වැස්ස හා ආදරය

SIC

Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    1.jpg



    වැස්සක් වැහිනකොට ගෙදර පුටුවක වාඩිවෙලා තේ එකක් බොනගමන් වැස්ස දිහා බලන් ඉන්න මන් හරි ආසයි .
    එහෙම ඉන්නකොට වැස්සත් එක්ක ආදරේ හිරිකඩත් මගේ මුණට වදිනව.
    අපේ ආදරේ වැස්සත් එක්ක බැදුණු මතක ගොඩක් තියෙනව.
    අපි හැමදාම වාඩි වුනු බංකුව ලේසියෙන් වැස්සකට තෙමෙන් නැති තැනක්.
    මහ වැස්සකට තෙමිලා තිබුනත් ඉරපු 10 කවර දෙකක් උඩ වාඩි උනු අපිව එලවන්න වැස්සටවත් බැරිඋනා.
    පාර්ක් එකේදී වහින කොට අපි ඉදියේ කුඩයක් යට.
    පාරේ , බස් එකේ ,කෝච්චියේ , ගෝල්ෆේස් එකේ ඔය වැස්සට අපිව පොඩ්ඩක්වත් ඈත් කරන්න බැරිඋනා.
    වැස්ස නිසා අපි තවත් ලං උනා.
    දැන් වැස්ස අතරින් කුඩයක් අරන් අත් පටලන් ඉස්සරහටම යන්න ඔයා නෑ.
    හැබැයි තාමත් වැස්ස වහිනව.
    අම්මගේ තේ එකත් අරන් මම වැස්ස දිහා බලන් ඉන්නව.
    කුඩේ අරන් ඔයා මන් දිහාට දුවල එන හැටි මැවිලා පේනවා. :(



     
    • Like
    Reactions: amila.madushan

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    අපි හැමෝගෙම වාගේ ජීවිතවල ඔය වගේ අද්දැකීම් තියනවා බං. මමත් දැන් බැඳල අවුරුදු 5ක් විතර. ඒත් ඒ සුන්දර අතීතයට ගිහින් අපිට මිස් උන ඒ අතීත මතක එක්ක වැස්සට තෙමෙන්න ආසයි බං.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    හැමෝටම එහෙම සුන්දර අතීත මතක තියනවා අයෙත් යන්ඩ හිතෙන (ආදරය,යාළුකම්,දෙමාපියන් සහෝදර සහෝදරියන්)
    හැබැයි අතීතය සිහිනයක් විතරයි කියනවනේ, ඒවා මතක් කිරීමෙන් දුකක් විතරයි හිතට එන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    කෙල්ල නැති උනා කියලා දුක් වෙන්න එපා බන්. ආදරය කියන දේ මේ ආත්මෙදිම එකපාරකට වඩා හම්බෙන්න පුළුවන් දෙයක්. වැඩේ තියෙන්නෙ උබලා එක පාරක් ෆේල් වෙච්ච ගමන් වැඩේ අල්ලලා දානවා. බැන්දත් කලින් හිටිය කෙල්ලටමයි හිත. එහෙම කරන්න එපා. ගිය දේට යන්න දීපන්. අතහැරලම දාපන්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කෙල්ල නැති උනා කියලා දුක් වෙන්න එපා බන්. ආදරය කියන දේ මේ ආත්මෙදිම එකපාරකට වඩා හම්බෙන්න පුළුවන් දෙයක්. වැඩේ තියෙන්නෙ උබලා එක පාරක් ෆේල් වෙච්ච ගමන් වැඩේ අල්ලලා දානවා. බැන්දත් කලින් හිටිය කෙල්ලටමයි හිත. එහෙම කරන්න එපා. ගිය දේට යන්න දීපන්. අතහැරලම දාපන්

    Awurudu 7k love karapu kella lamayek ekka yanawa dakka eeye.:(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මටත් තිබුනා :yes:

    ලව් එක පටන් ගන්න කාලේ වැස්සක් වැහැලා අපි දෙන්නා හිටියා මැයි ගහක් යට :love: ,එතනින් පටන් ගත්ත වැස්ස අපිට හැමදාම වගේ වැස්ස ගං වතුරේ පවා බයික් එක තල්ලු කරන් ගියා කිලෝ මීටර ගනන් වැස්සේ තෙමුනා :love:. අදත් මන් වැස්සේ තෙමෙනවා බයික් එකේ යද්දී තනියම :cool: . ආදරේට ආදරේ නිසාම ආදරේ මරලා දාන්න උනා :dull:.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    menow.jpg

    :(:(:(
    ඇසිපිය ගසන හැම තැනම....
    ඔබ ඉන්නවා...
    නෙත නිදි නැතිව පැතු හීන
    හිත දවනවා...
    මම දුර ඈත ඔබ එක්ක පිය මනිනවා.....
    අද ඔබ නැතිව
    ඔබ එක්ක
    මම ඉන්නවා...
    හිත දවනවා නෙත ඉකි බිදිනවා අද
    ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා..!


    :(:sorry::(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වැස්ස වෙලාවට කොපි එකක් අරන් ජනෙලෙන් වැස්ස දිහා බල බල එක බෙදාගෙන බොන්න......
    හිරිපොද වැස්ස අතරෙ අත් අල්ලගෙන ඇවිදින්න......
    හයියෙන් වහින වැස්සක බයික් එකෙ නැගලා ගිහින් තෙමෙන්න...
    තද වැස්සක එක කුඩයක් යට ඉදන් අයිස්ක්‍රිම් එකක් කන්න......
    හයියෙන් වහින වැස්සකට කොටු වෙලා වැස්ස දිහා බලන් ඉන්න.....
    වහින වැස්සට මුහුන අල්ලුවාම මුනට වැටෙන හිරිකඩ වලට,වැහි බිංදු වලට........
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    මේ හැමදෙටම අදටත් මම ආසයි.....වෙනස තමා අද මේ දෙවල් කරන්න කැමති තනියම....❤️
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    හැමෝටම එහෙම සුන්දර අතීත මතක තියනවා අයෙත් යන්ඩ හිතෙන (ආදරය,යාළුකම්,දෙමාපියන් සහෝදර සහෝදරියන්)
    හැබැයි අතීතය සිහිනයක් විතරයි කියනවනේ, ඒවා මතක් කිරීමෙන් දුකක් විතරයි හිතට එන්නේ

    :yes:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    මේ මැයි ගහ යට දවසක් දා..
    වැස්සට අපි උන්නා..
    රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
    අපට සෙවන දුන්නා...
    අපට සෙවන දුන්නා...

    මැයි මාසේ එක සැන්දා වරුවක
    සීතල වැහි පොද වැටෙන වෙලේ..
    ආදරවියෝවක් සිතින් එබෙන සඳ
    වැහිපොද සේ නෙතු කඳුලු සැලේ
    වැහිපොද සේ නෙතු කඳුලු සැලේ..

    වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
    මැයි මල් පිපුනත් රතට රතේ..
    අපදෙදෙනෙක් නොව අද මා පමණයි
    මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ
    මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ..