ආදී වාසි තරුණයින් මෙලෙස මරා දැමුවහොත් අවුරුදු 30 ක් පැවති යුද්ධය වගේ යුද්ධයක් කැලෑ ඇතුළෙන් ආරම්භවිය හැකිබවත්, තමා නායකයා වුවද තමාගේ පිරිසට දිගින් දිගටම කරදර හිරිහැර වනවිට ඒ අය පාලනය කිරීමට තමන්ට නොහැකිවනු ඇති බවත් ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්අනතුරු හගවයි.
තලාවරිගේ සුනිලා නැමැති 26 හැවිරිදි ආදිවාසී තරුණයා, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් රජය වෙත තම දැඩි අප්‍රසාදය පල කරමින් ‘දිවයින’ පුවත්පතට එසේ පවසා ඇත.
ආදිවාසි තරුණයකු වනජීවී නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයෙන් පසුගිය 15 වනදා ඝාතනයට ලක්වීමත් සමඟ ආදී වාසී ජනතාව අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.
මේ අතර දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල ආදීවාසී ගම්මානයේ විසූ තවත් තරුණයන් තිදෙනෙකු ද අතුරුදහන් වී තිබේ.
පෙරේදා අලුයම මාදුරුඔය රක්ෂිතයේ හෙනානිගල වනජීවී කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ලකර තිබිණි.
මෙම සිදුවීම ආරංචි වීමත් සමඟ ආදිවාසී ගම්මානය පුරා නොසන්සුන්තාවයක් හටගත් අතර වනජීවී නිලධාරීන්ට පහරදීමට ඔවුන් සූදානම්වන බවට ලැබුණු තොරතුරක් මත තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් බලඇණි කිහිපයක්ම යෙදවීමට සිදුවූ බවද වාර්තා වේ.
මාධ්‍ය වාර්තා පවසන්නේ 150ක පමණ පොලිස් භට කණ්ඩායමක් ප්‍රදේශයට ගෙන්වීමට අම්පාර පොලිස් අධිකාරීවරයා කටයුතු කළ බවයි.
මේ සම්බන්ධයෙන් පොලීසිය පවසන්නේ මේ වනවිට වනජීවී නිලධාරීන් දෙදෙනෙකු සහ එම වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එමෙන්ම අතුරුදහන් වූ තිදෙනා සොයා පරීක්ෂණ සිදුකෙරෙන බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.
මේ සම්බන්ධයෙන්”දිවයින” පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් ආදිවාසී නායකයා මෙසේ ප්‍රකාශ කර ඇත.
” අපේ පරම්පරාව කැලෑවත් එක්‌ක තමයි ජීවත් වෙන්නේ. මේ කැලෑවේ දඩයම් කරන එක මී පැණි හොයන එක කැලෑ අලි හොයන එක, ලෙඩට දුකට, අවශ්‍ය බෙහෙත් පැළෑටි හොයන එක තමයි අපේ පරම්පරාවේ සිරිත. මේ කැලෑවයි අපේ පරම්පරාවයි දෙකක් නෙවෙයි එකක්. එතකොට කැලෑවට අපිට යන්ඩ අවසර නැත්නම් අපේ පරම්පරාවේ අයට යන්ඩ බැරිනම් මේ කැලේ මොන එකාටද? ඒකට යන්ඩ අවසර දීලා තියෙන්නේ. මොන එකාටද? මේක පළමු වතාව නොවෙයි. මේ මාස දෙකේදී අපේ එක්‌කෙනකුට වෙඩි තියලා අබ්බගාතයෙක් බවට පත් කරලා තියෙනවා.
පෙරේදා රෑ හේනානිගල අපේ පරම්පරාව ජීවත් වෙන ගම්මානයේ අපේ තරුණයකුට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් වෙඩි තියලා එක්‌කෙනෙක් මැරිලා තියෙනවා.
1983 ඉඳලා අපේ මිනිස්‌සු කැලේට ගියේ හොරෙන්. මම ආණ්‌ඩුවේ වගකිවයුතු අයත් එක්‌ක සාකච්ඡා කරලා කැලේට යන්ඩ අපේ ජනතාවට අවසර අරගෙන දුන්නා. හැබැයි අද වෙන කොට මේ දීලා තියෙන අවසරේ බොරු එකක්. මේ අවසරේ ජනාධිපතිතුමා විසින් ලබා දුන්නත් අධ්‍යක්‍ෂතුමා ලබාදුන්නත් මේ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කරලා නෑ. අපි තුන්දෙනා විතරයි ඒක දන්නේ. මගේ වරිගේ අය මම නිතරම දැනුවත් කරනවා. ඒත් දෙපාර්තමේන්තු නිලධාරීන් තවමත් මේ පිළිබඳ දැනුවත් වෙලා නෑ.
http://sinhala.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/03/17/%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%91-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%86%E0%B6%BB/