විකිලීක්ස් තවත් හෙළිදරව්වක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    විකිලීක්ස් තවත් හෙළිදරව්වක්


    Wiki.gif2.gif
    ශ‍්‍රී ලංකා හමුදාව හා කොටි සංවිධානය යුධ මුක්ත කලාපයටද ප‍්‍රහාර එල්ල කර ඇතැයි ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් යවන ලද කේබල් පණිවිඩයක් උපුටා දක්වමින් විකිලීක්ස් වෙබ් අඩවිය සඳහන් කරයි. ඒ පිළිබඳව යුධ මුක්ත කලාපයේ සිටි වෛද්‍යවරුන් පස් දෙනකු ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් පළ කර තිබිණි.


    කෙසේ වෙතත්, 2009 වසරේ ජූලි මාසයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම වෛද්‍යවරුන් පැවසුවේ රජයේ හමුදාව එවැනි පහරදීමක් සිදු නොකළ බවයි. එවැනි පහරදීමක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වෙත පැවසුවේ කොටි සංවිධානයේ බලපෑම මත බවද ඔවුහු පැවසූහ.

    එහෙත් විකිලීක්ස් වෙබ් අඩවියේ සඳහන් අන්දමට, වෛද්‍යවරුන් එම මාධ්‍ය හමුව පවත්වා ඇත්තේ රජයේ බලධාරීන්ගේ බලකිරීම හේතුවෙනි. මාධ්‍ය හමුවේ පැවසිය යුත්තේ මොනවාදැයි ඔවුන්ට බලධාරීන් ප‍්‍රකාශ කර ඇති බවත් මාධ්‍ය හමුවට පෙර දේශීය මාධ්‍යවේදීන් කිහිප දෙනකු ගෙන්වා පෙරහුරුවක් පවත්වා ඇති බවත් එහි අනාවරණය කර ඇත.

    යුද්ධය අතරතුර දී අත්අඩංගුවට පත් වූ මෙම වෛද්‍යවරුන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර පසුව ඔවුන් ඇප මත නිදහස් කරනු ලැබිණි.
     

    nkrockers

    Member
    Oct 5, 2007
    946
    5
    0
    HOMAGAMA
    hari hari kohoma hari kamak naha yudde iwarane malli mata e athi moko koti kolaba bomba gahaddi manawa himikam kada nowana akarayatada bomba gahuwe
     

    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    අපිට පාන්ද?....
    පරිප්පුද?....
    බතලද?....

    කොහොම හරි කොටියා කම්බස්... එච්චරයි.:)

    ඔය කේබල් එක යවලා තියෙන්නේ මෙහෙ ඉන්න පර සුද්දෙක්නේ?
    :frown: