අතීත වැල්ලවත්තේ උරුමකරුවන් වූ හුණු කුලයේ මිනිසුන්ගේ කතාව ...........
වැල්ලවත්ත කියන්නේ හරිම විචිත්‍ර නගරයක්. පාට පාට ජන කණ්ඩායම් එකතුවෙලා මිනිස් දේදුන්නකට. ඒකයි මේ ලස්සන! මේ දේදුන්නේ විශාල වර්ණ පදාසයක් ඉස්සරම නම් වෙන්වුණේ සිංහල නමට. කාලයත් එක්ක දැන් දෙමළ ජනවර්ගය ඒ තැන අරං. බර්ගර් වගේ ජන කණ්ඩායම් වාෂ්ප වෙලාම ගිහිං. ජා වුණත් එහෙමයි. මුස්ලිම් තවම ඉන්නවා. ඉතිං කාලෙක ඉඳලා වැල්ලවත්තේ ඉතිහාසය හොයාගෙන 1900යේ මුලට යන්න මගබලං හිටියේ. තිවංක ප්‍රනාන්දු කියන මිත්‍රයා නිසා ඒ උවමනාව තවත් වැඩිවුණා. උසට උසේ තට්ටු තට්ටු ගෙවල්, සයිවර් කඩ, බර්ගර් වීදි අස්සෙන් මේ සෙවිල්ල එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒත් ඒකට කියාපු පෙරාපු බඩුවක් තමයි තිවංකයා. තිවංකයාටත් මේකේ කතාවක් තියෙනවා. ඒක පස්සට එල්ලන්නම්. දැන් අපි වැල්ලවත්තට යමු. තිවංක කියන්නේ වැල්ලවත්තට උරුම දිග රීෆ් එක නැතිනම් පරය නිසා වේල්ල වත්ත වැල්ලවත්ත වුණා කියලා. අපේ ජස්ටින් මාමා කියන්නේ මුහුද බැහැගෙන ගිහිං වැල්ල එක්ක මේ වත්ත ඉතුරුවුණ හින්දා වැලි වත්ත වැල්ලවත්ත වුණා කියලා. තිවංක කියනවා මැහැල්ලවත්ත වැල්ලවත්ත කියලා වතු දෙකක් අතීතයේ එකට යාව තිබුණා කියලා. කොහොම හරි නමේ එල්ලෙන්න නෙවෙයි. හරි කොහොම හරි වැල්ලවත්ත, ඒක තමයි අපි මේ සරණ දනව්ව..!!
දූපත් රාජ්ජේ
හරි මම දැන් මුලින්ම කුරුල්ලෙක් වගේ වැල්ලවත්තට උඩින් පියාඹගෙන යන්න හදන්නේ. මේ රූස්ස බිල්ඩිම් අස්සෙන් කුරුළු ඇහින් වැල්ලවත්තේ ඉසව් ඇහිදින්න. ඒකට මට පාර පෙන්නුවෙ අපේ ජස්ටින් දයාරත්න මාමා. 'වැල්ලවත්ත කියන්නේ දූපතක්. ලස්සන දූපතක්. එක පැත්තකින් මූද. අනික් පැත්තෙන් වටේටම ලංදේසි ඇල. දෙහිවල, පාමංකඩ, කිරුළපන, රෙදිමෝල ළඟ පාලම කියන පාලම් හතරෙන් තමයි, අපේ ගමට මිනිස්සු ආවෙ ගියේ. එදා ඔය ඇල දිගේ ඔරු පාරු කළුතර ඉඳලා පුත්තලමටම ගියා. අපි ඉස්සර නෑවා. මාළු ඇල්ලුවා. අපේ ගමේ ඩෝබි මිනිස්සු රෙදි හේදුවා. සේරම කළේ ඔය ඇලෙන්. කජු පේර මූකලං තමයි ඇල දෙපැත්තේ තිබුණේ. අපි තමයි ඔය ඇලෙන් නාපු අවසන් පරම්පරාව'. නොස්ටැල්ජියාවක වෙලිලා වේදාවකින් මාමා අතීතය ගැන කතාව. මේක ඇත්තටම වැල්ලවත්ත ගැන ඩ්‍රයි ජින්මය මතක හැන්දෑවක් කිව්වොත් හරි...! අතීතය වෙනස් වෙමින් අනාගතය නිර්මානය වීම වේදනාවක්. ඒත් ඒක නවත්තන්න සක්කරයටවත් බෑ. අපිට දැන් තියෙන්නේ මතක කෑලිබෑලි පුරුද්දලා මතක මාලයක් හදලා හිතේ කොනක එල්ලගන්න!. ඒකට කියාපු බීමක් තමයි ඩ්‍රයි ජින්. ඉතිං අපි අද කුණු වෙලා තියෙන, එදා මනරමණීය වැල්ලවත්තේ ගෙලවටේට බැඳුන ඇල මාලය ගැන මතක මල් මාලයක් හැදුවා. මේ ඇල කුණුවෙන්න පටන්ගත්තේ කොයි කාලෙද? මම අහනවා.. අපේ සමූහයා උත්තර ගෝනියක් අපේ ජින්මය හැන්දෑවට හලනවා.. ' 1956 බණ්ඩාරණායක මහත්තයා දිනලා අලුත් ආණ්ඩුව හැදුවට පස්සේ තමයි මේ හැමදෙයක්ම වෙනස් වුණේ. එදා වැල්ලවත්ත කියන්නේ සමසමාජ රාජ්‍යයක්. කොඩිය දාලාමයි තිබුණේ. පීටර් සිංඤ්ඤෝ අයියා තමයි ගමේ සමසමාජ ලොක්කා. මිනිහා විවාහ රෙජිස්ටාර්. ඉතිං පිටගංකාරයෝ සමසමාජ කොඩිය දාගෙන වැල්ලවත්තට ආවා. ඇවිත් ඔය ඇල අයින දිගට ගෙවල් අටෝ ගත්තා. ගොඩක් මිනිස්සු ආවේ දකුණින් බණ්ඩාරගමින් වගේ. ඇල වෙනස් වුණා. ඇල විතරක් නෙවෙයි ගමම වෙනස් වුණා.'
සමසමාජ ඉතිහාසය
අපේ ප්‍රධාන කතාවට යන්න කලින් අපේ මාමා මතක් කරපු මතකය දිගේ වැල්ලවත්තේ සමසමාජ ඉතිහාසයට ටිකක් යන්න හිතුවා. අපේ මතක අවුස්සන්නන්ගේ කණ්ඩායමේ නන්දසිරි ප්‍රනාන්දු එක්ක ඒක කරන්න පුලුවන්. 'අපි හැවෝම වගේ ඉපදුන විහාර මාවතේ කෙළවර කළුබෝවිලයි වැල්ලවත්තයි යා කරපු පාලම ඒකාලේ (1965 විතර කලින්) තිබුණේ ලෑලි දාපු අත් කරත්තයකට විතරක් යාන්තම් යන්න පුලුවන් පාලමක් විදිහට. ඒ කාලේ රජයේ වැඩ ඇමති චම්ලි ගුණවර්ධන. එතකොට මෙහේ මන්ත්‍රී බර්නාඩ් සොයිසා. දෙහිවල ගල්කිස්ස ආසනේ මන්ත්‍රී කොල්වින් ආර් ද සිල්වා. තුන්දෙනාම සමසමාජයේ නේ. ඉතිං ඔය පාලම හදන්න පටන්ගත්තා. ගමේ හැවෝම ශ්‍රමය දුන්නා. දවස් 60කින් පාලම හැදුවා. මට එතකොට අවුරුදු 16යි. මමත් ඉස්කෝලෙ ගිහිං කෙළින්ම යන්නේ වැඩපොළට' නන්දසිරි ප්‍රනාන්දු මහත්තයාගේ කතාව එක්ක 1938 ඉපදුන ජස්ටින් දයාරත්න මාමගේ 1940/ 1950 ගැන කතාව මෙහෙම අමුණන්නම්..
'ඒ කාලේ උතුර දකුණ බටහිර නැගෙනහිර කියලා වැල්ලවත්ත කොටස් හතරකට බෙදලා තිබුණේ. නැගෙනහිර වැල්ලවත්ත පස්සේ පාමංකඩ වුණා. මේ කොටස් හතරටම සිංහල නාගරික මන්ත්‍රීවරු හිටියා. 90%ක් හිටියේ සිංහල. දෙවෙනියට හිටියේ බර්ගර් මිනිස්සු. මේ සිංහල අයගෙන් 90%ක්ම හිටියේ ප්‍රනාන්දුලා. ඒ මිනිස්සු කළේ කළුතර ඉඳලා ඇල මාර්ගයෙන් හුණුගල් ගෙනල්ලා හුණු හදන එක. හුණු කර්මාන්තය තමයි මේ ප්රනාන්දුලාගේ ජීවිකාව වුණේ.' මේ කතාවත් එක්ක දැන්නම් අපිට හිරිගල් නැත්තං හුණුගල් පුරවපු පාරුවෙන් ඇවිත් අතීත වැල්ලවත්තට ගොඩවෙන්න පුලුවන්. හුණු කර්මාන්තේ එදා ඉඳලා කළේ හුන්නෝ. නැතිනම් හුණු කියන කුලයේ මිනිස්සු. හුණු කියන්නේ දැන්නම් එච්චර කතාකරන්නෙවත් නැති ගොඩාක් අය දන්නෙවත් නැති කුලයක්. ඒත් අතීත වැල්ලවත්තේ උරුමකාරයෝ මේ කියන හුණු කුලයේ මිනිස්සු.
ප්රනාන්දුලාගේ කතාව
'හුණු කියන්නේ සංගමිත්තා ශ්‍රීමහා බෝධිය ගේනකොට ආපු කුලවලින් එක කුලයක්. අපේ පරපුර තමයි එදා ඉඳලා ඉදිකිරීම් කර්මාන්තයේ ලොක්කෝ විදිහට හිටියේ. ඒකාලේ සිමෙන්ති තිබුණේ නෑ. විහාර, චෛත්‍ය, සේරම කළේ හුණුවලින් සහ ගඩොලින්. කබොක් ගලින්. රුවන්වැලි මහා සෑය, අභයගිරිය ජේතවනය ඔය මොන දාගැබ වුණත් හැදුවේ හුණු පිරියම් කළේ අපේ පරපුරේ අය. ඔය පරණ රජමහා විහාර දේවාල අවට හැමතැනකම හුණු මිනිස්සු රංචු ගැහිලා හිටියා. ඒ මිනිස්සුන්ට එදා රජවරු උදව් කළා. ගම්වර දුන්නා.' තිවංක ප්‍රනාන්දු හුණු ඉතිහාසයට දොර ඇරියේ එහෙමයි. 'සුනුක්කාර බ්‍රාහ්මනයාගෙන් තමයි අපේ පරපුර පැවතගෙන එන්නේ. එදා මුහුදෙන් කඩන හිරිගල් මුහුදෙන්ම කළුතරට ගෙනල්ලා කළුතරින් පාරුවට දාලා වැල්ලවත්තට ගෙනාවා. ඔය විහාර පාර අද්දරින් සහ තවත් කීපතැනකින් ඒවා ගොඩබාලා පෝරණුවලට දාලා පුච්චන එක තමයි මුලින්ම කළේ. එහෙම පුච්චලා හුණු කොටස් දෙකකට වෙන්කළා. සැහැල්ලු හුණු දියගහලා දිය හුණු කළා. බර හුණු අලු හුණු කළා. අළු හුණු කපරාරු කරන්න බිත්ති බඳින්න ගත්තා. දියහුණු තමයි බිත්ති පිරියම් කරන්න ගත්තේ'. නන්දසිරි ප්‍රනාන්දු මහත්තයා කියන විදිහට එදා වැල්ලවත්තේ හැමතැනම හුණු කර්මාන්තේ කෙරුණේ එහෙම. හැමතැනම හුණු පෝරණු තිබුණා. අඩු කුලේ කියලා එදා වටේ ගම්වල මිනිස්සු ගැරහුවේ නෑ කියලා තමයි මේ සනුහරේ කියන්නේ..
'අපි හුණු මිනිස්සු එදා අභිමානයකින් තමයි වැල්ලවත්තේ හිටියේ. කොඩිය දාගෙන තමයි හිටියේ. ඉස්සර ටැක්සිකාරයෙක්වත් මෙහාට එහෙම එන්නේ නෑ බයයි. විහාර ලේන් කිව්වහම හයිකාරයෝ තමයි හිටියේ. දවසක් කළුබෝවිලින් මිනිහෙක් එනවා වැල්ලවත්ත පැත්තට. අපේ කෙනෙක් අහලා තියෙනවා කොහේද යන්නේ කියලා මිනිහා කියාපි මම මේ හුණුගන්ගොඩට යනවා කියලා. අපේ මිනිහා යන ගමනත් අහවර කරලා පස්සෙන්ම ඇවිත් කළුබෝවිල පාලම පැනලා අර මිනිහා ගමට ඇතුල් වුණාට පස්සේ කෑගහලා කියලා තියෙනවා මෙන්න බොලව් මේ මනුස්සයා හුණුගන්ගොඩ යනවයි කියනවා කියලා. මේක ඇහුණු අපේ මිනිස්සු අර මනුස්සයා අල්ලලා හුණු පෝරණුවකට විසීකරලා'. ජස්ටින් මාමා අතීතය හිනාවක දිය කරනවා. හුණුවලට තුර ඉස්සාම බුරු බුරු ගාලා වතුර උරාගෙන හුණු හිනැහෙන්නැහේ උන්දෑ හිනාවෙනවා. අනික් හැවෝමත් ඩ්‍රයි ජින් එක්ක සතුට මාත්තු කරගන්නවා. ටොනික් වුණත් ඉක්මනට බුබුලු වෙනවා..
පෙළපත් නාම
'ප්‍රනාන්දුලා ඔක්කොම හුණු වෙන්නේ නෑ. වර්ණපුර ගේ, දේවපුර ගේ, වීරපුර ගේ, වෙලන්තිපුර ගේ, සියගුණ කොස්ගොඩ ගේ වගේ පෙළපත් නාම තියෙයිනම් එයාලා හුණු. දැන් ගොඩක් අය පෙළපත් නාම වගේම ප්‍රනාන්දු කියන කෑල්ලත් අයින්කරගෙන තමයි ඉස්සරහට යන්නේ. මගේ නම වෙලන්තිපුරගේ තිවංක ප්‍රනාන්දු. මම කවදාවත් වෙනස් කළේ නෑ. ඒක මම එහෙම කළේ ගේමටම තමයි. මට මතකයි ඉස්කෝලේ යනකාලේ අපේ ආච්චි නැතිවුණාම මට තමයි බාප්පා ලේක්හවුස් එකට ගිහිං පත්තරේ දැන්වීම දාලා එන්න කියලා කිව්වේ. මම ගිහිං ගෙදර එනකොට ගෙදර හෙන වලියක්. අපේ තාත්තා බයවෙලා ඔෆිස් එකේ අයට අපි හුණු කියලා අහුවෙයි කියලා. පහුවදා මම ආයි ගිහිං ඒ දැන්වීම වෙනස් කළා. මගෙන් එතන වැඩකරපු මිස් ඇහුවා ඇයි පුතා වෙනස් කරන්නේ කියලා. මම කිව්වා අපි අඩුකුලේනේ මිස් කියලා. අපි විවාහ යෝජනාවක් දැම්මත් පිළිතුරු එන්නේ පහයි දහයයි හැබැයි ගොවිගම කියලා එහෙම දැම්මොත් සීයක් දෙසීයක් එනවා. අර පහ හය වුණත් එන්නේ හුණු අයගෙන්ම තමයි. මට වුණත් ඔය කුලයෙන් උසස් යාලුවෝ එක්ක බොනකොට කතාකරනකොට පොඩි චකිතයක් තියෙනවා මූ මොනවිදිහට සලකයිද කියලා. ඒත් මම කවදාවත් මම හුණු කියන එක අමතක කරන්නෙවත් සඟවන්නෙවත් නෑ. මම මට කුලය පහත් කරලා කතාකළොත් කියන්නේ උබලා ඔය දොහොත් මුදුන් දීලා වදින පුදන තැන් හදලා තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ අත්වලින් කියලා..' මගේ මිත්‍රයාට ටිකක් හිතට අමාරුයි. මිනිහා කියන්නේ මිනිහා ඉස්කෝලේ කාලේ ඉඳලා මේ කුලේ නිසා අඩු සැලකිලිවලට ලක්වුණා කියලා. ඒත් වෙලන්තිපුරගේ තිවංක ප්‍රනාන්දුලගේ පරම්පරාවට තමයි වැල්ලවත්තේ මුලු ස්කූල් ලේන් එකේම ඉඩම් තිබිලා තියෙන්නේ. දැන්නම් පවුල් ගස් ලොකුවෙලා ඉඩම් බෙදි බෙදී ගිහිල්ලා. ජේසන් ප්‍රනාන්දු, ලියොනිස් ප්‍රනාන්දු, වයිමන් මුදලාලි වගේ ඉඩම් හිමියන්ට තමයි අතීතයේ වැල්ලවත්තේ ලොකු ඉඩම් කට්ටි තිබුණේ. අනික් අයට තිබුණේ පුංචි ඉඩම්. කොහොම වුණත් 1970/1980 දශක වෙනකොට මේ ඉඩම් කැබලි වෙනවා. විකිණෙනවා. හුණු කුලයේ ගොඩක් අය ඕස්ට්‍රේලියාවට කැනඩාවට සංක්‍රමණය වෙනවා. තවත් අය කහතුඩුවට, පිළියන්දලට, කැස්බෑවට යනවා තමන්ගේ අතීතය විකුණලා. එහෙම වෙන්නේ පවුල් ලොකුවෙනකොට ඉඩම් පුංචි වෙන නිසා. විකුණන්නේ නැතුව බෙදාහදාගන්න බැරිවෙන නිසා. එහෙම එහෙම යනකොට සිංහල ගම දෙමළ ගමක් වෙනවා. 1983 කළුජූලිය වෙනකොට වැල්ලවත්තේ විශාල දෙමළ ජනග්‍රහනයක් ඉන්නවා. ඒත් සිංහල දෙමළ බැඳියාව උපරිමයට තියෙන හින්දා ගොඩාක් සිංහල මිනිස්සුන්ගේ ගෙවල් ඇතුලේ දෙමළ මිනිස්සු සුරක්ෂිත වෙනවා..
ඉතුරු ටික පහල.