හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරියට එරෙහිව යාපනය කෝපායි පොලිස් බල ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පෝස්ටර අලවා තිබෙනවා. සිවසේනා සංවිධානය නමින් හැඳින්වෙන සංවිධානය විසින් මෙම පෝස්ටර් අලවා ඇති අතර එහි සඳහන් වන්නේ ‘යාපනය පුන්කුඩතිව්හි ඝාතනය කල විද්‍යා ඝාතකයින් ආරක්ෂා කර රුපියල් කෝටි 50 කට ඇමතිකම අතහැර විජයලකාට කුමන මන්ත්‍රී පදවිද‘‘ යනුවෙනි.
පුන්කුඩතිව්හි දූෂණය කොට ඝාතනය කරන ලද පුද්ගලයින්ගෙන් ප්‍රධාන ඝාතකයා වූ ස්විස්කුමාර් නැමත්තා ආරක්ෂා කරමින් කොළඹ දක්වා යෑමට විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය එවකට දැඩි උත්සහයක යෙදුනු බවටත් කිසියම් පාර්ශවයක අවශ්‍යතාවයන් මත ප්රභාකරන් නැවත අවශ්‍ය බවටත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50 ක මුදලකට ඇමති පදවිය අතහැර දැමූ හෙයින් එවැනි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද නොලැබිය යුතු බවත් සිව සේනා සංවිධානය මගින් අදාල පොස්ටරයෙන් දැනුම් දී ඇති බවට කෝපායි ප්‍රදේශවාසීන් පවසනවා.
විද්‍යා ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර්ට එරෙහිව පසුගිය වසරේදී විභාග කෙරුණු නඩුවේදී සාක්ෂි ලබා දෙමින් ගම්වාසීන් විසින් තමන්ව විදුලි කණුවක බැඳ පහරදෙන විට එම ස්ථානයට පැමිණ තමා මුදාගත්තේ විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය බවත්, ගම්වාසීන්ගෙන් බේරාගෙන තමන්ගේ පවුලේ අයවෙත බාරකිරීමෙන් අනතුරුව ඇය එම ස්ථානයෙන් පිටව ගිය බවත් ප්‍රකාශ කර තිබුනා.
(උපුටා ගැනිම:- නෙත් fm)


