ආචාර්ය වික්රමබාහුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදෙයි: කීපදෙනකුට තුවාලයි
(ලංකා ඊ නිව්ස් 2010 දෙසැ.07, ප.ව.5.45)
ලන්ඩනයේ සංචාරයක යෙදී ආපසු ශ්‍රී ලංකාවට පැමිණි වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පිළිගැනීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොස් සිටි එම පකෂයේ ආධාරකරුවන් පිරිසකට පහරදී තිබේ.
ආචාර්ය කරුණාරත්න මහතා ට ද එම පිරිස පහරදීමට උත්සාහ කර ඇත.
වික්‍රමබාහු කරුණාරත්න මහතා ලන්ඩනයේ පැවැති 2010 දෙමළ සැමැරුම් උත්සවයේදී විශේෂ දේශනයක් කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පකෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අලවි මව්ලානා මහතා ප්‍රධාන ශ්‍රීලනිප වෘත්තීය සංගම් සාමාජිකයෝ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට කරුණාරත්න මහතාට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වමින් ඔහු රටින් පන්නා දැමිය යුතු බවට ආණ්ඩුවට බල කළහ.
වික්‍රමබාහු කරුණාරත්න මහතාට ගුවන් තොටුපල සේවක පිරිසක් පහර දෙන්නට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට ගොස් සිටි පාකෂික පිරිස එය වළක්වා, කරුණාරත්න මහතා වාහනයකට නංවා පිටත් කර ඇත.
ගුවන් තොටුපොළ සේවක පිරිස් කරුණාරත්න මහතා පිළිගැනීමට ගොස් සිටි පිරිසට පහරදී ඇති අතර වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පි‍්‍රයන්ත මහතාට පහරදීමෙන් තුවාල ලබා ඇත.
සිද්ධිය සමතයකට පත් කරන්නට පැමිණි ගුවන් තොටුපල පොලීසියේ නිලධාරින්ට ද ගුවන් තොටුපල සේවකයන් පහරදී තිබේ.
කටුනායක ගුවන්තොටුපල පොලීසිය සිද්ධියට අදාල පැමිණිල්ලක් සටහන් කරගෙන ඇති අතර වැඩිදුර පරීකෂණ පවත්වයි.
Source
මදි මචන්...ඉවරය කරන්න තිබ්බෙ...රජ කාලෙ ඉදන් ඔය වගේ රට පාවල දෙන උන් හිටිය නිසයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ...පිලිගන්නවද ඔයාලා?මම හිටියනම් අම්මපා මමත් ගහනවා....

me mokada?ubath uge henchaiyekda?
ආචාර්ය වික්රමබාහුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදෙයි: කීපදෙනකුට තුවාලයි
(ලංකා ඊ නිව්ස් 2010 දෙසැ.07, ප.ව.5.45)
ලන්ඩනයේ සංචාරයක යෙදී ආපසු ශ්‍රී ලංකාවට පැමිණි වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පිළිගැනීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොස් සිටි එම පකෂයේ ආධාරකරුවන් පිරිසකට පහරදී තිබේ.
ආචාර්ය කරුණාරත්න මහතා ට ද එම පිරිස පහරදීමට උත්සාහ කර ඇත.
වික්‍රමබාහු කරුණාරත්න මහතා ලන්ඩනයේ පැවැති 2010 දෙමළ සැමැරුම් උත්සවයේදී විශේෂ දේශනයක් කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පකෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අලවි මව්ලානා මහතා ප්‍රධාන ශ්‍රීලනිප වෘත්තීය සංගම් සාමාජිකයෝ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට කරුණාරත්න මහතාට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වමින් ඔහු රටින් පන්නා දැමිය යුතු බවට ආණ්ඩුවට බල කළහ.
වික්‍රමබාහු කරුණාරත්න මහතාට ගුවන් තොටුපල සේවක පිරිසක් පහර දෙන්නට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට ගොස් සිටි පාකෂික පිරිස එය වළක්වා, කරුණාරත්න මහතා වාහනයකට නංවා පිටත් කර ඇත.
ගුවන් තොටුපොළ සේවක පිරිස් කරුණාරත්න මහතා පිළිගැනීමට ගොස් සිටි පිරිසට පහරදී ඇති අතර වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පි‍්‍රයන්ත මහතාට පහරදීමෙන් තුවාල ලබා ඇත.
සිද්ධිය සමතයකට පත් කරන්නට පැමිණි ගුවන් තොටුපල පොලීසියේ නිලධාරින්ට ද ගුවන් තොටුපල සේවකයන් පහරදී තිබේ.
කටුනායක ගුවන්තොටුපල පොලීසිය සිද්ධියට අදාල පැමිණිල්ලක් සටහන් කරගෙන ඇති අතර වැඩිදුර පරීකෂණ පවත්වයි.
Source
හොයල හොයල නිවුස් එක තිබුනේ ඔකේ විතරයි .....දැන් දැක්ක ලංකාදීපෙත් තිබුන