විග්නේශ්වරන්ගේ_කතාවට_රාජ්සෝ_මදේවගෙන්
ආණ්ඩුවට ඩෝන් ගිහින් තියෙන්නේ මේකට විග්නේශ්වරන්ට ගැහුවාම ආණ්ඩුවේ කාටද රිදෙන්නේ ???
ඉතිහාසය විකෘති කළ විග්නේශ්වරන්ගේ කතාවට රාජ් සෝමදේවගෙන් උත්තර
පසුගිය සතිඅන්ත පුවත්පතකට කළ ප්‍රකාශයක් සමාජජාල අතර සහ විවිධ පිරිස් අතර කතාබහට ලක්විය. ඔහු පවසා තිබුණේ සිංහල ජාතියේ උපතටත් පෙර සිටම ද්‍රවිඩ ජාතිකයින් මේ රටේ ජනාවාසගතව සිටි බවයි. එසේම සිංහල භාෂාවක් ලෙස ආරම්භ වූයේ ක්‍රිස්තු උත්පත්තියටත් පසුව බව ඔහු පවසා තිබුණි.
මෙම ප්‍රකාශය පිළිබඳව විවේචන බොහොමයක් සමාජජාල අතර පැතිර ගිය බැවින් මෙම ප්‍රකාශය කුමන පදනමකින් ප්‍රකාශ වූවක්දැයි සෙවීමට අපි කල්පනා කළෙමු. රටේ පිළිගත් ශාස්ත්‍රීය විද්වතකු වන ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේවගෙන් අපි මේ පිළිබඳව විමසුවෙමු. බහුතර පිරිසකට ඓතිහාසික කරුණු කාරණා සම්බන්ධව ඇත්තේ පැටලිලි සහගත අදහස් බැවින් ඒවා නිරවුල් කර දීම පුවත්පතක් ලෙස අපගේ යුතුකමක් සේ සලකමු. මේ මහාචාර්ය රාජ් සෝමදේව සමග පැවැත්වූ එම සංවාදයයි.
පසුගිය දිනෙක උතුරු මහඇමති විග්නේශ්වරන් පවසා තිබුණා මේ රටේ සිංහල ජනයා ජනාවාසගත වෙන්න කලින් ද්‍රවිඩ ජනයා මේ රටේ ජනාවාසගතව සිටි බවක්. මේ කතාවේ සත්‍ය අසත්‍යතාව කුමක්ද ?
එම අදහස ශාස්ත්‍රීය වශයෙන් පදනම් විරහිත බව පළමුව කිව යුතුයි. මේ රට ජනාවාස කරන ලද්දේ ආදී හෝමෝසේපියන් නමින් හැඳින්වෙන මානවයා විසින්. දැනට ලැබී තිබෙන මානව විද්‍යාත්මක සහ පුරාවිද්‍යත්මක සාක්ෂි අනුව එ් සිද්ධිය සිදු වන්නට ඇත්තේ අවම තරමින් මීට අවුරුදු 1,25,000කට පමණ ඉහත කාලවකවානුවකදී. හෝමෝසේපියන් මානවයා අප්‍රිකාවෙන් නික්ම යාමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ලෝකය පුරාම සංක්‍රමණය වී ව්‍යාප්ත වුණා. එය සිදු වන්නට ඇත්තේ මීට අවුරුදු 1,50,000 කට හෝ එ් ආසන්න කාලයක බවයි පර්යේෂකයින්ගේ අදහස. මෙම ජනගහන විසරණයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවටත් හෝමෝසාපියන්වරුන්ගේ ආගමනය සිදුවු බව පෙනෙනවා.
එ් අය දෙමළද සිංහලද යනුවෙන් ප්‍රශ්න කිරීම නිරර්ථකයි. ඊට හේතුව ඔවුන්ගේ එවැනි සංවිධානගත සමාජයක් නිර්මාණය වීමට පෙර යුගයකට අයත් වූවන් වීම. එලෙස මෙරටට සංක්‍රමණය වූ හෝමෝසේපියන්වරු සහ තවමත් මෙරට ජීවත් වන වැදි ජනතාව අතර සමීප ජීවවිද්‍යාත්මක සබඳතාවක් පවතින බව මීට පෙර අවස්ථා කිහිපයකදී විද්‍යානුකූලව පෙන්වා දී තිබෙනවා. එවැනි සංසන්දනයක් කළ හැකි වූයේ එ් පැරණි මානවයින් ඇටසැකිළි කිහිපයක් පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබීම නිසායි. එපමණක් නොවෙයි. වැදි ජනතාව සහ බහුතර ශ්‍රී ලාංකික ප්‍රජාව අතර පවතින ඇතැම් මානවරූපී හා ජීවවිද්‍යාත්මක සමාන්තරතා ගැනත් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මුල් ජනසංක්රමණය එලෙස සිදු වුවත් පසුගිය අවුරුදු 10,000ක කාලය තුළ තවත් ජනසංක්‍රමණ රැළි කිහිපයක් සිදුවන්නට ඇතැයි කල්පනා කිරීමට පොළඹවන සාක්ෂි තිබෙනවා.
එ් අතරින් සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණයක් වන්නේ ලංකාවට ආවේණික නොවූ ඇතැම් සත්ත්ව වර්ග ඉතා පුරාණ කාලයක සිට මේ රටේ වාසය කළ බව සනාථ කිරීමට අවශ්‍ය කරන සාක්ෂි තිබීමයි. මීට ඉදිරිපත් කළ හැකි හො`දම නිදසුන වන්නේ සුනඛයින් මෙරටට සේන්දු වීමයි. අපේ කැලෑවල ගෘහාශි‍්‍රත නොවූ සුනඛයින් දකින්නට නැහැ.
එමෙන්ම එසේ සිටි බවට කිසිදු සාක්ෂියක් ඓතිහාසික යුගයෙන් අපට හමුවන්නේත් නැහැ. ආසියාවේ පළමුවරට සුනඛයින් ගෘහාශි‍්‍රත කරන ලද්දේ අග්නිදිග ආසියාවේයි. එ් මීට අවුරුදු 12,000ත් 9,000ත් අතර කාලයක බව විද්‍යානුකූලව තහවුරු කර තිබෙනවා. නමුත් බෙල්ලන්බැ`දිපැලැස්සේ ප්රාග් ඓතිහාසික ජනාවාසයෙන් සුනඛයින්ගේ අස්ථි කොටස් සොයා ගෙන තිබෙනවා. එ් මීට අවුරුදු 12,000ත් 6,500ත් අතර කාලයකට අයත් සාක්ෂි ලෙසයි.
මින් පෙන්නුම් කරන්නේ සුනඛයින් සමග මිනිසුන් අග්නිදිග ආසියානු ප්‍රදේශයකින් එතරම් ඈත යුගයකදී මෙහි පැමිණෙන්නට ඇති බවයි. වාග් විද්‍යාව පැත්තෙන් වුවත් මේ අදහස ගැන වැඩිදුර කල්පනා කිරීමට අවශ්‍ය සාක්ෂි සොයා ගත හැකියි. මෑත කාලයේදී සිදු කරන තිබෙන ඇතැම් භෞතික මානව විද්‍යාත්මක අධ්‍යයනවලින් මෙරට දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර පැහැදිලි ජීවවිද්‍යාත්මක සබ`දතා දක්නට නොමැති බව පෙන්වාදී තිබෙනවා.
ඇමෙරිකානු ජාතික භෞතික මානව විද්‍යාඥවරියක් වන ඩයනා හෝකි විසින් කරන ලද අධ්‍යයනය මීට කදිම නිදසුනක්. 1960 දශකයේදී කෙනත් ආර්. කෙනඩි විසින් සිදු කළ අධ්‍යයනත් මීට නිදසුන් කළ හැකියි. මෙරට ඓතිහාසික ජන සංයුතිය ගැන කල්පනා කිරීමේදී මේ සියලූ සාධක සැලකිල්ලට ගත යුතුව තිබෙනවා. මෙරටට ආ ගිය සහ මෙහි වාසය කළ ජන කණ්ඩායම් අතරින් දෙමළ ජනතාව තවත් එක් පිරිසක් පමණයි. මීට අවුරුදු 2300කට පමණ පෙර කාලයක සිට කාම්බෝජවරු, යවනයින් (අයෝනියන්* භරත වංශිකයින් ආදි කණ්ඩායම් මෙරට වරායන් ආශ්‍රිතව සහ නගර ආශ්රිත ජීවත් වූ බවට සාක්ෂි තිබෙනවා. නමුත් අන් වාර්ගික ජන කණ්ඩායම් අතර දෙමළ පිරිස් කැපී පෙනෙන්නේ ඔවුන්ගේ නිජබිම වූ දකුණු ඉන්දියාව ශ්‍රී ලංකාව සමග දැක්වූ සමීප භූගෝලීය සබඳතාව නිසයි.
ඇතැම් පිරිස් සිතනවා මෙරට සිංහල ජනයාගේ ආරම්භය සිදුවන්නේ විජය රජුගේ පැමිණීමත් සමග බව. නමුත් එ් වන විටත් කුවේණිය ඇතුළු ජනකණ්ඩායම් මෙරට ජීවත් වී තිබෙනවා. මහාවංසය, මහාභාරතය වැනි ග්‍රන්ථවල ලංකාව සම්බන්ධයෙන් ඊටත් එහා ගිය ශිෂ්ටාචාරගත ඉතිහාසයක් පිළිබඳව පැවසෙනවා. එ් ගැන ඔබේ අදහස කුමක්ද?
මේ රට ජනාවාස කළ ආද්ය හොමෝසාපියන්වරු දිගින් දිගටම මෙහි වාසය කළා. එ් බව සනාථ කිරීමට අවශ්‍ය කරන විද්‍යාත්මක දිනනිර්ණ පුරාවිද්‍යාඥයින් විසින් දැනටමත් ස්ථාපනය කර තිබෙනවා. ඔවුන් මේ අඛණ්ඩව ජීවත් වූ පිරිසක්.
නමුත් ක්‍රිස්තුපූර්ව පළමුවන සියවසේ දෙවන භාගයයේදී ඉන්දීය සාගරය හරහා සිදු වූ වෙළෙඳ කටයුතු සහ ඊට තදනුබද්ධව සිදුවූ සංස්කෘතික ගනුදෙනුවලදී මෙරට ස්වදේශික වැසියන් ඊට ප්‍රතික්‍රියා දැක්වූයේ කෙසේද යන්න පරීක්ෂා කර බැලීම වෙත අවධානය යොමු කිරීමට අප කල්පනා කළේ ඉතා මෑත අවධියකදීයි. එහෙයින් එ් ගැන අපට තිබෙන දැනුම අසම්පූර්ණයි. කෙසේවෙතත් 2007 වර්ෂයෙන් පසුව අප විසින් කර තිබෙන පර්යේෂණවලින් දේශීය ප්‍රජාව එ් වාණිජ-සංස්කෘතික ව්‍යාපාරය අබියස ඊට මුහුණ දුන්නේ කෙලෙසකද යන්න තේරුම් ගැනීමට ඉවහල් කර ගත හැකි සාක්ෂි සැලකිය යුතු ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා. මේ සාක්ෂිවලින් පෙන්වා දෙනු ලබන්නේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේදී සිදු වූවායැයි සැලකෙන විජය ඇතු`ඵ පිරිසගේ පැමිණීමට සියවස් ගණනාවකට පෙර මෙරට විසූ ජනතාව සංවිධානාත්මක ලෙස සංස්කෘතිකව හැඩ ගැසෙමින් සිටි බවයි. නිදසුනක් ලෙස දක්වන්නේ නම් අප විසින් පසුගිය වසරේ අවුරුදු 5300 ක් පැරණි වට්ටි කැබැල්ලක් සොයා ගනු ලැබුවා. ගසක පට්ට ගලවා එ්වා පදම් කර වට්ටියක් වියා ඊට ආහාරයට ගත හැකි පිළිස්සු ඇට වර්ගයක් දමා තිබෙනවා. මෙය සංවිධිත හැසිරීමක් ලෙස වටහා ගැනීම අපහසු නැහැ. එහෙයින් අපේ රටේ සංස්කෘතික ඉතිහාසය රටේ ජනගහන ඉතිහාසය තරමටම පැරණියි.
උතුරු ඉන්දියානු ආර්යයන් සමග සිංහල ශිෂ්ටාචාරය දක්වන්නේ කුමන අන්දමක සම්බන්ධයක්ද?
ආර්ය යන සංකල්පය වාර්ගික අරුතකින් භාවිත කිරීම ගැන දැන් මතභේද මතුව තිබෙනවා. මීට දශකයකට පමණ ඉහතදී කීර්තිමත් ඉන්දියානු ජාතික මහාචාර්යවරියක් වූ රොමිලා තාපර් එ් ගැන නිවැරදි අදහස් මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඇත්තෙන්ම ආර්ය යන වචනයට ආසියානු සන්දර්භය තුළ වාර්ගික අර්ථයක් නැහැ. මෙම සංකල්පය පළමුවරට දක්නට ලැබෙන්නේ වේද සාහිත්‍යයේයි. එහි එම පදය භාවිත කර තිබෙන්නේ උසස් පූජකයින් හැ`දින්වීමටයි. ඊට තිබෙන්නේ ආගමික අර්ථයක්. බුද්ධශ්‍රාවකයින් වහන්සේලා හැ`දින්වීමටත් ආර්ය පදය යොදන බව අප දන්නවා. බුදුදහමේ ඉගැන්වෙන උතුම් සත්‍යය අප හ`දුන්වන්නේ ආර්ය සත්‍යය යන නමින්. පසුගිය අවුරුදු 2300 ක පමණ කාලය තුළ අපේ රටේ සංස්කෘතික හැඩ ගැස්වීමට යම් තීරණාත්මක බලපෑමක් ඇති කළේ උතුරු ඉන්දියාවයි.
විශේෂයෙන්ම එ් මෞර්ය අශෝකගේ දේශපාලන ව්‍යාපාරය සහ එවක වර්ධනය වෙමින් තිබූ ඉන්දීය සාගරයේ අන්තර්-සමුද්‍රික වෙළ`ද ගනුදෙනුවල බලපෑමෙන් බව පෙනෙනවා. නිදසුනක් ලෙස අපේ වර්තමාන සිංහල අක්ෂර වර්ධනය වුණේ උතුරු ඉන්දීය බ්රාහ්මී අක්ෂර පදනම් වීමෙන්. අපේ රටේ සෙල්ලිපිවල දක්නට තිබෙන මුල්කාලීන ප්රාකෘත භාෂාවට බලපැවැත්වූයේද සංස්කෘත සහ පාලි භාෂාවල බලපෑමයි. අපේ රටේ සභ්‍යත්වය ආර්ය සභ්‍යත්වයේ පිටපතක් යැයි සැලකීම තවදුරටත් වලංගු අදහසක් යැයි මා කල්පනා කරන්නේ නැහැ. සිංහල සංස්කෘතියේ අඩිතාලම වූයේ වසර දහස් ගණනක් තිස්සේ මෙරට පැවති දැනුම හා කුසලතා සහ එ්වා ආගන්තුක සංස්කෘතික අංග සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ඇති කර ගත් ප්රතිශක්තියයි.
උතුරු මහඇමතිවරයා පෙර කී ප්‍රකාශයේම පවසනවා සිංහල භාෂාව ඇරඹෙන්නේ ක්‍රිස්තු වර්ෂ 6 වන සහ 7 වන සියවස් අතර කාලයේදී බව. ඔහු පවසන ආකාරයට සිංහල භාෂාව ඇරඹෙන්නේ ක්‍රිස්තු උත්පත්තියට පසුවයි. එතෙක් මේ රටේ ජීවත් වූ මිනිසුන් භාවිත කළේ කුමන භාෂාවක්ද?
මීට අවුරුදු 2500කට පෙර මේ රට හැඳින්වූයේ සිහලදීප හෙවත් සිංහලදීපය යනුවෙන්. ග්‍රීක් ජාතිකයින් එම පදය ලියා තිබෙන්නේ සෙයිලාන් යනුවෙන්. අරාබි ජාතිකයින් එම පදය උච්චාරණය කළේ සෙරෙන්දිබ් යනුවෙන්. මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කළ පසු එ් ආසන්න කාලයේම රචිත බුදුදහමේ වැඩිදුර විස්තර කිරීම් ඇතුළත් අට්ඨකථා රචනා වූයේ සිංහල භාෂාවෙන්. එ් නිසා එ්වා හඳුන්වා දී තිබෙන්නේ සීහලට්ඨකථා යනුවෙන්. මේ රටට සිහලදීප යනුවෙන් ව්‍යාවහාර කිරීමට හේතුව එහි වාසය කරන ජනතාව එ් නමින් යුත් භාෂාවක් කථා කිරීම බව පැරණි පොත්පත්වල ස`දහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂයෙන් හයවන සියවස වන විට අප රටේ වැසියන් එ් භාෂාවෙන් විශාල සෙල්ලිපි සාහිත්‍යයක් පවා නිර්මාණය කර තිබුණා. සීගිරි කැටපත් පවුරේ ලියා තිබෙන අතිශය ඉහළ සාහිත්‍ය රසසාස්වාදයක් තිබෙන ගී ක්‍රිස්තු වර්ෂයෙන් අටවන සියවසේ පැවති පරිණත සිංහල භාෂාව පිළිබ`ද කදිම නිදසුනක්.
සිංහල භාෂාවේ අතීතය ගැන මෙරට සිටින හා සිටි ප්‍රවීණ භාෂා ඉතිහාසඥයින් විසින් ප්‍රාමාණික ලෙස ලියා පළ කර තිබෙනව
මෙරට ද්‍රවිඩ ජනාවාස බිහිවන්නේ කුමන කාලවකවානුවකද ඊට බලපෑ හේතු සාධක මොනවාද?
මෙරටට දෙමළ ජනතාව මුල්වරට සංක්‍රමණය වුයේ වෙළඳ පරමාර්ථ මූලික කර ගෙන බව පෙනෙනවා. මුහුදු වෙළඳාමත්, බටහිර වෙරළේ මුතු කිමිදීමටත් ඔවුන් උනන්දුවක් දැක්වූවා. මෙරට දේශපාලනයට බලපෑමක් ඇති කළ ප්‍රථම දෙමළ ජාතිකයා වූ එළාර අනුරාධපුරය සිය මධ්‍යස්ථාන කර ගත්තේ මාතොට වරායේ ආදායම ලබා ගැනීමේ අරමුණින් බව පෙනෙනවා. එ් කාලයේ දකුණු ආසියාවේ වඩාත් දකුණින් පිහිටි විශාලම අන්තර්ජාතික වරාය වුණේ මාතොට වරායයි. එහි පාලන බලය අත්පත් කර ගැනීමෙන් වාසිදායක වෙළ`දාමකට හිමිකම් කිව හැකි වුණා. ඉන් අනතුරුව මෙරට දේශපාලනයට බලපෑමක් කළ සේන සහ ගුත්තික අශ්ව වෙළ`දාමේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙක්.
මෙලෙස වෙළ`ද කටයුතු අරභයා මෙහි පැමිණි දෙමළ ජාතිකයන් ගැන පුරාණතම සෙල්ලිපිවල ස`දහන් වෙනවා.
එවැනි කටයුතවලදී මෙරට වැසියන් සමග ඔවුන් විවාහ සබඳතා පවා ඇති කර ගත් අවස්ථා තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ තිබෙන එක්තරා සෙල්ලිපියක විශාඛ නම් දෙමළ වෙළෙන්දෙක් සමග විවාහ වූ සිංහල කාන්තාවක් ගැන ස`දහන්. මෙවැනි සම්මිශ්‍රණය වීම් ස්වභාවිකයි. මනුෂ්‍ය හැ`ගීම්වලට ජාතිභේද නොමැති බව අප දන්නවා. මෙවැනි සම්මිශ්‍රණය වීම් නිසා දෙමළ භාෂාව කථා කරන ප්‍රජාව මෙහි පදංචි වීම තර්කානුකූලයි. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී දෙමළ භාෂාව කථා කරන ගෘහපතීන් පදංචිව සිටි වීදියක් අනුරාධපුරයේ තිබුණු බව මහාචාර්ය පරණවිතාන විසින් පෙන්වා දී තිබෙනවා. අපට කිව හැක්කේ මීට අවුරුදු 2300 කට පමණ පෙර වකවානුවක සිටි දෙමළ භාෂාව කථා කරන කණ්ඩායම් මෙරට වරායන් හා නගර ආශ්‍රිතව ගැවසුණු බවත් ඉන් ඇතැම් කණ්ඩායම් මෙරට ස්වදේශික වැසියන් සමග අන්තර්ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට දීර්ඝකාලීනව ජීවත් වන්නට ඇති බවයි. මෙරට දෙමළ ජනාවාස බිහිවීම සහ පැතිරීම පිළිබඳ අදහස ඉතිහාසයේ බොහෝ පසුකාලයකට අයත් ක්‍රියාවලියක් සහ සංකල්පනාවක්.
මේ රටේ මුස්ලිම් ජනාවාස බිහි වූ ආකාරය පිළිබ`දවත් යම් පැහැදිලි කිරීමක් කළොත් ?
මුස්ලිම් යනුවෙන් ඔබ මෙහිදී අදහස් කරන්නට ඇත්තේ ඉස්ලාම් භක්තිකයින් යැයි මම සිතනවා. එ් අරුතින් ගන්නේ නම් මෙරටට මුස්ලිම්වරුන්ගේ ආගමනය ක්‍රිස්තු වර්ෂයෙන් නව වන සියවසට වඩා පසුපසට ගමන් කරන්නේ නැහැ.
මහම්මත්තුමා බිහිවන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් හයවන සියවසේදීයි. එහෙයින් ඉස්ලාම් ආගමට තිබෙන්නේ ඉන් මෙපිට ඉතිහාසයක්. නමුත් අරාබි ජාතිකයින් ඊට පෙර වකවානුවක සිට මේ රට සමග සම්බන්ධතා පැවැත්වූයේ වෙළ`ද අරමුණු පදනම් කර ගෙනයි. අරාබි වෙළ`දුන් ශ්‍රී ලංකාව සමග ඉතා ප්‍රියමනාපව කටයුතු කළ බවට වාර්තා තිබෙනවා.
එකල මෙරට පාලකයින් පවා ඔවුන්ට විශේෂ අනුග්‍රහ ලබා දී තිබෙනවා. පසුකාලයක එනම් 12 වන සහ 13 වන සියවස්වලදී මුස්ලිම් වෙළ`දුන් මැණික් සොයා සබරගමු පළාතේ සංචාරය කළා. ඉබන් බතූතා ශ්‍රී පාදය නැරඹීමට ගමන් කරන්නේ එලෙස සබරගමුව ගැන දැන සිටි මුස්ලිම් වෙළ`ඳුන්ගෙන් ලද තොරතුරු අනුවයි.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල තිබෙන ඓතිහාසික ස්ථාන ඩෝසර් කර දමන ආකාරය පවා පසුගිය දා අපි දැක්කා. ඉතිහාසයේ පටන් එ් ප්‍රදේශවල තිබූ පෞරාණික උරුමය විනාශ වන්නට ගත්තේ කුමන බලපෑමකින්ද?
පෘතුගීසීන් මෙරටට පැමිණෙන තෙක් ඉතිහාසයේ කිසිදු දිනෙක මෙරට පෞරාණික උරුමයට කිසිදු තර්ජනයක් කාගෙන් හෝ සිදු වුණේ නැහැ. මෙරට දේශපාලන බලය අත්පත් කර ගත් ප්‍රබල වෝල රජවරු පවා බෞද්ධ විහාරාරාම ආරක්ෂා කළ ආකාරය චෝල පාලකයින් ත්‍රිකුණාමලයේ වෙල්ගම් වෙහෙර වෙත දැක්වූ ප්‍රතිචාරයෙන් පැහැදිලි වෙනවා. ඔවුන් කළේ එහි නම රාජරාජපෙරුම්පල්ලි යනුවෙන් වෙනස් කර එම විහාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමයි. මෙරට සංස්කෘතික උරුමය විනාශ කිරීම ආරම්භ වුණේ දේශපාලන හේතු නිසයි. එකිනෙකාගේ දේශපාලන අරමුණු සාධනය කර ගැනීමේ චේතනාවෙන් කළ කටයුතු ඊට බලපෑවා. අනෙක් අතට නිදන් වදුලූ වැනි නිරර්ථක අසත්‍ය ලේඛන පිටුපස යාමෙන් මිනිසුන් එවැනි උරුමය විනාශ කිරීමට පෙළඹුණා. අධික පාරිභෝගිකවාදී සමාජයක් නිර්මාණ කිරීමට වගකිව යුත්තේ දේශපාලන තීන්දු තීරණ ගත් පිරිසමයි. මුදල් සෙවීමට තම ශාස්තෲවරයාගේ පිළිමයක් වුවත් පුපුරුවා දැමීමට ඇතැමුන් පසුබට වන්නේ නැහැ. සිංහල හෝ වේවා දෙමළ හෝ මුස්ලිම් හෝ වේවා රටේ ඓතිහාසික උරුමය සියලූ ප්‍රජාවට අයත් එකක්. තමන්ගේ පෞද්ගලික හෝ කණ්ඩායම් අරමුණු වෙනුවෙන් කවුරු හෝ එය විනාශ කරන්නේ නම් ඔවුන් රටේ බහුතර ප්‍රජාවට වගකිව යුතුයි. පැරණි ස්මාරක හා ස්ථාන රැුකීමට මේ රටේ මහජන බදු මුදලින් යැපෙන ආයතන තිබෙනවා. එවැනි ආයතන තිබියදීත් විනාශය දිගටම සිදු වේ නම් ඊට හේතු තිබිය යුතුයි.
දේශපාලන බලපෑම්වලින් තොර ස්වාධීන මෙන්ම නිසි සුදුසුකම් ඇති අය එ් ආයතන හොබවන්නේ නම් මේ තත්ත්ව යම් දුරකට හෝ පාලනය කර ගත හැකි වේ යන සුබවාදී අදහස ගැන සිහිනයක් හෝ අනාගතයේදී දැකිය හැකි වේ යැයි මා සිතනවා.
අයේෂ් ලියනගේ - රිවිර
29-07-2018