වැඩ කරන අපේ විරුවා හෙවත් දෙවැනි වළගම්බා

b.tharindar

Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    පළවෙනි වළගම්බා කියන්නේ එච්චරම හොඳ ගතිගුණ තිබ්බ ඩයල් එකක් නෙවෙයි. ඒ නිසා තමයි දෙවැනි ඉඳල හයවැනි පැරකුම්බා දෙවැනි විජයබා ආදී වශයෙන් වළගම්බා නමින් රජවරු ලංකා ඉතිහාසේ නැත්තේ.


    මේකා කපටියෙක් වුණාට මහා තකතීරුවෙක්. මෙයා කොරපු වැඩේ තමයි අභයගිරිය හදල තමන්ට උපදෙස් දීපු හාමුදුරුනමකට පූජා කරපු එක. ඒක සමස්ථ බුද්ධ ශාසනයට නැත්ත සංඝරත්නයටම පූජා වුණ එකක් නෙවෙයි. මේ නිසා ලංකාවේ ප්‍රථම වරට නිකාය භේදයක් ඇති වෙනවා.


    ඊටත් හපන් වැඩේ තමයි මේ යකා මේ අභයගිරිය හදන්න තීරණය කරන්නේ අටමස්ථානය තියෙන සීමාව ඇතුලේ.


    මිහිඳු මහ රහතන් වහන්සේ සමන් පිච්ච මල් ඉහලා ඇඳපු සැලසුමකට අනුව තමයි අටමස්ථානය නිර්මාණය වෙන්නේ. එතකොට අභයගිරිය කියන්නේ මේ සැලසුම වෙනස් කිරීමක්.


    මේක භයානක අකුසලයක්. ලෝකෝත්තර උත්තමයෙක් අධිෂ්ඨාන කරපු දෙයක්, හදපු දෙයක් වෙනස් කරනවා කියන්නේ භයානක විපාක ලැබෙන වැඩක්.


    බුදු හාමුදුරුවන් ගෙ කාලෙ බුදු හාමුදුරුවෝ වැඩ හිටපු ආරාමේට එහා පැත්තෙ නිඝන්ඨ ආරාමයක් හදපු රජෙක්ටත් මේ අකුසලේ සිද්ධ වුණා.


    බුදු හාමුදුරුවෝ රජාට අනුශාසනා කළා මේ වැඩේ කරන්න එපාය කියලා. මූ ඇහුවෙ නෑ, නිඝණ්ඨ ආරාමේ හැදුවා.


    අන්තිමට මොකද වුණේ ? රජාගේ ඔක්කොම පිරිහෙන්න ගත්තා. රජා පාරටම ඇද වැටුනාලු.


    පළවෙනි වළගම්බාටත් ඔහොම සීන් එකක් වෙලා අභයගිරිය හැදුවට පස්සෙ අවුරුදු 12 ක් ගියාම මළාය කියනවා.


    ඒකාට පස්සෙ රජ වුණේ කම්බ හොරෙක්. උගෙ වැඩ කිඩ හිංදා අනුරාධපුර රාජධානිය පිරිහිලා පොළොන්නරුවට මාරු වුණා.


    අනුරාධපුර යුගයේ දීප්තිමත්ව බැබලුන බුද්ධ ශාසනයෙ දීප්තිය ටිකෙන් ටික අඩු වෙන්න ගත්තා. හැබැයි දීප්තිය නැති වෙන්නෙ නෑ. ඒ බුදු හාමුදුරුවෝ කරපු අධිෂ්ඨානයක් නිසා.


    පේනවා නේද අටමස්ථානය වෙනස් කරන්න ගිය එකේ ආනිසංස මොනවද කියලා ?


    එකක් තමයි අභයගිරිය අදටත් හදල ඉවර කරගන්න බෑ.


    මේක නොදන්නා හිංදා දෝ වැඩ කරන අපේ විරුවා නැත්තම් දෙවැනි වළගම්බා ගේ අයියාත් අටමස්ථාන සීමාව ඇතුලෙ ඔහොම එකක් කෙරුවා.


    ඒ වැඩේ කොරන්න මුල් ගල තිබ්බා විතරයි, වැඩි කාලයක් ගියෙ නෑ මිනිහාගේ බලය නැති වෙලා විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් ගානට වැටුණා.


    උන්දැගෙ ඇමති කෙනෙක් රජ වුණා. ඒ තමයි කවුරුත් දන්න හිටං.


    ඊට පස්සෙ වැඩ කරන අපේ විරුවා නැත්තම් දෙවැනි වළගම්බා බලයට පත්වෙලා අයියා පටන් ගත්තු එක හදාගෙන ඉවර කරගෙන ගියා.


    එද ඉඳල වසංගත, ඩොලර් අර්බුද , සංචරණ සීමා බඩු පෝලිම් ආදී මෙකී නොකී විකාර ගොඩයි.


    ඊට පස්සෙ මේ ලඟකදි ඕක සඟසතු කළාය කියල ලොකු උත්සවයක් ගත්තා ඉර අවරට ගියාට පස්සෙ කළුවරේ.


    ඊට පස්සෙ තැන් තැන් වල ගෑස් ටැංකි පුපුරණවා. ලංකාව පුරාම ලයිට් යනවා. විකාර තොගයයි.


    චෛත්‍යය රාජයෙක් හදල පූජා කළාම ලැබෙන පිනට ඔහොම ආනිසංස ලැබෙන්න පුළුවන්ද පුතී ?


    රුවන්වැලි සෑය හැදුවට පස්සෙ ඒ කොත පේන සීමාවේ හැමෝටම කිරි ඉතිරෙන්න ආනිසංස ලැබුණාය කියලයි කතාවට කියන්නේ.


    අභයගිරිය හැදුවට පස්සෙ අනුරාධපුර රාජධානියත් නැති වුණා.


    දැන් මේක හැදුවට පස්සෙ තිබ්බ ටිකත් නැති වෙන සීන් එකක් යන්නේ.


    පේනවාද ලෝකෝත්තර උතුමෙක් කරපු දෙයක් වෙනස් කරන්න ගියාම වෙන දේ ?


    මේක තමයි සක්කාය දිට්ඨිය කියන භයානක අකුසලයෙ විපාක.


    ඒ වගේම තමයි සප්ත අපරිහානී ධර්ම පිළිනොපැදීමේ විපාක.


    වැඩ කරන අපේ විරුවා හෙවත් දෙවැනි වළගම්බා සහ එයාගෙ අයියා ඔය අකුසල් දෙක තමයි කර ගත්තේ.


    ඒකෙ විපාක තමයි අද ඔයාලා අපි ගෙවන්නේ. මොකද රජාව පත් කළේ අපි නේ. ඉතිං අපිටත් ඒ ආනිසංස ලැබෙනවා සොච්චමින් හරි.


    හැබැයි මේ වැරැද්ද නිවැරදි කර ගන්න අපිට තාම කාලය තියෙනවා.


    එහෙම නිවැරදි කර ගත්තොත් ආයෙත් බුද්ධ ශාසනය දීප්තිමත්ව බබලවපු අනුරාධපුර යුගය වගේ කාලයක් ආයෙත් දකින්න ඔයාලාට අපිට වාසනාව ලැබේවි.

    හෙළ බුකියේ මහමොළකරු
    දැන් මේක නිවැරදි කරන්න ඕනේ අපිද නැත්තං හදපු උන්ද?
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    අපි, හදපු උන්ට ඕක හරිගස්සවන්න හම්බ වෙන්නෙ නෑ.
    නිවැරදි කරන ක්‍රමෙත් කියල දුන්නන්ං නෙද හොද? කරන්න පුලුවන් දෙයක්ද කියලවත් බලන්න
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දැන් මේක නිවැරදි කරන්න ඕනේ අපිද නැත්තං හදපු උන්ද?
    මුගෙ කම්ප්ලේන් විතරයි වැඩක් කරන්නෙ කොහොමද ඇහුවොත් හිර වෙනවා.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Hariyata hithata ekagawa desition gaththa nathi nisa apita kela une. Habai ithin uba kiyana eketh aththak athi loku kamatane othanama haduwe.