ශ්‍රී ලංකාවේ මේ වන විට ෆ්‍රිජ් මිලියන 3 කට වඩා තියෙනවා. අලුත් ඒවා වගේම අපි දන්නවා ගෙවල් වල කොච්චර පරණ ෆ්‍රිජ් තියෙනවා ද කියලා. මේවායේ තාක්ෂණය පරණයි. මොකද පහු ගිය දශකය පුරාවට බල ශක්තිය පිරිමහන නව තාක්ෂණය දියුණු උනා.
දැන් මේ පරණ ෆ්‍රිජ් තොගය අපි ආසන්නව එක මිලියනයක් කියලා හිතුවොත්, අලුත් ඒවාට සාපේක්ෂව ඒවාට අධික බල ශක්ති බිලක් වැටෙනවා. එහි මුළු එකතුව ආසන්නව 150MW පමණ විය හැකි බව බල ශක්ති විශේෂඥයන් ගේ මතයයි. ඒ කියන්නේ ඒ පරණ ෆ්‍රිජ් ටික හිමීට අයින් කරලා අලුත් ඒවා දා ගත්තොත් මෙගාවොට් 150 ක අලුත් විදුලි බලාගාරයක් හදන එක නවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් තෙල් වලින් නම්, අවුරුද්දකට තෙල් ලීටර් මිලියන 60 ක් පමණ රටට ගෙන්වන එක නවත්වන්න පුළුවන්.
තෙල් නැතුව සූර්ය පැනල ගැහැව්වත්, අක්කර 450 ක භූමියක් ඕනේ මෙගාවොට් 150 ක් හදන්න. ඉතිං හිතන්න අවුරුදු පතා ඩොලර් තොගයක් තෙල් ලීටර් මිලියන 60 ක් ගෙන්වන්න යවනව ද, නැත්නම් අලුත් ෆ්‍රිජ් ටිකක් ගෙනත් වැඩේ කාර්යක්ෂම කරනව ද?
අපි බල ශක්ති වෙළෙඳපොළ ගැන නිතර කතා කළාට, බල ශක්තියේ අරපිරිමැස්ම ගැන කතා කරන්නේ අඩුවෙන්. අලුත් තාක්ෂණය එක්ක බල ශක්තිය නිශ්පාදනය කර ගන්න වගේම, පරිභෝජනය අඩු කර ගන්නත් පුළුවන්. ඒ නිසා ඔබටත් පුළුවන් ෆ්‍රිජ් එක අලුත් කර ගන්න සැළසුමකට යන්න. එහෙම නොවුනොත් ඔබේ පරණ ෆ්‍රිජ් එක ලයිට් බිලෙන් ලොකු කොටසකට වග කියනවා.
ලෝකේ එක්ක වෙනස් වෙන්න පුළුවන් නම්, ලෝකේ අනිත් මිනිස්සු වගේම හොඳ ජීවිතයක් උරුම කර ගන්න අපිටත් පුළුවන්. අලුතින් හිතන්න.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්
#හරිත