කවුරුහරි මේ විජිත හේරත් දොඩවන දේ මට පැහැදිලි කරන්න.
1. ඩොලර් මිලියන 9 ක් කියන්නෙ රුපියල් කෝටි 210ක්
2. චීනෙට ඩොලර් ගෙවන්නෙ අම්පාරෙ ගොවිය කෙහෙල්කැන් අඹගෙඩි විකුණල හොයන සල්ලි
from 18:30
මේවා ඉතින් මේ ගැලරි ටොක්ස් නේ.
ඩොලර් එකක් රු 210.00 ගානේ ගනන් හැදුවත් ඩොලර් මිලියන 9ට ගෙවන්න ඕනේ රුපියල් කෝටි 189යි. 190 ම කියමු. කෝටි 20ක් මිසින්.
ඔව්. මහජන බැංකුවේ ගොවියන්ගේ සල්ලිත් තියෙනවා තමයි. හැබැයි හොද පොහොසතුන්ගේ සල්ලිත් තියෙනවා. නැත්තන් ඉතින් මහජන බැංකු ශාකා තියෙන්න ඕනේ ගොවියෝ ඉන්න පැතිවල විතරනේ. මේ කොළඹ හතේ බැංකු ශාකා දාන්න අවශ්‍යය නෑනේ. ඇත්ත කතාව මහජන බැංකුවේ ගොඩක් අයගේ සල්ලි තියෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුවේ සල්ලි. මොකද බැංකුව රාජ්‍යය බැංකුවක් නිසා. ඒ දාන සල්ලි නැවත ආයෝජනය කරලා වත්කම් උපයලා තමයි පාරිභෝගිකයන්ට පොලියක් එහෙම ගෙවන්නේ. ඔය පෝර වෙනුවෙන් ගෙවන්න තියෙන සල්ලි රාජ්‍යය භාණ්ඩගාරයෙන් කෙලින්ම මහජන බැංකුවට ට්‍රාන්සර් වෙලා තියෙනවා. ඒ සල්ලි ටික බැංකුවේ තියාගෙන ඉදලා, අදාල පෝර තොගය ලංකවේ සමාගමට ලැබුනා කියලා තහවුරු කලාට පස්සේ ඒ සල්ලි ටික චීන සමාගමේ බැංකු ගිණුමට යවන එක තමයි මහජන බැංකුව කරන්නේ. සාමාන්යෙන් මේ ක්‍රියාකාරකමට බැංකුව පොඩි "සර්විස් චාජ්" එකක් තියා ගන්නවා. ඇත්තටම මහජන බැංකුව චීනෙට යවන්නේ ලංකා ආණ්ඩුවේ සල්ලි මිසක් ගොවියන්ගේ ගිණුම් වල තියෙන මුදල් නෙවෙයි.
හැබැයි මේ මුදල් අධිකරණ නියෝග මත නොගෙවා සිටීම නිසා තවකාලිකව බැංකුවේ වත්කම් ඉහළ යමක් සිදුවෙනවා. නමුත් මුදල් ගෙවලා ඉවර කරපු ගමන් හෝ නැවත රාජ්‍යය භාණ්ඩගරයට මුදල් යවපු ගමන් මේ වත්කම් නැවත් අහිමි වෙනවා. බැංකුවට ඕනේ නම් පුළුවන් මේ මුදල් ඉතා කෙටි ආයෝජනයකට යොමු කරලා යම් කිසි අදායමක් උපයා ගන්න.