විජේදාස එන්නේ මොකාටද?
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා මේවන විට බොහෝ ජනමාධ්‍යවලට පුවත් මවන්නෙකු බවට පත්ව ඇත. ඔහුගේ කථාවලින් පැහැදිලිවන්නේ මෙරට දේශපාලනයේ සැලකියයුතු වෙනසක් නුදුරේම සිදුවීමට නියමිත බවයි. වරක් මේ රට සින්හලයිගේ රටක් බව ලියා ඇත්තේ කොහිදැයි ඇසූ ඔහු මේ වනවිට සිංහල, විශේෂයෙන්ම සිංහල බෞද්ධ දේශප්‍රේමියෙකුගේ භූමිකාවට පන පොවමින් සිටියි. අපේ ජීවිතකාලය තුළ දී අප දුටු නරක අඩුම ආණ්ඩුව හෙවත් සාපේක්ෂක වශයෙන් හොඳම ආණ්ඩුව වූවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු පසුගිය ආණ්ඩුවයි. අපේ ජීවිත කාලයේදී අවසන් වෙතැයි අප නොසිතූ තිස්වසරක බෙදුම්වාදී යුද්ධය අවසන් කළේ ඒ ආණ්ඩුවයි. මෙරට මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමද පෙර නොවූ විරූ ලෙස ඉටු කළේ ඒ ආණ්ඩුවයි. විජාතික බලවේග යටපත් කර යම් ජාතිකවාදී නැමියාවක් ප්‍රකට කළේද ඒ ආණ්ඩුවයි. මොරගහකන්ද, යාපහුව, වැනි ජලාශ සහ ව්‍යාපෘති ඇරඹුවේ ඒ ආණ්ඩුවයි. දකුණට වඩා උතුරට නැගෙනහිරට වැඩ කළේ ඒ ආණ්ඩුවයි. එපමණක් නොව කිසිදා නොලැබෙන දාහක් පෙන්නා තියෙන රුපියල් සීයටත් කෙළවමින් විජේදාසල පරාජය කළේද ඒ ආණ්ඩුවයි.
විජේදාසට අචාර්ය උපාධි දෙකක් ඇතැයි කියවේ. ඊට අමතරව ඔහු පලපුරුදු නීතිවේදියෙකි.එතරම් උගත් කමක් ඇති විජේදාස, සිරිසේන නම් පඹයෙකු සහ රනිල්, චන්ද්‍රිකා, මංගල, සජිත්, රාජිත රවී, කිරිඇල්ල, අනුර කුමාර, මනෝ ගනේෂන්, දෙමල ජාතික සංවිධානයේ කොටි, අමරවීර, චම්පක, හකීම්, වැනි ද්‍රෝහීන් සමග එක්ව යහපාලනයක් වෙනුවෙන් මහින්දගේ ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කළේය.ඔවුන් සමග ඇමරිකාව,ඉන්දියාව, යුරෝපා හවුල, මතුනොව ඔවුන්ගේ මෙරට නියෝජිතයන් වන විජාතික මත වපුරන එන්.ජී.ඕ.නඩය මෙන්ම ඇමරිකන් සහ ඉන්දියානු අධිරාජ්‍යවාදයට එරෙහි වූ ජෙපි සමාජවාදීන්ද එක්විය. මෙතරම් උගතෙකු වන විජේදාසට මේ ද්‍රෝහීන් සමග උදා කරගත හැකි යහපාලනයක් නොමැති බව වටහා ගැනීමට වසර දෙකකට වැඩි කලක් ගත විය. එහෙත් එතරම් උගත් කමක් නැති මෙරට සිංහල ගැමියන් බහුතරයක් සමග ලක්ෂ පනස් අටකට ආසන්න ජනතාවට එය එදා තේරුම් ගත හැකි විය. මෙයින් විජේදාසගේ තේරුම් ගැනීමේ හැකියාව සහ ඔහු මෙන්ම අපද ලැබූ අධ්‍යාපනයේ තරම ද පැහැදිලි වෙතැයි සිතමි.
https://web.facebook.com/indahambenna/videos/1506267649412659/
ඉහත කී විජාතික බලවේග විසින් බලයට පත් කරන ලද වත්මන් ආණ්ඩුව මේ වනවිට දෙදරා යමින් පවතී.එජාප පාර්ශවයෙන් විජේදාසට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සැරසෙයි. එහෙත් විජේදාස නොසැලී සිටියි. එසේ විය හැක්කේ ඔහුට ඊට වඩා බලවත් පාර්ශවයක සහාය ලබෙන හෙයිනි.ඒ අන් කවරෙකුත් නොව නැගෙමින් පැවති රටක් කම්බ හොරු රෑනකට පාවා දුන් මෙරට විධායක ජනාධිපතිවරයා වන පඹ සිරිසේන සහ ඔහුගේ අවස්තාවාදී ද්‍රෝහී ශ්‍රී.ල.නි.ප කල්ලියයි. එපමණක් නොව රනිල් විරෝධී සජිත් කල්ලියේ සහයෝගයද මේ අයට හිමිවීමට ඉඩ තිබේ. රවීට එරෙහිව විශ්වාසභන්ග යෝජනාව ක්‍රියාත්මක වූයේ නම්, පහළොවක් විස්සක් පමණ වන මේ එජාප සජිත් කල්ලියේ සහයෝගයද රවීට නොලැබෙන්නට ඉඩ තිබිණි.විජේදාස දැන් එළිපිටම රාජිතට, ෆොනීට අජිත් පෙරේරාට එරෙහිව කතා කරයි.මේ විරසක මැද වැඩිකලක් ආණ්ඩුව කරගෙන යෑමට නොහැකි වනු ඇත.
එජාපයෙන් පැමිණීමට ඉඩ තිබෙන විස්සක ට සහ සිරිසේන සමග හෙළුවෙන් සිටින හතලිස් හයක් පමණ වන ද්‍රෝහීන්ට වෙනම ආණ්ඩුවක් පිහිටුවීමට හැකි නොවේ.ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය අවශ්‍ය වනු ඇත. ඒ සඳහා රනිල් විරෝධී,ඊටත් වඩා සිංහල බෞද්ධ විරෝධී, සජිත්වාදී සහ ඇමරිකාවට මෙන්ම ඉන්දියාවට අවශ්‍යය පරිදි මෙරට ජනමතය හැඩගැස්සවීම සඳහා පිහිටුවා ඇති කොටි සිරස මාධ්‍යය අනුග්‍රහය සැපයීමට ඉඩ තිබේ. ඒකාබද්ධ විපක්ෂය සහ මහින්ද ඔවුන්ට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වේද? ඒ ආණ්ඩුවේද ජනාධිපතිවරයා ඩුප්ලිකේට් මෝඩිට ඇන්ද පඹ සිරිසේන මිස අනෙකෙක් විය නොහැකිය. සමහරවිට අගමැති විජේදාස වීමට ඉඩ තිබේ.එතකොට මහින්දට,විමල්ට, දිනේෂ්ට, ගම්මන්පිලට හිමිවන්නේ කුමක් ද? ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව රාජපක්ෂලා ද තවත් වරක් රැවවීමට ලක්වේද? වඩාත්ම ඛේදනීය වන්නේ මේ රටට ආදරේ කරන 58 ලක්ෂයට අමතරව යහපාලනයේ රුවගුණ වටහාගෙන ඒ කෙරෙහි කලකිරී ඇති පොදු ජනතා පැතුම් බොඳ වී යෑමට වැඩි ඉඩක් තිබීමයි.සිරාට පක්ෂය භාරදීම, වෙන්ව නොඉල්ලා එකට ඉල්ලීම මගින් දෙවරක්ම රෑ වැටුණු වලේ තව වරක් මහා දවල් වැටීම මහින්දට මහා දෙයක් නොවනු ඇත.
කෙසේ වෙතත් අප හමුවේ ඇති ප්රශ්නය වනු ඇත්තේ තවත් වසර තුනක් මේ ද්‍රෝහී ආණ්ඩුවට ඉදිරියට යෑමට ඉඩ දෙනවාද? නැත්නම් රනිල් පලවා හැර අනෙකුත් ද්‍රෝහීන් සමග වෙනත් ආණ්ඩුවක් හදා ගන්නවාද යන්නයි?නව ආණ්ඩුව මේ ආණ්ඩුවෙන් වෙනස් වෙනු ඇත් ද?අපට කිරීමට ඉතිරිව ඇත්තේ කුමක් ද?මහින්ද අගමැති නොවන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් නැවත වතාවක් අපට රැවටීමට සිදුවනු ඇත.
- සුමේධ වීරවර්ධන