වැඩේ කරන කොට බිරිදට රිදෙනව ද? 18+

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වැඩේ කරන කොට බිරිදට රිදෙනව ද? 18+

    vaginismus කියන තත්වය ඇති කාන්තාවන්ට ලිංගික සංසර්ගය බොහෝ දෙනෙකුට මෙන් ප්‍රියජනක අත්දැකීමක් නොවෙයි. මෙහි රෝග ලක්ෂණ විශාල පරාසයක් තුල විහිදෙනව. සමහර කාන්තාවන්ට මේ නිසා ලිංගික සංසර්ගය ආරම්භයේ දී පමණක් සුළු වේදනාවක් ඇතිවෙන නමුත් මෙය දරුණු ලෙස බලපාන කාන්තාවන් අධික වේදනාව නිසා සම්පූර්ණයෙන්ම ලිංගික ක්‍රියාවලියෙන් බැහැර වෙනව. මෙය සුලබ තත්වයක් වුවත්, මේ ගැන එලි පිට කතා කිරීමට ඇති අපහසුතාව නිසා බොහෝ කාන්තාවන් මෙය හෙලි කිරීමට හෝ ප්‍රතිකාර ලබාගැනීමට මැලි කමක් දක්වනව.

    කිසිවෙක් ඇසට ඇඟිල්ලෙන් ඇනීමට උත්සාහ කල හොත් ඇසි පිය ඉබේම පියවෙන බව ඔබ අත්දැකීමෙන් දන්නව. මෙලෙස වන්නේ කලින් ඉගන ගෙන ඇති පරිදි මාංශ පේශී ඉබේම ප්‍රතික්‍රියා දක්වන නිසා. මෙය හිතා මතා කරන දෙයක් නොවන නිසා වැළැක්වීමේ හැකියාවක් ඔබට නැහැ. ඒ වගේම තමයි vaginismus ඇති කාන්තාවකගේ යෝනි මාර්ගය වටා ඇති මාංශ පේශි ක්‍රියා කරන්නෙ. ලිංගික සංසර්ගයට හෝ යෝනි පරීක්ෂණයට සූදානම් වන විට මෙම මාංශ පේශි තදින් සංකෝචනය වන නිසා යෝනි මාර්ගය වැසෙනවා. එබැවින් සංසර්ගය වේදනාකාරී හෝ සම්පූර්ණයෙන්ම සංසර්ගයේ යෙදීමට නො හැකි වෙනව. මේ නිසා ඔවුන් තම යෝනි මාර්ගය කුඩා යැයි සිතන්න පෙලඹෙනවා.

    සමහර විට මේ තත්වයට පැහැදිලි හේතුවක් හොයා ගන්න අපහසුයි. නමුත් බහුතරයකට හේතු වන්නේ කලින් ඇතිවූ වේදනාකාරී හෝ අප්‍රසන්න අත්දැකීමක්. කුඩා කල ලිංගික අතවරයකට ලක් වීම, වේදනාකාරී වෛද්‍ය පරීක්ෂණ, වැනි අත්දැකීම් මෙම තත්වයට හේතු වෙන්න පුළුවන්. එමෙන්ම ලිංගිකත්වය පිළිබඳ පවතින දැඩි ආගමික හෝ සංස්කෘතික මත නිසා සමහර කාන්තාවන්ට මානසික බලපෑම් ඇතිවෙනව.

    මේ සඳහා සාර්ථක ප්‍රතිකාර තිබෙනව. තත්වය දරුණු වීමට පෙර ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් ඉක්මන් සුවයක් ලබා ගන්න පුළුවන්. Vaginismus ඇති කාන්තාවකගේ යෝනි මාර්ගය කුඩා නැහැ. එම නිසා එය විශාල කිරීම නොවෙයි ප්‍රතිකාර මගින් සිදු කරන්නේ. අවිඥානකව හැකිළීමට පුරුදු වී ඇති මාංශ පේශී සැහැල්ලුව තබා ගැනීමට හුරු කිරීමයි ප්‍රතිකාර මගින් සිදු කරන්නේ. මුලින් ම මීට හේතු වී ඇති කරුණු සොයා බලා මානසික සහනයක් ලබා දීම කල හැකියි. මේ තත්වයට හේතු වන්නේ ශ්‍රෝණි කුහරයේ පහලම ඇති මාංශ පේශී. එම මාංශ පේශී සංකෝචනය සහ ඉහිල් කිරීම Kegel exercises නමැති ව්‍යායාම ක්‍රමය මගින් පුරුදු කල හැකියි. මුත්‍රා පිට කරන අවස්ථාවක එය හිතා මතා නැවැත්වීමට උත්සාහ කල හොත් මෙම මාංශ පේශී සමූහය ක්‍රියාත්මක වෙනව. ඒවා හඳුනා ගෙන් සංකෝචනය සහ ඉහිල් කිරීමට පුරුදු කිරීම තමයි මෙම ව්‍යායාම මගින් සිදු කරන්නෙ.

    ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් මාංශ පේශී ඉහිල්ව තබා ගැනීමට පුරුදු කිරීම සිදුකරනව. මින් එක ක්‍රමයක් වන්නේ ලිහිසිකාරක ආලේපනයක් යොදා ගෙන තම ඇඟිල්ලක් යෝනි මාර්ගයට ඇතුල් කිරීම. මෙහි දී ප්‍රතිරෝධයක් නො දැනේ නම් ක්‍රම ක්‍රමයෙන් ඇඟිලි 2ක් 3ක් දක්වා වැඩි කරන්න කාන්තාවට උපදෙස් දෙනව. මේ සඳහා විශේෂයෙන් සැකසූ vaginal dilators නම් උපකරණ ද භාවිතා කල හැකියි. සමහර විට මෙම ප්‍රතිකාර සඳහා සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා ගත වෙන්න පුළුවන්. මෙම අභ්‍යාස වලින් යෝනි මාර්ගයේ ප්‍රමාණය සහ මාංශපේශි ක්‍රියාකාරිත්වය ගැන කාන්තාව මානසික ව සෑහීමකට පත්වීමෙන් පසු පමණක් ලිංගික සංසර්ගය සඳහා උත්සාහ කල යුතුයි. එහි දී වේදනාවක් දැනෙන ඕනෑම අවස්ථාවක නැවැත්වීමට ඇති හැකියාව ගැන කාන්තාව සෑහීමකට පත් විය යුතුයි. 90%ක් පමණ කාන්තාවන්ට මෙම ප්‍රතිකාර අවසානයේ මෙම තත්වයෙන් මිදීමට හැකියාව ලැබෙනව. කලාතුරකින් යෝනි මාර්ගයේ විවරය ඉතා කුඩා කාන්තාවන් සිටිනව. එවැනි අයට විශාල කිරීමේ සුළු ශල්‍යකර්මයක් අවශ්‍ය වෙනව.
     
    • Like
    Reactions: rudr@

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ලංකාවේ එවුං නම් ගුරුකමක් කරයි කලව බන්ධනේ කප්පන්න
    :rofl: