විජාතික කුමන්ත්රණයේ අවසාන මෙහෙයුමයි මේ
ආචාරය ගුණදාස අමරසේකර
එදා මහින්ද රාජපක්ෂත් රනිල් වික්රමසිංහත් සටන් වැදී සිටින විට මිතුරා කවුද?,
සතුරා කවුද කියා දැක ගැනීමට අපහසුවක් වුණේ නැහැ. එදා විජාතික බලවේගවල නියෝජිතයා කවුද, ඉත්තා කවුද කියා අපට එකවරම පෙනුණා. රනිල් වික්රමසිංහ මහත්තයා ෆුල් සූට් ගහගෙන බුෂ් වගේ ඇවිදිනකොට අපට ඔහු කවුද කියා හඳුනගන්න පුළුවන් වුණා. ඒත් අද තත්ත්වය ඊට වෙනස්. අද ඒ විජාතික බලවේගවල නියෝජිතයා එන්නෙ ජාතික බැනියම ඇඳගෙන, මල් වට්ටියක් අතේ තියාගෙන. ඒ වගේම ඔහු පිටුපසින් යුද පිටියෙන් ලබාගත් "ජාතික රැස් වළල්ලකුත් තියෙනවා. කොටින්ම කියනවා නම් අද ඒ විජාතික බලවේග ඉදිරිපත් කර ඇත්තේ අපේ ඇසට වැලිගසා අප මුලා කරන වෙස් වලාගත් පුද්ගලයෙක්. ඒ නිසා මා කියන්නෙ මෙය දුර්බෝධාත්මක මහා කුමන්ත්රණයක ස්වරූපය ගෙන ඇතිය කියා.
තමන් පෝෂණය කරපු ඉත්ත මරා දැමූ වීරයා තමන්ගේ අලුත්ම ඉත්තා බවට පත්කර ගැනීම නිසා තමයි මේ කුමන්ත්රණය එකවරම කුමන්ත්රණයක් විදිහට දැකගත නොහැකි විස්මයාවහ මහා කුමන්ත්රණයක් වන්නේ. කැලේ නසන්නට කැලේ ගසක් යොදා ගන්නවා කියන්නේ, ඌරගෙ මාළු ඌරගෙම පිටට තියලා කපනවයි කියන්නෙ මේ වගේ කුමන්ත්රණවලටයි.