වැහිදාට කිවිසුම් අරින වඳුරෙක්!!
මෙතෙක් හඳුනා නොගත් විස්මිත සත්ව විශේෂ 10ක් අලූතින් හඳුනා ගෙන තියෙනවා. ඒ අතර වැහිදාට කිවිසුම් අරින පුදුම වඳුරෙකුත් ඉන්නවා. දීප්තිමත් නිල් පැහැයෙන් යුත් දිවිමකුළුවෙක්, සොසේජස් එකක් තරම් ලොකු හැකරැල්ලෙක් ඒ අතර ඉන්නවා
මේ අමුතු අද්භූත සතුන් මීට කලින් විද්‍යාත්මකව හඳුනා ගෙන තිබුණේ නෑ. පසුගිය වසරේ තමයි මුල්වරට මේ සතුන් සොයා ගනු ලැබුවේ. මොවුන් හමු වී ඇත්තේ මිනිසුන් නො යන ලොව අති දුෂ්කර ප‍්‍රදේශවලදියි.

මේ වඩාත් විස්මිත ජීවීන් 10 දෙනා තෝරාගෙන ඇත්තේ අලූතින් සොයා ගෙන ඇති ශාක හා සත්ව විශේෂ 200ක් අතරින්. ඒ නව ජීවීන් 200 ම අන්තර්ජාතික කමිටුවක් මගින් ලෝක වනජීවී භාරයේ අවධානයට යොමු කර තියෙනවා.

ඒ අද්භූත සතුන් අතර තමයි, ඝන සුදු රැවුලක් ඇති වඳුරා ඉන්නේ. නිතරම නැහැය උඩට හරවා ගෙන ඉන්නා ඌට වැහි පවතින විට පිනී බෑම නිසා කිවිසුම් යනවා. ඌ සොයා ගෙන ඇත්තේ ලන්ඩනයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින්. මියන්මාරයෙන් (බුරුමයෙන්) හමු වී ඇති මේ අරුම පුදුම වඳුරු විශේෂයෙන් තවත් 300 දෙනකුට වඩා මිහිමත නැතිලූ. කිවිසුම් යන නිසා මේ වඳුරන් වැහි දාට මුහුණු දනිස් අතර හංගා ගෙනයිලූ ඉන්නේ.
අනෙක් පුදුම සතුන් අතර මේ ‘සසීමාගේ දිවිමකුළුවා’ හමුවුණේ බ‍්‍රසීලයෙන්. දීප්තිමත් නිල් පැහැයෙන් යුක්තයි. තවමත් විද්‍යාත්මක නමක් නැහැ.
ඒ වගේ ම ලෝකෙ අනික් පැත්තෙ ඉන්නවා ටමෝයා ඕබෝයියා කියන මේ ජෙලිෆිෂ් හෙවත් ලොඩි වර්ගයේ සතෙක්. සුදු හා රතු පැහැ සහිත වල්ගා ඇති ඌ බැලූ බැල්මට පෙට්ටි සරුංගලයක් වගෙයි.
මේ යක්ෂ පණුවා විස්මිත සතකු ලෙස වාර්තා පොත්වලට එකතු වන්නේ වැඩි ම ගැඹුරක ජීවත්ව හමුවූ පළමු සංකීර්ණ ප‍්‍රාණියා කියායි. මිලිමීටර බාගයක්වත් දිග නැති, අඟලකින් 50න් එකක්වත් දිග නැති, මේ කුඩා සතා හමු වූයේ දකුණු අපි‍්‍රකාවේ රන් ආකාරයක සැතැපුමක් පමණ ගැඹුරේ සෙල්සියස් අංශක 37ක උෂ්ණත්වයක් සහිත තැනක සිටියදියි

ස්පාඤ්ඤ බසින් ‘කිමිදී බෝම්බ හෙලන්නා’ යන විසුළු නාමයෙන් හැඳින්වෙන මේ සතා දෙබරෙක්. පොළොවට අඟල් බාගයක් විතර ඉහළින් පියාසර කරමින් කූඹින් ගොදුරු කර ගන්න ඌ දක්ෂයි.
බෝනියෝ දූපතේ දී හමු වූ දිලීරයක් තියෙනව, හරියට නානා කාමරයේ තියෙන ස්පොන්ජියක් වගෙයි. ටැන්සෑනියාවෙන් හමු වූ යෝධ හැකරැල්ලා තවත් අමුතු
සතෙක්.
මේ ලැයිස්තුවට අයත් වන ශාක අතර තියෙනවා, උඩවැඩියා විශේෂයක්, පැපුවා නිවුගිනියාවෙන් සොයා ගත්. ලන්ඩනයේ කීව් උද්‍යානයේ විද්‍යාඥයන් තමයි, සොයා ගෙන තියෙන්නෙ. රෑ 10ට පිපිලා උදේ වෙන කොට පරවෙන මලක්.
මේ ලැයිස්තුව විශේෂයෙන් සකස් කරල තියෙන්නෙ පසුගිය පස් වසර තුළ ලොවපුරා කළ නව සොයා ගැනීම්වලින්, කැරෝලස් ලීනියස් කියන විද්‍යාඥයාගේ උපන් දින සැමරුම වෙනුවෙන්. 18 වැනි සියවසේ විසූ ඔහු තමයි, අද අප භාවිත කරන ශාක හා සත්ව වර්ගීකරණය ලොවට හඳුන්වා දුන්නේ.
ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ පිහිටුවා ඇති සත්ව හා ශාක විශේෂ ගවේෂණ පිළිබඳ අන්තර්ජාතික ආයතනයේ මහාචාර්ය ක්වින්ටින් වීලර් කියන්නේ මෙවැනි අමුතු ශාක හා සත්ව විශේෂයන් වසරක් පාසා අලූතින් ලොව පුරා සොය ගන්නා බවයි. ”මේ විදියට අලූතින් දේ සොයා ගන්න හැම විටම අපට මේ ජීව ලෝකයේ ඇති විස්මිත බව පසක් වෙනවා” යයි ඔහු කියයි.
විද්‍යාඥයන් ඇස්තමේන්තු කරලා තියෙන විදියට මේ ලෝකයේ මිලියන අනූවක් විතර විවිධ ශාක හා සත්ව විශේෂ ජීවත් වෙනවා. ඒත් තවමත් එයින් සියයට දහයක්වත් අප විසින් හඳුනා ගෙන වර්ගීකරණය කර නැහැ.

tshirtZ

ගත්තේ - malkakulu
මෙතෙක් හඳුනා නොගත් විස්මිත සත්ව විශේෂ 10ක් අලූතින් හඳුනා ගෙන තියෙනවා. ඒ අතර වැහිදාට කිවිසුම් අරින පුදුම වඳුරෙකුත් ඉන්නවා. දීප්තිමත් නිල් පැහැයෙන් යුත් දිවිමකුළුවෙක්, සොසේජස් එකක් තරම් ලොකු හැකරැල්ලෙක් ඒ අතර ඉන්නවා
මේ අමුතු අද්භූත සතුන් මීට කලින් විද්‍යාත්මකව හඳුනා ගෙන තිබුණේ නෑ. පසුගිය වසරේ තමයි මුල්වරට මේ සතුන් සොයා ගනු ලැබුවේ. මොවුන් හමු වී ඇත්තේ මිනිසුන් නො යන ලොව අති දුෂ්කර ප‍්‍රදේශවලදියි.

කිවිසුම් අරින වඳුරෙක්! වැහි දවස්වලට මේ සතුන් ඔවුන්ගේ හිස් දනිස් අතර හංගා ගන්නවා. 

මේ සතා ඔබේ කොට්ටය මත බඩ ගෑවොත්: බ‍්‍රසීලයේ දී හමුවූ දීප්තිමත් නිල් මකුළුවා නම් කර ඇත්තේ සසීමාගේ දිවිමකුළුවා කියලයි.
මේ වඩාත් විස්මිත ජීවීන් 10 දෙනා තෝරාගෙන ඇත්තේ අලූතින් සොයා ගෙන ඇති ශාක හා සත්ව විශේෂ 200ක් අතරින්. ඒ නව ජීවීන් 200 ම අන්තර්ජාතික කමිටුවක් මගින් ලෝක වනජීවී භාරයේ අවධානයට යොමු කර තියෙනවා.

ඒ අද්භූත සතුන් අතර තමයි, ඝන සුදු රැවුලක් ඇති වඳුරා ඉන්නේ. නිතරම නැහැය උඩට හරවා ගෙන ඉන්නා ඌට වැහි පවතින විට පිනී බෑම නිසා කිවිසුම් යනවා. ඌ සොයා ගෙන ඇත්තේ ලන්ඩනයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින්. මියන්මාරයෙන් (බුරුමයෙන්) හමු වී ඇති මේ අරුම පුදුම වඳුරු විශේෂයෙන් තවත් 300 දෙනකුට වඩා මිහිමත නැතිලූ. කිවිසුම් යන නිසා මේ වඳුරන් වැහි දාට මුහුණු දනිස් අතර හංගා ගෙනයිලූ ඉන්නේ.
අනෙක් පුදුම සතුන් අතර මේ ‘සසීමාගේ දිවිමකුළුවා’ හමුවුණේ බ‍්‍රසීලයෙන්. දීප්තිමත් නිල් පැහැයෙන් යුක්තයි. තවමත් විද්‍යාත්මක නමක් නැහැ.
ඒ වගේ ම ලෝකෙ අනික් පැත්තෙ ඉන්නවා ටමෝයා ඕබෝයියා කියන මේ ජෙලිෆිෂ් හෙවත් ලොඩි වර්ගයේ සතෙක්. සුදු හා රතු පැහැ සහිත වල්ගා ඇති ඌ බැලූ බැල්මට පෙට්ටි සරුංගලයක් වගෙයි.

දිගු රතු හා සුදු වල්ගා ඇති ටමෝයා ඔබෝයා (Tamoya ohboya) නම් ජෙලිෆිෂ් හෙවත් ලොඩි විශේෂයක්
පොළොවේ ගැඹුරු පත්ලකින් හමු වූ මේ යක්ෂ පණුවා. මෙතෙක් සොයා ගෙන ඇති ගැඹුරුම තැනක ජීවත්වන සංකීර්ණ ප‍්‍රාණියායි.

මේ යක්ෂ පණුවා විස්මිත සතකු ලෙස වාර්තා පොත්වලට එකතු වන්නේ වැඩි ම ගැඹුරක ජීවත්ව හමුවූ පළමු සංකීර්ණ ප‍්‍රාණියා කියායි. මිලිමීටර බාගයක්වත් දිග නැති, අඟලකින් 50න් එකක්වත් දිග නැති, මේ කුඩා සතා හමු වූයේ දකුණු අපි‍්‍රකාවේ රන් ආකාරයක සැතැපුමක් පමණ ගැඹුරේ සෙල්සියස් අංශක 37ක උෂ්ණත්වයක් සහිත තැනක සිටියදියි

කුහුඹුවන් කා ජීවත්වන තාමත් හුරුපුරුදු නමක් නැති තවත් සතෙක් - කොල්ලස්මෝසෝමා සෙන්ටම් (Kollasmosoma sentum)
ස්පාඤ්ඤ බසින් ‘කිමිදී බෝම්බ හෙලන්නා’ යන විසුළු නාමයෙන් හැඳින්වෙන මේ සතා දෙබරෙක්. පොළොවට අඟල් බාගයක් විතර ඉහළින් පියාසර කරමින් කූඹින් ගොදුරු කර ගන්න ඌ දක්ෂයි.
තවත් අලූත් සොයා ගැනීමක්! සේපොන්ජ්බොබ් ස්ක්වෑපෑන්ට්ස් මෂ්රූම් (Spongebob Squarepants mushroom)
බෝනියෝ දූපතේ දී හමු වූ දිලීරයක් තියෙනව, හරියට නානා කාමරයේ තියෙන ස්පොන්ජියක් වගෙයි. ටැන්සෑනියාවෙන් හමු වූ යෝධ හැකරැල්ලා තවත් අමුතු
සතෙක්.
නේපාලයේ අඩි 13,000ක් ඉහළ වැවෙන පොපි මල් පඳුරු අසල බඩගාමින් ජීවත්වන ‘ඇවිදින සොසේජය’ යනුවෙන් හැඳින්වෙන හැකරැල් විශේෂයක්.
‘ඇවිදින පතොක් වර්ගයක්ද?’
ඉහළ ම නව ජීවීන් විශේෂයන් 10 අතරට ගැනෙන්නක්. වත්මන් කෘමීන්ගේ ආදීමයා ද?
ඉහළ ම නව ජීවීන් විශේෂයන් 10 අතරට ගැනෙන්නක්. වත්මන් කෘමීන්ගේ ආදීමයා ද? මේ ලැයිස්තුවට අයත් වන ශාක අතර තියෙනවා, උඩවැඩියා විශේෂයක්, පැපුවා නිවුගිනියාවෙන් සොයා ගත්. ලන්ඩනයේ කීව් උද්‍යානයේ විද්‍යාඥයන් තමයි, සොයා ගෙන තියෙන්නෙ. රෑ 10ට පිපිලා උදේ වෙන කොට පරවෙන මලක්.
මේ ලැයිස්තුව විශේෂයෙන් සකස් කරල තියෙන්නෙ පසුගිය පස් වසර තුළ ලොවපුරා කළ නව සොයා ගැනීම්වලින්, කැරෝලස් ලීනියස් කියන විද්‍යාඥයාගේ උපන් දින සැමරුම වෙනුවෙන්. 18 වැනි සියවසේ විසූ ඔහු තමයි, අද අප භාවිත කරන ශාක හා සත්ව වර්ගීකරණය ලොවට හඳුන්වා දුන්නේ.
ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ පිහිටුවා ඇති සත්ව හා ශාක විශේෂ ගවේෂණ පිළිබඳ අන්තර්ජාතික ආයතනයේ මහාචාර්ය ක්වින්ටින් වීලර් කියන්නේ මෙවැනි අමුතු ශාක හා සත්ව විශේෂයන් වසරක් පාසා අලූතින් ලොව පුරා සොය ගන්නා බවයි. ”මේ විදියට අලූතින් දේ සොයා ගන්න හැම විටම අපට මේ ජීව ලෝකයේ ඇති විස්මිත බව පසක් වෙනවා” යයි ඔහු කියයි.

විද්‍යාඥයන් ඇස්තමේන්තු කරලා තියෙන විදියට මේ ලෝකයේ මිලියන අනූවක් විතර විවිධ ශාක හා සත්ව විශේෂ ජීවත් වෙනවා. ඒත් තවමත් එයින් සියයට දහයක්වත් අප විසින් හඳුනා ගෙන වර්ගීකරණය කර නැහැ.

tshirtZ

ගත්තේ - malkakulu
කාටවත් වැදගත් නැහැ වගේ