එක්තරා දිනක, ඇල්ල සංචාරක නගරයට ආසන්නයෙන් දිවෙන පටු මාර්ගයක් අයිනක වූ, කොස් ගසක් යට ඇන තියාගත්, එක්තරා සුදු ජාතික යුවළක් යම් ආහාරයක් මහත් උනන්දුවකින් යුතුව, බුදිමින් සිටින ආකාරය මම දුටිමි. ඔවුනට රිස්සක් කරගන්නට ඉඩ දී පාඩුවේ යන්නට තරම් මගේ කුහුලින් පිරුණු සිත ඉඩ දුන්නේම නැති තැන, වඩාත් ළං වී ඒ දෙස බැලුවෙමි.
ඇඟ හැම තැනම කොහොල්ලා උලාගෙන, මුහුණු බෙරි වූ වැලගෙඩියක් කර ගත්තු සුදු යුවළ, වැල ගෙඩියකට බැට දෙමින් සිටිනු දුටුවේ එවිටය.
දැන් කාලේ අපේ රටේ ඇත්තන් බොහෝ දෙනකු, වැල යනු තුන් වැනි පන්තියේ "චිකෙයි යා.." කෑමක් ලෙස සලකා, වැල මදුලට, වැල ගෙඩියට අපහාස උපහාස කරන්නට පවා පුරුදුව සිටියත්, වැල සහ වරකා පිළිබඳව, ලෝ පුරා කර තිබෙන අධ්‍යයනවලට අනුව නම්, මෙම පලතුර, භයානක පිළිකා රෝග පවා මර්දනය කරනු ලබන සුපිරි ආහාරයකි.
ඉදින්, මේ එළැඹ ඇත්තේ වැල, වරකා, කොස්, පොලොස්, සහ කොස් ඇටවල තිබෙන පෝෂණීය හා ඖෂධ ගුණයන් පිළිබඳව අපේ ඇත්තන් බොහෝ දෙනකුට ලියා, කියවා තේරුම් කර දිය යුතු කාලයකි.
වැල කෑමෙන් පිළිකාව මර්දනය වෙන හැටි
වැල, වරකාවල ආහාරමය තන්තු බෙහෙවින්ම අඩංගු වෙයි. මෙය එක් අතකින් මළ බද්ධය වළකන අතර, මළ බුරුල් කරයි. අනෙක් අතට මෙමගින් අන්ත්‍රයේ ශ්ලේෂ්මල පටලය ආරක්ෂා කර, පිළිකා අර්බුදවලට හේතු වන පිළිකා කාරක විස රසායනික ද්‍රව්‍යයන් මහා බඩවැලින් ගළවා ඉවත් කිරීමද සිදු කරයි.
වැල වරකාවල, බීටා කැරොටින්, සැන්තින්, ලූටීන්, බීටා ක්රිප්රොසැන්තින් (carotene-B, xanthin, lutein and cryproxanthin-B.) වැනි දුලභ ස්වභාවික ෆaලැවනොයිඩ් වර්ණකයන් (Flavonoid pigments) අඩංගුය. මෙම සංයෝග ද්‍රDෂ්ඨිය දියුණු කිරීමට සහ ඇස් වල පෙනීම දියුණු කිරීමටත් පිළිකා කාරක විනාශ කිරීමේ ප්රතිඔක්ෂිකාරක ලෙසත් වැදගත් මෙහෙයක් ඉටුකරනු ලබයි.
වැල වරකා වල අයිසෝෆaලැවෝන්, ලිග්නැන් සහ සැපොනින් වැනි isoflavones, lignans, saponins වැනි ප්රතිඔක්ෂිකාරක වර්ගද සුලභව අන්තර්ගත වෙයි. මෙම ශාක රසායනිකයන් අපගේ සිරුරේ සෑදෙන පිළිකාමය අර්බුද හටගැනීමට හේතුවන නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කිරීමට දායක වෙයි.
ස්වභාවික විටමින් ඒ. අපගේ සමේ ශ්ලේස්මල පටලය නඩත්තු කිරීමට සහ වැඩි දියුණු කිරීමටත්, ඇස්වල නීරෝගී කමටත් ඉවහල් වන අතර, පෙනහලු සහ මුඛ පිළිකාවලින් අපව ආරක්ෂා කර දීමටත් විටමින් - ඒ. ඉවහල් වන බව සොයාගෙන තිබේ. වැල වරකා විටමින් ඒ වලින්ද පොහොසත් පලතුරකි.
විටමින් සී. අපගේ ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමටත්, නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කිරීමටත් හේතු වන ප්‍රබල ශාක රසායනිකයකි. අපගේ දෛනික විටමින් සී. අවශ්‍යතාවයෙන් සියයට 25 ක් පමණ ලබා දෙන්නට වැල වරකා මදුළු හය හතකට පිළිවන.
බර අඩුකර ගන්නට ඕනෑ නම්, වැල කන්න
වැල සහ වරකා අනුභවය, ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමේ කදිම මාර්ගයකි. මෙහි සියයට 98 ක්ම ඇත්තේ ශක්තියයි. මෙහි මේදය පවතින්නේ ඉතාම අඩු මට්ටමක බැවින් බර අඩුකර ගැනීමට උත්සාහ දරන උදවියට කදිම පලතුරකි.
අනික් අතට මෙහි විටමින් බී. සහ විටමින් සී. වැනි විටමින් වර්ගත්, පොටෑසියම් වැනි ඛනිජ ලවන වර්ගත්, ප්‍රොaටීන් හා කාබෝහයිඩේ්රට්ස් වර්ගත් ප්‍රශස්ථ හා සමතුලිත මට්ටමක තිබෙන නිසා, අනවශ්‍ය ලෙස ශරීරය දුර්වල කෙරෙන ක්‍රමවේද භාවිත නොකර, බර අඩුකර ගැනීමට කදිම ආහාරයක් බව, විද්‍යාඥයන් අවධාරණය කරයි.
අනෙක් අතට විටමින් සී සුලභ ආහාර ලබා ගන්නා උදවිය බර පාලනය කර ගැනීමේ සමතුන් බව, ඇරිසෝනා ප්‍රාන්ත සරසවියේ කර ඇති තවත් අධ්‍යයනයක දී හෙළි වී ඇත.
හදවත සුරකී
වැල සහ වරකා වල සෝඩියම් ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි. ඒ වෙනුවට මෙහි පොටෑසියම් ග්‍රෑම් 100 ක මිලි.ග්. 303 ක් අඩංගු වෙයි. (කෙසෙල් වල තිබෙනවාටත් වඩා වැඩි අගයකි). මෙය හදවත් රෝග වලින් සහ අධික රුධිර පීඩනයෙන් ආරක්ෂා වීමට කදිම පිළිසරණක් ලබා දෙයි.
හතර හන්දි කඩන් වැටෙනවාට බිය නොවන්න
මැග්නීසියම් නමැති ඛනිජ ලවණය අප ලබා ගන්නා ආහාර වල තිබෙන කැල්සියම් අවශෝෂණය කිරීමෙහිලා අත්‍යවශ්‍ය කාර්යක් සිදු කරනු ලබන අතර, වැල වරකා යනු මැග්නීසියම් වලින් පොහොසත් නිසාවෙන් මනා අස්ථි පද්ධතියක් තහවුරු කරන්නටත්, ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් වළකින්නටත් ඉවහල් වන බව පර්යේෂකයන් අවධාරණය කරයි.
වැල කන්නෝ, ලෙඩ නොවෙති
වැල, වරකා වල සුලභව පවතින, මිටමින්-ඊ වලින් සහ, ලූටීන්, සැන්තීන් සහ බීඩා කැරෙටීන් (lutein, xanthin, beta-carotene) වැනි ශාක රසායනික වර්ග එක් අතකට අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර, අනෙක් අතට ඇසේ පෙනුම සහ ඇසේ නිරෝගීකමද රැක දේ. එම නිසා රෝග වලින් අපව ආරක්ෂා කර ගැනීමට වැල කෑමෙන් ඉවහල් වනු ඇත.
තයිරොයිඩ් ග්‍රන්ථියේ මනා පැවැත්ම සඳහා
වැල සහ වරකා අපගේ සිරුරට අත්‍යවශ්‍ය, එහෙත් සුලභව ලබාගැනීමට අපහසු, ක්ෂුද්‍ර ඛනිජ ලවන වර්ග රාශියකින් ද පොහොසත්ය. විශේෂයෙන් මෙහි තිබෙන තඹ ලෝහය, තයිරොයිඩ් ග්‍රන්ථියේ මනා පැවැත්ම සහ එහි මනා ක්‍රියාකාරීත්වයටත්, එමගින් නිපදවෙන හෝමෝන නිෂ්පාදන ක්‍රියාකාරීත්වය නිසියාකාරව සිදු වීමටත් ඉතා වැදගත්.
වැල වරකා, ලොව වැඩියෙන්ම විටමින් බී අඩංගු පලතුරකි
වැල වරකා සහ කොස් මේ ලොව තිබෙන විටමින් බී වලින් අතිශයින්ම පොහොසත් ආහාරයක් වෙයි. මෙහි, බී කාණ්ඩයේ විටමීන වන ෙෆdaලේට්, නියෑසීන්, පිරිඩොක්ෂින්, රයිබෝෆaලෙවින් තයමින් යන විටමින් වර්ග අඩංගු වෙයි.
බී කාණ්ඩයේ විටමින් වර්ග, අපගේ සිරුරේ මනා පැවැත්ම උදෙසා වැදගත් වන ජෛව ක්‍රියාවලීන් රාශියකටම සම්බන්ධ වන අතර, මේද හා ප්‍රොaටීන් පරිවෘත්තිය කෙරෙහිලා විටමින් බී. කාණ්ඩයේ විටමින් වර්ග දක්වන දායකත්වය ඉතාම වැදගත්ය.
තාරුණ්‍යයේ ආහාර
අප වයසට යන විට අපගේ සිරුරේ පටක වල ස්වභාවිකවම නිපදවෙන විනාශකාරී ප්‍රොaටීන් විශේෂයක් ඇත. AGES නමින් (Advanced Glycated End products) කෙටියෙන් හැඳින්වෙන මෙම අද්‍රdව්ය සංඝටකය මගින් උත්තේජනය වන අපගේ සෛල, superoxide සහ, nitric oxide වැනි, පිළිකාවලට සහ වයසට යැමේදී ඇති වන පටක විනාශ වීම්වලට හේතු වන, නිදහස් මුක්ත කණ්ඩක සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන්නට හේතු වන සංඝටක සාදනු ලබයි.
අපගේ සෛල හා ඉන්ද්රියයන් තුළ මෙම විනාශකාරී AGES සංඝටක එකතුවීම, දියවැඩියාව, පිළිකාව, වකුගඩු විනාශවීම, සම වියළිවීම හා රැලි වැටීම, හෘද රෝග, ඇසේ පෙනීම අඩු වීම, ඇසේ සුද ඒම, මානසික අවපීඩනය, මතකය අඩුවීම, වැනි වයසට යැමේදී ඇතිවන සංකූලතා රාශියකටම ඉවහල් වන බව විද්‍යාඥයන් අවධාරණය කරයි.
විටමින් බී. 6 මගින් මෙකී AGES සංඝටකවල ක්‍රියාකාරීත්වය නිෂේධනය කරනු ලබන බව සොයා ගෙන ඇත. විටමින් බී-6 අඩංගු වන පලතුරුවලින් කෙසෙල් ළඟට වැඩිම ප්‍රමාණයක් අඩංගු වන්නේ, වැල වරකා සහ දූරියන් වලය.
මෙයට අමතරව, ස්වභාවික විටමින් ඊ. සී. සහ ප්රතිඔක්ෂිකාරක වර්ග වැනි වටිනා ශාක රසායනයන් නිසාද, වැල වරකා සුලභව අනුභව කරන්නන්ගේ මුහුණට සහ සමට වඩා ප්‍රසන්න බැබලීමක් අත්කර දෙන්නටත් තරුණ පෙනුම වැඩි කාලයක් රඳවා ගන්නටත් ඉවහල් වන බව කිව යුතුව තිබේ.
පාඩම් කරන ඈයින්ට කදිම ආහාරයකි
මෙහි තිබෙන සුවිශේෂී පෝෂණ සංයුතිය නිසාවෙන්, මතක ශක්තිය වැඩි කෙරෙන බවත් මානසික පීඩනය සමනය කෙරෙන බවත් විද්‍යාඥයන් අවධාරනය කරයි. මොළයට හිතකර ශාක රසායනයන්ගේ සහ විටමින් වල බලපෑම නිසාවෙන් පාඩම් කරන ළමුන් මෙන්ම, විභාග පැවැත්වෙන කාල වකවානු වලදී වැල වරකා අනුභව කිරීම යහපත් බව අවධාරණය කළ යුතුව ඇත.
මෙයට අමතරව මෙහි සෙලෙනියම්, මැන්ගනීස්, කැල්සියම්, යකඩ, පොස්පරස් වැනි අත්‍යවශ්‍ය ඛනිජ ලවනයන් අඩංගු වෙයි.
වැල වරකා කෑමේදී ප්‍රවේසම් විය යුතු අය
කලාතුරකින් ඇතැම් අය වැල වරකා වලටත් අධි සංවේදී වන්නට (ආසාත්මික) පිළිවන. වැල වරකා වල ඇතැම් රසායනික ගුණයන් නිසාවෙන් රුධිරය කැටි ගැසීම අඩු කරන බැවින්, රුධිරය ආශ්රිත රෝග වලින් පෙළෙන උදවිය, දියවැඩියා රෝගීන් සහ වකුගඩු ආබාධවලින් පෙළෙන සහ පොටෑසියම් පරිවෘත්තිය අපොහොසත් රෝගීන්, වැල වරකා වැඩිපුර අනුභව නොකිරීමට වග බලා ගැනීම මැනවි.
වැල වරකා වලින් ඇතැම් රටවල් ජෑම්, කෝඩියල්, වයින්, ජෙලි වැනි විවිධ ආහාර වර්ග පවා නිෂ්පාදනය කර, ප්‍රචලිත කරවමින් සිටින්නේ, මෙහි තිබෙන ගුණය නිසාවෙනි.
එහෙත්, මේ සා ගුණ කන්දරාවකින් යුතු, වසක් විෂක් නොමැති, නොමිලේ ලබා ගත හැකි, මෙම මියුරු පලතුර, අපේ රටේ කොස් ගස් පල්ලේ කුණු වෙලා යත්දී, අපි අපේ දරුවන්ගේ කෑමට, අවුරුද්දකදී පිටරටින් ඇපල් පමණක් ගෙඩි කෝටි 22 ක් ඉම්පෝට් කරන්නෙමු.
අපගේ මුතුන් මිත්තන්ගේ දිවි රැක දුන්, සිහි බුද්ධිය, සෞඛ්‍යයට හිතකර ආහාර රටාව, චර්යා රටාව, සහ සංස්කෘතිය නමැති මහා පැණි වරකා ගසට, සියල්ල ලාභ වෙළෙ¹ම මත තීරණය කෙරෙන, ලිබරල් වාණිජවාදය නමැති අකුණු සර වැදී සුණු විසුණුව ගොසිනි. එකී විසල් වනස්පතියේ රැකවරණය අහිමි අපි, ආසනික්, මෙලමයින්, ඩී.සී.ඩී. පිළිකා, වකුගඩු ආබාධ, දියවැඩියාව, හෘදයාබාධ වැනි කෙළවරක් නොමැති මාරයින්ගේ රකුසු ඇස්වලට මෙන්ම උල් දත් වලටද පහසු ගොදුරු බවට පත්වෙමින් සිටින්නෙමු.
ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක - ඇල්ල
divaina







අම්මෝ ගෙඩි ගොඩ.
