විකාර-ත්‍රෙඩ්-එකක්

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මේක විකාර ත්‍රෙඩ් එකක් නම් නෙවෙයි... මේවගෙ ඒවට නම් මාත් පට්ට ආසයි... දිගටම දාපන් මචන්.. මෙන්න මේකත් බලපන්... twin paradox ... මං ත්‍රෙඩ් එකක් දාන්න බලද්දි දක්කෙ කිරියෙ මෙක දල තියෙනව..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පට්ට ත්‍රේඩ් එක. එත් මචන් ඔයා ත්‍රේඩ් දාන වේගේට රෙප් ආපහු දෙන්න අමාරුයි.

    අපි හැමෝම හැම දෙයක් ගැනම දකින්නෙ දැනට අපි අත්දැකල තියෙන දේවල් අනුව. ඒකයි කවුරුත් ඊට පිටට යන්නෙ නැත්තෙ. ගොඩක් දෙනෙක් හිතන්නෙ ජීවීන් ඇතිවෙන්න ජලය,ඔක්සිජන්........ ඕන කියලයි. ඒත් ඒ අපිටනෙ. ඔය දේවල් ඕන නැති ජීවීන් ඉන්න බැරිද? වෙනස් ඉන්ද්‍රියන් තියෙන වෙනස් ස්වරූප වල ජීවීන් ඉන්න බැරිද? ඇත්තටම ස්වරූපය කියන්නෙත් අපේ ලෝකෙ තියෙන දෙයක්නෙ. ඕකත් සමහරවිට අනිත් ජීවින්ට නැති වෙන්න පුලුවන්. ඒ වගේම අපි කවදාවක්වත් දැකලා නැති පාට. ඒ වගේම වෙනස්ම ඉන්ද්‍රියන්. තව දාහක් දේවල් මගේ හිතට ඇවිල්ල තියෙනවා.

    දාන්න පහක්. මටත් හිතෙන්නේ ඔහොමම තමයි.
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    :)
    ලස්සන ත්‍රෙඩ් එක මචන් ,
    ස්තුතියි යාලුවා
    වීඩියෝ එකට ස්තුතියි මිත්‍රයා
    මේක විකාර ත්‍රෙඩ් එකක් නම් නෙවෙයි... මේවගෙ ඒවට නම් මාත් පට්ට ආසයි... දිගටම දාපන් මචන්.. මෙන්න මේකත් බලපන්... twin paradox ... මං ත්‍රෙඩ් එකක් දාන්න බලද්දි දක්කෙ කිරියෙ මෙක දල තියෙනව..

    ඒක නං සිරාම ලිපියක්. මේගැන කිව්වට ගොඩක් ස්තුතියි :)
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඒ අය ලග ප්‍රභල දුරේක්ෂයක් තියෙනවා නං මේ මොහොතේ ඒ අය අපේ ලෝකේ දිහා බලද්දී මොනවා පෙනෙයිද? ඇත්තටම ඒ අයට පෙන්නේ මීට අවුරුදු මිලියන 280 කට කලින් මෙහෙ හිටපු ඩයිනෝසෝරයින් පනපිටින් එහෙ මෙහෙ ඇවිද ඉන්න විදිය තමයි.

    හරියට නිකන් විශ්වයේ තියෙන සියළු දේ රෙකෝඩ් වෙනවා වගේ. පිස්සු හැදෙනවා. මම හරි ආසයි ඕව ගැන හොයන්න.
    o7x1oEZ.gif
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ඒ අය ලග ප්‍රභල දුරේක්ෂයක් තියෙනවා නං මේ මොහොතේ ඒ අය අපේ ලෝකේ දිහා බලද්දී මොනවා පෙනෙයිද? ඇත්තටම ඒ අයට පෙන්නේ මීට අවුරුදු මිලියන 280 කට කලින් මෙහෙ හිටපු ඩයිනෝසෝරයින් පනපිටින් එහෙ මෙහෙ ඇවිද ඉන්න විදිය තමයි.

    හරියට නිකන් විශ්වයේ තියෙන සියළු දේ රෙකෝඩ් වෙනවා වගේ. පිස්සු හැදෙනවා. මම හරි ආසයි ඕව ගැන හොයන්න.
    o7x1oEZ.gif

    ඇත්තටම කිව්වොත් මේ තියරිය අනුව (තියරියක් නෙමෙයි, මේක ඔප්පු වෙලා තියෙන දෙයක්) එක එක ආලෝක වර්ෂ වල ඉදලා පෘතුවිය දිහා බලන අයට අපේ ලෝකේ එක එක කාල වල තිබුන විදිය තමයි පෙන්නේ.

    අර මුලින් කිව්ව ආලෝක වර්ෂ ,මිලියන ගාන ඇතින් ඉන්නා අයට ඒ විදියට ඩයිනෝසෝරයින් පෙනෙයි. වෙනස් ආලෝක වර්ෂ වල ඉන්නා අයට ඉන්නා අයට බුදුහාමුදුරුවෝ එහෙම වැඩ හිටපු කාලේ, ජේසු තුමා හිටපු අවදිය එහෙමත් පෙනෙයි ඒ ඒ කාල අනුව.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    machan mata me part eka poddak awul...
    tikak pahadili karapan..

    අන්තිමට අපි බලමු ස්ටෙෆාන්ගේ පංචමය කියන ගැලැක්සි පහ දිහා. මේක දිහා බැලුවම අපිට පේන දෙයක් තමයි ඒ ගැලැක්සි පහම එකිනෙකා ගට්ටනය වෙන විදිය. ඒත් ඇත්තටම බලද්දී ඒ දේ වෙලා තියෙන්නේ මිට අවුරුදු මිලියන 280 කට කලින්. ඉතින් කිසියම් විදියක අපි වගේ සත්ත්ව විශේෂයක් ඒ ගැලැක්සි පහෙන් එකක හරි ඉතිරි වෙලා ඉන්නවා නං, ඒ අය ලග ප්‍රභල දුරේක්ෂයක් තියෙනවා නං මේ මොහොතේ ඒ අය අපේ ලෝකේ දිහා බලද්දී මොනවා පෙනෙයිද? ඇත්තටම ඒ අයට පෙන්නේ මීට අවුරුදු මිලියන 280 කට කලින් මෙහෙ හිටපු ඩයිනෝසෝරයින් පනපිටින් එහෙ මෙහෙ ඇවිද ඉන්න විදිය තමයි.
     
    [FONT=&quot]අපේ සුර්යයාගේ ඉදලා,මේ ලෝකෙට ආලෝකය ගමන් කරන්න විනාඩි 8 ක් ගතවෙනවා කියන එක. එකියන්නේ අපි දැන් මේ දකින්නේ මේ මොහොතේ තියෙන ඉර නෙමෙයි. ඊට විනාඩි 8 කට කලින් ඒක තිබුන විදිය. උදාහරනයක් විදියට මොකක් හරි බලගතු දෙයක් වෙලා සුර්යයා එක පාරටම අදුරු උනා කියලා හිතන්න. ඒක අපි දැනගන්නේ ඒ දේ වෙලා විනාඩි 8 ක් ගියාම පස්සේ තමයි[/FONT].

    මේදේ අනික් පැත්තට වෙන්නේ කවුරු හරි ඉරේ ඉදන් පෘතුවිය දිහා බලනකොටත්. එහෙ කාටහරි ඉන්න පුළුවන් නං,එයා මේ මොහොතේ පෘතුවිය දිහා බලනකොට එයාට පෙන්නේ මේ දැන් තියෙන පෘතුවිය නෙමෙයි, විනාඩි 8 ක් පරණ පෘතුවියක්.

    පෘතුවියේ ඉදලා, ඈතට යන්න යන්න මේ කාලය තවත් වැඩි වෙනවා.

    ඇත්තටම කිව්වොත් මේ තියරිය අනුව (තියරියක් නෙමෙයි, මේක ඔප්පු වෙලා තියෙන දෙයක්) එක එක ආලෝක වර්ෂ වල ඉදලා පෘතුවිය දිහා බලන අයට අපේ ලෝකේ එක එක කාල වල තිබුන විදිය තමයි පෙන්නේ.

    අර මුලින් කිව්ව ආලෝක වර්ෂ ,මිලියන ගාන ඇතින් ඉන්නා අයට ඒ විදියට ඩයිනෝසෝරයින් පෙනෙයි. වෙනස් ආලෝක වර්ෂ වල ඉන්නා අයට ඉන්නා අයට බුදුහාමුදුරුවෝ එහෙම වැඩ හිටපු කාලේ, ජේසු තුමා හිටපු අවදිය එහෙමත් පෙනෙයි ඒ ඒ කාල අනුව.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඇත්තටම කිව්වොත් මේ තියරිය අනුව (තියරියක් නෙමෙයි, මේක ඔප්පු වෙලා තියෙන දෙයක්) එක එක ආලෝක වර්ෂ වල ඉදලා පෘතුවිය දිහා බලන අයට අපේ ලෝකේ එක එක කාල වල තිබුන විදිය තමයි පෙන්නේ.

    අර මුලින් කිව්ව ආලෝක වර්ෂ ,මිලියන ගාන ඇතින් ඉන්නා අයට ඒ විදියට ඩයිනෝසෝරයින් පෙනෙයි. වෙනස් ආලෝක වර්ෂ වල ඉන්නා අයට ඉන්නා අයට බුදුහාමුදුරුවෝ එහෙම වැඩ හිටපු කාලේ, ජේසු තුමා හිටපු අවදිය එහෙමත් පෙනෙයි ඒ ඒ කාල අනුව.

    මම උබ කිව්ව එක මා විසින්ම පැහැදිලි කරගත්තේ මෙහෙමයි. :frown:

    ආලෝකයේ වේගය= 299 792 458 m / s
    බුධ ග්‍රහයාගේ සිට ප්‍රථිවියට ඇති දුර = 92,000,000 KM
    planets-distance.png

    KM --> m (meter)
    92,000,000 X 1000= 92,000,000,000 m

    ප්‍රථිවියේ සිට බුධ ග්‍රහයා නැරබීමට යන කාලය(Sight Latency)

    92,000,000,000 / 299 792 458
    = 306.878 S (seconds)
    = 307 / 60
    =5 minutes යනවා. ඒ කියන්නේ අපි බුධ ග්‍රහයා දකිනවා නම් දකින්නේ මීට පෙර මිනිත්තු 5 කට පෙර එය පැවති තත්වයයි. :eek:
     
    මචන් පැහැදිලියි... ඒ කියන්නේ එයාලා ගාව අපිව බලන්න පුළුවන් දුරේක්ෂයක් තිබ්බොත් එකෙන් බලන්නේ අවරුදු මිලියන 280 කට කලින් මෙහෙ සිද්ද උන දේවල් ,
    පිස්සු හැදිලා අයෙත් හැදෙනවා
     
    sira machan..dan pahadili..!
     
    හොද පැහැදිලි කිරීමක් මිත්‍රයා. ගොඩක් ස්තුතියි. :)
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    මචන් පැහැදිලියි... ඒ කියන්නේ එයාලා ගාව අපිව බලන්න පුළුවන් දුරේක්ෂයක් තිබ්බොත් එකෙන් බලන්නේ අවරුදු මිලියන 280 කට කලින් මෙහෙ සිද්ද උන දේවල් ,
    පිස්සු හැදිලා අයෙත් හැදෙනවා

    sira machan..dan pahadili..!
    :):)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මේ වගේ දේවල්වලට ආස නම් Cosmos-Space Time Odyssey බලන්න. අපේ විශ්වය හැදෙන හැටි සුපිරියට පෙන්නනවා.

    බලන්න ඕනෙ... කලින් ගියා Through the wormhole කියල series එකක්... ඒකත් සිරා :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ වගේ දේවල්වලට ආස නම් Cosmos-Space Time Odyssey බලන්න. අපේ විශ්වය හැදෙන හැටි සුපිරියට පෙන්නනවා.

    මමත් පොඩි කාලේ ඉඳන්ම ඕවා ගැන පිස්සෙක් බන්. පිස්සු කියන්නේ හොඳටම පිස්සු. ආසයි මේ වගේ දේවල් ගැන උනන්දුව තියෙන කට්ටිය එකතුවෙලා ඉන්නවා දැක්කම.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    අපි මෙතන කතා කරපු හැමදේම ගැන බැලුවම තේරෙනවා අපි හැමදේම ගැන හිතන්නේ අපේ ස්වභාවයෙන්.
    උදා:- ඔක්සිජන්, දේශගුනය වගේ පැරාමීටර්ස් වලට යට වෙලා.

    අර කලින් සහෝ කෙනෙක් කිව්වා වගේ ජීවය හොයන්න ජලය හොයන තැන් සෙවීම උත්තරයක් නොවිය හැකියි.

    තව එකක්. අපෙ තව සහෝ කෙනෙක් ලියල තිබ්බ ජීවයේ උපතට කලින් තිබුනු දේවල් අපිට කවදාවත් දකින්න බෑ----> සහ දකින්න නම් ආලෝකයෙ වෙගයට වැඩියෙන් යා යුතුයි කියලා.

    ඇයි අපි මේ ආලෝකයම ගන්නේ උදාහරනෙට? හේතුව අපි දන්නෙ නෑ ආලෝකයට වඩා වේගයෙන් යන දෙයක්. අපි දන්නවා ආලෝකයේ තරංගමය ස්වභාවයක්-----> ශක්තිය රැගෙන යාමක්.
    ඇපි නොදන්නා ද්‍රව්‍යක් තිබිය නොහැකිද? එය ශක්තිය ගෙනයන්නේ නැතිනම් ?(ශක්තිය ගෙනියන නිසානෙ ශක්තිය වෙනත් දෙයකට පරිවර්තනය වෙලා ආලෝකය කියන දේ ඉවර වෙන්නේ) එහෙම දෙයක් තිබෙනව නම් ඔය කලු කුහර හරහා එනවනේ. අපි අත්විඳින සමහර අද්භූත දේවල් එවන් වූ ස්වරූපයක් විය නොහැකිද?

    E=MC^2 කියලානෙ අද තියෙන භෞතික විද්‍යාව අවසානෙට ගොඩ නගලා තියෙන්නේ.

    E - ශක්තිය
    M - ස්කන්දය
    C - ආලෝකයෙ වේගය

    අපිට ඔය සූත්‍රය හදන්න ගත් මූලික සංකල්ප අභියෝගයට ලක් කල හැකියි C කියන එක තව දුරත් අති ප්‍රභලම ධාවකයා නොවුනොත්. යම් හෙයකින් එසේ උව හොත් ස්කන්දය මැවීමක් දක්වා වෙනස් වේවි.

    ඒ කියන්නෙ අපි අද මේ පරික්ශාකරන නරඹන වස්තූන්ද තව දුරටත් සත්‍ය නොවේ.
    අර කලින් සහෝ කෙනෙක් කිව්වනෙ අපි මේ දකින තරුව වසර මිලියන ගනනකට පෙර විනාශ ඌවක් විය හැකියි කියලා. එතකොට දැන් මට කියන්න තියෙන්නේ අපෙ ඇස ගැටෙන වස්තුව, ඇල්ලුවොත් අතට දැනෙන වස්තුව කලින් නොතිබුනු එකක් බවයි.

    ස්කන්දය මැවීම ගැන තව හිතන්න ගියොත් මටත් විකාර වේවි.

    මචන් ඒක තමයි බුදුහාමුදුරුවො දේශනා කලේ මේ දැන් තිබෙන වස්තුව ඊළග ක්ෂණයේදී වෙනස් වෙන නිසා මීට මොහොතකට කළින් හිටි මා නෙමෙයි දැන් මේ ඉන්නෙ කියල..

    "I am not the same man to whom you did it. The Ganges goes on flowing, it is never the same Ganges again. Every man is a river. The man you spit upon is no longer here. I look just like him, but I am not the same, much has happened in these twenty-four hours! The river has flowed so much."