි ඉස්ස්‍රහර ගුන නැන බෙලෙන් කියලා මෙන්න බොලේ ඉස්කාගාර තියන ජොනියා චන්දෙට දාල. දහම්පාසල් ලමයිගේ දෙමාපියොත් උට ගහනව ලමයිට අලුත් රටක් හදන්න කතිරේ.
     
    Last edited: