විජයදාස රාජපක්ෂ
ඊයේ නම යෝජනා භාර දීමෙන් පසුව එහිදී අපූරු දෙබසක්ද සිදුවිය. ඒ ජනාධිපති අපේක්ෂක මෛත්‍රී ගේ නිල නියෝජිතයා ලෙස පත් කර ඇති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මහින්ද අතරය.
"යගොල්ලෝ අපේ ලේකම් ගත්තට ඔන්න අපිත් ඔයගොල්ලන්ගේ ලේකම්ව ගත්තා" මහින්ද විජයදාසට පැවසීය.
"සර්ලාට එයා කෝටි ගාණක් වටිනවා වුනාට අපිට එයාව සත පහක් වත් වටින්නේ නැති නිසා තමයි අපි දුන්නේ" විජයදාස රාජපක්ෂ පිළිතුරු දුන්නේය.
"අපේ එක්කෙනත් අපිට සත පහක් වත් වටින්නේ නැති නිසා තමයි අපිත් ඔයාලට දුන්නේ" යි මහින්ද ද ඇරියේ නැත.
"ඒ වුනාට සර් අපිට එයාව ජනාධිපති අපේක්ෂකයා කරලා දිනවන්න පුළුවන් කෙනෙක්. සර්ල ගත්ත කෙනා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී අපේක්ෂක කමකට දාල බලන්න, ඒත් දිනන්න බෑ." විජයදාස රාජපක්ෂද තම තර්ක කිරීමේ දක්ෂතාවය පෙන්වමින් පිලිතුරු දුන්නේය.
කිසිවක් නොකී මහින්ද යන්නට ගියේය.