වැඩ පෙන්වනකං යටත් නොවනු!

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    වැඩ පෙන්වනකං යටත් නොවනු!

    වැඩ පෙන්වන තෙක් යටත් නොවනු!

    එක්තරා ආක්‍රමණයකදි තම ප්‍රතිවාදින් යටත් වෙන්න කැමැත්ත පලකලත් තම යුධ යන්ත්‍රයේ වැඩ පෙන්වනකං යටත්වෙන්න එපා කියපු අරුම කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.

    මධ්‍යතන යුගයේ සංග්‍රම භූමිවල දැකගන්නට ලැබුණු ට්‍රැබූෂේ (Trebuchet) නම් යුධ උපකරණය, කැටපෝල වර්ගයකි. මධ්‍යතන යුගයේදි උත්කර්ෂයට ලගාවුවද මෙහි අතීතය චීනය කරා දිවයන බව පැවසේ. දිගු ලී දණ්ඩක් මැදින් පාදම ව්‍යුහයට සම්බන්ද කර ඇති අතර, එහි කෙටි අන්තයේ විශාල භාරයක්ද අනෙත් දිගු අන්තයේ පහර දීමට බාවිතා කරන ද්‍රව්‍ය ද තැබිය හැක. භාරය නිදහස් කිරිමත් සමග එම කෙලවර වේගයෙන් පහත්වීමේදි අනෙත් අන්තය වේගයෙන් ඉහල එසවීමත් සමග වේගයෙන් ගල් ඈතට විසිවේ. විවිධ කාලවල විවිධ සැකැස්මවල් සහිත විවිධ ප්‍රමාණයේ, ට්‍රැබූෂේ සංග්‍රාම භූමියෙන් හමුවේ.

    අද කතාන්දරයට අදාල යුධ අවිය සොයා අපි ක්‍රි.ව 1304 දී ස්කොට්ලන්තයට යමු.

    එවක එංගලන්තයේ පලමු එඩ්වඩ් රජු ස්කොට්ලන්තයට එදිරි සටන් මාලාවේදි ස්ටාලින් මාළිගාව (Stirling Castle) වටලනවා. මෙම සටනේදි රජු විසින් තම වඩුවන්ට අති විශාල ට්‍රැබූෂේ කැටපෝලයක් සැදීමට අණ කරනවා. ඒ අනුව ප්‍රධාන වඩුවන් පස් දෙනෙකුගේ මගපෙන්විමෙන් හැට දෙනෙකුගේ මහන්සියෙන් මාස 3ක පමණ අවැමෙන් අඩි 300-400ත් අතර උස යන්ත්‍රය නිපදවනවා. මෙය Warwolf (Loup de Guerre) ලෙස හැදින්වෙන අතර මෙතෙක් සෑදු විශාලතම ට්‍රැබූෂේ අවිය මෙයයි.

    මෙහි ඉදිකිරිම් දුටු ස්කොට් ජාතිකයින් පරාජය බාරගෙන යටත් වීමට කැමැත්ත පල කලත් එඩ්වඩ් රජු එය පිලිනොගන ඔවුන්ට නැවතත් කොටුව තුලයට යන ලෙස පවසා තිබෙනවා. මක් නිසාද යත්මෙතරම් විර්යයෙන් තැනූ අවිය අත්හදා බැලිමට රජුටත් දැඩි උවමනාවක් පැවතීමයි. පසුව දැවැන්ත අවියෙන් ප්‍රහාර එල්ල කර කොටු පවුර බිද දමා මහත් සතුටට පත්වීමෙන් පසුව එඩ්වඩ් රජු ස්කොට් ජාතිකයන්ගේ පරාජය බාරගෙන තිබෙනවා.

    හැසිරවීමේ අපහසුතාව නිරවද්‍යතාවයේ ගැටලු හා නව යුධ අවි කරලියට පැමිණිම හේතුවෙන්, පසුකාලිනව යුධ භූමියෙන් ට්‍රැබූෂේ කැටපෝලය ඉවත් වේ.

    - Roshin Fernando

    පූර්ණ බ්ලොග් සටහන
     
    • Like
    Reactions: Dishta Didin

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක වැඩ කරන්නේ නැහුව තිබ්බා නම් තමයි වැඩේ වෙන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මට

    ගැහුවද කටුස් ගේම ?
    නැතුව නැතුව :yes: මම ඒත් ඒ කාලේ කල්පනා කරා මොකද්ද මේ නිකන් ජිරාෆ් කෙනෙක් හතරට පහට නවල වගේ මේ ගැජට් එක මොකද්ද කියල.