වැරදුනු කුරුමානම

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,520
    10,285
    113
    44
    Living in an Atom
    463755958_524303153685155_202178140653507312_n.jpg


    part 1

    නම් ගම් මනඃකල්පිත වන අතර සත්‍ය කතාවකි. මෙය මීට වසර 75 කට පමණ පෙර සිද්ධ වූවකි.

    ඇල්බට් ගුණසේකර සහෝදර සහෝදරියන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙස උපත ලැබීය.පරම්පරාවෙන් විශාල දේපළ ප්‍රමාණයක් මොවුන් සතු වුවද , පවුලේ අය අතර එම දේපළ බෙදී යනවාට ඇල්බට් අකමැති විය. ඒ ඔහුගේ අධික දේපළ තණ්හාව නිසාය. තම සහෝදර සහෝදරියන් මරා දමා හෝ මෙම දේපළ අයිතිකරගැනීමට ඔහු සිතුවේ කල් යැවීම නුවණට හුරු නොවන නිසාය.

    මේ අතරතුර තම මිතුරා වූ ජේමිස්ගේ උදවුවෙන් ඉතාමත් දක්ෂ ගුරුන්නාන්සේ කෙනෙකු සොයාගත හැකිවිය. ඇල්බට් තම යෝජනාව ගුරුන්නාන්සේට ඉදිරිපත් කලේය. කරුණු කාරණා විමසා බැලූ ගුරුන්නාන්සේ ඔවුන් සියලු දෙනා මරණයට පත්කිරීමට සුදුසු ක්‍රමයක් ඇල්බට්ට පැවසීය.මෙය ඇසූ ඇල්බට්ගේ ඉහේ මලක් පිපුනි.තම නිවසේ තම සහෝදර සහෝදරියන්ගේ මල කඳවල් මල්වඩම් මැද පෝලිමට තබා ඇති අයුරු ඔහුට මැවී පෙනෙයි..

    නමුත් පොඩි කොස්සකට තිබුණේ ගුරුකම කිරීමට අවුරුදු 15 කට අඩු නොයිඳුල් ගෑනුු ළමයෙකුගේ මළ කඳක් අවශ්‍ය වීමයි.මෙම හේතුව නිසා මෙම ගුරුකම ටික කලකට කල් ගියේය .

    මාස හතකට පසු ජේමිස් සුභ ආරංචියක් රැගෙන පැමිණියේ ය.අල්ලපු ගමේ ජීවත් වූ සොයිදහාමිගේ අවුරුදු 10ක් වයසැති දියණිය නාග දශ්ටනයකින් මියගිය පුවතයි . මෙය ඇසූ ඇල්බට්ගේ සතුට ඉහවහා ගියේය.වහා ගුරුන්නාන්සේ හමුවට ගිය මේ දෙපල ගුරුන්නාන්සේට විස්තරය පැවසීය.

    මරණය වලදමන දිනය කෙම්මුර දවසක් වීම නිසා එදාටම ගුරුකම සිද්ධ කිරීමට මොවුන් තීරණය කලහ . අවශ්‍ය කලමනා අඩංගු තුණ්ඩුවත් රැගෙන නිවසට පැමිණෙන ඇල්බට් මෙම කාරිය කිරීම තම මිතුරා වූ ජේමිස් හා තම වත්තේ මුරකරුගේ පුතුන් දෙදෙනාත්.හවුල් කරගත්හ.ඒ ඉක්මන්ටම මිනිය ගොඩ ගැනීම සඳහාය.

    කෙම්මුර දින රාත්‍රියේ කනත්තට ගොඩවුණු පිරිස මිනිය ගොඩ ගැනීමට පටන් ගත්තෝය . අලුත් ගොක්කොල තිබූනිසා . මිනීවල සොයාගැනීම ඔවුන්ට අපහසු නොවීය.

    මතු සම්බන්ධයි...
     
    • Like
    Reactions: dillsdilla and NRTG