වැලන්ටයින් තෑග්ග

gontababa

Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    වැලන්ටයින් තෑග්ග

    වැලන්ටයින් තෑග්ග
    🔺🔺🔺🔺

    සතෙන් සතේ එකතු කරපු වැලන්ටයින් සල්ලි
    හෙට උදේට ගෙයි මුල්ලෙන් අදිනව මම මල්ලි
    ➧ ➧ ➧ ➧ ➧
    ඇඳ මුල්ලේ මැටි කැටේක තියෙනව සිල්ලර කාසී
    පොත් පිටු අස්සේ හැංගුව පනහෙ සීයෙ කොළ රාශී
    මෙට්ට කවරයේ අස්සේ මොණර කොළ අටකි වාසී
    තව තුන්දාහක් අඩුයිනෙ ගහමු පොටක් හරි ලේසී
    ➧ ➧ ➧ ➧ ➧
    හීන් කෙඳිරි පැය විසිහතරෙම ඇසේවි කාමරයෙන්
    හීන් සීරුවට කොල්ලා ඇත මී පැටියකු විලසින්
    අම්මේ...මට තව තුන්දාහක් මදිවෙයි සල්ලි ඔන්න
    දුන්නේ නැතිනම් හෙටනම් බැරිවෙයි පන්තියට යන්න
    ➧ ➧ ➧ ➧ ➧
    අම්මා ගේ ඇස් තෙමුනා පුතු ගැන හරි ආදරයෙන්
    දුන්නා ගලවා දෙකනේ කරාබු දෙක හරි සෙනෙහෙන්
    සම්මා සම්බුදු සරණයි මගෙ කොල්ලට වරදින්නෑ
    දුන්නා බැංකුවට උකස් කොල්ලා ගෙදරින් පැන්නා
    ➧ ➧ ➧ ➧ ➧
    වැලන්ටයින් හෙටනෙ බබෝ මොනවද මට තෑගි දෙන්නෙ
    කෙල්ල අඬනවා නාහෙන් කොහොමද මම සෙකන්ඩ් වෙන්නෙ
    බොරු බේගල් අත හැරලා කෙල්ලෙක් ඇත සෙට් වීලා
    තරු විසිවෙන සුපිරි තෑගි ඉල්ලයි වදයක් වීලා
    ➧ ➧ ➧ ➧ ➧
    රුපියල් පහළොස් දහසක් මාස හයක් එකතු කළා
    ටියුෂන් සල්ලිත් දමලා ඒ ඔක්කොම එකතු කළා
    රිවිෂන් යන්නේ කොහොමද ඒ සල්ලිත් එකතු කළා
    තව්සන්ඩ් ලොකු ටෝක් දීපු කෙල්ල නිසා එහෙම කළා
    ➧ ➧ ➧ ➧ ➧
    මොනවද ගන්නේ කෙල්ලට මොනවද ගන්නේ හැබෑට
    කොහෙටද යන්නේ හැබැට නැහැ තේරෙන්නේ කොල්ලට
    ඉල්ලන මගුලක් කිව්වා නම් ඉවරනෙ අරන් දෙනව
    දෙල්වෙන වැඩ බැහැ මටනම් හොඳම දෙයක් අරන් දෙනව
    ➧ ➧ ➧ ➧ ➧
    උදේම අද යන්න පුතේ- අලුත් පන්තියක් හින්දා
    කිරිබත් පොඩ්ඩක් හැදුවා -සුබ කටයුත්තක් හින්දා
    පුතාට අඩු පාඩුත් ඇති - මේ දුක් කරදර හින්දා
    තාත්ත හිටි දවස් වලදී -මගේ පුතත් සැප වින්දා
    ➧ ➧ ➧ ➧ ➧
    කුලී වැඩට දියවුණු අත් -.අව්වට වියලුනු ඇගෙ මස්
    දවා හළු කළා දුටුවිට ඇගෙ නිරුවත් පාළු දෙකන්
    ගිහින් එන්න පුතේ ඉතින් එපා අම්ම ගැන හිතන්න
    හොඳින් ඉගෙන ගත්තොත් අපිටත් පුළුවන් එතෙර වෙන්න
    ➧ ➧ ➧ ➧ ➧
    මොකද අනේ ඇයි පරක්කු -ඇයි මේ දාගෙන සෙරෙප්පු
    අයියෝ මෙහෙමත් සවුත්තු වෙන එක හොඳ නැහැ මිනිස්සු
    හරි හරි සොරි වෙලා ගියා -ප්‍රසන්ට් එකක් ගන්න ගියා
    නියමයි හරි හැන්ඩි ඔයා -විහිලුවටයි බැන්නෙ මෙයා
    ➧ ➧ ➧ ➧ ➧
    බීච් එකේ පාළු කොණක ආසයි තනිවෙලා ඉන්න
    කෝච්චියේ සද්දෙ නිසා බැහැ අදහස අත හරින්න
    කේස් එකක් නැහැ ගෙදරින් බොරු දාහක් කිව්ව එන්න
    බේස් ලයින් පාරෙ නොයා රාජගිරිය මග අරින්න
    ➧ ➧ ➧ ➧ ➧
    ඔයා වගේ අවංක කොල්ලෙක් ගැන මං සතුටු වෙනව
    ළඟදීම අම්මලට කියල අවසර නම් අරන් දෙනව
    අනෙ පිස්සු කෙලින් නැතිව ඉන්න ඕවට තව කල් තියෙනව
    අපෙ අම්ම හරිම වසයි අනේ කොල්ලගෙ දැන් දිව ගිලෙනව
    ➧ ➧ ➧ ➧ ➧
    කෝල් එකක් අක්කාගෙන් විනාඩියක් අනේ දෙන්න
    හදිස්සියක් පොඩි මල්ලියෙ ඉක්මනටම ගෙදර එන්න
    වීල් එකක් අරගෙන කොල්ලා විගහට ගෙදර ගියා
    හීන් කෙඳිරි විලාප මැද්දෙන් අක්කා කථා කළා
    ➧ ➧ ➧ ➧ ➧
    එපා මල්ලියේ අඬන්න අම්මා අපි දාල ගියා
    එපා අඬන්නට මල්ලියෙ දෙවියන් ඇය අරන් ගියා
    නොකා නොබී දුක් විදලා උඹයි මමයි ලොකු කෙරුවා
    කවදාවත් සැප වින්දේ නැති අම්මා එලොව ගියා
    ➧ ➧ ➧ ➧ ➧
    අම්මේ මට සමාවෙන්න කොල්ලා ඇදගෙන වැටුනා
    අම්මේ සුදු අම්මේ කන් පිරිමදිමින් වැඳ වැටුනා

    සුමියගෙ කවි
    2019 පෙබරවාරි


    ඉස්සුවේ - FB එකෙන්
     
    • Like
    Reactions: Kolama