වික්රමසිංහ_රෙජීමය
ක්රිකට් විකාශන අයිතිය රාජපක්ෂ රෙජීමයෙන් වික්රමසිංහ රෙජීමයට ! 

ලබන 24 වනදා සිට ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ විකාශණ අයිතිය අගමැතිවරයාගේ සහෝදරයා වන ශාන් වික්රමසිංහ මහතාට අයත් ටී.එන්.එල් රූපවාහිනිය වෙත ලබා දී තිබෙන අතර මේ බව සදහන් පූර්ව ප්රචාරක දැන්වීම් මේවන විටත් එම රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශණය කෙරෙමින් පවතී.
රටේන් විශාල ප්රදේශයක් අවරණය කරන ජාතික රූපවාහිනියේ අයි නාළිකාව ඔස්සේ විකාශනය කළ ක්රිකට් සජීවී විකාශය පසුගිය රජය සමයේ හිටපු ජනපති පුතුන්ගේ ආශිර්වාදයෙන් පවත්වාගෙන ගිය CSN නාලිකාව විසින් අත්පත් කරගෙන තිබුණු අතර නව රජය බලයට පත්වූ පසුව එය අහෝසි කරන ලදි.
සී එස් එන් නාළිකාවෙන් ඉවත්කර දැන් ක්රිකට් තරග විකාශන අයිතිය පවරා ඇති වික්රමසිංහ පවුලේ ටීඑන්එල් නාළිකාව රට පුරා තියා කොළඹ හා තදාසන්න නාගරික ප්රදේශවලටවත් හරි හැටි නොපෙනෙන දුර්වල විකාශණ තත්වයේ පවතින නාළිකාවකි.
සජීවී ක්රිකට් තරග විකාශය රටපුරා දර්ශනය නොවන CSN නාළිකාවට පැවරීම නිසා දැඩි අපහසුතාවයට පත්වූ ක්රිකට් ලෝලීන්ගෙන් නැගුණු අප්රසාදය පසුගිය රජයේ බලධාරීන් තුට්ටුවකට ගණන් ගත්තේ නැත. ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් මහජන මතය ඉක්මවා ගිය පසුගිය රජයේ බලධිකාරිය පවුල්වාදී “රාජපක්ෂ රෙජීමය“ ලෙස හදුන්වමින් වත්මන් අගමැතිවරයා විසින්ම දැඩි ලෙස විවේචනයට ලක් කළ අතර ජනවාරි අට වනදා බලය ඉල්ලුවේ එකී රෙජිමය ගෙදර යවා සැබෑ “වෙනසකට“ මුළ පුරනවා යැයි පවසමිනි.
නමුත් දැන් දැන් සිදුවන බොහෝ සිදුවීම් වලින් පෙනී යන්නේ “වෙනස“ නමින් සිදුව ඇත්තේ මහජන මතය ඉක්මවා ගිය බලාධිකාරිය රාජපක්ෂ රෙජීමයෙන් – වික්රමසිංහ රෙජීමයට සීරු මාරු වීම පමණක් නොවන්නේද?

ජනවාරි 9 කිරිබත් කාපු උන්ට මොනවා හිතෙනවා ඈතිද

gl