වික්ටර්ගේ බිරිඳ අත්අඩංගුවට
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳවන හෂිනි අමේන්ද්‍රා මහත්මිය තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණ භාර වී ඇති බවයි වාර්තා වන්නේ.
තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සිදුවූ රන්බඩු වංචාවක් පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මෙම රන් බඩු වංචාව, ඇය එම බැංකුවේ සේවය කරමින් සිටියදී 2012 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ සිදුවූවක් බවයි වාර්තා වන්නේ.
මෙම වංචාවේ මුළු වටිනාකම රුපියල් දස ලක්ෂයකට ආසන්නයි.
ඒ සම්බන්ධයෙන් අදාළ බැංකුවේ කළමනාකාරවරයා පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.
ඇය පොලීසියට අද භාර වී ඇත්තේ ද ඒ අනුවයි.
හෂිනි අමේන්ද්‍රා මහත්මිය වික්ටර් රත්නායක මහතා සමග විවාහ වූ අවස්ථාවේ දී රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායක මහතා සමාජ ජාලවලට එළිදැක්වූ ආන්දෝලනාත්මක වීඩියෝවේ ද ඇය තංගල්ල රාජ්‍ය බැංකුවක සේවය කළ බව සඳහන් වුණා.
එමෙන්ම ලෙලුම් රත්නායක මහතා එම වීඩියෝව හරහා චෝදනා කළේ ද එවකට සිදුවූ මුදල් වංචාවක් සම්බන්ධයෙන්.

මේක විකී ට මඩ ගැසීමට කල කුමන්ත්‍රණයක් වගේ