වැසි නාවොත් චෙන්නායි...?

k.p

Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    වැසි නාවොත් චෙන්නායි...?

    84
    දින ගණනක් ජලය බෙදා හරින තුරු මහමග පෝලිම් ගැසී බලා සිටින දහස් ගණනකි…මග දෙපස වෙනදා තිබූ කුඩා කුඩා ආපන ශාලා වැසී ගොසිනි. මෙට්‍රො දුම්රිය සේවයේ වායුසමීකරණ ක්‍රියා විරහිතය. සිය සේවකයන්ට නිවසේ සිට රාජකාරී කරන ලෙස ඇතැම් ආයතන සේවකයට දැනුම් දී ඇත.. හෝටල් වල ආගන්තුකයන්ට ජලය ලැබෙන්නේ සලාක ක්‍රමයටය. ගොවීන්ගේ , වගාකරුවන්ගේ පමුණක් නොව ස්වයංරැකියා කළ බෙහෝ පිරිසකගේ රැකියා අහිමි වී ඇත. ඒ අද චෙන්නාහි තත්ත්වයයි.

    ශ්‍රී ලංකාවට වඩාත්ම සමීප දකුණු ඉන්දියාවේ ප්‍රධාන නගරය චෙන්නායි. ලංකාවට බෙහෙවින්ම සමානකම් ඇති කොළ පැහැයෙන් යුතු වූ නගරයකි. ලංකාවේ මෙන්ම අතීතයේ දියුණු වාරිකර්මාන්තයක් පැවතුන බවට විශ්වාස කෙරෙන නගරයකි. නමුත් මේ මෙහොත… සෑම චෙන්නායි වැසියෙකුගේම සිත භීතියෙන් ඇලලී ගොස් ඇති මෙහොතකි…

    ගොවිතැනින් ජීවත් වන බහුතරයක් සිටින දකුණු ඉන්දියාවේ බෙහෝමයක් ප්‍රදේශ වලට වැස්ස යනු අද වන විට සිහිනයක් වී ඇත. අද .. හෙට.. හෝ අනිද්දා වැසි ලැබෙනු ඇතැයි සිතන්නට ඔවුන්ට නොහැකිය.



    ඉන්දියාවේ සය වැනි විශාලතම නගරය චෙන්නායි හී විශාලතම ජල මූලාශ්‍රයන් හතරද අද වන විට වියළී ගොසිනි. ස්නානයට, වගාවන්ට, සේදුම් සදහා ජලය භාවිත කරන්නට ඔවුන්ට අද නොහැකි වී ඇත. හෝටල් සහ විදේශික නවාතැන් සදහා උපදෙස් ලැබී ඇත්තේ ජලය ඉතා ප්‍රවේසමෙන් පරිහරණය කරන ලෙසයි.

    දැනට ඉතා ස්වල්ප වශයෙන් පවතින ජල ප්‍රමාණය තව කොපමණ දවසක් චෙන්නායි වැසියන්ගේ පිපාසය නිවනු ඇතිදැයි කිසිවෙකුත් නොදනී.

    මිලයන 4කටත් අධික ජනගහනයක් වෙසෙන චෙන්නායි හී වැසියන් බොහොමයකට අද යැපෙන්නට සිදුව ඇත්තේ රජයේ ජල බෙදාහැරීම් සදහා වන ජංගම ටැංකි මගින් ලබා දෙන ස්වල්ප ජල ප්‍රමාණයකිනි. ආණ්ඩුවේ වතුර ටැංකි කවදා නිවසට ඒවිදැයි මග බලා සිටිම අද ඔවුනාගේ ජීවිත වල ප්‍රධානම කාර්ය බවට පත්ව ඇත.තවත් පිරිසකට ජලය මිලදී ගන්නට සිදුව ඇති ජලය විකුණන පෞද්ගලික ආයතන සදහා මුදල් ගෙවිය හැකි පිරිස් එසේ ජලය ලබා ගනිති.

    වැසි ලැබෙන්නට නියමිතව තිබුණේ මීට මාස පහකට පමණ පෙරය.


    පුනීතා .. චෙන්නායි හී කාන්තාවකි. ඇය එරට රූපවාහිනී සේවාවකට පවසා තිබුණේ. සිවු දෙනෙකුගෙන් යුතු සිය පවුලේ භාවිතය සදහා තමන්ට ලැබෙන්නේ ජලය කුඩා කල හතක් පමණක් බවයි.

    චෙන්නායී දරුවන් බොහොමයකගේ පාසැල් ගමනත් මේ වන විට නතර වී ඇත. ඒ ඔවුන්ට අවශය පිරිසිදු කිරීම් සදහා ජලය නොමැති වීම හේතුවෙනි.

    මේ සියල්ල අතර තුරේ ජලය සදහා ගමිබිමි වල සිදු වන කලකෝලාහලද , සොරාගැනීම්ද වැඩි වෙමින් පවතී.

    දින ගණනක් ජලය ලැබෙන තුරු බලා සිටින්නන්ට තමන්ට ලැබෙන කොටස ලබා ගැනීමට සටන් කිරීමට සිදුව ඇත. ඒ අතරේ මිල මුදල් මෙන් ජලය සොරා ගන්නටද වංචනික ලෙස ලබා ගන්නටද ඇතැමුන් පෙළඹී ඇත.

    දිනකට ජලය ලීටර මිලියන 820 ක් පාවිච්චි කළ මේ නුවරුන්ට දැන් සිදුව තිබෙන්නේ අහස දෙස බලා හූල්ලන්නට ය. අවසානයේ කේරළ ප්‍රාන්ත රජය දිනකට ජලය මිලියන 2 ක් බැගින් චෙන්නායි වෙත ගෙනැවිත් දෙන්නට එකඟ වී තිබේ. එම ජලය ගෙන එනු ඇත්තේ කෝච්චියෙනි. නුවරුන්ට දැනට ඇස් මානයේ තිබෙන එකම විසඳුම එයයි.

    Niti Aayog නමැති පර්යේෂණ ආයතනය පවසන අන්දමට ඉන්දියාවේ ප්‍රධාන නගර 21 ක් වසර 2020 වන විට භූගත ජලය සම්පූර්ණයෙන්ම සිඳී යාමේ අවදානමට මුහුණ දෙනු ඇත.

    මෙවැනිම තත්ත්වයකට මුහුණ දීමට පසුගිය වසරේ දකුණු අප්‍රිකාවට සිදුවිය. අවසන් ජල බිදුව තෙක්ම මාස ගණනාවක් තිස්සේ වැසි එනතුරු මග බලන්නට ඔවුන්ට සිදු විය.. දුෂ්කර කාලයක් නිමකර ඔවුන්ට වැසි ලැබුණා සේ චෙන්නාහී දුක්බර ජීවිත වෙනුවෙන්ද වැසි ලැබෙන්න යැයි අපි ප්‍රාර්ථනා කර සිටිමු. සැබවින්ම දැන් චෙන්නායි නගරය බේරා ගත හැක්කේ වැස්සට පමණි.

    මිනිසුන් විසින්ම පොහොර දමමින් සිටින දේශගුණික විපර්යාසය හේතු කොට ගෙන අද දුක් විදින්නට සිදුව ඇත්තේ බහුතරයක් අසරණයන්ටය. එය ලෝකයේ කොහෙටත් එක සේ අදාළ ය.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    වැසි ලැබෙන්නට නියමිතව තිබුණේ මීට මාස පහකට පමණ පෙරය. :shocked:
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    From where you get this stupid fairy tale ?

    උඹ මොකක්ද මේකෙන් අදහස් කලේ?

    Edit : OK, දැන් තමයි තේරුනේ, I got it as 'Third World' War. Not Third 'world War'. Yes that doesn't make mush sense.

    So below comment by me doesn't make much sense as well . :lol:

    -- Dodo කියපු එකේ ලොකු අවුලක් පේන් නෑ .

    වතුර ගන්න පුළුවන් එක්කෝ
    ගංගා / ජලාශ : වහින් නැති කාලෙට ප්‍රශ්න.
    භූගත ජලය : මේක නම් වැඩිපුර use නොකරන තරමට හොඳයි.
    මුහුදු ජලය : වියදම තමයි ප්‍රශ්නේ. Coastal පැති වලට හොඳයි.
    (ඔය මුකුත් නැත්නම් වතුර පිටරටින් සල්ලි වලට ගන්න ඕන, අර Singapore, Malaysia වලින් ගත්ත වගේ.)

    හොඳ low cost energy sources තිබුනනම් මුහුදු ජලය මේකට හොඳ විසඳුමක්.
    ඒත් ඒක මාර costly. දුප්පත් රටකට ඒ වියදම දරා ගන්න බෑ.

    ඒත් drinking water ලෙවල් එකට බැරි උනත්, toilet යන්න, wash එකක් දා ගන්න ගානට හරි desalinate කර ගන්න පුළුවන් නම් පට්ට. middle east උන් ඕක කරනව මොකද උන්ට තෙල් තියෙනව energy source එක විදියට.[
    /SIZE]
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ලංකාවටත් ඔහොම වෙන්න තව වැඩි කාලයක් නෑ . හැම එකෙක්ම අඩුම ගානේ පැල 10ක් වත් හිටෙව්වනම් ලොකු දෙයක් . චෙන්නායි ජනතාවට ඉක්මනට වැස්ස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
     
    • Like
    Reactions: comx

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,722
    113
    සේදවත්ත
    ඉලග යුද්දයට පාර කැපෙන්නෙ රිසොස්ස් නැ ජනගනය වැඩී. ඉට පස්සෙ මිනිස්සු මරන්නෙ රිසොසස් බදෙල දෙන්න නැතුව
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    From where you get this stupid fairy tale ?

    Hmm....I disagree...

    :confused::confused::confused:
    ''third world war ''

    තුන්වෙනි ලෝකයේ යුද්ධය නෙමේ තුන්වන ලෝක යුද්ධය කියල මම අදහස් කලේ...

    කොහෙන්වත් ආපු අදහසක් නෙමේ. මට නිකන් හිතුනු දෙයක්....

    මට හිතෙන්නේ ඊළඟට ලෝකේ මිනිස්සු යුද්ධ කරන්නේ වතුරට අයිතිවාසිකම් කියල.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :confused::confused::confused:
    ''third world war ''

    තුන්වෙනි ලෝකයේ යුද්ධය නෙමේ තුන්වන ලෝක යුද්ධය කියල මම අදහස් කලේ...

    කොහෙන්වත් ආපු අදහසක් නෙමේ. මට නිකන් හිතුනු දෙයක්....

    මට හිතෙන්නේ ඊළඟට ලෝකේ මිනිස්සු යුද්ධ කරන්නේ වතුරට අයිතිවාසිකම් කියල.

    කුරුස යුද්ද වල කෙළවරක් මට නම් පෙන්නේ නැහැ...තවත් කුරුස යුද්දයකට ජලය හේතුවක් කරගන්න පුළුවන්...මගේ මතය පමණයි
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes::yes::yes:

    තෙල් කියන්නේ පුනර්ජනනීය බල ශක්තියක් නෙමේ.මිනිස්සු ඒ නිසා විකල්ප වලට යොමු වෙනවා. මොකද ඒක අනිවාර්යයි.
    ජලය කියන්නේ පුනර්ජනනීය සම්පතක්. ඒ වුනාට ලෝක ජනගහනය ඉස්සරට වඩා ගොඩක් වැඩි. මීට අවුරුදු 1000 කලින් මිනිස්සු වතුර පාවිච්චි කලේ කෑමට බීමට,කෘෂි කර්මය, සත්ව පාලනය සහ ශාරීරික අවශ්‍යතා වලට විතරයි. නමුත් අද සංචාරක ව්‍යාපාරය, කර්මාන්ත, නිෂ්පාදන ආර්ථිකය ඔය වගේ පැතිකඩ ගොඩක් තියෙනවා.

    උදාහරණයකට මෙහෙම හිතන්න.

    මිනිස්සු 1000 ඉන්න කඳුකර ගම්මානයක් තියෙනවා.ගමේ පවුල් 250 ඉන්නවා.
    ඔය ගමේ තියෙනවා තරු 04 සංචාරක හෝටලයක්.පිහිනුම් තටාක, නාන කාමර, ලොකු කුස්සිය. කෑම ශාලාව....මේ ඔක්කොම ඔය හෝටලයේ තියෙනවා.
    එකවර හෝටලයේ 200 නවාතැන් ගන්න හැකියි.
    ගමේ මුලික ජල මුලාශ්‍රය කඳුකර දිය පාරවල්.භූගත ජලය පාවිච්චි වෙන්නේ නැහැ.
    දිනකට අවශ්‍ය ජල සැපයුම ගත්තම හෝටලයේ අවශ්‍යතාවය අර මිනිස්සු 1000 ට වඩා වැඩියි නේද?

    එතකොට ජලය බෙදී යාමේ අසමානතාවයක් හට ගන්නේ නැද්ද ?

    වහින කාලෙට ඕක ප්‍රශ්නයක් නොවුනට පායන නියඟයකදී ඔතන ගැටුම් හට ගන්නේ නැද්ද ?
    ගමේ මිනිස්සු හෝටලයට විරුද්ධ වෙන්නේ නැද්ද?

    ඔය උදාහරණය ඔය විදිහටම ලෝක මට්ටමින් බලපාන්නේ නැද්ද ?

    මොකද ලෝක ගෝලය ප්‍රමාණය වෙනස් වෙලා නැහැ, ජල ගෝලයත් ඒ ප්‍රමානයමයි. හැබැයි මිනිස්සු වැඩියි සහ අවශ්‍යතා වැඩියි...

    මගේ තර්කය වැරදිද ??