වැල් බලන වෙලේ මේකත් කියෝපන් හෙන ගහන ඇත්ත යකෝ

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    ඔය බහුජාතික සමාගම් වල කෑම අවුලක් නැහැ මැරෙනවා නම් මැරෙන්නේ ඔවා කළා අවුරුදු 10 කින් 15 කින් . මුස්ලිම් කඩවල් වලින් නම් කන්න එපා උන් ඔය බහුජාතික සමාගම් වලට වඩා දරුණුයි . බෝම්බ කාලා තමා මැරෙන්න වෙන්නේ 🤩🤩🤩

    me ube manasikathve aawe media eken bn. Mehema uba hithana nisa lankava passata yanav misak issarahata yanne na. Api hama jathiye unma ekathu unoth deshapaluwanta ba apiwa ravattanda.. un tool 1k widiyata use karanne jaathivade. Niyama sinhalaya kisi jaathiyakata vaira karnne na bn
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    me ube manasikathve aawe media eken bn. Mehema uba hithana nisa lankava passata yanav misak issarahata yanne na. Api hama jathiye unma ekathu unoth deshapaluwanta ba apiwa ravattanda.. un tool 1k widiyata use karanne jaathivade. Niyama sinhalaya kisi jaathiyakata vaira karnne na bn
    හරි උබ දැන් කියන්නේ හම්බයෝ මිනිස්සු 320 මැරෙන්න බෝම්බ ගැහුවේ නැහැ කියලා ද?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචංලා 2030 දී ලෝක ආර්ථීක වලින් ඉන්දියාව 3 ලු

    මට තියෙන ප්‍රශ්ණේ

    තියෙන්න ඕනේ හැම කරප්ෂන් එකම, පජාත වැඩේම, අන්ත අසරණ මිනිස්සු, හොණ්ඩර ගණන් ඉන්න ගෙයක් නැති මිනිස්සු, මිනි මැරුම්, අපරාධ, දේශපාලන යටිමඩි ගැසීම් දේශසීමා යුද්ධ මේ එකී මෙකී නොකී හැම දේම, විශේෂයෙන්ම කිසිම විනයක් නැති මිනිස්සුත්, හිනා යන තරම් පිස්සු විකාර ඇදහිලි, අම්බානෙක ජන වර්ග, කුල බේද, කෙලවරක් නැති ආගම් එක්ක උන් කොහමෙද මේ ටාර්ගට් එකට යන්නේ

    මොකක්ද උන්ගේ රහස? පට්ට ප්‍රඩක්ෂන් එකද? එහෙම නැත්නම් ආණ්ඩුවේ දර්ශණයද? ප්‍රතිපත්තිද මේ මුකුත්ම නෙමේ නම් වෙන මොකක් හරිද

    india we janagahane wadi eka nissa unta unge rate ewa hadala wikaama nikanma diunu wenawa e wagema unge tax walin thamai maratama anduwata salli enen janagahane wadi nissa ena tax pramane wadi china wage india wa langadima jangahanenuth 1ka wenawa china paradala e wagema unge natural resources thiyanawa one thram corruption gathoth unge apita wada sahenama wadi thamilnaduwe ehema wadima corruption thiyenne rata loku wela natural resources thiyanawanm e rata diunu wenawa.
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මචංලා 2030 දී ලෝක ආර්ථීක වලින් ඉන්දියාව 3 ලු

    මට තියෙන ප්‍රශ්ණේ

    තියෙන්න ඕනේ හැම කරප්ෂන් එකම, පජාත වැඩේම, අන්ත අසරණ මිනිස්සු, හොණ්ඩර ගණන් ඉන්න ගෙයක් නැති මිනිස්සු, මිනි මැරුම්, අපරාධ, දේශපාලන යටිමඩි ගැසීම් දේශසීමා යුද්ධ මේ එකී මෙකී නොකී හැම දේම, විශේෂයෙන්ම කිසිම විනයක් නැති මිනිස්සුත්, හිනා යන තරම් පිස්සු විකාර ඇදහිලි, අම්බානෙක ජන වර්ග, කුල බේද, කෙලවරක් නැති ආගම් එක්ක උන් කොහමෙද මේ ටාර්ගට් එකට යන්නේ

    මොකක්ද උන්ගේ රහස? පට්ට ප්‍රඩක්ෂන් එකද? එහෙම නැත්නම් ආණ්ඩුවේ දර්ශණයද? ප්‍රතිපත්තිද මේ මුකුත්ම නෙමේ නම් වෙන මොකක් හරිද
    kiyatawath unta 3 wenna ba,ekata hethuwa thami un bedila inna.පිස්සු විකාර ඇදහිලි, අම්බානෙක ජන වර්ග, කුල බේද, කෙලවරක් නැති ආගම් එක්ක.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    kiyatawath unta 3 wenna ba,ekata hethuwa thami un bedila inna.පිස්සු විකාර ඇදහිලි, අම්බානෙක ජන වර්ග, කුල බේද, කෙලවරක් නැති ආගම් එක්ක.

    අඩේ නෑ මචං
    2030 දී උන් 3 වෙනවා
    ඒක ගොඩාක් මැගසින් ප්‍රෙඩික්ට් කරලා ඉවරයි
    මේ කොවිඩ් කේස් එක නැත්නම් උන් යූ.කේ ඕවර්ටේක් කරලලු. විශ්වාස නෑ නේද. මේකේම ඊයේ ත්‍රෙඩ් එකක් ගියා.
    2030 වෙද්දි චීනා 1. ඇමරිකන් කාරයා 2ට වැටෙනවා. ඉන්දියා 3. ඇඩෙනවා නේහ්

    ඔය කියන හැම තුප්පහි දේම ඕකුන් ගාව තියෙන හින්දමයි මටත් එක හෙණ පුදුමයක් උනේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මේ හෙළය ආපහු ගොඩනගන්න නම් අපේ උන් ඇත්ත කතාව දැනගන්න ඕන. එතකොට බැමි ලිහාගෙන නැගිටින්න පුළුවන්. එක සිතුවිල්ලකට පුළුවන් ලෝකයක් වෙනස් කරන්න. ඒත් එහෙම සිතුවිල්ලක් එන්නේ නෑ. ඒ සිතුවිල්ල එන තැනමයි හරියටම වහල තියෙන්නේ. වහල් වෙන්නේ නැතුව නිවහල් වෙන්න. හැමදේම හොයන්න. අපිට පුළුවන් ලෝකෙටම ආයෙත් අපේ බලය පෙන්වන්න. මේක නිදහස වෙනුවෙන් කරන අරගලයක් ! ඒකට එකතු වෙන්න !

    - බුකියෙන්

    ඔක්කොම හරි. මෙන්න මේ අන්තිම ටික ආයෙත් උබම කියවල බලපන්. වහල්ලු වෙන්න එපා කියන දාර වහල්ලු තමයි මේව වැඩිපුර ශෙයාර් කරන්නෙ වහල් හිමියො උන්ගෙන් බලාපොරොත්තු වෙන විදියටම. අර topkollek කියල තියෙන විදියට උන්ගෙ agenda එකක් විදියට. වහල්ලු හිතන්නෙ උන්ගෙ පොයි කියවන පක්ශ වලට කඩේ ගියාම දේශීයත්වය හැදෙනවා, දේශය ආරක්ශා වෙනව bla bla. 😐අනේ මන්ද මට නන් මුන් හැදෙන පාටක් පේන්නෙ නෑ.

    වහල්ලු කියන්නෙ සියලුම පක්ශ වලට වහල්කම් කරන, පුද්ගලයන්ගෙ මතුපිටින් පේන දේ විස්වාස කරන වහල්ලු.


    ඇත්ත. ඒත් අපේ දේවල් උඩට ගන්න එක ආන්ඩුවකින්වත් හරියට උදව්වක් දෙන්නෙ නෑ මටනම් පේන විදියට. දැනුත් නිකන් බොරුවක්නෙ කරන්නෙ.

    මේක පස්සෙනෙ දැක්කෙ. මෙන්න මේක තමයි මමත් කියන්නෙ. නිවහල් මනසකින් හිතන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙට මුල.
     
    • Like
    Reactions: Master malli

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඉතිං ලංකාවෙ හදන්න කියපංකො ඕවා
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ තමා විශ්වීය බස.! 😂 😂 😂

    අතීත කාමය ගොජ දම්ම දම්ම හිටියට වැඩක් නෑ. ලෝක ඉතිහාසය හදාරන්න. අපිට වඩා අධිරාජ්‍ය නැති බංගස්තාන වෙලා ගියා. "අපි ලෝකේ සෙන්ටර් එක" කියල ලණු දෙන එක නවත්තන්න. අපේ රටෙන් ලෝක තාක්ෂණික පෙරලියට කරපු දායාද අවමයි! ඒක තමයි ඇත්ත. සාදික්කයි, කුරුඳුයි උඩ දැම්මට වැඩක් නෑ!ලඟක් වෙනකම් බුද්ධ වචනය, ත්‍රිපිටකය රැකගෙන ආවා, වහරකයයි, සමන්ත බඩ්ඩයි ඒකත් කෑවා!
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    *වැල් බලන වෙලේ මේකත් කියෝපන් හෙන ගහන ඇත්ත යකෝ*

    අපි උදේ ඇහැරලා මූණ හෝදලා තේ කෝප්පයක් බීලා දවස පටන් ගන්න වෙලාවේ ඉදන් ඇමෙරිකාවට නැත්තන් බ්‍රිතාන්‍යට මුදල් පටවනවා. ගොඩක් වෙලාවට දත් මදින්නේ signal දත් බුරුසුවකින්. දත් බෙහෙත් කියලත් කඩෙන් ඉල්ලන්නේ Signal එකක් දෙන්න කියලා. ඒ තරමට බහු ජාතික සමාගම් මොළයට හැමදේම කාවද්දලා තියෙන්නේ. තේ එකක් බිව්වත් ගොඩක් වෙලාවට Nestamalt / Viva නැතුවම බෑ. ඊට පස්සේ රෙදි හෝදන්නේ එක්කෝ Sunlight නැත්නම් Surf excel . ඔන්න ඊට පස්සේ පිරිමින් නම් රැවුල කපන්නේ ගොඩක් වෙලාවට gillete රේසරයකින්. ඊට පස්සේ LUX/Lifebuoy ගාලා මූණ හෝදනවා. කාන්තාවන් නම් ඉතින් මෙතනදි Dove, Ponds, Sunsilk වල කොච්චර products පාවිච්චි කරනවද? ළමයි නම් Pears. ඊට පස්සේ අන්තිමට toilet එක හෝදන්නේ harpic වලින්. ඊට පස්සේ Vim දාලා උයන භාජන හෝදලා Know සුප් කැටයක් දාලා කෑම හදනවා සමහරුන්. ඊට පස්සේ වැඩට යන අය Vasline,Dove,Fair and Lovely නිශ්පාදන කීයක් පාවිච්චි කරනවද? මේ මොන නිදහසක්ද? මේවා ඔය කියන තරම් ගුණද? බලය ජවය ශක්තිය ලැබුණද?
    ගෙදරින් එළියට යන ටිකට උන්ට කොච්චර ගෙවලද? එළියට ගියත් Cocacola, Pepsi කොච්චර බොනවද? සමහර අම්මලා උදේට ළමයට දෙන්නේ maggi එකක්. මැගී ඇසුරුමේ තියෙන දේවල් බලන්න, රසය සහ රහස හොයාගන්න පුළුවන් (E-635). මේ විදිහට මිනිසුන්ගේ ඔළු වලට නියමට මේ දේවල් කවලා තියෙනවා. මේවගෙන් තොර ලෝකයක් නැති තරමටම. මේ දේවල් මහා පරිමාණයෙන් හදද්දී ගුණාත්මක බවට වඩා ඔවුන් අවධානය දෙන්නේ වෙළදාමට. මේ ගොඩක් දේවල් වල තියෙන්නේ විෂ රසායන ද්‍රව්‍යය. අපි අපේ සල්ලි උන්ට දෙනවා මදිවට ගන්නෙත් විෂ.

    Pizza Hut, Dominos, Mc donals සියල්ල ඇමෙරිකානු සමාගම්. Google හි පහත කේත සඳහාද බලන්න: -
    E100, E110, E120, E140, E141, E153, E210, E213, E214, E216, E234, E252, E270, E280, E325, E326, E327, E334, E335, E336, E337, E422, E430, E431, E431 E433, E434, E435, E436, E440, E470, E471, E472, E473, E474, E475, E476, E477, E478, E481, E482, E483, E491, E492, E493, E494, E495, E557 E631, E635, E904.

    තව දෙයක් අපේ රටේ සාරය අපේ රටේ හොඳම නිශ්පාදන යන්නේ උන්ගේ රටවලට. සාදික්කා. ගම්මිරිස්, කජු, කරාඹු, එනසාල්, ඉඟුරු , තේ යන්නේ උන්ගේ රටවලට. අපිට වහ දීල අපේ හොඳම සාරය උන් උරාගන්නවා. තව කොච්චර දේවල් යවනවද?

    මේ ගොඩක් දේවල් අපිට ලංකාවේම හදාගන්න පුළුවන් දේවල්. රටේ සාරය මොක්කුදෝ වගේ රට පටවනවා. ඒවාගෙන් හදපු නිශ්පාදන සල්ලි දීලා ගන්නවා.

    එදා පෙරදිග ධාන්‍යාගාරය අද හිගා කනවා. හාල් ටික පිට රටින් ගේනවා. පොල් ටික පිටරටින් ගේනවා. ඊශ්‍රායලය එක වැවක් තියාගෙන යුරෝපෙටම එළවළු දෙද්දී අපේ උන් වැව් 33000 ක් තියාගෙන කන්න හාල් ටික පිටරටින් ගේනවා.

    වෙන රටවල මිනිස්සු වැඩියෙන්ම අගය කරන්නේ තමන්ගේ රටේ දේවල් අපේ රටේ මිනිස්සු වැඩියෙන්ම අගය කරන්නේ උන්ගේ රටවල දේවල්. අපේ උන් නිකන්ම උන්ගේ වහල්ලු වෙලා ඉවරයි.

    එදා අපිට ඇත්තටම හම්බුණේ නිදහසක් නෙවේ. උන් හැදුවා අධ්‍යාපන ක්‍රමයක්, උන් ලිව්වා ඉතිහාස කථාවක්. මේ අධ්‍යාපන ක්‍රමයෙන් උඩටම යන කෙනෙක් නිකන්ම උන්ගෙ වහලෙක් වෙනවා උන් හදපු රාමුවට කොටුවෙනවා. උන් මොකටද යටත් විජිත වලට ඉතිහාස කතා ලියන්න ගියේ. උන් මොකටද සමහර තැන් මතුකරලා ඒවට ලේබල් ගැහුවේ? උන් මොකටද ජලාශ හැදුවේ. ජලාශ කියද්දී මතක් වෙන තව දෙයක්. කොච්චර වුණත් අදටත් ලොකු project එකක් ආවම දෙන්නේ උන්ට. අපේ උන් 1000 ක් හිටියත් කරගන්ට බෑ.

    එදා අහස උසට දාගැබ් හැදුවා. මුහුදු වගේ වැව් හැදුවා. ඒක ලෝකෙම හොල්ලපු වාරි තාක්ෂණයක්. අපේ උන් වෙන රටවල පවා වැව් හැදුවා. මේවා ඉන්දියාවේ මූලාශ්‍ර වලත් තියෙනවා. මේවා ඔක්කොම කරේ අපේ තාක්ෂණයෙන්මයි. මාදුරු ඔය හදන්න කැනේඩියානු ජාතිකයන් කැනීම් කරද්දී එතන අපේ උන් කලින් හදපු ජලාශයේ කොටස් හම්බෙනවා. උන් ඒ තැන තෝරාගත්තේ ගුවනින් පවා නිරීක්ෂණය කරලා. අහස උසට දාගැබ් තිබ්බට ඒවාට අකුණු වැදුනේ නෑ. ඒකට වෙනමම තාක්ෂණයක් පාවිච්චි කරා. කළුගලෙන් මටසිළුටු නිර්මාණ කරපු විදිහ අදටත් රහසක්.

    අද සිංහලයාගේ ඇස් බැඳලා කොන්ද කඩලා තියෙන්නේ. උන්ගේ හිත් වලට පොඩිකාලේ ඉදලා දාන්නේ උන් ලියපු ඉතිහාස කතාව. අපි පැවතගෙන එන්නේ විජය කියන පල් හොරාගෙන්. අපේ රටේ හිටියේ මිනීමස් කාපු යක්කු, නාගයන් කියන්නේ තිරිසන්නු, කුම්භකර්ණ කියන්නේ කම්මැලිව නිදාගත්ත උන්. මේ විදිහට අමුතුම කතා ටිකක් ඔළුවට කාවද්දනවා. උන් ලංකාවේ එක එක project කර කර හීන් සීරුවේ තාක්ෂණය උන්ගේ රටට ගත්තා. මේ හැමදේම ප්‍රතිනිර්මාණයක් මිසක් අළුතෙන් හොයාගත්ත දේවල් නෙවේ. අපිට න්‍යෂ්ටික අවි ගබඩාවක් පවා තියෙනවා පෙරියකඩුවේ.

    වෙදකම අතින් නම් සෑහෙන ඉදිරියෙන් හිටියා. ලෝකේ පළවෙනි කාය විච්ඡේදන රෝහල තියෙන්නේ මිහින්තලේ . මේකේ භාවිතා කරපු උපකරණ බලන්න. ඒවා අද ඒවට මාරම සමානයි. හෙළ වෙදකම යන්ත්‍ර මන්ත්‍ර ආදි ගුප්ත කොටසකුත් එක්කයි තිබුණේ. මේකේ ගුප්ත කොටස ගැන ඔවුන්ට හිතන්නවත් බෑ. ඒකට හේතුව සමහර දේවල් ඔවුන්ට උච්ඡාරණය කරන්නවත් බෑ. මේක නිකන් ලෙඩ වහන ශිල්පයකුත් නෙවේ. ඒකට හේතුව මේක හැදුණේ දියුණෙ කරපු හිත් වලින් උනු එක. මේක අංගම්පොරත් එක්ක එකට බැඳිලයි තිබුණේ. මේ හෙළවෙදකමෙන් කරපු විශ්මිත දේවල් අතීතයේ තිබිලා තියෙනවා. අපේ උන් යුද්ධ වලදී තුවාල වුණත් මාරම ඉක්මනට හොඳ කරගෙන ආපහු යුද්ධ කරනවා උන්ට හෙළ ආහාර රටාවෙන් හම්බෙන්නේ මාරම ශක්තියක්. තනියෙන් වැවක් වුණත් බඳින්න පුළුවන් තරම්.

    සුද්දා 1505 ඉදන් 1815 වෙනකන් කොච්චර යුද්ධ කරත් උන්ට බැරිවෙනවා මේ රට යටත් කරගන්න. අන්තිමේදී උන් කුමණ්ත්‍රණයකින් තමා යටත් කරගන්නේ. මේකට අපේ උන්ගේ බල ලෝභයත් හේතුවුණා. මෙතනදී ජෝන් ඩොයිලි කියන හාදයා බලනවා කොහෙන්ද මුන්ට මෙච්චර ශක්තියක්, කොහෙන්ද මුන්ට මෙච්චර දැනුමක් කියලා. උන් ටිකෙන් ටික අංගම් පොර ගුරුවරුන් මරල දැම්මා. අදටත් තියෙනවා ගහපු ඇණ ඌවේ ගස් වල. හෙළ වෙද පරම්පරා පිටින් මරලා දැම්මා. හෙළ තාක්ෂණය දැනගෙන හිටපු උන් මැරුවා. පොත් නැව් පිටින් අරන් ගියා. සමහර ඖෂධ ගංජා වගේ දේවල් තහනම් කරා. අදටත් තහනම් උන් එහේ වවනවා. මී ගස් කපලා දැම්මා. අද ගොවියන්ට පොහොර කියල දෙන්නේ වස. ඒ වස marcket කරන company වලින්මයි ඒ ලෙඩවලට බෙහෙත් හදන්නෙත්.

    මේ හැමදේම කරලත් උන් භයවුණා අනාගතයේ මේක ආපහු නැගිටින්න බැරි නෑ කියලා. පුළුවන් තරම් උන්ගේ ජාන කලවම් අමුතුම පරම්පරාවක් හැදුවා. අපේ උන්දැලත් මෙතනදී වරද්ද ගත්තා. ලිව්වා කොන්ද කැඩිලා යන විදිහේ ඉතිහාසයක්. අවුරුදු 30000 කට එහා තිබ්බ ඉතිහාසය 2500 කට සීමා කරා. කිව්වා මේ ඔක්කොම ආවේ පිටරටින් කියලා. ඇත්තටම උන් කරන්නේ අපේ දැනුමෙන් උන්ට තේරෙන ටික උන්ගේ වගේ එළියට දාන එක. උන් ඉතිහාසය විකෘ ති කරේ දරුණු විදිහට සෙල්ලිපි කුඩු කරලා දැම්මා. විශේෂ තැන් වල ජලාශ හැදුවා. මේවට කළු සුද්දොත් සෑහෙන්න හවුල් වුණා. හාමුදුරුවරු නිවන හොයන පාරෙන් අයින් කරලා විභාග පාස් කරලා පට්ටම් ගන්න තැනට යොමුකරා. අද ගොඩක් හාමුදුරුවරු පට්ටම් පස්සෙ දුවනවා නිවන පැත්තකින් තියලා, ආසාවට භාවනා කරන්නේ නෑ. ගමේ පන්සලක භාවනා කරන හාමුදුරු කෙනෙක් දකින්න මොනතරම් අමාරුද? ඒ විතරක් නෙවේ උන් අපේ පාලන ක්‍රමයත් විනාශ කරලා. උන්ගේ ක්‍රමයක් අටවැව්වා. ඒකෙන් අපේ රටට සෙතක් වුණාද? හැමදාම අවුල් ජාලයක් .

    මෙහෙම කරල අද වෙද්දී ඉතුරු වෙලා ඉන්නේ අමුතුම ජීවින් පිරිසක්. උන්ට හෙළ කියන වචනෙ ඇලජික්. අපේ දේවල් අප්පිරියයි. සුද්දා තමා හැමදේම හොයාගත්තේ අපි කැළේ හිටිය වැද්දෝනේ. සුද්දා ගල බින්දේ නැත්තන් අපි තාම අඳින්නේ කොළ අතුනේ. කතා කරද්දී මැද්දට ඉංග්‍රීසි වචනයක් එහෙම දාලා කතා කරාම මාර පොෂ්. ඒත් උන් දන්නෑ උන් මෙහෙම හරි රැකිලා ඉන්නේ අපි කන කෑම වල තියෙන ගුණය හින්දා කියලවත්. උන් ඔය දියුණුයි කියල කියන රටවල මැරෙන්නේ ලක්ෂ ගණන්.

    අපේ මේ භාෂාව ගැනත් දැනගන්න. ලෝකේ තියෙනවා අකුරු තියෙන අකුරු නැති භාෂා. ජර්මන් භාෂාවට ප්‍රංශ භාෂාවට අකුරු නෑ. ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ. ඉංග්‍රීසි ප්‍රංශ ජර්මන් භාෂාවල පාවිච්චි වෙන්නේ රෝම අකුරු. හින්දි,ගුජරාටි,මරාටි, සංස්කෘත මේවා ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්. හැබැයි දේවනගර කියල භාෂාවක් නෑ.

    සිංහල කියල භාෂාවක් තියෙනවා. සිංහල කියල අකුරු ජාතියක් තියෙනවා.සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල භාෂාව ලියනවා. අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුළුවන් කටින් කියන දේ ලියන්නත් පුළුවන්. "ඈ" අක්ෂරය තියෙන එකම භාෂාව. මේක පරිපූර්ණ භාෂාවක්. මේක වෙන භාෂාවකින් හැදුන එකක් නෙවෙයි. මේ තමා විශ්වීය බස.

    දැන් හැදෙන පොඩි එකාගේ ඉදලා මහ එකා වෙනකන් ඉන්න හැම එකාම මේ දේවල් දැනගෙන බටහිර ආධිපත්‍යයෙන් මිදුණ දාට තමා අපිට නියම නිදහස ලැබෙන්නේ. අපිට ලෝකයම හොල්ලන්න පුළුවන් තාක්ෂණයක් තියෙනවා. වෙදකමක් තියෙනවා. ඒ මොනවා තිබුණත් අපේ දේ පාත් කරන සුද්දට වහල්කම් කරන හින්දම ඒ රාමුවෙන් එහාට යන්නේ නෑ. හොයන්නේ නෑ.

    මේ හෙළය ආපහු ගොඩනගන්න නම් අපේ උන් ඇත්ත කතාව දැනගන්න ඕන. එතකොට බැමි ලිහාගෙන නැගිටින්න පුළුවන්. එක සිතුවිල්ලකට පුළුවන් ලෝකයක් වෙනස් කරන්න. ඒත් එහෙම සිතුවිල්ලක් එන්නේ නෑ. ඒ සිතුවිල්ල එන තැනමයි හරියටම වහල තියෙන්නේ. වහල් වෙන්නේ නැතුව නිවහල් වෙන්න. හැමදේම හොයන්න. අපිට පුළුවන් ලෝකෙටම ආයෙත් අපේ බලය පෙන්වන්න. මේක නිදහස වෙනුවෙන් කරන අරගලයක් ! ඒකට එකතු වෙන්න !

    - බුකියෙන්

    ඔහොම කියන අපි උදෙන්ම ගිහින් චන්දෙත් දෙනවා..:P:P
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    අතීත කාමය ගොජ දම්ම දම්ම හිටියට වැඩක් නෑ. ලෝක ඉතිහාසය හදාරන්න. අපිට වඩා අධිරාජ්‍ය නැති බංගස්තාන වෙලා ගියා. "අපි ලෝකේ සෙන්ටර් එක" කියල ලණු දෙන එක නවත්තන්න. අපේ රටෙන් ලෝක තාක්ෂණික පෙරලියට කරපු දායාද අවමයි! ඒක තමයි ඇත්ත. සාදික්කයි, කුරුඳුයි උඩ දැම්මට වැඩක් නෑ!

    👌
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචංලා 2030 දී ලෝක ආර්ථීක වලින් ඉන්දියාව 3 ලු

    මට තියෙන ප්‍රශ්ණේ

    තියෙන්න ඕනේ හැම කරප්ෂන් එකම, පජාත වැඩේම, අන්ත අසරණ මිනිස්සු, හොණ්ඩර ගණන් ඉන්න ගෙයක් නැති මිනිස්සු, මිනි මැරුම්, අපරාධ, දේශපාලන යටිමඩි ගැසීම් දේශසීමා යුද්ධ මේ එකී මෙකී නොකී හැම දේම, විශේෂයෙන්ම කිසිම විනයක් නැති මිනිස්සුත්, හිනා යන තරම් පිස්සු විකාර ඇදහිලි, අම්බානෙක ජන වර්ග, කුල බේද, කෙලවරක් නැති ආගම් එක්ක උන් කොහමෙද මේ ටාර්ගට් එකට යන්නේ

    මොකක්ද උන්ගේ රහස? පට්ට ප්‍රඩක්ෂන් එකද? එහෙම නැත්නම් ආණ්ඩුවේ දර්ශණයද? ප්‍රතිපත්තිද මේ මුකුත්ම නෙමේ නම් වෙන මොකක් හරිද
    ඉන්දියාවෙ ගිහින්ම බලන්න පුලුවන්නම් නම් හොඳයි උඹට හොඳටම තේරෙයි උන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිය. ඉන්දියාව කියන්නෙ ආනයන අඩුම රටක්. උන්ට පරිභෝජනයට ඕන කරන දේවල් ඔක්කොම වගේ උන්ගෙ රට ඇතුලෙම නිශ්පාදනය කරගන්නව. වාහන, සීනි, යන්ත්‍රෝපකරණ වගේ ගොඩක් දේවල්. ඉන්දියන් එවුන් කියන්නෙ තමන්ගෙ රට උඩ තියල කතා කරන ජාතියක් බන්. මම හිතන්නෙ 2019 ලෝක වේගයෙන්ම දියුණුවෙන නගර 10ම ඉන්දියාවෙ. උන්ගෙ ජනගහනය තමයි බන් ඉන්දියාවෙ දියුණුවේ ආශිර්වාදය
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,468
    2,096
    113
    ඉන්දියාවෙ ගිහින්ම බලන්න පුලුවන්නම් නම් හොඳයි උඹට හොඳටම තේරෙයි උන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිය. ඉන්දියාව කියන්නෙ ආනයන අඩුම රටක්. උන්ට පරිභෝජනයට ඕන කරන දේවල් ඔක්කොම වගේ උන්ගෙ රට ඇතුලෙම නිශ්පාදනය කරගන්නව. වාහන, සීනි, යන්ත්‍රෝපකරණ වගේ ගොඩක් දේවල්. ඉන්දියන් එවුන් කියන්නෙ තමන්ගෙ රට උඩ තියල කතා කරන ජාතියක් බන්. මම හිතන්නෙ 2019 ලෝක වේගයෙන්ම දියුණුවෙන නගර 10ම ඉන්දියාවෙ. උන්ගෙ ජනගහනය තමයි බන් ඉන්දියාවෙ දියුණුවේ ආශිර්වාදය
    ඉතින් කොහෙද බන් මෙහේ උන්ට රට උන්ගෙ brand නැත්නන් එව products නෙමෙයිනෙ. ලොකල් alternative එකක් තිබුනත් එක ගන්නෙ නෑ.