විජේවීරගේ ගෙදර ගියා...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    රෝහණ විජේවීරගේ කිට්‍ටුම නැ වෙන අංකල් කෙනෙක් ඉන්නවා (මහවැලි එකේ retired ඉංජිනියර් කෙනෙක්),එයාගේ පුතා මගේ හොඳ මිත්‍රයෙක්,එ දවස් වල මම කොළඔ කිට්‍ටුව නැවතිලා ඉන්නකොට අංකල් එනවා එයාගේ පුතා බලන්න අපි නැවතිලා හිටපු ඇනෙක්ස් එකට,එන දවසට අපිත් එක්ක එයා ඉන්නවා යන්නෙ නැ...‍රැට මම අංකල් එක්ක සැහෙන දෙවල් කතා කරනවා,අංකල් තවම JVP එකට එතරම්ම කැමති නැ - අංකල්ට JVP එකෙන් මරණ තර් ජන පවා තිබිලා තියනවා,එවා ගැන නම් විජේවීර දැනුවත් නැ මට තෙරුන විදියට (මේ ගැන සවිස්තරව ත්‍රෙඩ් එකක් දාන්නම් වෙලා තිබුන වෙලාවක) නමුත් එයත් පංති පහට ගිහින් තියනවා,එයා පොඩි කාලේ එයාලගේ මහ ගෙදරක් තිබිලා තියනවා එ මහ ගෙදර දෙකට බෙදලා ජිවත් වෙලා තියෙන්නෙ,එකේ එක පැත්තක විජේවීර අවුරුද්දක් විතර ඉඳලා තියනවා.එ කාලේ විජේවීර මෙයාව වඩාගන හුරතල් කරනවලු...ඉතින් කොහොම හරි කතන්දර නම් මහා ගොඩක් කියලා තියනවා,එ අංකල් ගේ තාත්තා දකුණේ හිටපු ප්‍රදේශිය දේශපාලකයෙක්,ඉතින් එක නිසා එ කාලේ වෙච්චි කතා ගොඩක් කියලා තියනවා.විශේෂයෙන්ම රාජපක්ෂලා ගැනත් කියලා තියනවා,එ ගැන නම් කතා කරලා වැඩක් නැ ඉතිං :rolleyes:...

    කොහොම හරි මේ ලඟදි මමයි අංකල්ගේ පුතයි (මගේ මිත්‍රයා) අපි දෙන්නා උලපනේ කිට්‍ටුවට ගියා පොඩි වැඩකට,එ ගිහින් එනකොට විජේවීර අන්තිමට නැවතිලා හිටපු ශාන්ත මේරි වත්තෙ බංගලාව බලන්නත් ගියා..කන්ද උඩ බංගලාව තියෙන්නෙ,අපි ගිය දවසේ වැස්ස..ඇත්තටම ෆොටෝ එකක්වත් හරියට ගහගන්න බැරි උනා.විජේවීර නැවතිලා හිටපු බංගලාවට උඩින් තවත් පරණ බංගලාවක් තියනවා...JVP එකෙන් අක්කර 5 පමණ,බංගලාවත් එක්ක එකාලේ සල්ලි දිලා සින්නක්කරව අරන් තියනවා,එ එක්කම 15 ශ්‍රී 7920 Mitsubishi Lancer Wagon එකත් අරන් තියනවා,එ කාලේ අලුත්ම කාර් එක.බංගලාවට ෆොන් ලයින් එකක් පවා තිබිලා තියනවා.විජේවීරට කලින් මේ බංගලාව අයිතිව තිබුන පුද්ගලයා අවුරුදු ගානක් භාවිතා නොකර තිබුන නිසා බංගලාව විජේවීර ගන්නකොට ටිකක් සවුත්තු වෙලා තිබිලා තියෙන්නෙ,එ පැත්තෙන්ම බාස්ලා හොයාගන හදලා පදිංචියට ඇවිත් තියෙන්නෙ..එක තැනක බුදුන් වඳින්න එහෙමත් තියනවා එලියෙන්...


    දැන් මේ ගෙදර ටිකක් වෙනස් කරලා කියලා මට හිතෙන්නෙ,මගේ ගාව පරණ පත්තර වගයක් තිබුනා ඔය ගෙදර මුල් විදිය,දැන් එක හොයාගන්න නැ...කොහොම හරි මේ ෆොටෝ දෙක දාන්නම්,දෙකම ගත්තෙ අන්තර් ජාලයෙන්...මේ ඉඩම 90 ගනන් වල තරුණ සේවා සභාවට පවරනවා රජයෙන් දැන් තියෙන්නෙ තරුණ සේවා සභාවට අයත් ආයතනයක්...නමුත් තවම එ පැත්ත පාලුයි...

    විජේවීර මේ ගෙදර ඉන්නකොට තවත් ගිය තැනක් තමයි ගලහ ගෙදර,ඔය ගෙදර ලඟ පරණ කඩයක් තිබුනා..විජේවීරලා ඔකෙන්ලු කන්නෙ...ඔකේ මුදලාලිත් ඝාතනය වෙලා තියනවා එ කාලේ ඔය ප්‍රශ්න නිසා,මම එ කඩෙන් එ කාලේ කැම කාල තියනවා...විජේවීර අල්ලගන්න කලින් අවසාන ‍රැස්විම තිබ්බෙත් මේ කියන ගලහ ගෙදර,වෙලාවක මම විඩියෝ එකක් කරන්නම්කෝ...

    L3xPRyw.jpg

    OP9DOKe.jpg


    සොමවංශ අමරසිංහ උලපනේ ගෙදරට ගිය වෙලාවක ගත්තු ෆොටෝ එකක්...

    මම කිසිම පක්ෂකයට කඩේ යන්නෙ නැ ගිහිනුත් නැ,නමුත් මේ වගේ තැන් තිබ්බ විදියටම තියාගත්තා නම් සංචාරක ආකර් ෂණය ගන්න පුලුවන්...මොකද මේ අපේ රටේ තවත් එක් පරිචේදයක අකුරු පෙලියක්...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,979
    17,151
    113
    panadura
    අනේ ඔය විජේවීර වගේ මානසික ලෙඩ්ඩු උඩ තියන්න හොද අය නෙවෙයි. බයියො සෙට් එකක් මයින්ද මාත්තයා උඩ තියනව වගේ තමා ඔය කැම්පස්වල ඉන්න මන්ද මානසික ලෙඩ්ඩු ඔය කාලේ ඕව කරේ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    අනේ ඔය විජේවීර වගේ මානසික ලෙඩ්ඩු උඩ තියන්න හොද අය නෙවෙයි. බයියො සෙට් එකක් මයින්ද මාත්තයා උඩ තියනව වගේ තමා ඔය කැම්පස්වල ඉන්න මන්ද මානසික ලෙඩ්ඩු ඔය කාලේ ඕව කරේ
    JVP හෝ විජේවීරට කඩේ යන්නෙ නැ මචං මම,එ උනාට විජේවීර ගැන හොඳට කියවලා ඉන්න,......මගේ නම් අදහස JVP එකට කරන්න පුලුවන් ලබ්බකුත් නැ දැන්....මම ත්‍රෙඩ් එකෙන් දැම්මෙ ඉතිහාසයේ යම් කොටසක්...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,177
    69,603
    113
    අනේ ඔය විජේවීර වගේ මානසික ලෙඩ්ඩු උඩ තියන්න හොද අය නෙවෙයි. බයියො සෙට් එකක් මයින්ද මාත්තයා උඩ තියනව වගේ තමා ඔය කැම්පස්වල ඉන්න මන්ද මානසික ලෙඩ්ඩු ඔය කාලේ ඕව කරේ
    උන් හොදක් කරත් නරකක් කරත් දැන් ඒව හිස්ට්‍රි එකට ගිහින් ඉවරයි. ඒව හිස්ට්‍රි එකට අදාල කාරනාවක් විදියට විතරක් බලන්න කියල තමා අන්තිමට ලියල තියෙන්නෙ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    උන් හොදක් කරත් නරකක් කරත් දැන් ඒව හිස්ට්‍රි එකට ගිහින් ඉවරයි. ඒව හිස්ට්‍රි එකට අදාල කාරනාවක් විදියට විතරක් බලන්න කියල තමා අන්තිමට ලියල තියෙන්නෙ.
    අන්න හරි මචං :love:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    7,490
    9,441
    113
    //සංචාරක ආකර් ෂණය ගන්න පුලුවන්...//
    උබට ට්‍රැක්ද බන්, සුද්දොන්ට පිස්සුද ඕවා බලන්න එන්න. ලන්කාවෙ හිටපු උන්ගෙන් සුද්දො දන්නේ සිරිමවෝ විතරයි ඒකත් නාකි සුද්දො .

    විජේවීර කියන්නේ අසාර්ථක නයකයෙක්, හැන්ගිලා ඉන්න කාලේ වැඩකට ඇති දේකට කරේ ගෑනිට ලමයි 5ක් හදාලා දීපු එක විතරයි .
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    29,650
    29,687
    113
    KY
    සෝමවංශ කියනවා නේ විජේවීර පාවා දුන්නෙ?? ඒ කතා ඇත්ත ද?


    විජේවීරගේ මිනි අලු unp එකෙ මන්ත්‍රී කෙනෙක් ලග ලු තියෙන්නෙ. විජෙවීරගේ පුතාට ගෑනිට , JVP එකෙ අනුර කුමාරට පක්ශෙට එහෙම බාර අරන් සුදුසු තැනක ස්මාරකයක් හදන්න කියලා තිබ්බට හැමොම එක ප්‍රතික්ෂේප කරලා බාර ගන්න.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    //සංචාරක ආකර් ෂණය ගන්න පුලුවන්...//
    උබට ට්‍රැක්ද බන්, සුද්දොන්ට පිස්සුද ඕවා බලන්න එන්න. ලන්කාවෙ හිටපු උන්ගෙන් සුද්දො දන්නේ සිරිමවෝ විතරයි ඒකත් නාකි සුද්දො .

    විජේවීර කියන්නේ අසාර්ථක නයකයෙක්, හැන්ගිලා ඉන්න කාලේ වැඩකට ඇති දේකට කරේ ගෑනිට ලමයි 5ක් හදාලා දීපු එක විතරයි .
    සුද්දන්ට බලන්න නෙමෙයි බං හයියෝ සල්ලි,උඔලත් එක්ක බැරි ඔකනේ....ලොකල් උන් ලොකල් උන්,නිකන්ම ඔය පැත්ත දියුණු වෙනවා එහෙනන්,හොඳට මාර් කට් කරන්න පුලුවන් දැන් ඔතන...
     
    • Like
    Reactions: u.saradiyel

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    29,650
    29,687
    113
    KY
    5-E468-CAA-89-AA-4-D2-F-A404-7-E6528703-A49.jpg



    https://sinhala.mawratanews.lk/exclusive/මෙන්න-ප්රවෘත්තියක්-ජවි/
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    සෝමවංශ කියනවා නේ විජේවීර පාවා දුන්නෙ?? ඒ කතා ඇත්ත ද?


    විජේවීරගේ මිනි අලු unp එකෙ මන්ත්‍රී කෙනෙක් ලග ලු තියෙන්නෙ. විජෙවීරගේ පුතාට ගෑනිට , JVP එකෙ අනුර කුමාරට පක්ශෙට එහෙම බාර අරන් සුදුසු තැනක ස්මාරකයක් හදන්න කියලා තිබ්බට හැමොම එක ප්‍රතික්ෂේප කරලා බාර ගන්න.
    සොමේ නෙමෙයි,මල්ලිමා ආරච්චිගේ පුතා ගැන නේ ඔය කියන්නෙ නෙද...
     
    • Like
    Reactions: animation

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,248
    18,968
    113
    ඒ කාළේ ගැම්මක් තිබුණ සිංහල මිනිස්සු මැරුණා විප්ලවය නිසා. ඔය ඒ කයි තාම ඒ ජෙනරේශන් එකේ හරි හමන් උන් නැත්තෙ, ඉන්නෙ කපටි කුහක වැඩ බැරි සෙට් එකක්. හැබැයි ටික ටික සමාජය හැදෙනවා. හැබැයි මිත්‍යාව, ආගමික උන්මාදය, දේශපාලන සාක්ශරතාව ඇති කරන්න ඕනේ මිනිස්සුන්ට.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,629
    25,916
    113
    כדור הארץ
    අනේ ඔය විජේවීර වගේ මානසික ලෙඩ්ඩු උඩ තියන්න හොද අය නෙවෙයි. බයියො සෙට් එකක් මයින්ද මාත්තයා උඩ තියනව වගේ තමා ඔය කැම්පස්වල ඉන්න මන්ද මානසික ලෙඩ්ඩු ඔය කාලේ ඕව කරේ
    ආයේ කියවපම් බං නිදහසේ.
     
    • Like
    Reactions: 001flyD

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,814
    10,224
    113
    ada dala thiyena post eka podi nogelapimak thiyenawa.... podi baila gathiyak denenawa.... ane manda bn.... still confuse ... panthi 5ta giyapu ekaawa wijewira wada gena hitiye kohomada...

    tawa point deka thunak dekka...
     
    • Haha
    Reactions: Ozone4 and 001flyD