මචංලා... මේ මං දෙවෙනියට ලියපු කතාව. ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා...
මේ පළවෙනි එක http://elakiri.com/forum/showthread.php?t=1406410
වෙලාව යන්තන් හවස හතර පහුවෙලා තිබුණා. මෙච්චර වෙලා එක දිගට තමන්ගේ පුලුවන් උපරිම විදිහට මහපොළව දවා අලුකරන්න උත්සාහ කරපු ඉරේ සැර ඩිංග ඩිංග අඩුවෙමිනුයි තිබුණේ. වෙනදට වඩා ටිකක් සීතල කොල්ලුපිටිය ස්ටේෂන් එකට දැනුනේ අව්වේ සැර කම අඩු වෙනවටත් වඩා කොහෙන්දෝ ඉඳලා අනාරාධිතව ආපු මහා ලොකු වැහි වළාකුළක් නිසා. දවල් වරුවේ වැස්සක් වහී කියලා පොඩි ඉඟියක් වත් තිබුණේ නැති අහස වෙනස් වෙලා තිබුණේ පුදුමාකාර ඉක්මණකට. ඈත ක්ෂිතිජ මායිමේ ඉඳලා ටික ටික ලොකු වෙන වැහි වළාකුල හරියට ස්ටේෂන් එකේ ඉන්න අයට පෙනුනේ ගොඩබිම ගිලගන්න එන යෝධ රාක්ෂයයෙක් වගේ. වෙනදා වගේ මුහුද පැත්තෙන් එන වේලුණ ලුණු හුළඟ වෙනුවට අද හැම පැත්තෙන්ම හමන්න පටන් අරන් තිබුණේ ඇඟේ හිරිඟඬු පිපෙන්න තරම් බලපෑමක් කරන සීතල සුළඟක්. දහවල් අව්වට කරවුන මේ ගෙන්දගම් පොළවට මේ හුළඟ ආශිර්වාදයක් වුනත්, තව නොබෝ වෙලාවකින් දැඩි වර්ෂාවක් පැමිණෙන බවට නිහඬ අනතුරු ඇඟවීමක් මේ සීතල හුළඟ පිටිපස්සේ තිබුණා.
හෙමින් හෙමින් මගී පාලම බැහැගෙන ආපු දිලන්ත ස්ටේෂන් එකේ පුටුවක ඈඳි ගත්තේ අහස දිහා බලාගෙනමයි. වටාපිටාවේ වෙන වෙනස්කම් ගැන අවධායක් යොමුකරන්න තරම් නිනවුවක් දිලන්තගේ හිතේ තිබුණේ නෑ. ඒ තරමට හිතේ තිබුණේ නොපැහැදිලි නොරිස්සුම් ගතියක්. තියෙන තත්වයත් එක්ක තමන්ගේ හිතේ ඇති වෙන්න ඕනේ කෝපයක්ද, දුකක්ද එහෙමත් නැත්නම් තමන් කෙරෙහිම අනුකම්පාවක්ද යන්නවත් පැහැදිලිව වෙන් කරලා අඳුන ගන්න පුලුවන් කමක් තිබුණේ නෑ.
හිතේ තියෙන මේ නොපහන් නොපැහැදිලි ගතිය නිසාම තවදුරටත් කාර්යාලයේ ඉන්න බැරි තත්වයක් ඔහුට දැනුනා. කාත් එක්ක හරි කතා කරලා හිතේ තියෙන මේ ප්‍රශ්නය ගැන විසඳුමකට එන්න ඕනේ කියන සිතුවිල්ලත් එක්ක දිලන්ත ඇමතුවේ දුකට සැපට දෙකටම හිටපු හොඳම මිතුරා පුබුදු ව.
“කියන්න දිලා… මොකෝ සීන් එක?“ හැමදාමත් ලෙන්ගතු පුබුදුගේ කටහඬ දුරකතනයේ එහා පැත්තෙන් ඇහුනා.
“මචං. මං පොඩි අවුලක ඉන්නේ. මට උඹත් එක්ක කතා කරන්න ඕනේ. මං දැන් ෂෝට් ලීව් දාලා එළියට ආවා. උඹට එන්න පුලුවන්ද?“
“ම්….. හරි. අවුලක් නෑ. කොහාටද? ෆුඩ් කෝට් එකට?“
“බෑ මචං. මට ඒ වගේ තැනකට එන්න බෑ. පොඩ්ඩක් හිතේ නිදහසක් තියෙන තැනකට යන්න ඕනේ. මට මේ වෙලවේ ඔලුවට එන එකම තැන කොල්ලුපිටිය ස්ටේෂන් එක. මේ වෙලාවට ක්‍රවුඩ් එකත් නෑ. උඹට එන්න පුලුවන්ද?“
“හරි. මට විනාඩි විස්සක් දීපං. උඹ එතෙන්ට පලයං. මං එන්නම්.“ පුබුදු ගේ ඒ උත්තරය ප්‍රශ්නය නොවිසුඳුනත් දිලන්තට ගෙන ආවේ අප්‍රමාණ සහනයක්. මේ වෙලාවේ පුබුදුත් එන්න බෑ කීවානම් මොනවා කරන්නද කියලා අදහසක් ඔහුට තිබුනේ නෑ.
“සොරි මචං. බම්බා හන්දියේ පට්ට ට්‍රැෆික් එකක් තිබුණේ. “ උරහිසට පුබුදු අතක් තියනනකම් දිලන්ත හිටියේ මහා ලොකු කල්පනාවකට යටවෙලා. දිලන්ත ආපහු හැරිලා පුබුදු දිහා බලලා හිනාවෙන්න උත්සාහ කලා. ඒත් ඒ හිනාව තුළ වෙනදා තියෙන අව්‍යාජත්වය වෙනුවට කෘතිම බවක් තියෙන බව වටහාගන්න පුබුදුට විනාඩියක් වත් ගතවුනේ නෑ. මොකක් උනත් තම මිතුරා සෑහෙන ප්‍රශ්නයකින් බැටකන බව පුබුදුට තේරුණා.
පුබුදු දිලන්ත වාඩිවෙලා හිටිය පුටුවෙම අනිත් පැත්තේ වාඩි වුනා. තාමත් ඔෆිස් ඇරෙන වෙලාව ළං වෙලා තිබුණේ නැති නිසා මුලු ස්ටේෂන් එකේම තිබුණේ පාලු ගතියක්.
දෙන්නා අතර කතාබහක් නැතිව විනාඩි කිහිපයක් ගෙවිලා ගියා. පුබුදු කිසිම දෙයක් කතා කරන්නේ නැතුව බලන් හිටියේ දිලන්තම කතාව පටන් ගන්නකම්. යමක් අහලාවත් කියලවත් දිලන්තව කලබල කරන්න උවමනාවක් පුබුදුට තිබුනේ නෑ. ඒත් දෙන්නා නිහඬව හිටපු වෙලාව විනාඩි පහකුත් පහුකරලා යනකොට තවදුරටත් නිහඬව ඉන්න හැකියාවක් පුබුදුට තිබුණේ නෑ. මේ වෙනකොටත් දිලන්ත විනාඩි පහක් තිස්සේ කළේ ඈත පේන මුහුද දිහා බලාගෙන කල්පනා කරපු එක. ටික වෙලාවකට කලින් ඈත ක්ෂිතිජයේ තිබුණ ඒ ලොකු වැහි වළාකුළ ළඟටම ඇවිල්ලා තිබුණා. හැම පැත්තෙන්ම හමාගෙන ගියපු හුළඟෙ සීතල තවත් වැඩිවෙලා තිබුණා වැහි ලිහිණියො අහසෙ හැම තැනම පියාඹගෙන ගියේ දැන් දැන් වැස්ස කඩා වැටෙයි කියලා කියන්න වගේ.
“මචං…. මොකක්ද ප්‍රශ්නේ..?“ තව දුරටත් දිලන්ත කතා කරනකන් බලන් ඉන්න එකේ තේරුමක් නෑ කියලා හිතපු පුබුදු ඇහුවා.
“මචං… ලිහිණි බඳින්න යන්නේ…..“ හෙමින් සැරේ දිලන්ත කිවුවා.
දෙන්නා අතරේ ආයෙත් තද නිහැඬියාවක් පැතිරුනා. සෑහෙන වෙලාවක් තිස්සේ අහසේ දඟ කර කර හිටපු වැහි වළාකුලෙන් එකපාරට වැහි බින්දු කඩාගෙන වැටෙන්න ගත්තේ මුලු පළාතම තෙත් කරගෙන. ඒ වැස්ස කොච්චර හයියෙන් වැස්සද කිවුවොත් මීට ටික වෙලාවකට කලින් ඈත පේන්න තිබුණ මුහුද පවා මීදුම් පටලයකින් වැහිලා නැතිවෙලා යන්න ගියේ බොහොම සුලු වෙලාවක්.
“ඉතිං මචං ඕක වෙන්න තිබුණු දෙයක් නේද?“ පුබුදු බොහොම හෙමින් ඇහුවේ කොතනින් කොහොම කතාව පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව.
“ඇත්ත මචං… මං ඕක වෙනවා කියලා දැනං හිටියේ මාස ගාණක් තිස්සේ ඉඳලා. ඒත් ඒක දැනගෙන ඉන්න එකයි, එහෙම එකක් ඇත්තටම වෙනවා කියන එකෙයි ලොකු වෙනසක් තියෙනවා…. මමත් හිතුවේ නෑ ඒක මට එහෙමටම දැනෙයි කියලා. ඒත්…..“
“ඒත්… ?“
“ඒත් අද ලිහිණි ඇවිල්ලා මගේ අතට කාඩ් එක දුන්න වෙලේ මගේ මුලු ඇඟම පණ නැති වෙලා ගියා පුබුදු. ඔෆිස් එකේ ඔක්කොම කෙල්ලව වට කරගෙන විෂ් කරනකොට මමත් කොහොම හරි වචන දෙක තුනක් ගැට ගහලා ඔෆිස් එකෙන් එළියට ආවා. මට ආයේ එතෙනට යන්න බෑ බං… ඒ පාර තමයි ෂෝට් ලීව් එකකුත් දාලා උඹට කතා කලේ…“ දිලන්ත තමන්ගේ හිතේ තිබුණු දේ එක හුස්මට කියලා දැම්මා. මෙච්චර වෙලා හිරකරගෙන හිටපු දේවල් වලින් සෑහෙන දෙයක් එළියට දැම්ම නිසා යම් තරමක සහනයක් දැනෙන්න ගත්තා. ඒත්… ප්‍රශ්නේ තාම එතනමයි.
ලිහිණි කියන්නේ දිලන්ත ගාව ඔෆිස් එකේ අලුතින් වැඩ කරන්න ආපු ට්‍රේනී මීඩියා කෝර්ඩිනේටර්. එයා ජොබ් එකට ආපු දවසේ ඉඳලා ජොබ් එකේ ඔක්කොම දේවල් කියලා දීලා අවශ්‍ය පුහුණුව ලබා දෙන්න වගකීම පැවරුණේ දිලන්තට. තියෙන වැඩත් එක්ක මේ අලුතෙන් එකතු වුන අලුත් වගකීමත් දිලන්තට මුලින් මුලින් කරදරයක් වුනත්. ටික කාලයක් යනකොට ඒකට ආස කරන්න, එහෙම නැත්තම් හුඟක් උනන්දුවෙන් ඒ වැඩ වල නිරත වෙන්න එයා පටන් ගත්තා. ඒකට ප්‍රධානම හේතුව වුනේ ලිහිණි. ලිහිණි කියන්නේ බොහොම මෑතකදී ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් ආපු ළමයෙක්. ඒලෙවල් පාස් වෙලා තිබුණත් කැම්පස් යන්න ලකුණු මදිවුන නිසා පෞද්ගලික ආයතනයක එච් ආර් ගැන අවුරුද්දක ඩිප්ලෝමා එකක් කරලා තමයි එයා දිලන්ත වැඩ කරන තැනට එකතු වුනේ.
ලිහිණි කියන්නේ බොහොම ලස්සන පොඩි ගෑණු ළමයෙක්. එයාගේ අඩු වයසත්, අත්දැකීමුත් නිසා සමහර වෙලාවට එයා හැසිරුනේ පොඩි ළමයෙක් වගේ. ටිකක් ඉක්මන් කේන්ති කාරයෙන් වෙච්ච දිලන්තගෙන් පොඩි පොඩි දේවල් වලට අනන්තවත් මුල් කාලෙදි බැණුම් ඇහුවා. ඒත් බනිනකොට විනාඩි දෙකක් යන්න කලින් ඇස් දෙකේ කඳුලු පුරවගෙන අඬන්න ලෑස්ති වෙන ලිහීණි ව දැක්කම දිලන්තගේ හිතේ ඇතිවුනේ බොහොම ලොකු පසුතැවීමක්. පැත්තකට ගිහින් හෙමින් සීරුවේ ලේන්සුව ඇස් දෙකට තියාගෙන ඔෆිස් එකේ අනිත් අයට පේන්නේ නැති වෙන්න ඉකි බිඳින ලිහිණි ගාවට ගිහින් කතා කරලා විහිලුවක් දෙකක් කරලා ආයෙත් එයාව යථා තත්වයට ගේන වැඩේ කරන්න උනේ දිලන්තටම යි. ලිහිණි ගේ මේ නොමේරූ කම හින්දා දිලන්තට එයාව පරිස්සම් කරන්නත් වුනා. ඔෆිස් එකේ දී වගේම, හදිස්සියේ දෙන්නට එළියට යන්න උනොත් දිලන්ත ඒ වෙලාවේ දී ලිහිණි ගැන හොයලා බැලුවේ බොහොම උවමනාවෙන්. ලිහිණි උනත් මොකක් හරි විශේෂ දෙයක් ගැන තීරණයක් ගන්න තියෙනව නම් ඇවිත් ඇහුවේ දිලන්ත ගෙන්. ඒ වෙලාවට තමන්ගේ වැඩ පාඩු කරගෙන හරි එයා වෙනුවෙන් දෙයක් හොයලා බලලා කරන්න දිලන්ත පසුබට වුනේ නෑ.
ටික කාලයක් වෙනකොට ලිහිණිගේ මේ හැසිරීම් වලට දිලන්ත පුදුම විදිහකට ආකර්ෂණය වෙන්න ගත්තා. ඒක ආදරයක්ද, එහෙමත් නැත්නම් ගෙදර සහෝදර සහෝදරියන් නැතුව තනියම හැදුනු වැඩුණු තමන්ගේ හිතේ ඇතිවුන සහෝදර ප්‍රේමයක්ද කියන එක වටහා ගන්න දිලන්තට සෑහෙන කාලයක් ගියා. හැමදාම උදේට ලිහිණි එනකන් දිලන්ත මග බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්. හදිසියේ වත් එන්න විනාඩි දහයක් පහළොවක් පරක්කු වෙන කොට ඔෆිස් එකේ වැඩක් ඉස්සරමට දාලා ලිහිණි ට කතා කරලා එනවද නැද්ද, එහෙමත් නැත්තම් පරක්කු මොකද කියලා බලන්න තරම් දිලන්ත පෙළඹුණා.
තමන් ලිහිණිට ඇත්තටම ආදරය කරනවා කියලා එයාට තේරුම් ගියේ ලිහිණිට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්ත දවසේ. එදා උදේම ලිහිණී ඔෆිස් එකට ආවේ ලොකු කේක් එකක් අරගෙන. ඒ කේක් එක අරන් ආපු එක දිලන්තට ප්‍රශ්නයක් වුනේ ලිහිණිගේ උපන් දිනය තව මාස පහකින් තියෙනවා කියලා දැනගෙන හිටිය නිසා. මේ වෙනකොට දිලන්ත ලිහිණි ගැන හුඟක් දේවල් දැනගෙන හිටියේ. හැමෝම කේක් එක මොකට ගෙනාවද කියලා ඇහුවත් කෙල්ල කළේ බොහොම ලැජ්ජාවෙන් ඇඹරෙන එක විතරයි. පස්සේ දිලන්ත හෙමින් සැරේ ලිහිණිව පැත්තනට කතා කරලා කේක් එකේ කතාව ඇහුවා. අන්න එතනදී තමයි දිලන්ත අශේන් ගැන දැනගත්තේ. අශේන් කියන්නේ ලිහීණිගේ අවුරුදු ගාණක ප්‍රේමවන්තයා. ඉස්කෝලෙ යන කාලෙම පටන් ගත්ත සම්බන්ධයක්. මුලින් අදි මදි කලාට ලිහිණි ටික වෙලාවකින් මේ කතාව මුල ඉඳලම දිලන්ත එක්ක කියාගෙන ගියා. අද අශේන්ගේ උපන් දිනේ හින්දා ඔෆිස් එකටම කේක් ගෙනාවා කියලත් කිවුවා.
දිලන්ත ගේ හිතේ ඇතිවුනේ බොහොම ලොකු ඊර්ෂ්‍යාවක්. ජීවිතේ කවමදාකවත් අනුන්ගේ දේකට ඊර්ෂ්‍යා නොකරපු තමන්ගේ හිතේ මෙහෙම දරුණුවට දෙයක් ඇතිවුනේ කොහොමද කියන එකත් එයාට පුදුමයක් වුනා. අන්න ඒ වෙලාවේ තමයි දිලන්තට තේරුණේ තමන් කොච්චර ලිහිණිට ආදරේ කරනවද කියලා. ඒත් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් දිලන්තට ඉතුරු වෙලා තිබුණේ නෑ… ඇත්තටම එයාට කරන්න වුනේ තමන්ගේ හිතේ ලිහිණි වෙනුවෙන් ඇතිවුන ආදරය තිඹ්රි ගෙදරදිම මරලා දාන්න.
ඒත්…. ජීවිතේ පළමු ආදරය කවදාවත් අමතක කරන්න බෑ කියලා කියනවා වගේ දිලන්ත ලිහිණිව දකින දකින හැම පාරකම ඒ අලුයට හැංගිච්ච ආදර කතාව සැරෙන් සරේට උඩට මතුවෙන්න උත්සාහ කලා. ඒත් ඒ ඔක්කොම තමන්ගේ හිතේ තද කරගෙන ඉන්න දිලන්ත දැරුවේ පුදුම උත්සාහයක්. තමන් ගැන කියලා ලස්සනට තියෙන කුරුලු කූඩුවක් කඩලා දාන්න තරමේ පහත් මානසිකත්වයක් එයාට තිබුණේ නෑ.
ඒත් ප්‍රශ්නේ වෙනස් අතකට හැරුනේ අශේන් ගැන ටික ටික දිලන්ත දැන ගන්නකොට. අශේන් කියන්නේ සල්ලි තියෙන දෙමාපියන්ගේ බොහොම නාස්තිකාර දරුවෙක්. ජොබ් එකක් කලත් ඒ මනුස්සයා අතට ගන්න හැම සතයකින්ම කලේ පාටි දාන එකයි යාලුවෝ එක්ක විනෝද වෙන එකයි. අශේන් ඒ වෙනකොට විවිධාකාරයේ මත්දුව්‍ය භාවිතා කරන්නත් පෙළඹිලයි හිටියේ. මේ ඔක්කොම දිලන්ත දැනගත්තේ අශේන්ලගේ ගෙවල් ගාව ඉඳලම වැඩට එන සපුමල් ගෙන්. කොච්චර දේවල් තිබුණත් ඒ මනුස්සයගේ තියෙන්නේ පිට ඔපේ විතරයි කියලා තේරුම් යන්න දිලන්තට වැඩි කාලයක් ගියේ නැහැ.
මේවා ගැන ලිහිණි දැනගෙන හිටියත්, එයා ඒ ගැන කිසිම දෙයක් කතා කලේ නැහැ. උඩ බලාගෙන කෙළ ගහගන්නේ මොකටද කියලා එයාට හිතෙන්න ඇති. ඒත් දිලන්ත මේ දේවල් දැන ගන්න කොට කලින් හිතේ තිබුණ නැති බලාපොරොත්තුවක් යාන්තමින් කාන්දු වෙන්න ගත්තා. කවදාහරි මේ කෙල්ල අශේන් ගැන ඇත්ත තේරුම් ඇරගෙන මේ සම්බන්ධය නවත්තලා දාවි කියලා එයා බලාපොරොත්තු වුනා. අශේන් ලිහිණිගේ නොදැනුවත් කමිනුත්, අසරණ කමිනුත් හොඳටම ප්‍රයෝජන ගන්න බව පේන්න තිබුණා. දිලන්ත හොඳටම දැනගෙන හිටියා අශේන්ගේ සම්බන්ධය කවදාවත් ලිහිණිට හොඳක් කරන්නේ නෑ කියලා. එයා එකපාරක් දිලන්තගෙන් ඉල්ලුවනම්, දිලන්ත අත් දෙකම දිග ඇරලා ලිහිණි ව බොහොම ආදරයෙන් බාරගන්න බලාගෙන හිටියේ.
ඒත්… ප්‍රශ්නේ තවත් සංකීර්ණ වුනා. ලිහිණි කෙල්ලෙක්ට ජීවිතේ කරගන්න පුලුවන් ලොකුම මෝඩකම කරගෙන තිබුණා. තවදුරටත් අශේන්ගෙන් වෙන්වෙලා යන්න බැරිතරමට ලිහිණි ඒ වැරුද්ද දුර දිග ගෙනිහින් තිබුණා. ඒ වෙලාවේ අඬන්නවත් කවුරුත් හිටියේ නැති වෙලාවක ලිහිණි ඇවිත් මේ ඔක්කොම කීවේ දිලන්ත එක්ක. තමන්ගේ හිත ඇතුලේ ටික ටික ගඩොලෙන් ගඩොල තිය තියා හද හදා හිටපු සිහින මාළිගා සියල්ල එක මොහොතකින් සුන්නද්ධූලි වෙලා යනකොට එයා පිටතින් බොහොම සාවධානව ලිහිණිගේ ඔලුව අත ගගා ඒ කෙල්ලව සනසවන්න අප්‍රමාණ සැනසිලි බස් දෙඩුවා. මුලු පැය දෙකක් දිලන්ත ලිහිණිගේ හිත හැදුවා. ඒ එක වෙලාවක වත් තමන්ගේ හිතේ ඇතිවෙලා තියෙන ඒ මහා පරිමාණ විපරියාසෙ එළියට දාන්නැතුව ඉන්න දිලන්ත අප්‍රමාණ වෙහෙසක් ගත්තා.
අන්තිමට දිලන්ත ලිහිණි ගාවින් නැගිටලා යනකොට ලිහිණි කීවේ “අයියා…මං මගේ ජීවිතේ කරගත්ත ලොකුම වැරුද්ද අශේන්ට කැමති වෙලා කරගත්තද කියලා හිතෙනවා“ කියලා.
කොහොම හරි මේ ඔක්කොම ලිහිණිගේ ගෙවල් වලින් දැනගෙන අන්තිමේදී දෙන්නව පුලුවන් ඉක්මණින් බන්දලා දෙන්න තීරණය කලා. ඒ තීරණය අරන් මාස දෙකක් යනකොට වෙඩින් එකට දින දාගෙන කාඩ් ප්‍රින්ට් කරලත් ඉවරයි. දිලන්ත හිතුවෙවත් නැති ඉක්මණට දේවල් වුනා. අන්තිමේ මේ ඔක්කොගෙම ප්‍රතිපලයක් විදිහට අද උදේ ඹෆිස් එකේ අයට ලිහිණි එයාගේ වෙඩින් එකේ කාඩ් බෙදුවා.
දිලන්තගේ මේ අප්‍රකාශිත, තිඹිරි ගෙදරදිම මරලා දාපු ආදරය ගැන දැනගෙන හිටියේ පුබුදු විතරයි. කොටින්ම ලිහිණි වැඩට ආපු දවසේ ඉඳලා හැමදාම වුන දේවල් දිලන්ත පුබුදු එක්ක කියලා තිබුනා. ඒ හැම වෙලාවකම, සතුට සහ දුක තිබුණ හැම වෙලාවකම දිලන්තත් එක්ක හිටියේ පුබුදු. දිලන්ත වගේම පුබුදුත් කවදාහරි මේ වගේ දවසක් එනවා කියලා දැනගෙන හිටියත්, ඒ ගැන මතක් කරන්න වෙහෙසුනේ නෑ,..
“දැන් මොකද මචං වෙන්නේ?“
ඒ වෙනකොටත් වැස්ස පායලා තිබුණේ නෑ. තාමත් කොල්ලුපිටිය වට කරගෙන වැස්ස වහිනවා. ඇදේට හුළං පාරත් එක්ක වැස්ස වැටෙන නිසා හිරිකඩ ඇවිත් ස්ටේෂන් එකේ වාඩිවෙලා හිටපු දෙන්නව තෙත බරියම් කරලා තිබුණා.
“මොනවා කරන්නද බං….? ජීවිතේ හැටි මෙහෙම වෙන්න ඇති. කවදාවත් අපි එකතු නොවෙන්න වෙන්න ඇති දෛවය ලියවිලා තියෙන්නේ…ඒත්… ඒ කෙල්ල විනාස වෙනවා පුබුදු… මට ඒක ඉර හඳ වගේ විශ්වාසයි… අශේන්ගෙන් ඒ කෙල්ලට කවදාවත් හොඳක් නම් වෙන්නේ නෑ… මං කොච්චර උත්සාහ ගත්තද දෙයියනේ එකෙන් ඒ කෙල්ලව නවත්තන්න…එක පාරක් ඒකි කිවුවනම් මචං… එකම එක පාරක් ඒත්…. මට බැරිවුනා බං…මට ඒක කරගන්න බැරි වුනා…“
පුබුදු හෙමින් සීරුවේ දිලන්තගේ උරහිස උඩින් අතක් තිබ්බා…
“දිලා…. උඹ හිත බොහොම ලොකුයි මචං. මේ කෙල්ල ගැන සිද්ධීයත් උඹ මට අකුරක් නෑර මාත් එක්ක කිවුවා. මං දන්නවා උඹ කොච්චර ලොකු හැඟීමකින්ද ඒකි ගැන හිටියේ කියලා. මං උඹව දන්නේ අද ඊයෙක ඉඳලා නෙවෙයිනේ.. ඒත්…මේ දේට වෙන කරන්න දෙයක් නෑ… යන්න දීපං.. උඹ වගේම මාත් මෙතනදී අසරණයි. ඒ කෙල්ලට දැන් කරගන්න දේකුත් නෑ. වෙන වෙලාවකනම් බෙල්ල ගහල ගියත් මොකක් හරි කරමු කියනවා. ඒත් මේ වෙලාවේ මොනවත් කරන්න බෑ….ඒ හින්දා හොඳ කොල්ලා වගේ ඔය ඔක්කොම අමතක කරලා දාපං… මං දන්නවා ඒක කොච්චර අමාරුද කියලා. ඒත් උඹට ඒක කරන්න වෙනවා මචං. උඹට වගේම අර කෙල්ල ගැනත් හිතලා…“
“මට තේරෙනවා පුබුදු… මං ලොකු අවුලක හිටියේ. මට ඕනේ වුනේ කාත් එක්ක හරි කතා කරන්න. මේ දෙවල් මංම කොහොම හරි විඳගන්නවා. ඕනෑ උනොත් මං උඹට කතා කරන්නම් මේ වගේ.. එදාට විතරක් ඇවිත් පොඩ්ඩක් කතා කරලා හිත හදපං මගේ… කාලය හැම දේකටම උත්තර හොයලා දේවි“ ලොකු හුස්මක් පිට කරපු දිලන්ත ස්ටේෂන් එකේ බංකුවෙන් නැගිට්ටා.
මේ වෙනකන් හයියෙන් ඇද වැටුණ වැස්ස ටික ටික අඩු වෙලා තිබුණා. මුහුදත් ටික ටික පැහැදිලි වෙන්න පටන් අරන් තිබුණේ. ඒත් වැස්සට කලින් අහසේ පියාඹපු එක වැහිළිහිණියෙක්වත් පේන්න හිටියේ නෑ…
------------------------------------------------------------------------
මේ ඔක්කොම වෙලා අවුරුදු තුනක් විතර ගෙවිලා ගියා. වෙඩින් එකෙන් පස්සේ ලිහිණි ඔෆිස් එකෙන් අයින් වුනා. ඊට පස්සෙත් ලිහිණි දෙතුන් පාරක් දිලන්තට කතා කලත්, ටික ටික දිලන්තම ඒ එන කෝල්ස් මග අරින්න ගත්තේ තව දුරටත් නොලැබුණ දේවල් මතක් කරගෙන හිත රිදවගන්න බැරි නිසා. ඒ සම්බන්ධකම් අවුරුද්දක් වගේ යනකොට එහෙමම නැති වෙලා ගියා. අන්තිමට දිලන්තට ලිහිණි ගැන අහන්න ලැබුණේ එයාට දෙවෙනි දරුවත් හම්බවුනා කියන එක විතරයි.
දිලන්ත එදා දවල් හදිසියේම නුගේගොඩට ගියේ හදිසියේ දාගත්ත වැඩක් නිසා. කාගිල්ස් ෆුඩ් සිටිය ගාවින් වමට හරවලා සම්පත් බැංකුව ගාව කාර් පාර්ක් එකට වාහනේ දානකොට හදිසියේ වගේ හුරු පුරුදු මූණක් ෆුඩ් සිටියෙන් එළියට එනවා දිලන්තගේ ඇහැ ගැටුනේ අහම්බෙන්. ඉක්මණට කාර් එක පාර්ක් කරපු දිලන්ත ඉක්මණට ආපහු ෆුඩ් සිටිය ගාවට දුවගෙන ගියේ තමන්ගේ ඇහැට පෙනුන දේ හරියටම හරිද කියලා බලන්න.
“ලිහිණි…?“ තමන්ට පිටු පාලා හයිලෙවල් පාර දිහා බලාගෙන හිටිය ඒ රූපෙට දිලන්ත කතා කලා. ඒත් එක්කම එයා හැරුණේ තමන්ගේ නම කිවුවේ කවුද කියලා පුදුම වෙලා.
ඇත්ත. ඒ අවුරුදු තුනකට කලින් දිලන්ත ඒක පාර්ශවිකව පණ උනත් දෙන්න ආදරේ කරපු පොඩි කෙල්ල ලිහිණිම තමයි. දිලන්තට වැරදිලා තිබුණෙ නෑ. හැබැයි කාලය දිලන්තට කෙසේ වෙතත්, ලිහිණිට නම් විපර්යාස ගොඩක් කරලා තිබුණා. වෙනදා හිටපු දඟකාර පොඩි කෙල්ල වෙනුවට දැන් දිලන්ත ඉස්සරහ හිටියේ ජීවිතේ දුක් කම්කටොලු නිසා නොයෙක් විදිහට දුක් විඳලා ජීවත් වෙන ගෑණු කෙනෙක්. ඇස් යට කලු පැල්ලම් වගේම ඇදිලා ගිය මූණත්, ඇඟත් පහුගිය අවුරුදු තුන එයාට එච්චර සුභ කාලයක් වුනේ නෑ කියලා හොඳින් පෙන්නලා දුන්නා. වෙනදා හුඟක් ලස්සනට හැමදේම ගලපලා ඇඳපු ලිහිණි වෙනුවට එතන හිටියේ යන්තම් හෙලුව වහගන්න මොකක් හරි ඇඟේ පටලවා ගත්ත මහ මෝරපු ගෑණු කෙනෙක්. ඒත් ඒ ඔක්කොම අස්සේ, මීට අවුරුදු තුනකට කලින් දිලන්ත දැකපු ලිහිණිගේ ඡායා මාත්‍රයක් ගෑවිලා තිබුණා.
ඒ ඔක්කොටම වඩා දිලන්තගේ ඇස් දෙක ගියේ ලිහිණි එක අතකින් වඩාගෙන හිටිය රෝස පාට ගවුමක් ඇඳගත්ත පොඩි කෙළි පැටික්කි ගාවට. එයාට තිබුණෙත් ලිහිණිගෙම අස් දෙක. අම්ම වගේම කෙල්ලත් ලස්සන වේවි කියලා දිලන්තට හිතුනා. එ පොඩි එකී අතේ තිබුණු බිස්කට් එකක් ලැටි ගගා ඉඳලා අනිත් පැත්ත හැරුනේ දිලන්ත ආගන්තුක මූණක් උන නිසා.
“දිලන්ත අයියා….? “ ලිහිණිගෙ මූනේ තිබුනේ විස්මය හඟවන පෙනුමක්.
“කොහොමද නංගී ඔයාට? කෝ අශේන්?“ දිලන්ත තමන්ගේ හිතේ තිබුණ ගැස්ම යට කරගෙන බොහොම හෙමීට හිනාවෙලා ඇහුවා. ඒ කාලේ හිත කීරි ගැහෙන කතා ඇහෙනකොට හිත ගලක් කරගෙන හිටපු දිලන්තට, මේ වෙලාවේ හිත සන්සුන්ව තියාගන්න එක මහලොකු දෙයක් වුනේ නෑ.
“ඉන්නවා අයියේ… අශේන් දැන් ලංකාවේ නෑ.. එයා දැන් වැඩ කරන්නේ ඕමාන් වල..“ ලිහිණි බයාදු විදිහට හිනා වෙලා උත්තර දුන්නා. ඒ හිනාව ඇතුලේ කියාගන්න බැරිවුන දේවල් හුඟක් තියෙනවා කියලා දිලන්තට හිතුනා.
“මේ පොඩි එකීවත් අරගෙන ඔයා තනියම මෙහෙ මොකද කරන්නේ?“
“අම්මත් එකක් ආවා අයියේ. එයාව දොස්තර කෙනෙක්ට පෙන්නන්න. දැන් ටිකක් වයසයි නේ. මෙයා අඬන්න ගත්තා එක දිගට බඩගිනි වෙලා. ඊට පස්සේ මම එළියට ආවා කන්න මොනාහරි අරන් දෙන්න. දැන් මේ ආපහු යන ගමන්.“
“එතකොට අනිත් එක්කෙනා ?“
“එයා අශේන්ලගේ අම්මා ගාව අයියා. තාම එහෙ මෙහෙ එක්ක යන්න තරම් වයසක් නෑනේ….“
තව හුඟක් දේවල් කතා කරන්න උවමනා උනත් ආයේ පරණ දේවල් එළියට අදින්න උවමනාවක් දිලන්තට ඕනේ වුනේ නෑ.
“නංගී කොහෙටද යන්නේ?“
“මේ ළඟට අයියේ…. පයින් යන දුර තියෙන්නේ චැනල් සෙන්ටර් එක. දැන් අම්මා බලාගෙනත් ඇති. මං යන්නම් අයියේ. පස්සේ වෙලාවක හම්බවෙලා කතා කරමු“ ලිහිණි ටත් කතා කරන්න දේවල් ගොඩක් තිබුණත් එක් අතකට හිතේ කොනක තිබුණ ලැජ්ජාවක් හින්දා දිගටම කතා කරගන්න බෑ වගේ දැනුනා. ඒ හින්දා එයාට ඔනේ වුනේ පුලුවන් ඉක්මණට දිලන්තව මග ඇරලා යන්න.
“හොඳයි නංගී… එහෙනම් පරිස්සමින් යන්න.“ දිලන්ත කීවේ පොඩි එකාගේ අතකින් අල්ලලා හොළවන ගමන්.
දිලන්ත තමන්ට පිටුපස්ස හරවලා හයිලෙවල් පාර දිගේ පොඩි එකාත් වඩාගෙන බකල ගගහා යන ලිහිණි දිහා බලං හිටියේ දරා ගන්න බැරි තරම් දුකකින්. ඇස් දෙක තද වෙවී ආපු කඳුලු බිංඳුවක් දිලන්තටත් නොදැනිම කම්මුල දිගේ ගලාගෙන ගිහින් දිලන්තගේ ෂර්ට් එක තෙමුවා.
“රැජීණක් වගේ ඉන්න තිබුණ කෙල්ලෙක්….“ දිලන්ත තමන්ටම මුමුණ ගත්තා.
ඒත් එක්කම දිලන්තගේ ෆෝන් එකට කෝල් එකක් ආවා.
“හෙලෝ රාධිකා…. මම ඉන්නේ දැන් ෆුඩ් සිටි එක ගාව. ඔයා වෙඩින් කාඩ් ටිකේ පේමන්ට් එක කරලා එන්න. මම කෙලින්ම ජුවෙලරි ෂොප් එකට එන්නම්“
කෝල් එකට උත්තර දීලා දිලන්ත ලිහිණි ගියපු දිහා බැලුවා. ඒ වෙනකොටත් හයිලෙවල් පාරේ එහාටයි මෙහාටයි යන දහස් ගණන් මිනිස්සු අතරේ එයා නොපෙනී ගිහිල්ලා තිබුණා.