වැසී ගිය Galle Oriental Bakery.. මාතර (ජී ඕ බී)

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    වැසී ගිය Galle Oriental Bakery.. මාතර (ජී ඕ බී)
    හරිත් ගජනායකගේ සටහනක්
    හොඳ හෝටලයකින් කාල තියේද?
    මාතර ඉතිහාසය ගැන කියන කොට ඉස්සර තිබුන හොටෙල් කීපයක් ගැන මතක් වෙනවා.මට ආරන්ච් හැටියට මාතර පරනම හෝටලය ඇලවියා හෝටලය වෙන්න ඇති.අපේ සීයල නිතර නගරය ගැන කතා කරන කොට ඇලවියා හෝටලය ගැන කියනවා.ඒක වැහිලා ගිහින් ගොඩක් කල්. එහි දැන් වෙනත් ආයතනයක් තිබුනත් උඩුමහලේ බිත්තියේ තාමත් ඒ නම පේන්න තියනවා. එතැනම ග්‍රැන්ඩ් හෝටලය තිබුනා..දැන් ඒකත් නැහැ .කොටුව ඇතුලේ කෝට්ස් වීව් හෝටලය තිබුණා .ඒකේ බාර් එකකුත් තිබුනා.රජයේ සේවකයෝ ඒකට තමයි යන්නෙ..අනෙක් පැරනිම එක කිoස් හෝටලය .මoගල උත්සව ගත්තේ ඒකෙ තමයි. ඒක අයිති ඩොනල්ඩ් රනවීර මහත්තයට කියල කතාවක් තිබුනා..
    දැන් එතැන ව්ශාල සාප්පු සoකීර්න යක්.
    වැදගත් බුද්දිමත් අය ගියේ ජී ඕ බී එකට..
    එතැන සුද්දන්ගෙ කාලෙ වගේ යුරෝපීය ක්‍රමය්ට තිබුනේ..හරි පිරිසිදුයි.ට්කක් ගනන් නිසා සාමාන්‍ය අට යන්නෙ නැහැ ..එතැන රැස් උනේ එකම සෙට් එකක්.ඉඩම් හිමියෝ දොස්තරලා ව්දුහල් පති වරු වගේ අය.
    සමහර අය ව්ශ්‍රාම්ක උනත් පුරුද්දට වගේ නිතර එනවා.පහුගිය කාලේ ජී ඕ බි එකත් වැහිල ගියේ අර පැලැන්තියේ අභාවයත් එක්ක.
    එලිවෙන තුරු ඇරල තිබුන හොටෙල් කීපයක් තිබුණා .පැරිස් හෝටලය ඉන් එකක්.ඒක තාමත් තියනවා.ඒකට තරගයක් දුන්නා
    ව්ජිත හෝටලයත්. සාන්ත තොමසුවේ අයට ආරිය සිoහල හෝටලය අමතක කරන්න බැහැ .යෝධයෙකු වගේ උස මහත් පෙනුමක් මුදලාලිට තිබුනේ..හාමිනේත් එහෙමයි .
    තොමසුවේ තාප්පෙ ගැඩොලක් ඉවත් කරාම කුස්සියේ උයන හැටි හොඳට පේනවා.
    අපි ඉස්සර තරබාරු මුදලාලි හාමිනේ පිටි කොටනවා ඔය හිලෙන් බලා ඉදලා හොද ආතල් එකක් ගත්තා.මිඩ්ලන්ඩ් හොටෙල් කියල එකක් තිබුනා.ලොකු උඩු රැවුලක් තියෙන කොට කලිසම් අදින අය්යා මල්ලි දෙන්නෙක් තමයි ඒකේ හිටියේ.
    ඉස්පිරිතාලෙ ඉස්සරහා හොටෙල් දෙකකට හොඳ බ්ස්නස් තිබුණා .සමරජීව ලගේ ක්‍රවුන් හෝටලය .රිචඩ් මුදලාලිගෙ රිච්කර්ඩ් එක
    හොඳ සරුවට තිබුන ඒවා.
    මාතර ව්ජයගිරි හෝටලය පරන හෝටලයක් තමයි .තාමත් තියෙනවා .ඒක කිට්ටුව තිබුණා රිච්මන්ඩ් හොටෙල් ..ඒකෙ අයිතිකාරයාඑම්ජි
    මෙතියස් අප්පු මුදලාලි.දැන් ඒකත් නැහැ .
    පරන බස් ස්ටෑන්ඩ් එකේ සුනිල් මුනවීරලගෙ හෝටලය තිබුණා .
    දැන් එහෙම හොටෙල් වෙනුවට අලුත් මාදිලියේ හොටෙල් ඇව්ල්ලා.පිට්සා වැහිවැහැලා..අඹ සෙවන මයුර.මචo
    හෙල රැවුලා ගේ බොජුන් හල සමන් මල්
    ඒ මදිවට කෘශිකර්ම දෙපාර්තමේන්තුවේ හෙල බොජුන් හල අමුතු සිරියාවක් ගන්නවා
    ඒ මොන හෝටල තිබුනත් අර පරන හෝටලයක් මකුනො කකා ගගපු ප්ලේන්ටියක රසය අමතක වෙන්නෙ නැහැ

    297672382_477623194216274_8449385006086101370_n.jpg

    ------ Post added on Aug 6, 2022 at 10:29 AM
     

    Sen-lu

    Well-known member
  • මේ ටිකේ හොඳ ත්‍රෙඩ් ටිකක් වැටුන. මේකත් ඒවගේ එකක්. හොඳ ත්‍රෙඩ් නෑ කිය කිය නාහෙන අඩන උං මේවට බම්ප් එකක්වත් දෙන්නෑ ඉතිං. එකම සෙට් එක තමා බම්ප් එකක් හරි දාගෙන යන්නෙ.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ටික කාලයක් මේකේ රෙදි කඩයක් තිබුන, දැන් බය මේකට අල්ලපු වැටේ තිබුණු බිල්ඩින් එක වගේ මේකත් කඩල දාවිද කියල. මේක පබ් එකක්, ක්ලබ් එකක් හදන්න කියපු තැන,
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    ඕකට පොඩි කාලේ ගියාම plate එකට එක එක shot eats වර්ග දාලා තියනවා table එකෙන්. මම නං ආසම උන්ගේ pastry එක කන්න. උණු වට හොඳ butter රසට තිබ්බ patta soft. ඒකට ගහන්න pastry එකක් තවම කාල නෑ. ඕක අතුල කළුවර යි. පෝරණුවෙ එන දුම ත‍් mix වෙලා අමුතු vibe එකක් තිබුනෙ ❤
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    sad to see such iconic businesses close down. some die out because they haven't changed with times and others because the original owners pass away and their children don't continue the business.
    the sad part is such places can hold a lot of memories for it's patrons who've frequented such joints for prolonged periods of time.
    but such is life. nothing lasts forever
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඕකෙ බේකරිය වැහුවට පස්සෙත් පොඩියට තේ කඩයක් තිබුන..
    2018 වගේ දවසක් යාලුවෙක් එක්ක තේකක් බොන්න ගියා
    වයසක අන්කල් කෙනෙක් හිටියෙ..
    පොර කේතලේ ලිපේ තියල එවෙලේම වතුර උණු කරල ගෙදර හදනව වගේ රසට කිරි තේ එක හදල දුන්න..
    කන්න තිබුනෙ බනිස් විතරයි
    ඒ දවස්වල වෙන තැන්වල කිරි තේ එකක් 35ක් 40ක් වගේ.. ඔතන 60ක් වගේ මතක..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    dan kaleka idala wahala tama,,
    issara podi kale yanawa ban class ehema yana gaman ammala ekka

    maru atheethaya,,
    ita passe abasewana, walgama bakehouse,
    gunawaradana ehema apu nisa ehemama halila giya unge business eka,,

    compeete kare na,, ekay katawa harima