වෑදගත් ලිපියක් කියවන්න...............!!!!!

elakiriputha

Member
May 22, 2011
537
76
0
elakiri maha vidyalaya
වෑදගත් ලිපියක් කියවන්න...............!!!!!

ඇමරිකා එක්සත් ජනපදයේ 16වන ජනාධිපති එබ්‍රහම් ලින්කන් විසින් තම පුත්‍රයාගේ පාසැල් ගුරුතුමා වෙත යැවූ ලිපියක සිංහල අනුවාදය ඔබලාගේ දැනගැනීම පිනිස මෙසේ සටහන් කරමු..

ඔහු උගතෙක් විය යුතු බව දනිමි.
සියලු මිනිසුන් සාධාරණ නැත.
සත්‍යවාදීද නැත.
නමුත්,
සෑම මිනිසෙකුටම වීරයෙක්ද,
සෑම ආත්මාර්ථකාමී දේශපාලකයෙකුටම කැපවුණු නායකයෙක්ද,
සෑම සතුරෙකුටම සහෘදයෙක්ද
සිටින බවත් ඔහුට උගන්වනු මැනවි..

ඊර්ෂාවෙන් ඉවතට ඔහු මෙහෙයවා
සන්සුන්ව සතුටේ රසය විඳගැනීමටත්,
ඔහුට උගන්වන් මැනවි..

දුර්වලයා තලා පෙලන්නා
වැඩිකල් නොගොස් ඒ සඳහා
පසු තැවෙන බව
ඔහුටම තේරුම් ගැනීමට ඉඩ දෙනු මැනවි..

පොත්පත් වල සැඟවුනු ආශ්චර්යය
ඔහුට උගන්වන ගමන්ම
අහසේ පියාසලන කුරුල්ලගේ
සදාතනික මුණු මුණුවේද,
හරිත කඳු වැටි අසබඩ විල්ගොමුවල විහඟ, මී මැසි නාදයේද
අසිරිය විඳ ගැනීමට
නිදහස ඔහුට ලබාදෙනු මැනවි..

දයාබර ගුරුතුමනි,
අසමත්වීම, රැවටීමට වඩා
ගෞරවනීය බව පාසලේදී
ඔහුට උගන්වනු මනවි
ලෝකයගේ ගැරහුමට ලක් වුවද,
තම අදහස් මත විශ්වාසය ගොඩනගා ගැනීමට
ඔහුව පුරුදු පුහුණු කරනු මැනවි..

සුමුතු හදවත් අතර සුමුදු වීමටත්,
රළු පරිසරයකදී රළු වීමටත්,
අවශ්‍ය ශක්තිය අහුට ලබාදෙනු මැනවි..

වැඩි දෙනෙකු අනුගමනය කළ පමණින්,
යමක් අනුගමනය නොකිරීමට අවශ්‍ය ශක්තිය,
ඔහුට ලබාදීමට උත්සාඅහ කල මැනවි..

සියලු දෙනාට්ම හොඳින් සවන්දීමට මෙන්ම
යහපත් දේ පමණක් තෝරා බේරා ගනීමටත්
ඔහුට උගන්වනු මැනවි..

ගෞරවනීය ගුරුතුමනි,
කඳුලු අතරින් සිනා සීමටත්,
කඳුලු බිඳුවක ලැජ්ජාව නොදැනාමටත්,
විවේචනයට බිය නොවීමටත්,
පමණට වැඩි ප්‍රශංසාවන්ගෙන්
ප්‍රවේසම් වීමටත් ඔහුට කියා දෙනු මැනවි..

ශක්තිය සහ මොළය උපරිම මිලකට අගය කිරීමටත්
එහෙත්,
හදවත මෙන්ම ආත්මයද මිල නොකරන ලෙසටත්
ඔහුට උගන්වනු මැනවි..

නුවමනා කලබලයකදී
දෙසවන් වසා ගැනීමටත්,
තමා නිවැරදියයි සිතේනම්,
ඒ වෙනුවෙන් සටන් කිරීමටත්,
ඔහුට උගන්වනු මැනවි..

දයාබර ගුරුතුමනි,
අනවශ්‍ය හුරතලයකට ලක් නොකර,
ඔහුට මෘදු ලෙස සලකනු මැනවි..
මන්ද යත්, හොඳ වානේ පන්නරයක්
ලැබෙන්නේ දැඩි ගින්දරකිනි..

නොඉවසිලිමත් වීමට ශක්තියත්
ශක්තිමත් වීමට ඉවසීමත්,
නිරන්තරයෙන් තමා කෙරෙහි
අපිරිමිත විශ්වාසයක් තැබීමටත්
ඔහුට උගන්වනු මැනවි..
එවිට පමණක් ඔහු
සමස්ත මානව වර්ගයා කෙරෙහි
අනන්ත වූ විශ්වාසයක්
දක්වන්නේය..

ගෞරවනීය ගුරුතුමනි,
මෙය විශාල ඇනවුමකි
එහෙත් කලහැකිදේ
කුමක්දැයි බලනු මැනවි..

මේ අපූර්වතම කුඩා පැටියා,
මගේ ආදරණීය පුතුමය..

-එබ්‍රහම් ලින්කන්-


uputaganima fb.


wadagath kiyala hithunanan rep ekak deela yanna..................!!
:cool::cool::cool::cool::cool::cool:
 

thomian

Well-known member
  • May 20, 2011
    12,581
    17,758
    113
    1.gif
    1.gif