වැඩ_කර_ගොඩ_ඒම_හැර_අන්_විකල්පයක්_නැති_බව_දැන &#
.වැඩ කර, ගොඩ ඒම හැර අන් විකල්පයක් නැති බව දැන ගත් ඇය - දියුණුවේ හිනිපෙත්තටම නැගි ඇගේ කතාව " 71 කැරැල්ලෙන් සැමියා අහිමි වූ පළමු යුද වැන්දඹුවන් දෙදෙනාගෙන් කෙනෙක් මම "
ඇයට පමණටත් වඩා ජීවිතයේ වෙහෙස දැනුණාය. බර ද දැනුණා ය. වැඩ කර, ගොඩ ඒම හැර අන් විකල්පයක් නැති බව දැන ගත් ඕ, ගැහැනියකට උහුලාගත නොහැකි දුක් කරදර සමඟ සිය ගමන ඇරැඹුවාය. සියලු දෙයට මුහුණ දුන්නාය. ආ කරදර නිමක් නොවිණි. එහෙත් ඈ ජීවිතය අත් හැරියේ ද නැත. දීර්ඝ හා වෙහෙස ගමනකින් පසු යළි හැරී බලන කල ඈ ව්‍යාපාරික ලොව තරුවක් ව සිටියාය.
රම්‍යා වීරකෝන් / සභාපති - රම්‍යා ගෝල්ඩින්ග්ස්
* රම්‍යා ගෝල්ඩින්ග්ස් හදපු ඔබ කවුද...
71 කැරැල්ලෙන් සැමියා අහිමි වූ පළමු යුද වැන්දඹුවන් දෙදෙනාගෙන් කෙනෙක් මම. දරු දෙන්නෙකුත් හදාගෙන ව්‍යාපාරයකුත් හදලා මේ රටට වැඩක් කළ සාර්ථක ගැහැනියක්. හුඟක් ලොකු හැඳින්වීම්වලට වඩා ඒ හැඳින්වීම මගේ හදවතට දැනෙනවා.
* ඔබේ පෙනුම සමාන එමිල්ඩා මාකෝස්ට. කවුරුවත් එහෙම කියලා නැද්ද...
මගේ මල්ලිත් ඉස්සර ඔහොම කියනවා. ඒත් මං නාස්තිකාර චරිතවලට කැමති නැහැ. මහත්තයගෙ පෙන්ෂන් එකෙන් ජීවිතේ හෙමි හෙමින් ගොඩනඟපු දිරියවන්ත සහ අරපිරිමැස්ම දන්නා ගැහැනියක් මම. ඒ නිසා මං, මං වගේ මිස වෙන කවුරුවත් වගේ නෙවෙයි.
* මොනවද ඔබට තිබෙන ව්‍යාපාර....
Trendywear (Pvt) Ltd, සහ Aditi Infinity (Pvt) Ltd. ඇඟලුම් ව්‍යාපාරවලට අමතරව Ramya Horticulture (Pvt) Ltd, වෙතින් කෙරෙන්නේ නුවරඑළියේ විසිතුරු පැළ වගාව සහ අක්කර 26ක එළවළු සහ ස්ට්‍රෝබෙරි ෆාම් එක. ස්ට්‍රෝබෙරි සහ විසිතුරු පැළ වවන්නේ අපනයනය සඳහාමයි. The Plains - A Green Bungalow කියන්නේ, අපේ නිවාඩු නිකේතනය. මේව තමයි මගේ ව්‍යාපාර.
* Ramya Holdings… කියන්නේ පවුලේ ව්‍යාපාරයක් ද...
ඔව්. මටත් මගේ දූලා දෙන්නාටත් අයිති. ඒ වගේ ම, ‘South Gate Property Development…’ කියන අලුත් ව්‍යාපෘතියත් ළඟදීම මේ ව්‍යාපාරයට එකතු වෙනවා. ඒක සුවිසල් ව්‍යාපෘතියක්. ෂොපින් මෝල්, නිවාස සංකීර්ණ ඇතුළු නවීන අංග රැසක් කඩවත මේ ප්‍රධාන පාර අයිනේ ඉදිවනවා. අවුරුදු 15කින්වත් ඒ ව්‍යාපෘතියට යට කරන මුදල් ආපසු ලැබෙන්නෑ. නමුත් මේ තමයි මගේ විශාල ම සිහිනය. ඒකත් මං කරනවාමයි.
* මොකක්ද ඔබේ Management Style එක...
උඩ සිට පහළට සියලු තනතුරුවලට බලය බෙදා හැරීම. ඔවුන්ගේ සීමාවන් තුළ අවශ්‍ය බලය සහ නිදහස භාවිතා කළ හැකියි. හැම දේට ම මම ඇඟිලි ගැහුවොත් ඒ ඒ නිලධාරින්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා. වට වගකිව යුතු වන්නේ ඉහළ කළමනාකාරිත්වය පමණයි.
* ව්‍යාපාරය වෙනුවෙන් ඔබ ගත් හොඳම තීරණය මොකක් ද...
කිසිම ආයෝජකයෙක් යන්න ඇකැමැති වූ අති දුෂ්කර පළාත්වල කර්මාන්තශාලා ඇති කරපු එක. කටුපොත කියන්නෙත් එහෙම ගමක්. 1993, ෆැක්ටරිය හදන කාලෙ මං වතුර ටික - තේටික - කන්න කෑම මුල ගෙදරින් අරන් ගියේ. කහට කෝප්ප්යක් බොන්න තැනක් නැහැ. ගමේ කාන්තාවො ෆැක්ටරියෙ වැඩට ආවා. ටිකෙන් ටික කඩසාප්පු හැදුනා. නොදියුණු කටුපොත, ගම්මානය නගරයක් වුණා. මං දියුණු වුණා වගේ ම ගමත් දියුණු වුණා. ඒ ගමේ මිනිසුන්ගෙ ආර්ථිකය ගොඩනැඟුණා.
* මේ රටේ දැවැන්ත ව්‍යාපාර අතර ඔබ ඉන්නෙ කොහොම තැනෙකද...
ඇඟලුම් අපනයන ක්ෂේත්රයේ සියයට සියයක් දේශීය සමාගම් අතරේ පළමු දහදෙනාගෙන් කෙනෙක් අපි. සමස්ත ඇඟලුම් ක්ෂේත්රය වෙනුවෙන් රජයට කතා කරන ප්‍රබලම සමුළුව වන JAAF හිත් අපි සාමාජිකයෙක්. පන්දාහක් ඍජුව රැකියා කරන, තවත් පන්දාහක් වක්‍රව රැකියා කරන දැවැන්ත ඇඟලුම් ජාලයක්. JAFF හැඳින්වීමට අනුව මම තමයි, ආසියානු පැසිෆික් කලාපයේ ඇඟලුම් ක්ෂේත්රයේ දැවැන්තම ව්‍යවසායිකාව. ඒක මට සතුටක්.
* අවුරුද්දකට මොනතරම් අපනයන ආදායමක් ඔබ රටට ගේනවද...
බිලියන හයක්. අපි ගවුම් මහන්නේ ඇමරිකාවට. ඔවුන්ගෙ ඕඩර්ස්වලට අපි වසර පුරාම ඇඳුම් මහනවා.
* ඔබ තීන්දු තීරණ ගනිද්දි කොහොම කෙනෙක් ද...
හැම කෙනාම කියන දේ අහන් ඉන්නවා. හැබැයි අන්තිමට මං කරන්නෙ මට හරියි කියලා හිතෙන දේ. මේ තරම් දුරක් එන්න මට ඒ ක්‍රමය වැරැදිලා නැහැ.
* සේවකයන් අරභයා ඔබ තීරණ ගන්නෙත් එහෙමද...
සේවකයන් අරභයා මං කරුණාවන්ත Boss කෙනෙක්. හැබැයි විනය සහ නීතිය ක්‍රියාත්මකයි. ඒ නිසා කිසිම කෙනකුට බැහැ, මගේ කරුණාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න.
* ව්‍යාපාරයේ ඔබට වැරැදුණු තැන් තිබෙනවද...
අනනත්වත්. ජනාධිපති ප්‍රේමදාස මහත්තයා නැති වුණාට පස්සෙ කටුපොත ෆැක්ටරිය කරගෙන යන්න කිසිම බැංකුවක් ණයක් දුන්නෙ නැහැ. නමුත් පටන් ගත්තු වැඩේ නිසා මං හිතුවක්කාරකමට සියයට තිහේ පොළියට ණය අරන් කරගෙන ගියා. ඒ අතරේ Export ඕඩර්ස් කැන්සල් වුණා. මිලියන 36 ක් මං බැංකුවට ණය වුණා. අන්තමේ කොරියන් සමාගමකට මගේ කටුපොත ෆැක්ටරිෙය Management එක බාර දුන්නා. ඒකෙනුයි මං ගොඩ ආවේ.
* ඔබ කොහොමද පළමු යුද වැන්දඹුව වුණේ...
මගේ මහත්තයා කැප්ටන් නොයෙල් වීරකෝන්. 71 කැරැල්ල මැඩපවත්වන මෙහෙයුමක අණ දෙන නිලධාරියා විදියට අනුරාධපුරේට යද්දි රඹෑව - වැලිඔය ලෑලිපාලම උඩ ජේවීපී තුවක්කුකරුවන්ගෙ වෙඩි පහරින් මිය ගියා. එයයි, බොම්බඩියයි. ජීප් එක ඇතුළෙ ම මිය ගිහින් තිබියදී තුවක්කුකරුවො පාලම පුපුරවලා. ඝන අන්ධකාරේ ජීප් එක වතුරට වැටිලා. පැයකට විතර පස්සෙයි හොයාගෙන තියෙන්නේ. 1971 අප්‍රේල් 07 වැනිදා අපි අපිව දැකපු අන්තිම දවස. 08 වැනිදා එයා මිය ගියා.
* මොකක්ද ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය...
මහත්තයාගෙ මරණය. එයා මාව බලාගත්තෙ පොඩි ළමයෙක් වගේ. හැම සැප සම්පතක් ම දුන්නා. අතට පයට වැඩට අය හිටියා. අපේ ලොකු දූට වයස දෙකහමාරයි. පොඩි දූ මගේ කුසේ. දරුවා ලැබෙන්න මාසයයි. මට කිසිම බරක් වගකීමක් නැහැ. තීරණයකුත් නැහැ. නොයෙල් තමයි හැමදේම කළේ. එහෙම ජීවිතේකට හුරුවෙලා හිටි මං, හිටි අඩියෙ දරු දෙන්නෙකුත් එක්ක මේ ලෝකෙ තනි වෙනවා. මෙතැනින් එහාට මං මොකද කරන්නේ... මං පියවි ලෝකෙට එන්නෙ නොයෙල් මිහිදන් කරලා ගෙදරට ආවට පස්සෙ.
* ජීවිතේ අන්තිම බිංදුවට වැටුණු එහෙම අවස්ථාවල ඔබ හිතුවෙ මොනවද...
ආදරෙන් මගේ නළල ඉඹලා, මෙහෙයුමට ගිය මහත්තයා දවසකට පස්සෙ පෙට්ටියකින් ගෙදර එනවා. ඒ සීතල ගල් වුණු මුහුණ බදාගෙන, දරුවෙක් ලැබෙන්න ඔන්න මෙන්න ඉන්න මං ඉකි ගගහා අඬනවා. ගැහැනියකට ජීවිතේ ඊට වඩා වැටෙන්න තැනක් තියෙනවද... මිනිස්සුන්ගෙ අනුකම්පා සහගත කතා මට අහලා ඇති වෙනවා. ‘නොයෙල්... මං ඔයා වෙනුවෙන් දරුවො වෙනුවෙන් ආපහු නැගිටින්න ඕනේ....’ මං එයාගෙ මිනිය දිහා බලාගෙන හිතනවා. දෙවැනි දූ ඉපදිලා ටික කාලෙකින් මං ඒ තීරණය ක්‍රියාත්මක කරනවා. ඒ තමයි මගේ ජීවිතේ යළි නැගිටීම.
* ජීවිතයේ යළි නැඟිටපු ගැහැනිය... මතකද ඒ දවස...
ඔව්. මං තාත්තට කිව්වා මට මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියලා. මහගෙදර වත්තෙ තාත්තා තැනක් හදලා දුන්නා. මං බතික් කලාව ඉගෙන ගෙන තිබුණා. ගැහැනු ළමයි හතර දෙනෙක් අරගෙන ඒ අයට උගන්වලා රෙදි බතික් කරලා ඇඳුම් මහන්න ගත්තා. ලක්සලට ගිහින් දුන්නා. ටිකෙන් ටික පිටරට වෙළෙඳ ප්‍රදර්ශනවලට යන්න ගත්තා.
* පිටරට ප්‍රදර්ශනවලට යන්න තරම් හයියක් තනි ගැහැනියකට කොහොමද ආවේ...
හැත්තෑවේ මැද භාගයේ අද වගේ ඉන්ටනෙට් නැහැ. මං කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව, වාණිජ මණ්ඩලය වගේ ආයතනවලට ගිහින් තොරතුරු හොයනවා. ඒ රටවලට ලියනවා. ෆයිල් එකේ වැරැදි නිසා ඒ සමහර ආයතන මගේ ෆයිල් එක විසිකරපු අවස්ථා තිබුණා. මං ඒක අහුලාගෙන ඇවිත් ආයෙමත් හදාගෙන යනවා. පිටරට ප්‍රදර්ශනවලට ගිහින්මයි මං Export ඕඩර්ස් හොයා ගත්තේ. ටිකෙන් ටික හැම යුරෝපීය ප්‍රදර්ශනයකට ම ගියා.
* ජීවිතේ හරිම වෙලාවට මුණගැහෙන සමහර පුද්ගලයින් අපේ ජීවිතේ වගේ ම ව්‍යාපාරත් වෙනස් කරනවා. ඔබටත් මේ අත්දැකීම තිබෙනවද...
මං කලක් වෑන් හයර් කරන ව්‍යාපාරයක් කළා. ඒක කළේ ආයතනයකට. එතැන හිටපු චිත්‍රාල් සිල්වා කියන Chief Accountant මහත්තයා තමයි ඇඟලුම් කර්මාන්තයට මාව සම්බන්ධ කළේ. එයාගේ ඥාතියෙකුට ෆැක්ටරියක් තිබුණා. එයාගෙනුයි මං, අලුත් මැෂින් ගැන දැනුවත් වුණේ. ඒ වෙලාවෙ මං අලුත් ව්‍යාපාර ගැන හොයමින් හිටියා. ඔවුන්ගෙ හමුවීම ඇත්තට ම මගේ ගමන වෙනස් කළා. 1987 රම්‍යා ඇපරල්ස් ප්‍රයිවට් ලිමිටඩ් පටන් ගත්තෙ එහෙමයි. හැබැයි මුල් කාලෙ මං ‘Sub Contract’ කළේ. ඊට පස්සෙ බතික් නවතලා සම්පූර්ණයෙන් ම Export Orders කළා.
* කුරුණෑගලින් පටන් ගත්තු ව්‍යාපාරය කොළඹට ගේන්න අවුරුදු කීයක් ඔබ මහන්සි වුණාද...
අවුරුදු දහයක් විතර. 1983 වෙනොකට මං මේ කඩවත ඉඩම මිලදී ගෙන ගෙයකුත් හැදුවා. එච්චර කාලයක් අම්මා තාත්තා එක්ක දරු දෙන්නයි මායි ජීවත්වූ කුරුණෑගල අතෑරලා කොළඹ පදිංචියට ආවා. අපි තුන්දෙනාගෙ තනියට හිටියෙ වැඩකරපු එක ගැහැනු කෙනෙක් විතරයි.
* ගැහැනුකමටවත් ඔබේ හිතට බයක් සැකක් දැනුණේ නැද්ද...
තාත්තා තමයි මාව බය කළේ. ‘බය වෙන්න එපා දෙවියො ඉන්නවනේ...’ මම එහෙම කිව්වම, ‘දෙවියන්ටත් දුවව බලාගන්න බැරිවෙන අවස්ථා එනවා...’ ඕක තමයි තාත්තගෙ උත්තරේ. ඒ වුණාට මං ආපහු හැරුණෙ නැහැ. කෙළි පොඩිත්තියො දෙන්නෙකුත් එක්ක මං ඒ ජීවිතේට මුහුණ දුන්නා. කවුරුත් විශ්වාස කරන එකක් නැහැ කඩවත මේ ඉඩම මඩ වගුරක්. මගේ ගේ විතරයි. ගේට්ටුවක් නැහැ. වැටක් නැහැ. කූඩැල්ලො විමානෙ.
* අපේ රටේ ගැහැනුකමට සලකන සමාජයක් තවම තිබීම ගැන ඔබට සතුටු ද...
ගෙදරදි මං ආරක්ෂිතයි. නමුත් සමහර ආයතනවලින් වැඩකරගන්න ගියා ම ඒ අයගෙ දුක කියපු පිරිමි නැතුවා ම නෙවෙයි. ‘අනේ මේ! ඕගොල්ලන්ගෙ දුක්ගන්නා රාළ මං නෙවෙයි...’ පුද්ගලයාත් තරහා නොකරගෙන ඒ කරදරවලින් බේරෙන්න, මං දැනගෙන හිටියා. ඇත්තට ම මේ ලෝකෙ තනි වූ ඕනෑ ම ගැහැනියකට ඒ නුවණ තිබිය යුතුයි.
* අධිෂ්ඨානය... ඉලක්ක හා අරමුණු කරා යෑම ඔබේ ජීවිතය ඇසුරින් විග්රහ කරන්න...
මහත්තයා නැතිවුණාට පස්සෙ මගේ එකම අධිෂ්ඨානය වුණේ මට ම කියලා ආදායමක් හදාගෙන දරුවන්ට හොඳින් උගන්වලා ඉන්න තැනක් හදා ගන්න එක. මං ලංකාවෙන් පිට කියලා ගිහින් තිබුණෙ ඉන්දියාවට විතරයි. ඒකත් මහත්තයාගේ ඇඟේ එල්ලීගෙන. මේ ලෝකෙ ගැන සමාජෙ ගැන හසරක් අත්දැකීමක් නැතිව හිටි මං ඒ මරණෙන් පස්සෙ වැඩකළේ එකම අධිෂ්ඨානෙකින්. අද මං ඒ ඉලක්ක... අරමුණු සියල්ල පසු කරලා.
* ඔබට තවම මහත්තයාගෙ විශ්‍රාම වැටුප ලැබෙනවද...
ආර්ථිකව ශක්තිමත් වෙනෙකාට මං ඒක එපා කිව්වා. හැබැයි එතකොට මගේ දුවලා දෙන්නම ඉස්කෝලෙ යනවා. මට දැන් හිතෙනවා, ඒ පෙන්ෂන් එක අරන් ඉගෙන ගන්න පුළුවන් දුප්පත් දරුවකුට දෙන්න තිබුණා කියලා.
* ඔබ වාසනාව විශ්වාස කරනවද...
මං අවාසනාව, වාසනාවට හරවා ගත් කෙනෙක්. මගේ මහත්තයාගේ අකල් මරණය නිසා අම්මා හිතුවෙ මං හරි අවාසනාවන්ත දරුවෙක් කියලා. පවුලට බරක් වෙයි කියලා. අම්මා මං ගැන බයෙන් හිටියේ. ඒත් කවුරුත් නොදැකපු හයිය ගැහැනියක් මං ඇතුළෙ හිටියා. දුක වැඩි වෙන්න වැඩිවෙන්න ඒ හයිය ගැහැනිය එළියට ආවා.
* ඔබ ළමා කාලයේ දක්ෂයෙක් ද...
මං පොත පතේ විතරක් ම ඇලී ගැලී හිටි ළමයෙක් නෙවෙයි. අම්මා මට කොච්චරවත් ගෙදර වැඩ පැවරුවා. මං පාඩම් කළේ.... විභාග කළේ ඒ වැඩත් කරන ගමන්. හැමදාම මං පන්තියේ පළමු පස්දෙනා අතරේ හිටියා.
* එතකොට ඔබ ඉගෙන ගත්තෙ...
ඕ - ලෙවල් වෙනකල් කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ. උසස් පෙළ Science කරන්න ඕනෙ නිසා මහා මායා විදුහලට ගියා. මට ඕනෙ වුණේ වෛද්‍ය විද්‍යාලෙට යන්න. ඒත් අම්මට ඕනෙ වුණේ මාව ඉක්මනට බන්දලා දෙන්න. දෙසැම්බර් විභාගෙ ලියලා, අප්‍රේල් මාසෙ ‘ප්‍රැක්ටිකල්’ කරනකොට විවාහ යෝජනාවත් ඇවිත්.
* ළමා කාලයේ වැටෙන පදනම, හොඳ වැඩිහිටියකු වෙන්න මඟ පාදනවා... මේ කතාවට ඔබේ ජීවිතය ඇසුරින් විග්‍රහයක් දෙන්න...
මගේ තාත්තා කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයෙක්. අම්මා ගෘහණියක්. මට බාල නංගියි මල්ලියි. අරපිරිමැස්ම අපේ ජීවිතය පුරා තිබුණා. තමන්ගෙ වැඩ තමන් කර ගැනීම, නංගිලා මල්ලිලා බලා ගැනීම, ගෙදර වැඩට උදව් වීම, මා විසින් කළ යුතු සාමාන්‍ය දේවල් ලෙසයි අම්මා සැලකුවේ. ඒකෙන් මං ජීවිතේ වගකීම් ඉගෙන ගත්තා. අවුරුදු දහතුන වෙනකොට, මට පාගන මැෂිමෙන් මහන්නත් පුළුවන්.
* ඒ කියන්නෙ මැහුම - ගෙතුම ඔබේ ඇඟේ තිබෙන දෙයක්...
හැම සිංහල අවුරුද්දටම අපේ වතු වැඩ කරන අයට අම්ම සරම් - චීත්ත තෑගි දෙනවා. ඒ සරොම් පණහම දෙපොට මැස්මෙන් මැෂිමෙ මැහුවේ මම. සරොම් පණහ මහන්න මට දවස් දෙකක් යන්නෑ. අතේ මහනවා නම් ඉදිකටුවෙන් නූල පන්නලා අන්තිම කෙළවරට වෙනකල් මම මහනවා. ඉතුරු වෙන්නෙ අහක යන්නෙ අඟලක නූල් කෑල්ලක් විතරයි. අද නම් මගේ ම ෆැක්ටරියෙ නූල් කෝන් ගණන් අහක දානවා. ඒවා දකින කොට මට මගේ අතීතේ පිරිමහපු හැටි මතක් වෙනවා.
* ඇමරිකාවට ෆැෂන් යවන ඔබ, ඔබේ ජීවිතයට ෆැෂන් කරනවද...
නැහැ. මං කැමැති සරල චාම් සැහැල්ලු ඇඳුමකට. ඔය කොට ගවුම් මං අඳින්නෑ. ගැහැනියක් ඇඳුමක් අඳින්න ඕනේ, මිනිස්සු ඇඳුම් දිහා බලන්න නෙවෙයි, ඒ කෙනාගෙ දිහා බලන්න හිතෙන විදියට. ඒ කියන්නෙ චාම් සුන්දරත්වය ඉස්මතු වෙන විදියට.
* දැන් ඔබේ වයස කීයද...
72 යි. ඒ තරම් වයසක් මට නොපෙනෙනවා නම්, ඒ මගේ හිතේ වෛරයක් ක්‍රෝධයක් නැති නිසා. බණ භාවනාවෙන් ජීවිතය විඳින නිසා. වැඩි ම කොටස් අයිතීන්වලින් මං දරුවන්ට හැමදේම දීලා තියෙන්නේ. මගේ හිත සැහැල්ලුයි.
* ඔබ හොඳ අම්මෙක් කියලා හිතනවද...
ඔව්. මුල් කාලෙ බිස්නස් එකට ම කැපවුණු මහන්සිවුණු නිසා සමහර වෙලාවල මට දූලා දෙන්නගෙ ඉස්කෝලෙ උත්සව, ස්පෝට්මීට් මඟ හැරුණා. තාත්තත් නැති නිසා ඒවට යන්න හිටියෙ මං විතරයි. ඒත් මං ෆැක්ටරියෙ වැඩවලට හිරවෙලා. පව්! හැන්දෑවෙ ගෙදර එනකොට දෙන්නගෙ ම මුහුණු හොඳ නැහැ. ඒත් ඒ දෙන්නත් මාව තේරුම් අරන් පුංචිකමට කළ කැපකිරීම් නිසයි මං මේ තැනට ආවේ.
* ඔබේ අත්දැකීම් අනුව, සාර්ථකත්වයට තිබෙන කෙටි ම මාර්ගය කුමක් ද...
සාර්ථකත්වයට කෙටි පාරවල් නැහැ. මුල් කාලෙ සමහර වෙලාවට මං පැය විසිහතර ම එක දිගට කළා. සේවකයන් වැඩ අවසන් වී ගිය පසු මම තනි ව වැඩකරපු අවස්ථාත් තිබුණා. එක පිට එක එන කරදර හෝ අභියෝග මං සලකන්නේ, ජීවිතේ මට, අලුත් දේ ඉගෙනීමට ලබා දෙන අවස්ථා හැටියටයි.
* හොඳ අම්මෙක් වුණාට සාර්ථක බිරියක් වෙන්න බැරි වුණා... ඔබට එහෙම හිතිලා නැද්ද...
නැහැ. දෛවය අපිට එහෙම කළාට, එයත් එක්ක ගෙවපු අවුරුදු හතරහමාර තමයි මගේ ජීවිතේ ලස්සන ම කාල පරිච්ඡේදය. හමුදා නිලධාරියෙක් වුණත් හරිම විනෝදෙන් සතුටින් හිටි කෙනෙක්. මාව මොනවා ම හරි කරලා හිනැස්සුවා. නිතර උත්සාහ කළේ සතුටින් තියන්න.
* ආදරේ ඔබේ ජීවිතයට කළ බලපෑම මොකක් ද...
මං බඳිනකොට එයාට ආදරේ කළේ නැහැ. විවාහයට කැමැති වුණේ අම්මලා කියූ හින්දා. ඒත් අපි අපිට ආදරෙන් ජීවිතේ පටන් ගන්නකොට ම එයා යන්න ගියා. ඒත් ඒ ආදරේ තවම දැනෙනවා. ඒ මතකය මගේ ජීවිතය පුරාම තියෙනවා.
* ජීවිතේ විඳින්න පුරුදුවෙලා තියෙන්නෙ කොහොමද...
ලෝකෙ කොහේ ගියත් ගෙදර එනකල් මට සිහියක් නැහැ. ගෙදර තමයි මගේ ලෝකේ. තනියම නිස්කලංකව ඉන්නයි මං කැමැති.
* ඔබට ජීවිතේ දැනෙන්නෙ කොහොමද...
මට මුලින් තිබුණෙ හඹා යා යුතු ඉලක්ක සමූහයක්. අවුරුදු ගාණක් වැඩකරලා ඒ ඉලක්ක සපුරාගත් පසුත් මොකක්දෝ අඩුවක් මට දැනෙනවා. ඒ අඩුව මං හොයා ගත්තා. මොන සැප සම්පත් තිබුණත් අවසානයේ සියල්ල ආටෝප පමණයි. දැන් මට තියෙන්නෙ සංසාරෙ කෙටි කර ගත යුතු මඟ වෙනුවෙන් වැඩ කරන්න.
ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප - විමල් කරුණාතිලක
තව ජීවිත කතා
ලෝක බලවතාගේ රටට ගොස් ව්‍යාපාරයක් හදා, එහි ලොකු ම කුළුබඩු සමාගම බවට පත්වූ ශ්‍රී ලාංකිකයෙක්
මගේ_පළමු_රස්සාව_ක්ලාක්. ඊළඟට කැෂියර්. ඊට පස්සෙ ගරාජ් වැඩපොළේ මිකැනික් -නවලෝක සභාපති ගේ කතාව

godak ayata udaw karapu kenek wage man dakkenam pothe thibba dewal ekka.thx for sharing