වැරැදි ගුවන් පථයට බාලා
වැරැදි ගුවන් පථයට බාලා
මාලදිවයිනේ මාලේ අගනුවරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පැමිණි ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් වැරදි ගුවන් පථයකට ගොඩබෑම හේතුවෙන් සිදුවන්නට ගිය මාරක අනතුරක් නූලෙන් වැළැකී ගියේය.
කේරළයේ තිරුවනාතපුරම් සිට මාලේ බලා පැමිණි එයාර්බස් ඒ 320 නියෝ ගුවන් යානයේ නියමුවන් පවසා ඇත්තේ තමන්ට මාලේ ගුවන්තොටුපොළ බලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් අනුව, එම ධාවන පථයට ගොඩබෑමට කටයුතු කළ බවය.
යානය ගොඩබා ඇත්තේ ඉදි කෙරමින් පවතින ධාවන පථයකටය. ගොඩබෑ අවස්ථාවේ යානයේ රෝද පුපුරා විනාශ වුණු අතර, එය ධාවන පථය දිගේ ඇදී යෑමට පටන් ගත්තේය.
තිරංග තද කර යානය නවත්වා ගැනීමට, නියමුවන්ට මහත් ආයාසයක් දැරීමට සිදුවිය. ඒ වනවිට කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළුව යානයේ 136 දෙනෙක් සිටියහ. ඔවුන් සැවොම මහත් සේ බියට පත් වුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් යානයේ නියමුවන් දෙදෙනාගෙන් සහ මාලේ ගුවන්තොටුපොළ බලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරෙන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)
https://www.flightradar24.com/data/flights/ai263#1dc7cfad
http://timesofindia.indiatimes.com/articleshow/65722051.cms

Last edited: