වැඩිහිටියන් නින්දේදී...

sajithgk

Member
Aug 27, 2011
79
73
0
Dallas, Texas
වැඩිහිටියන් නින්දේදී...

තමා නිදාගෙන සිටින තැන ගැන හොද වැටහීමක් වැඩිහිටියන්ට තිබෙනවා. වැඩිහිටියකු එක නින්දක් තුල සාමාන්‍යයෙන් පනස් වාරයක් පමණ තමන්ගේ පිහිටීම වෙනස් කරත් ඒ හැම පිහිටුමක්ම තමන්ට නිදාගැනීමට ලැබෙන ඉඩකඩ තුලම සිදු කරනවා.

මේ හැසිරීම පාලනය කරනු ලබන්නේ මොළයෙනි. අප සාමාන්‍ය නින්දෙන් පසු හීන දකින නින්දට එළඹී ඉන්පසුව නැවත සාමාන්‍ය නින්දට පත්වී නින්දෙන් ඇහැරෙනවා. සිහින දකින නින්දේදී අපගේ සිරුර ඉතාමත් සන්සුන්. ඊට හේතුව වන්නේ එම අවස්ථාවේ ශරීරයේ චලන පාලනය කරන සුසුම්නා ස්නායු ක්‍රියාත්මක නොවී මොළයේ බාහිකය ප්‍රදේශයේ ස්නායු සෛල ක්‍රියාත්මක වීමයි.එහෙත් සාමාන්‍ය නින්දට පුද්ගලයකු පත්වන විට මොළයේ බාහිකය මෙන්ම සුසුම්නා ස්නායුද ක්‍රියාත්මක වනවා. එවිට නින්දේ සිටින පුද්ගලයා නිදා ගන්නා පිහිටුම වෙනස් වේ.

එහෙත් වැඩිහිටියන්ට තමන් නිදා සිටින තැන ගැන හොද මතකයක් යටි හිතේ තිබෙනවා. එසේ මතකයක් නොමැතිනම් බාහිකයෙන් එම මතකය අලුත් කරනවා. පුරුදු ඇදක නිදා සිටින වැඩිහිටියන් ඇදෙන් නොවැටෙන්නේ ඒ නිසයි. නුපුරුදු ඇදකින් වැඩිහිටියන් වුවත් බිම වැටිය හැකියි.

නමුත් දරුවන් මෙම අභ්‍යාස පුරුදු කර අතර එම අභ්‍යාස දරුවන් පුරුදු වීමට වයසින් මුහුපුරා යා යුතුයි. එනිසා තමන් නිදාගන්නා ස්ථානය ගැන වැටහීමක් දරුවන්ට නොමැති අතර දරුවන් සිහින දකින කාලයද අඩුය. ඔවුන්ගේ නින්දේ වැඩිකාලයක් ගතවන්නේ දැගලීමටයි.

එම හේතුන් නිසා දරුවන් නින්දේදී ඇදෙන් වැටීමටත් වැඩිහිටියන් ඇදෙන් නොවටීමටත් හේතු වෙනවා.
 

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මාව මේ ලගකදිත් මදුරුදැලේ පලාතක්ම ඉරාගෙන බිමට වැටුනා කියහන්කෝ.
    ඒ කියන්නේ මං තාම පොඩීද...?
    :lol::lol::lol:
     
    • Like
    Reactions: saja

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මාව මේ ලගකදිත් මදුරුදැලේ පලාතක්ම ඉරාගෙන බිමට වැටුනා කියහන්කෝ.
    ඒ කියන්නේ මං තාම පොඩීද...?
    :lol::lol::lol:

    :lol::lol:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    එළකිරි,
    වයිෆ්නම් කියන්නේ පුතාට වැඩිය මන් දඟලනවා කියලා,
    එතකොට මන්ද පොඩිම එකා
    :sorry::sorry:

    මාව මේ ලගකදිත් මදුරුදැලේ පලාතක්ම ඉරාගෙන බිමට වැටුනා කියහන්කෝ.
    ඒ කියන්නේ මං තාම පොඩීද...?
    :lol::lol::lol:

    Anduna Bro la
     

    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    බීලා ඇවිත් බිම නිදාගත්තම උදේ බලද්දි ඇද උඩ.. ඒ මොකෝ බන්?

    බොක්කෙන් අහන්නෙ..!!!!!!
    :D:D:D
     
    • Like
    Reactions: saja

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    බීලා ඇවිත් බිම නිදාගත්තම උදේ බලද්දි ඇද උඩ.. ඒ මොකෝ බන්?

    බොක්කෙන් අහන්නෙ..!!!!!!
    :D:D:D

    උබත් පොඩි එකෙක් බං ඒකයි..
    :lol::lol::lol::lol: