1593 අප්‍රේල් මස 25 දා කොළඹ කොටුවේ පෘතුගීසි සෙන්පති දියෝගෝ ද සිල්වා වික්‍රමසිංහ පෘතුගීසි ලැස්කාර් සේනාවක්ද සමඟ අලුත්කුරු කෝරළයේ ඔරුතොට තොටුපල වෙත පැමිණියේ ඒ වනවිටත් ඔරුතොට රැකවල්ලා සිටින සීතාවක සේනාවට පහර දීමටයි..
අලුත්කුරු සහ සියනෑ කෝරළ ඔස්සේ සීතාවක රාජධානියට පිවිසිය හැකි මාර්ගය වැටී තිබුනේ ඔරුතොට තොටුපල හරහායි..
( හෙනරත්ගොඩ / ගම්පහ දුම්රිය ස්ථානයට නොදුරු )
විශේෂයෙන්ම කොළඹ කොටුවේ සිට කඩුවෙල බලකොටුව මඟහැර සීතාවක රාජධානියට ඇතුලුවීමට ඇති පහසුම හා කෙටිම මාර්ගය මෙම මාර්ගයයි..ඒ නිසාම ඔරුතොට සංග්‍රාමික වශයෙන් ඉහල වැදගත්කමක් තිබූ ස්ථානයක් වූ අතර සීතාවක හමුදාව විසින් ඔරුතොට තොටුපල නිරන්තරයෙන් රැකවල්ලාගෙන සිටියහ..
ඒ වන විට සීතාවක රාජසිංහයන්ගේ අභාවය සිදුවී කාලයක් ගතවී තිබු අතර සීතාවක පාලකයා වූයේ පස් හැවිරිදි වියේ පසුවූ නිකපිටියේ අදහසින් කුමාරයායි..කුමාරයාගේ භාරකරු වූයේ ප්‍රතිනිධි රැජිණ වශයෙන් කටයුතු කල සීතාවක රාජසිංහ රජුගේ සහෝදරිය වූ මහ ටිකිරි බිසෝ අදහසින් ය.
ඔරුතොටට ළඟ ළඟම ප්‍රහාරයක් එල්ලවීමට ඉඩකඩක් ඇති බවට ඉඟියක් ලැබීම නිසාදෝ ප්‍රතිනිධි රැජිණගේ අණ පරිදි සීතාවක රාජධානියේ ආරක්ෂාව භාරව කටයුතු කල අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් හෙවත් මාන්නප්පෙරුම මොහොට්ටාල පෙරටු කරගත් අතිරේක සේනාවක් ඔරුතොටට පිටත්කර හරින ලදී..
රාජසිංහ රජු කොළඹ කොටුව වටලා සිටින සමයේදී පෘතුගීසි කොටුව රැකගැනීම පිණිස සිදුකල සුවිශේෂී මෙහෙවර අරඹයා පෘතුගීසි සෙන්පතියකු ලෙස කටයුතු කල දියෝගෝ ද සිල්වා ( දියෝගෝ ද සිල්ලූ / පීඩ සිල්වා / ජූඩ සිල්වා ) හට ගෝවේ ප්‍රතිරාජයා විසින් " වික්‍රමසිංහ මුදලි " නම්බු නාමය ප්‍රදානය කරන ලදි..
එසේ කරන ලද්දේ පෘතුගීසි ප්‍රතිරාජයා විසින් විරල වශයෙන් සිදුකරන ලබන පෞද්ගලික ලිපියකින් ඔහුගේ සේවය අගයා ඔහු වෙත බොහෝ ලෙස තෑගි බෝග ප්‍රදානය කිරීමකින් අනතුරුවයි..
( වික්‍රමසිංහ නාමය පෘතුගීසින් විසින් නම්බුනාමයක් ලෙස භාවිත කරණ ලද අවස්ථාවකි )
දියෝගෝ ද සිල්වා වික්‍රමසිංහ මුදලි මුවර් ජාතිකයෙකු ( Moor ) වූ අතර ඔහු රාජසිංහ රජු කොළඹ කොටුව වටලා සිටින සමයේ රජුට මහත් හිසරදයක්ව සිටි අයෙකි..සීතාවක සේනාවට බරපතල ලෙස හානි සිදුකල පුද්ගලයෙකු වූ මොහු එක් අවස්තාවකදී සීතාවක සේනාවේ දක්ෂ මුදලිවරයෙකු ඇතුළු පිරිසක් මරාදමා එම මුදලිගේ හිස හෙල්ලයක අමුණා රාජසිංහයන්ට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කරවීය..
මෙම දර්ශනයෙන් බලවත් ලෙස කිපුණු රාජසිංහ රජු තමන් "ද සිල්වා" හැදින්වූ ආකාරයට " මරක්කලයාගේ හිස " තමන් වෙත ගෙනෙන ලෙසට නියෝග කලේය..මරක්කලයා මරා දමා ඔහුගේ හිස රැගෙන එන අයට විශාල ත්‍යාගයක් ලබා දෙන බවටද රජු අණක් නිකුත් කලේය..
රාජසිංහ රජුගේ මරණයෙන් පසු සීතාවක වැටලීමේ මූලික පියවරක් වශයෙන් ඔරුතොටට පහරදී සීතාවක සේනා අඩපණ කිරීමට දියෝගෝ ද සිල්වා බලාපොරොත්තු විය..
පෘතුගීසි සේනාව 1593 අප්‍රේල් 25 වෙනිදා ඔරුතොටට ළඟාවිය..මේ අවධිය මෝසම් වර්ෂා දැඩි ලෙස සක්‍රීයව තිබූ කාලසීමාවක් වූ අතර එකදිඟට ඇදහැලෙන දැඩි වර්ෂාව නිසාම පෘතුගීසි සේනාවේ මුදලිවරුන් සෙන්පති දියෝගෝ ද සිල්වාට යෝජනාකලේ පහරදීම කල් දමන ලෙසයි..නමුත් ඔහු විසින් ඒ බව නොතකා එදින සවස 3.00 ට පමණ සීතාවක සේනා රැකවල්ලා සිටින ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කලේය..
කල්තියාම ප්‍රහාරයකට සූදානම්ව සිටි මාන්නප්පෙරුම මොහොට්ටාල ප්‍රමුඛ සීතාවක සේනාව පේළි කිහිපයක් යටතේ තුවක්කු සන්නද්ධව සිටියේය..කොඩිතුවක්කුවකින් නිකුත් වූ සංඥා වෙඩි හඬ දෙකකින් අනතුරුව සීතාවක සේනාව විසින් පෘතුගීසි සේනාව වෙතට දැවැන්ත වෙඩි වරුසාවක් එල්ල කලේය.. පැවති ධාරානිපාත වර්ෂාව ද පරයමින් එල්ල වූ මේ වෙඩි ප්‍රහාරයට හරිහැටි ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පවා පෘතුගීසින්ට ඉඩක් ලැබුණේ නැත.කෙටි වෙලාවකින් සීතාවක සේනා ඇතුන් සිව්දෙනෙකු සමඟ පිටතට පැමිණියේ පෘතුගීසි සේනා දෙසට නොකඩවා ප්‍රහාර එල්ල කරමිනි..
වෙඩි ප්‍රහාරවලින් පෘතුගීසි සේනාවේ සියල්ලම පාහේ මරුමුවට පත්වූ අතර දිවි බේරාගත් කිහිපදෙනෙක් හිස් ලූ ලූ තැන පලා ගියේය..
මියගිය පෘතුගීසි සෙබලුන් අතර කොළඹ කොටුව පෘතුගීසි සේනාවේ මහා කෙරුම්කරුවෙකු වූ " දියෝගෝ ද සිල්වා වික්‍රමසිංහ මුදලිගේ " සිරුරද විය..
විජයග්‍රාහී සීතාවක සේනාව නැවත සීතාවක බලා ගමන් ගත්තේ රාජසිංහයන් ධරමානව හිඳි කාලයේ අපේක්ෂාවෙන් පසුවූ දර්ශනයද සහිතවයි..ඒ දියෝගෝ ද සිල්වා නැමැති මරක්කලයාගේ රුධිරය වෑහෙන හිස් ගෙඩියයි..
- මහේන්ද්‍ර ජයකොඩිආරච්චි -
දෙගම්බඩ_සිංහයා Youtube නාලිකාව
#දෙගම්බඩසිංහයා #සීතාවක_රාජසිංහ #සීතාවකරාජධානිය #seethawaka_rajasinghe #seethawakakingdom #sethawaka #kingdomofkotte #medagodapaththinidevalaya #මැදගොඩ #ඔරුතොටසටන