නීතිවිරෝධි ලෙස මුහුදුමාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලායාම සදහා ගාල්ල, තල්පේ ප්‍රදේශයේ හෝටලයක රැදි සිටි පුද්ගලයින් 43 දෙනෙකු අද (23) අළුයම අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසනවා.
මිරිස්ස නාවික හමුදා කදවුරේ බුද්ධි අංශයේ නිලධාරින් ලබාදුන් තොරතුරකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අතර ළමුන් 03 නෙකුද පිරිමි 33 දෙනෙකු හා කාන්තාවන් 07 දෙනෙකු සිටින අතර මොවුන් සියලු දේනා යාපනය දිස්ත්‍රික්කය තුල පදිංචිකරුවන් වේ. මෙම පිරිස යාපනයේ සිට කොළඹට පැමිණ පසුව පුද්ගලික බස්රථයකින් මරදානේ සිට ගාල්ල බලා පැමිණ ඇත.
මොවුන්වි නීතිරෝධි ලෙස විදේශගතවිම සදහා මෙම හෝටලයේ රැදිසිටින බවට ලද තොරතුරකට අනුව වැටලිම සිදුකොට ඇත.
බසයේ රියදුරුද පොලිස් භාරයට ගෙන ඇත. හබරාදුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්දව පරික්ෂණ පවත්වයි.
කොම්පියුස් වෙලා ඉන්නෙ

සැකපිට අත්අඩංගුවට ගන්න පුලුවන්. පැහැදිලිව ඔත්තුවකුත් ලැබිලා තියෙනවනේ. නඩු දානවා නම් කාටහරි පැහැදිළි සාක්ෂි තියෙන්නෙ ඔ්න.