ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් නිකුත් වූ විකිරණ පැසිෆික් සාගරයේ ජල ටොන් 11500 කට මුසුව ඇතැයි ජපාන වාර්තා පවසයි.
බලාගාරයේ හානියට පත්වූ ස්ථානයකින් මෙම විකිරණ මුහුදු ජලයට මුසුව ඇති බව එරට විද්‍යාඥයන් සදහන් කරයි. මෙමගින් පැසිෆික් සාගරයේ මුහුදු ජීවින්ට සහ එහි සමුද්‍රීය පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
මෙය දරුණු පාරිසරික ව්‍යසනයක් බව අදාල වාර්තාවන්හි දැක්වෙන අතර බලාගාරයේ තුන් වන ල සිව්වන ල පස්වන සහ හය වන කලාපයන් තුලින් මෙම විකිරණ කාන්දුව සිදුව ඇති බව ටෝකියෝහි විදුලි බල සමාගම සඳහන් කරයි.
එහි දෙවන කලාපය තුල විකිරණ කාන්දුව හදුනාගැනීමට ප්‍රමාදවීම හේතුවෙන් විකිරණ අනතුර ඉහළ ගොස් ඇති බව ද අදාල වාර්තාවේ සදහන්ය. එම තත්ත්වය වළක්වා ගැනීම සදහා පාරිසරික විද්‍යාඥයන් සමග එක්ව ආරක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බව විදෙස් වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.
මෙම තත්වය මත මුහුදු මාළු ආහාරයට ගැනීම අනතුරු දායක විය හැකි බව පවසයි.
(Djwathil පුකුෂිමා න්‍යෂ්ටික බලාගාර භුමියේ සිට)