වැස්ස වී වහින්නම්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැස්ස වී වහින්නම්...

    ගෙවීගිය දින වලට..
    අරුත් එක් කරලන්න...
    සුසුම් සිද බිද දමා...
    දිරිය ඔබ දුන්නාද....

    සැනසුමක් නොමැති තැන
    සැනසුමක් ගෙනදෙන්න...
    කදුළු බිදු ඔබ අරන්...
    මට සිනහා දුන්නාද.....

    සතුට සැනසුම පතා...
    හැමදාම හමුවෙන්න....
    පැමිණි ඔය නෙත් අගින්..
    කදුළු කැට වැටුනාද....

    දුර ගියත් මා විටෙක....
    මෙලොව ඇති හැම සැපත...
    ඔබෙ ලොවේ හැමදාම...
    මට සින්න කෙරුවාද.....

    නමුදු ඔය පපුතුරේ...
    නොපෙනෙනා ගැඹුරු තැන..
    දුක් සුසුම් හිරකරන්...
    මට සතුට දුන්නාද....

    දැනුනු දින කරුණු මට...
    වෙනසකුදු නොපෙන්වා...‍
    හුරු පුරුදු සෙනේහය...
    යලි යලිත් පිදුවාද.....

    ආදරය දැනුනු විට
    තුරුල් කර උනුහුමට....
    නුඹ මගේ රත්තරන්...
    කියන්නට හිතුනාද....

    සිඹින්නට මට වරක්...
    තිත්ත කළුවර රෑක...
    වැස්ස වී වහින්නම්...
    තෙමෙන්නට එනවාද...:love:

    Lovers_In_Rain.jpg



     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේ...
    වෙන මගුල් නොකර “රෝස කටු“ ලියල ඉවර කරපන්
    ඔන්න ආයෙ කියන්න තියාගන්න එපා...