විචිකිච්ඡා යනු ?

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    විචිකිච්ඡා යනු ?

    විචිකිච්ඡා යනු සැකයට නමෙකි. සැකය නොයෙක් දේ පිළිබඳ ව නොයෙක් කරුණු පිළිබඳ ව ඇති වන්නකි. හැම දෙයක් ගැන ම ඇති වන හැම සැකය ම විචිකිච්ඡා නීවරණය නො වේ. මෙහි නීවරණ භාවයෙන් ගනු ලබන්නේ ධ්‍යානාදි ධර්ම ලැබීමට බාධා වන සැක පමණෙකි. ධ්‍යානාදි ධර්ම ලබා ගැනීමට බාධක වූ නීවරණ වන සැක අටෙකි. එනම් :-

    බුදුන් කෙරෙහි සැක කිරීම ය, ධර්මය කෙරෙහි සැක කිරීම ය, සංඝයා කෙරෙහි සැක කිරීම ය, ත්‍රිශික්ෂාව කෙරෙහි සැක කිරීම ය, අතීත ස්කන්ධාදිය ගැන සැක කිරීම ය, අනාගත ස්කන්ධාදිය ගැන සැක කිරීම ය, ඒ දෙකොටස ම ගැන සැක කිරීම ය, පටිච්ච සමුප්පාදය ගැන සැක කිරීම ය යන මේ අට ය.

    බුදුන් කෙරෙහි සැක කිරීම ය, යනු බුදුන් වහන්සේ සැබෑ විට ම සියල්ල දත් සේක් ද? නැත ද? යනාදීන් සැක කිරීම ය. සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත නවලෝකෝත්තර ධර්මය ඇත්ත වශයෙන් ඇතියක් ද? නැතියක් ද? තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය සත්‍ය ද? යනාදීන් සැක කිරීම ධර්මය කෙරෙහි සැක කිරීම ය. සංඝයා කෙරෙහි සැක කිරීම ය යනු සත්‍ය වශයෙන් අෂ්ටාර්‍ය්‍යපුද්ගල සංඝරත්නයක් ඇත ද? නැත ද? සුපටිපන්නතාදි ගුණවලින් යුක්ත පිරිසක් ඇත ද? නැත ද? යනාදීන් සැක කිරීම ය. ශික්ෂාව කෙරෙහි සැක කිරීම ය යනු ශීල සමාධි ප්‍ර‍ඥා සංඛ්‍යාත ත්‍රි ශික්ෂාව සත්‍ය වශයෙන් ම සංසාර දුඃඛයෙන් එතර කරවන ප්‍ර‍තිපත්තියක් ද? නැත ද? කියා ඇති වන සැකය ය. අතීතස්කන්ධාදීන් කෙරෙහි සැක කිරීම ය යනු තමා අතීතයේ දී එක්තරා පුද්ගලයකු වශයෙන් සිටියේ ද? නො සිටියේ ද? කියා ඇතිවන සැකය ය. අනාගතස්කන්ධාදීන් ගැන සැක කිරීම ය යනු අනාගතයෙහි නැවත නැවතත් උපදින්නෙම් ද? නූපදින්නෙම් ද? කියා ඇති වන සැකය ය. පටිච්ච සමුප්පාදය ගැන සැක කිරීම ය යනු මේ වර්තමාන ස්කන්ධ පඤ්චකය අතීත වූ අවිද්‍යා සංස්කාරාදි හේතූන් නිසා ඇති වූවක් ද? නැත ද? යනාදීන් හටගන්නා සැකය ය.

    මේ අෂ්ටප්‍ර‍කාර විචිකිත්සාව දක්වා තිබෙන්නේ බෞද්ධ යෝගීන්ගේ වශයෙනි. රත්නත්‍ර‍ය නො හඳුනන අන්‍ය සමයයන්හි ධ්‍යාන වඩන යෝගාවචරයනට බාධක වන්නේ ඔවුන් ගේ ශාස්තෘවරයා ගැනත් ඔවුන් ගේ ධර්මය ගැනත් ඔවුන්ගේ ප්‍ර‍තිපත්තිය ගැනත් ඇති වන සැකය ය. බෞද්ධයෝ බුදුන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි, බුදුන් වහන්සේ දේශිත ත්‍රිශික්ෂාව කෙරෙහි, විශ්වාසය තබා ගෙන යෝග කරන්නෝ ය. ඔවුන්ට බුඬාදීන් කෙරෙහි සැක ඇති වුව හොත් භාවනාව හොඳින් නො කළ හැකි වේ. ධ්‍යානාදි ධර්ම, ඉතා ඕනෑකමින් ඉතා ආදරයෙන් මහත් වූ වීර්‍ය්‍යයෙන් භාවනාවෙහි නො යෙදුන හොත් නො ලැබෙන බැවින් භාවනාව ගැන සැලකිල්ල ආදරය උත්සාහය හීන වන සෑම කරුණක් ම එයට බාධක ය. බුඬාගමේ සැටියට පිළිවෙත් පුරන්නා හට බුඬාදීන් කෙරෙහි සැකය භාවනාව ගැන උත්සාහය මඳ වීමට බලවත් හේතුවකි. එ බැවින් එය නීවරණයක් වේ. අන් සමයයක ධ්‍යාන වඩන තැනැත්තා හට ද ඒ ශාස්තෘවරයා ගැන, ඒ ධර්මය ගැන සැකය එසේ ම බාධක ය. එ බැවින් ඔවුනට ඔවුන්ගේ ශාස්තෘවරාදීන් ගැන සැකය නීවරණ වේ.

    යෝගාවචරයා විසින් තමා කෙරෙහි විචිකිත්සාව ඇත ද නැත ද කියා විමසිය යුතු ය. මෙය විමසීම් බහුල යුගයෙකි. එ බැවින් මෙ කල මනුෂ්‍යයන්ට පෙරට වඩා විචිකිත්සා අධික ය. එය දුරු කර ගැනීමට ද අපහසු ය. තමා කෙරෙහි විචිකිත්සාව ඇති නැති බව තේරුම් ගැනීමට අපහසු නැත. විමසා තමා කෙරෙහි විචිකිත්සාව ඇති නම් ඇති බව ද, නැති නම් නැති බව ද, තේරුම් ගෙන එය ඉපදීමේ හේතු ආදිය ද සිතිය යුතු ය.

    “අත්ථි භික්ඛවෙ. විචිකිච්ඡාඨානියා ධම්මා තත්ථ අයොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය උප්පන්නාය වා විචිකිච්ඡාය භීය්‍යොභාවාය වෙපුල්ලා ය.”

    විචිකිත්සාව ගේ උත්පත්තියට හේතු වන කරුණු කෙරෙහි නුසුදුසු සේ මෙනෙහි කිරීම නූපන් විචිකිත්සාව ඉපදීමට හා උපන් විචිකිත්සාව වැඩීමට ද හේතු වන්නේ ය.

    විචිකිත්සාව ඉපදීමේ බලවත් හේතුව විචිකිත්සාව ම ය. එක් කරුණක් ගැන වරක් ඇති වූ විචිකිත්සාව ප්‍ර‍හාණය නො කළ හොත් ඒ විචිකිත්සාව නැවත නැවත ඇති වන්නට පටන් ගන්නේ ය. ඒ එක් කරුණක් ගැන ඇති වන විචිකිත්සාව නිසා තවත් තවත් බොහෝ කරුණු ගැන විචිකිත්සා ද ඇති වන්නේ ය. බුදුන් වහන්සේ කෙරෙහි විචිකිත්සාව ඇති වුව හොත් එය නිසා ඉතිරි කරුණු සත ගැන ද විචිකිත්සා ඇති වේ. ශික්ෂාදි කරුණු පිළිබඳ විචිකිත්සාවෙන් ද එසේ ම ඉතිරි විචිකිත්සා ද ඇති වේ. එ බැවින් විචිකිත්සාව වඩ වඩා ඇති වීමේ හේතුව විචිකිත්සාව ම බව දත යුතු ය. එය දුරු වන පරිදි ඒ ගැන මෙනෙහි කිරීම විචිකිත්සාව ගැන සුදුසු සේ මෙනෙහි කිරීම ය.

    “අත්ථි භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා සාවජ්ජානවජ්ජා ධම්මා සෙවිතබ්බාසෙවිතබ්බා ධම්මා හීනනප්පණිතා ධම්මා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය අනුප්පාදාය, උපපන්නාය වා විචිකිච්ඡාය න භීය්‍යොභාවාය.”

    කුශලාකුශල ධර්මයන් කෙරෙහි සාවද්‍යානවද්‍ය ධර්මයන් කෙරෙහි සේවිතව්‍යාසේවිතව්‍ය ධර්මයන් කෙරෙහි හීනප්‍ර‍ණීත ධර්මයන් කෙරෙහි කෘෂ්ණ ශුක්ල ධර්මයන් කෙරෙහි සුදුසු සේ මෙනෙහි කිරීම් බහුල බව නිසා නූපන් විචිකිච්ඡාවෝ නූපදනාහ. උපන් විචිකිත්සාවෝ දුරු වන්නා හ.

    පිටකත්‍ර‍ය ධර්මය සම්පූර්ණයෙන් ම හෝ ඉන් යම් කිසි කොටසක් හෝ උගෙන තිබීම ය, රත්නත්‍ර‍ය පිළිබඳ වූ ප්‍ර‍ශ්නයන් විචාරීම ය, විනයයෙහි සැටි දැනීම ය, රත්නත්‍ර‍ය කෙරෙහි බැස ගත් ශ්‍රඬාව ඇති බව ය, රත්නත්‍රයෙහි පහන් කල්‍යාණ මිත්‍ර‍යන් ඇති බවය, සුදුසු කථාය යන මේ කරුණ සය නිසා ද විචිකිත්සාව දුරු වේ.

    ඒ කරුණු වලින් ප්‍ර‍හාණය කළ විචිකිත්සාව, සෝතාපත්ති මග්ගයෙන් මතු නූපදිනා පරිදි දුරු වන්නේ ය.

    නීවරණ විස්තරය නිමි.

    මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවෙහි ස්කන්ධායතන බෝධ්‍යංගාර්‍ය්‍යසත්‍යයන් සම්මර්ශනය කිරීම දක්වා ඇත ද, මෙ බඳු කුඩා පොතකින් ඒ සියල්ල දැක්විය නොහෙන බැවින් ධම්මානුපස්සනාව මෙ පමණකින් සමාප්ත කළෙමු.
    සතිපට්ඨාන වැඩීම සිදුවන්නේ ඉහත දැක්වූ භාවනාවන් කිරීමෙන් පමණක් නොවේ. ශමථ විදර්ශනා දෙකට අයත් හැම කුශල භාවනාවකින් ම සතිපට්ඨානයෝ වැඩෙති. ඒ හැම භාවනාවක් ම කායානුපස්සනාදි සතරෙන් යම් කිසිවකට අයත් වේ. එබැවින් කිනම් භාවනාවක වුව ද යෙදීම සතිපට්ඨාන භාවනාව බව දත යුතු ය.

    මතු සම්බන්ධයි!

    රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෝධිපාක්ෂික ධර්ම විස්තරය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

    මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/FxxF4d



    Path to Nirvana
    පිටුවෙන් උපුටා ගන්නා ලදී...
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    swan margapala labita awash karaunu tika monawada kiyålåth pahadila karala denna puluawnda?
     

    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    swan margapala labita awash karaunu tika monawada kiyålåth pahadila karala denna puluawnda?

    Bauddya channel eke yanawa niwan Maga Kiyala wedasatanahak hemadama Ude 8.00ta ake hodata wisthara karala kiyanawa pahugiya wedasatahai okkoma baudya web site eke thiyanawa pahasu welawaka balanna,
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Bauddya channel eke yanawa niwan Maga Kiyala wedasatanahak hemadama Ude 8.00ta ake hodata wisthara karala kiyanawa pahugiya wedasatahai okkoma baudya web site eke thiyanawa pahasu welawaka balanna,

    man dan dannawa ban mata confirm karaganna one une elakiri eke tread gananwak tibba :yes: