විජේවීරට ඇඳපු වෙලාවෙ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    මටත් එදා ඉදල තිබුනු ගැටලුවක් මේක. සම්පූර්ණ වීඩියෝ ව පැය 1 1/2 කියල තමා කීවෙ. කිසිම විප්ලව වාදී නායක යෙකු නොකල අන්දමේ නිර්ලජ්ජ පාවාදීම ක් තමා ඔහු කරන්නෙ. ඒ දවස් වල අපිට වීරයෙක් වෙලාහිටපු විජේවීර එපාම වුනේ ඔය වීඩියෝ එක දැක්කට පස්සෙ.


    මට ටිකක් මතකයි ...... විජේවීර කිව්වා jvp සාමාජිකයන්ට ආයුද බාරදීල ආණ්ඩුවට බාරවෙන්න කියල.
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0

    "කළු ජූලියට සමබන්ධ උනු මිනිස්සු" කියලා වෙනම කොටසක් හඳුනා ගත්තැකිද?

    මට නම් ඒ පිරිස රටේ බහුතරයක් වූ හැඟිම් වලට යටත් උනු හරක් කියලයි හිතුනේ... ඔයා කියලා තියෙනවා වගේ කණ්ඩායම්ක් කියලා නම් අහලා නෑ... ත්‍රස්තවාදී ක්‍රියාවක් නිසා හැඟීම් පාලනය කරගන්න බැරිඋනු වෙනදා සහෝදරත්වයෙන් උන්නු සිංහලුන්ගේ අමන වැඩක් නේද "කළු ජූලිය" ( අහලා තියෙන විදියට ) ? ඒ හැඟීම් ඇව්ස්සීමම නේද සමාජ අසාධාරණය කියන ඇත්ත එක්ක විස මුසු කරගෙන ට්‍රැජඩියක් හැදුනේ?


    කළු ජූලිය ඇති වෙන්න ප්‍රධාන හේතුව ජේආර්ගේ අමන ක්‍රියා කලාපය. ඒක නිසායි ඊලාම් යුද්දෙ උනත් මෙච්චර දරුණුවට ඇදුනේ. ආමි එකේ 13ක් කොටි මරලා බොඩීස් ටික කොළඹ එව්ව වෙලාවෙ තමා ඔය කලබලය පටන් ගත්තෙ. ජේ ආර් පොලිසියට හමුදාවට කිව්වා පැත්තකට වෙලා ඉන්න කියල. අර කේස් එක නිසා මාරාවේස වෙලා උන්නු මිනිස්සු දෙමළු මරලා කඩ ගෙවල් ගිණිතියලා උන්ගෙ දේවල් කොල්ලකෑවා. ඒක මොළෙන් වැඩ නොකරන සමාජෙ එක මෝඩ පිරිසකගෙ වැඩක් මිසක් වෙන මොකවත් නෙමේ. ජේවීපී කැරැල්ලට සම්බන්ධ උනේ රටේ වෙනසක් බලාපොරොත්තු උන දේශපාලනයට උනන්දු බුද්ධිමත් උගත් තරුන පිරිසක්. සමස්ථ සිංහල සමාජෙම ඒකට වග කියන්න ඕන නෑ. ඕනතරම් සිංහල මීනිස්සු හිටියා දෙමළ මිනිස්සුන්ව තමන්ගෙ ගෙවල් ඇතුලෙ හන්ගගෙන රැකවරණය දීපු. උතුරෙ කොටි සහ දකුණෙ හරක් නිසා වෙච්ච ඒ සිද්දිය නිසා තමා ඊලාම් යුද්දෙ මෙච්චර ඇදුනේ. අද දෙමළ ඩයස්පෝරාව කියල ඉන්නෙ ඒ කාලෙ කළු ජූලිය නිසා බටහිර රටවලට සරණාගතයො විදියට පැන්න දෙමළු. අවුරුදු තිස් පහක් ගිහින් උන් දැන් ඒ රටවල පුරවැසියො.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    hqdefault.jpg


    the-bodies-of-jvp-followers-lie-on-the-ground-with-posters-tied-2-picture-id740924


    antigovernment-graffiti-is-displayed-in-front-of-the-post-office-2-picture-id740914


    _78944541_poster.jpg


    anura1.gif


    JVP-88-89.jpg
     
    Last edited:

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    JVP was trained by LTTE in mid 80s

    ehema scene ekak naa bn.jvp eketa loku ayuda punuwak thibbe naa.un kare bus gini thiyana ewai,trasnformaer pupurawapu ekai,minissu marapu ekai.Kotinta RAW eken weapons foods dunna.

    kotinta isarael walin weapons training hambuna.israel walin apitath weapons training dena gaman thamai kotintath weapons training dunne salli walata
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගමක සල්ලි තියෙන ගෙදරක් තිබ්බනම් දේශ ප්‍රේමි ජනතා ව්‍යාපාරය aka djv ගෙදර අයිතිකාරයා අරන් ගිහින් මරනවා. කඩ අරින්න එපා කියලා කොළ ලියලා දානවා කඩේ ඇරියොත් ඇරපු කෙනා මරලා දානවා .ගෙදරක කව්රු හරි කෙනෙක් ආමි හරි පොලිසියේ වැඩ කරනවානම් ඊ ගෙදර අයව මරනවා ඔහොම සක්කිලි බල්ලෝ ටිකක් jvp කියන්නේ .කුහක හිනා මානේ තියෙන කඩප්පුලි බල්ලෝ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කළු ජූලිය ඇති වෙන්න ප්‍රධාන හේතුව ජේආර්ගේ අමන ක්‍රියා කලාපය. ඒක නිසායි ඊලාම් යුද්දෙ උනත් මෙච්චර දරුණුවට ඇදුනේ. ආමි එකේ 13ක් කොටි මරලා බොඩීස් ටික කොළඹ එව්ව වෙලාවෙ තමා ඔය කලබලය පටන් ගත්තෙ. ජේ ආර් පොලිසියට හමුදාවට කිව්වා පැත්තකට වෙලා ඉන්න කියල. අර කේස් එක නිසා මාරාවේස වෙලා උන්නු මිනිස්සු දෙමළු මරලා කඩ ගෙවල් ගිණිතියලා උන්ගෙ දේවල් කොල්ලකෑවා. ඒක මොළෙන් වැඩ නොකරන සමාජෙ එක මෝඩ පිරිසකගෙ වැඩක් මිසක් වෙන මොකවත් නෙමේ. ජේවීපී කැරැල්ලට සම්බන්ධ උනේ රටේ වෙනසක් බලාපොරොත්තු උන දේශපාලනයට උනන්දු බුද්ධිමත් උගත් තරුන පිරිසක්. සමස්ථ සිංහල සමාජෙම ඒකට වග කියන්න ඕන නෑ. ඕනතරම් සිංහල මීනිස්සු හිටියා දෙමළ මිනිස්සුන්ව තමන්ගෙ ගෙවල් ඇතුලෙ හන්ගගෙන රැකවරණය දීපු. උතුරෙ කොටි සහ දකුණෙ හරක් නිසා වෙච්ච ඒ සිද්දිය නිසා තමා ඊලාම් යුද්දෙ මෙච්චර ඇදුනේ. අද දෙමළ ඩයස්පෝරාව කියල ඉන්නෙ ඒ කාලෙ කළු ජූලිය නිසා බටහිර රටවලට සරණාගතයො විදියට පැන්න දෙමළු. අවුරුදු තිස් පහක් ගිහින් උන් දැන් ඒ රටවල පුරවැසියො.


    ප්‍රශ්නයක් ඇනලයිස් කරනකොට ඒකෙන් වර්තමානයට එන වාසි අවාසි හිතලා ඇනලයිස් කරන එක අසංවරයි.
    කළු ජූලියේදි හැඟීම් වලට වහල් උනු මිනිස්සු යම් මෝඩ පිරිසක් විදියට පැත්තකට කරලා විජේවිර ඇතුලු කණ්ඩායමේ ප්ලෑන් වලට මිනිස්සුන්ව ෆෝම් කරලා ආයුධ දිලා "විප්ලවයක්"කරන්නේ කියලා ඒත්තු ගන්වලා ඛේදවාචකයක් වෙනකොට ඒ අය වෙනසක් බලාපොරොත්තු උනු අය කියලා කුලක මාරු කරන එක වැරදිය්...
    ඔය දෙගොල්ලොම සහ අදටත් මේ සමාජයේ සිටින කුලකයේම හැඟීම් වලට යට උන් බුද්ධිය විචාරශීලිව යොදාගත නොහැකිව ඉන්න බහුතරයක්.

    "හෙංචයිකම"

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    71 eke podi karallak bn une.eeka hari giye naa.habai mathinee jr wage wadakagara dagena minissu maruwe naa.unwa punuruthapanaya kala.87 apu eke thama godak kela kare ratata.ee kale kotinge eelam udde,indiawe involment ,dakune jvp karalla.ee kale thamai godak narakama kale


    mathinige kale dahaka dedahakda marune?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,199
    8,933
    113
    Dubai
    මටත් පොඩි මතකයන් ටිකක් දාන්න හිතුනා. මම ජෙප්පෙක් නෙවෙයි. හැබැයි මේ ජේ.වි.පෙ ඒ දවස් වල අරපු කියපු දේවල් දැකපු අහපු කෙනෙක් මම. ඒ වගේම අදට ජීවතුන් අතර නැති ජේ.වි.පෙ සාමාජිකයොත් ආශ්‍රය කරපු කෙනෙක්. ඒ දවස් වල ජේ.වි.පෙ කියන්නේ මිනිස්සු හැම කෙනෙක් අතරෙම හොද නමක් තිබුන සංවිධානයක්. දැන් වගේ නෙවෙයි. මම දන්න විදියට මේ ජේ.වි.පෙ ආරම්භ කරපු අවදියේ මිනී මැරුවේ නෑ. හැබැයි වැරදි කරපු හැම කෙනෙකුටම දඩුවම් දුන්නා ප්‍රසිද්ධියේම. හොරකම් මැරකම් ස්ත්‍රී දූෂන කරන අයට කිසිම සමාවක් ලැබුනේ නෑ. ඒ වගේම ඒ කාලේ මේ දේවල් ඇහෙන්නෙම නැති තරම්. අන්න ඒ හේතුව නිසාම මිනිස්සුන්ගේ සෑහෙන්න කැමැත්තක් පැහැදීමක් තිබුනා ජේ.වි.පෙ ගැන. ඒ කාලේ කිසිම ආයුධයක් අතේ නැතුව එක කොල කෑල්ලෙන් මුළු රටක් පාලනය කරපු සන්විධානයක්

    ඒ දවස් වල මට මතකයි හමුදාවේ හිටපු කොල්ලොන්ගෙනුත් පුදුම ශපොර්ට් එකක් ජේ.වි.පෙ ට තිබුනේ. මම මේ කියන්නේ මේ සන්විධානේ ඇති වෙච්ච මුල් අවධිය ගැන. මෙන්න මේ දේවල් නිසා ඒ දවස් වල ආණ්ඩුව කරපු අද ජෙප්පොන්ට පැනි හැලියක් වෙච්ච ජේ ආර් ප්‍රෙමදාස කාලේ U.N.P යට නම් මේක දරා ගන්න බැරි උනා. ජේ.වි.පෙ සන්විධානේ එන්න එන්නම රටේ හැම තැනම පැතිරෙනකොට ආණ්ඩුවට මේක දරා ගන්න බැරි උනු නිසා දෙන්න ඕන පොයින්ට් එකටම ගේම දුන්නා. ආමි එකේ කොල්ලොන්ගේ දෙමව්පියො පව්ලේ උදවිය කිසියම් රහසිගත සන්විධානයකින් මරලා දාලා ඒ දේවල් ජේ.වි.පෙ ගිනුමට බැර කරා. එතනින් පස්සේ තමයි මේ හැම දෙයක්ම කනපිට පෙරලුනේ. අනික් දේ තමයි මේකට මුවා වෙලා ගොඩක් මිනිස්සු තමන්ගේ පෞද්ගලික තරහාවල් පිරිමහ ගත්තා. එතනින් තමයි ජේ.වි.පෙ එකේ අවසානය පටන් ගත්තේ. හොද ඔළු තියෙන සිංහල කොල්ලෝ දුසිම් ගනන් ටයර් වලයි හංදි ගානෙයි ජීවිත දන් දුන්නා. දේශපාලකයෝ අමානුශික විදියට ජේ.වි.පෙ එක මර්දනය කරා කිව්වොත් වැරදි නෑ. රටේ හිටපු ජේ.වි.පෙ හොද උගත් බුද්ධිමත් තරුණ කොල්ලෝ කෙල්ලෝ එහෙම ජීවිත පූජා කරනකොට අන්තිමේදී අද ඉතුරු උනේ තමන්ගේ නායකයන්ව සාමාජිකයන්ව මරා දාපු පක්ශ ආරක්ශා කරන NGO කාක්කොන්ට කඩේ යන අනුරලා වගේ උදවිය විතරයි
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0

    ප්‍රශ්නයක් ඇනලයිස් කරනකොට ඒකෙන් වර්තමානයට එන වාසි අවාසි හිතලා ඇනලයිස් කරන එක අසංවරයි.
    කළු ජූලියේදි හැඟීම් වලට වහල් උනු මිනිස්සු යම් මෝඩ පිරිසක් විදියට පැත්තකට කරලා විජේවිර ඇතුලු කණ්ඩායමේ ප්ලෑන් වලට මිනිස්සුන්ව ෆෝම් කරලා ආයුධ දිලා "විප්ලවයක්"කරන්නේ කියලා ඒත්තු ගන්වලා ඛේදවාචකයක් වෙනකොට ඒ අය වෙනසක් බලාපොරොත්තු උනු අය කියලා කුලක මාරු කරන එක වැරදිය්...
    ඔය දෙගොල්ලොම සහ අදටත් මේ සමාජයේ සිටින කුලකයේම හැඟීම් වලට යට උන් බුද්ධිය විචාරශීලිව යොදාගත නොහැකිව ඉන්න බහුතරයක්.

    "හෙංචයිකම"



    කළු ජූලිය සහ විජේවීරගෙ කේස් එක අතර ඍජු සම්බන්ධයක් නෑ. කළු ජූලියට සම්බන්ධයි කියල ජේ ආර් ජේවීපී එක තහනම් පක්ෂයක් කලා. ජේවීපී එක ඇතුලුව තව කීපයක්. ඒ නිසයි ජෙප්පො ආයුද අරන් ආවේ. අදටත් ජෙපි කුක්කෝ ඒ ආයුධ අතට ගනීම සාධාරණීකරනය කරනව ඩකින්න පුළුවන්. පැහැදිලිවම සිද්ධි දෙකක්. කළු ජූලිය කියන්නෙ riot එකක්. ජෙපි කේස් එක රාජ්‍ය විරෝධී කැරැල්ලක්
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    මටත් පොඩි මතකයන් ටිකක් දාන්න හිතුනා. මම ජෙප්පෙක් නෙවෙයි. හැබැයි මේ ජේ.වි.පෙ ඒ දවස් වල අරපු කියපු දේවල් දැකපු අහපු කෙනෙක් මම. ඒ වගේම අදට ජීවතුන් අතර නැති ජේ.වි.පෙ සාමාජිකයොත් ආශ්‍රය....


    ඔයා උන්ගේ නරක පැත්ත දැකලම නෑ වගේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කළු ජූලිය සහ විජේවීරගෙ කේස් එක අතර ඍජු සම්බන්ධයක් නෑ. කළු ජූලියට සම්බන්ධයි කියල ජේ ආර් ජේවීපී එක තහනම් පක්ෂයක් කලා. ජේවීපී එක ඇතුලුව තව කීපයක්. ඒ නිසයි ජෙප්පො ආයුද අරන් ආවේ. අදටත් ජෙපි කුක්කෝ ඒ ආයුධ අතට ගනීම සාධාරණීකරනය කරනව ඩකින්න පුළුවන්. පැහැදිලිවම සිද්ධි දෙකක්. කළු ජූලිය කියන්නෙ riot එකක්. ජෙපි කේස් එක රාජ්‍ය විරෝධී කැරැල්ලක්


    නැහැ නැහැ...
    කිසිම සම්බන්ධයක් නැහැ වෙන්න ඕනේ...
    මම කිව්වේ අදාළ සිද්ධි දෙකේදිම අතකොලු උනු "හැඟීම් වලට වහල් උනු මිනිස්සු"ගැන... අද සමාජයේත් සුලභව ඉන්න උන්....
    කළු ජූලිය මෝඩ වැඩක් කිව්වට ඒ වගේම හැසිරෙන මෝඩ සිංහලු අදත් ඉන්නවා.. ( මම සිංහලු ගැනම කිව්වේ අනිත් උන් ගැන මෙතන කතා නොවුනු නිසා )
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    විජේවීරගේ අවසන් පැය 72

    Rohanaරෝහණ සිය අනාගත මනමාලිය බලන්නට 1980 මාර්තු 7වැනිදා මොරටුවට පැමිණියේය. රෝහණ සිය පළමු ප්‍රශ්නය ලෙස චිත්‍රාංගනීට යොමුකලේ තමාට බයවී හැඬුවේ ඇයිද යන්නය. එවිට චිත්‍රාංගනීගේ ප්‍රතිඋත්තරය වූයේ භයවී ඇඬුවද දැන් කැමති බවය. රෝහණ සහ චිත්‍රාංගනීගේ මංගල උත්සවය 1980 මාර්තු 26වැනිදා මොරටු නිවසේදී පැවැත්විණි. චිත්‍රාංගනී උපතින් සිංහල ක්‍රිස්තියානි(මෙතෝදිස්ත) වුවද රෝහණ බෞද්ධයෙක් බැවින් පල්ලියේ උත්සව තිබුණේ නැත. චිත්‍රාංගනී 1956 අප්‍රේල් 21වැනිදා උපන් අතර පටබැදිගේ දොන් නන්දසිරි විජේවීර(රෝහණ) ඉපදී තිබුණේ 1943 ජුලි 14වැනිදාය. චිත්‍රාංගනීගේ මවවූ චාලට්ද පියාවූ සැමුවෙල් වික්ටර්ට වසර 16කින් වයසින් ලාබාලය.
    විවාහයෙන් පසු පවුලේ ගැටුමක් ඇතිවූයේ 1980 ජුලි වර්ජනයත් සමඟය(ජුලි වැඩවර්ජනයට ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගිවූ අතර 40,356කුගේ සේවය රජය මගින් අහිමි කරන ලදී). ජවිපෙ ජුලි වර්ජනයෙන් කර ඇරීමට තීරණය කර අතර ජවිපෙ නිල නොවන සංවිධානයක්වූ ලංකා ගුරු සංගමය එයට එක්වීමට තීරණයක් ගෙන තිබිණ. තංගල්ල නිවසේ පැවති ජවිපෙ සාකච්ඡාවකදී මෙම තීරණය අනාවරණයවූ අතර මස්සිනාවූ එච්.එන්ගේ තීරණය ජවිපෙ තුළ තමා කොන්වන වැඩක් බවට රෝහණ විජේවිර විසින් චිත්‍රාංගනීට අවධාරණය කළේය. මේ පිළිබදව සාකච්ඡා කිරීමට වහාම චිත්‍රාංගනීගේ සොහොයුරන් වන වෛද්‍ය චන්ද්‍රා, සරත්, සොහොයුරිය ශිරන්ති මල්ලිකා ඇතුළු පවු‍ලේ සියළු දෙනාම මොරටුව ගෙදරට විජේවිර විසින් කැඳවා තිබිණි. මෙහිදී රෝහණ, චිත්‍රාංගනීගේ මව වන චාලට්‍ ගෙන් අසා සිටියේ අම්මාට අවශ්‍ය ලොකු පුතා රෝහණද පොඩි පුතා එච්.එන්ද යන්නය. මව චාලට්ගේ පිළිතුර වූයේ දෙදෙනාම යන්නය.

    සොහොයුරිය ශිරන්ති මල්ලිකා ගැටුම සමථයකට පත්කිරීමට උත්සාහ කලද අසීරු විය. පසුව චිත්‍රාංගනීගේ මව මොරටුවේ සිය මහගෙදරින් ඉවත්ව ගම්පහ චන්ද්‍රාගේ නිවසට රැගෙන යන ලදී. චිත්‍රාංගනීගේ පියා වන සැමුවෙල් වික්ටර් විසින් 1941 සිට පදිංචිව සිටි එම නිවස ඔහු 1975 සැප්තැම්බර් 9වැනිදා මියයන විටද කිසිවෙකුට භුක්තිය පවරා තිබුණේ නැත. විවාහයෙන් පසු මොරටුවේ එම නිවසේ ජීවත්ව සිටි චිත්‍රාංගනි 1980 ජුලි වන විට ගැබිනි මවක් විය. ගුවන්යානා කාර්මික ශිල්පියෙකුවූ සරත් අයියා බ්‍රිතාන්‍යයේ සිට 1981 ‍අප්‍රේල් මස ශ්‍රී ලංකාවට පැමිණි අතර රෝහණ කටුනායකට ගොස් සරත් රැගෙන ගම්පහ බැන්ඩියමුල්ල නිවසට ගියහ. නවීනතම විදුලි උපකරන සහ නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ රැසක්ම සරත් අයියා චිත්‍රාංගනී නංගීට එතෙර සිට රැගෙන විත් තිබිණි. සරත් අයියාට චිත්‍රාංගනීගේ මව සමඟ මොරටු නිවසට පැමිණ සිටීමට රෝහණගේ අනුමැතිය හිමිවිය. මාස ‍2කින් සරත් යළි ගියපසු චිත්‍රාංගනීගේ මව, චන්ද්‍රා අයියා විසින් ගම්පහට ‍රැගෙන යන ලදී.

    කළු ජූලිය 1983 ජුලි 24 ආරම්භ වීමෙන් පසු 1983 ජුලි දෙමළ සංහාරය පිළිබදව එල්ලවූ විවේචනවලට ප්‍රතිඵලයක් වශයෙන් එය ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් බවට හංවඩු ගසමින් 1983 ජුලි 30වැනිදා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ 3ක් රජය විසින් තහනම් කරන ලදී. මෙම හේතුව නිසා ජවිපෙ යළි රහසිගත දේශපාලනයට යොමුවන්නට සිදුවිය.

    ජවිපෙ තහනම රෝහණට සැලවූයේ 1983 ජුලි 29 දහවල්ය. අසල්වැසි නිවසක සිටි දිමුත් මල්ලී අත පණිවිඩයක් යවන රෝහණ ජවිපෙට අයත් කැබ් රථයෙන් චිත්‍රාංගනී සහ දරු දෙදෙනා සමඟින් තංගල්ල බලා පිටවිය. නිවසේ කිසිවෙකු නොසිටි බැවින් සියල්ල වසා යතුරු දමන ලදී. සෝමවංශ අමරසිංහද ගමනට එක්වූ අතර කළුතරදි ඔහු බැස ගියේය. මොරටුවේදී චිත්‍රාංගනීගේ පුංචි අම්මාගේ නිවසටද ගියේය. ඇයගේ දියණිය විවාහ වී සිටියේ ජවිපෙ ටී.කේ පිරිස් සමඟය. ජවිපෙ ඇතුළු වාමාංශික පක්ෂ 3ක් රජය මගින් 1983 ජුලි 30 වැනිදා තහනම් කල බව රෝහණට ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණේ තංගල්ලේ සිටියදීය. චිත්‍රාංගනී සහ දරුවන් දෙදෙනා රෝහණගේ මව වන නැසිනෝනා වික්‍රම කළුතොටට භාරදුන් රෝහණ, ආනන්ද මල්ලීට සහ චිත්‍රානි නැගණියට ඔවුන්ව හොදින් බලාගන්නා ලෙස කියමින් තංගල්ල නිවසින් පිටව ගියහ. රෝහණගේ ‍මාතර කෝට්ටේගොඩ මුල් නිවසේ පදිංචිව සිටියේ ඔහු‍ගේ තාත්තාගේ කනිටු සොහොයුරාය.

    ජවිපෙ තහනමින් පසු 1983 අගෝස්තු මුල් සතියේදී තංගල්ල පොලිසිය, පොලිස් මූලස්ථානය, ජාතික රහස් ඔත්තු සේවය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් 7වරකට වඩා පැමිණ රෝහණ විජේවීර පිළිබදව චිත්‍රාංගනීගෙන් ප්‍රකාශ සටහන් කර ගත්හ. රහස් පොලිසියේ පොලිස් පරික්ෂකවරයෙක් ඇතුළු කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු විසින් 1983 අගෝස්තු 11වැනිදා තංගල්ල නිවසට වෑන් රථයකින් පැමිණ ප්‍රකාශයක් ලබාගැනීම සදහා රහස් පොලිසියේ හතරවන තට්ටුවට චිත්‍රාංගනීව ගෙනයන ලදී. ඇය සමඟ රෝහණගේ මල්ලී ආනන්දද තංගල්ල නිවසේ හැදි වැඩුනු 15 හැවිරිදි චූටි නොහොත් දැසමනී දැරියද, චිත්‍රාංගනීගේ දරු දෙදෙනාද එම ගමනට එක්වූහ.

    මොරටුවේ නිවසට එදින රාත්‍රියේ ඔවුන් ගෙනආ අතර එදින එම නිවසේ සිට පසුදා රහස් පොලිසියට කැඳවාගෙන යෑමට පොලිසිය පැමිණ තිබිණි. චිත්‍රාංගනී 1983 ජුලි 29වැනිදා වසා දැමූ නිවසට යළි පැමිනු‍නේ 1983 අගෝස්තු 11වැනිදාය. පසුදින නිවස මුළුමනින් වසා දමා වෑන් රථයේ නැගී කටඋත්තරය දීමට රැගෙන යන ලදී. දීර්ඝ කටඋත්තරයක් සටහන් කරගත් අතර එදින පස්වරු 1ට කොටුව බස් නැවතුම්පොළේ තංගල්ල බස්රථයට ඇරළවන ලදී. යළි ඔවුහු තංගල්ල නිවසට පැමිණියහ. චිත්‍රාංගනීගේ අයියා වන සරත් 1984 දෙසැම්බර් තංගල්ල නිවසට පැමිණියේ චිත්‍රාංගනී සහ දරුවන් බ්‍රිතාන්‍යයේ සිය නිවසට රැගෙන යෑමටය. ඒ සඳහා චිත්‍රාංගනී සහ දරුවන් බෙලිඅත්ත ඡායාරූප ශාලාවකදී ගුවන් බලපත්‍රය අවශ්‍ය ඡායාරූපද ගත්තේය. ‍එහෙත් චිත්‍රාංගනී සහ දරුවන් බ්‍රිතාන්‍යයට යෑමට විජේවීරගේ අනුමැතිය හිමි නොවීය.

    Rohana)WIFEසිය දරු දෙදෙනා වන 1981 ජනවාරි 12වැනිදා උපන් දසුන් ඊසා සහ 1982 අප්‍රේල් 5වැනිදා උපන් සුපුන් චාගාද සමඟින් රෝහණ ගේ භූගත දේශපාලනයට 1984 අප්‍රේල් 29වැනිදා සිට එක්වීමට චිත්‍රාංගනීට සිදුවිය.ප්‍රථමයෙන් හල්දුම්මුල්ලේ හාල්ඇටතැන්නේ නිවසකද 1987 ජුලි මස සිට බණ්ඩාරවෙල නෙළුව ලෙව්ගොඩවත්තේද 1988 සැප්තැම්බර් 1වැනිදා සිට 1989 නොවැම්බර් 12වැනිදා තෙක් උලපනේ ශාන්ත මේරි වත්තේද පදිංචිව සිටි‍යහ. ඒ අතරතුර පාදුක්කේ මීගොඩ සහ බණ්ඩාරගම උපතිස්ස ගමනායක නිවසේද මාසය බැගින් ගතකර තිබිණි. මෙම කාලය තුළ නිවසේ කටයුතුවල සහායට ජවිපෙ සාමාජිකාවන් වූ මාතර රමණි සහ තංගල්ලේ කාන්තිද පසුව මැණිකේ ‍නොහොත් කළුතර අක්කාද හම්බන්තොට චමිලා සෙව්වන්දිද, එක්වී තිබිණි. චිත්‍රාංගනීගේ ව්‍යාජ නමවූ සමරකෝන් නමට 15 ශ්‍රි 7920 මිට්ෂුබිෂි ලාන්සර් රථය රුපියල් 220,000කටද අක්කර 5කින් යුත් උලපනේ ශාන්ත මේරි වත්ත රුපියල් 375,000කට ජවිපෙ මගින් මිලදී ගෙන තිබිණි.

    තෙවන දියණිය මායා විභූති 1984 ජුලි 24වැනිදා බදුල්ල මහ රෝහලේදීද සිව්වන දරුවා වූ අමා සසරි 1987 ජනවාරි 20 වැනිදා හල්දුම්මුල්ලේ හාල්ඇටතැන්න රෝහලේදීද පස්වැනියා වූ උවිදු විදුර 1988 මැයි 20 වැනිදා බදුල්ල නර්සිං හෝම්හිදිද උපන්නේය. චිත්‍රාංගනී 1989 නොවැම්බර් 19වැනිදා හමුදාවට භාරවන විට ගැබිනියක්වූ අතර එම 6වැනි දරුවාවු සුපුල් උපන්නේ 1990 මැයි මසදීය. රෝහණගේ සිව්වන දරුවාවූ අමා ඉපදූණු පසු රජයේ හල්දුම්මුල්ල රෝහලේ වෛද්‍යවරයා චිත්‍රාංගනීට යෝජනා ක‍ළේ පවුල් සැලසුම් ක්‍රමවේදයක්වූ එල්.ආර්.ටී. සැත්කම අවශ්‍යනම් සිදුකරගන්නා ලෙසය. එය වෛද්‍යවරයෙකු ලබාදෙන සාමාන්‍ය උපදේශයකි. මේ පිළිබදව චිත්‍රාංගනී කල විමසීමේදී රෝහණ කියා සිටියේ තමාට දරුවන් සම්පතක් වන අතර දරුවන් 12දෙනෙකුගේ පියෙකු වීම තම අපේක්ෂා බවය.

    දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට උදව්වීම සඳහා ගමේ ගුරුවරියක් සතිපතාද ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සමන් පියසිරි ප්‍රනාන්දුගේ නැඟණිය මාස කිහිපයක්ද පැමිණියේය. (එමෙන්ම ත්‍රිකුණාමලයේ සුභාෂිනීද, මධ්‍ය කාරක සභිකයෙකු වූ ප්‍රේමචන්ද්‍ර මුණසිංහගේ බිරිඳවූ බෙලිඅත්තේ කුසුමා බුද්ධිකෝරාලද, දේශපාලන මණ්ඩල සභිකයින්වූ දියෝනිස් විජේනායක නොහොත් සුමිත් අතුකෝරාලගේ බිරිඳවූ ශීලාද, පියදාස රණසිංහගේ බිරිඳවූ සුජාතාද, රෝහණ සහ චිත්‍රාංගනී පවුල නැවතී සිටි නිවෙස්වලට වරින්වර පැමිණ තිබිණි.)

    රෝහණ විජේවීර දේශපාලන කටයුතු සඳහා මසකට දෙවරක් හෝ තෙවරක් අවසාන වශයෙන් පදිංචිව සිටි උලපනේ ශාන්ත මේරි වතුයායේ නිවසින් පිටතට වාහනයකින් යනු ලබයි. එසේ ගිය විට නිවසට යළි එන්නේ දින 7ක් හෝ 10ක් ගතකරය. රෝහණ අවසාන වරට නිවසින් පිටවූයේ 1989 නොවැම්බර් 8වැනිදා උදෑසනය. රෝහණ යළි නිවසට පැමිණියේ 1989 නොවැම්බර් 11වැනිදා උදේ 10ට පමණය. එවැනි කෙටි දිනකින් යළි පැමිණි ප්‍රථම වතාව එය විය. ඔහු පැමිණියේ සමන් පියසිරිගේ රථයෙන් වූ අතර ගමනායකද එහි විය.

    (සෝමවංශ අමරසිංහගේ ප්‍රකාශකර ඇති අන්දමට ජවිපෙ දේශපාලන මණ්ඩලය විජේවිරගේ නායකත්වයෙන් තිබුණේ 1989 නොවැම්බර් 11,12 සහ 13 යන දිනයන්හි ගලහ නිවසේදීය. ඒ වන විට දේශපාලන මණ්ඩලයේ ඩී.එම්. ආනන්ද 1989 ඔක්තෝබර් 29වැනිදා රත්නපුරයේදීද ගුණරත්න වනසිංහ 1989 නොවැම්බර් 10වැනිදා කොට්ටාව නිවසේදී අත්අඩංගුවට ගෙන සිටි අතර ආනන්දගේ අත්අඩංගුව ඔවුන් දැන සිටියද වනසිංහ අත්අඩංගුවට ගැනීම වාර්තා වී නොතිබිණි. නෙළුව වතුයායේ ජවිපෙ රහසිගත නිවස හමුදාව මගින් 1989 නොවැම්බර් 9 වටලා සියළු දෙනා අත්අඩංගුවට ගෙන තිබිණු බව දැනගත්තේ දේශපාලන මණ්ඩල රැස්වීම නොවැම්බර් 11 ආරම්භවූ විටය. එබැවින් අනාරක්ෂිත තත්ත්වය හේතුකොටගෙන නොවැම්බර් 12 පෙරවරු 11ට ආරක්ෂක පියවරක් වශයෙන් දේශපාලන මණ්ඩල රැස්වීම නිමාවට පත්කරන ලදී. එහෙත් චිත්‍රාංගනී කියන්නේ විජේවීර යළි නිවසට පැමිණියේ නොවැම්බර් 11 උදෑසන බවය.)

    වසර 1989 නොවැම්බර් 11 උදෑසන නිවසට පැමිණි විජේවිර සාලයේ වාඩිවී ගමනායක සහ සමන් පියසිරි සමඟ උණුසුම් සාකච්ඡාවක විනාඩි 45ක් පමණ නිරත විය. එහිදී දේශපාලන මණ්ඩලයේ සාමාජික රෙජී(සෝමවංශ) අවසන් සාකච්ඡා දෙකටම සහභාගි නොවූ බැවින් ඔහු පිළිබදව හැකි ඉක්මනින් සොයා බලා වාර්තා කිරීමේ වගකීම ඔවුන්ට පැවරූ බව චිත්‍රාංගනී පවසන්නීය. ඉන්පසු ගමනායක සහ සමන් පියසිරි නික්ම යන ලදී. මෙවැනි උණුසුම් සාකච්ඡාවක් මින් පෙර රෝහණ සමඟ ඇතිවූයේ අනුරාධපුර හිටපු දිසා ලේකම් සහ මධ්‍යම කාරක සභික සිසිර රන්දෙණිය සමඟ ඩන්සින් වතුයායේ නිවසේදීය. හල්දුම්මුල්ලේ නව නිවසක් සොයා දීමෙන් පසු තමන් ජවිපෙන් සමුගන්නා බව එහිදී සිසිර කියා සිටියේය. (මාතර නන්දා සමඟ විවාහ වී සිටි සිසිර ජවිපෙන් ඉවත්වූ පසු හිතවතෙකු වශයෙන් කටයුතු කල අතර ඔහු 1989දී නු‍ගේගොඩ ඉදිකිරීම් වැඩබිමක පරික්ෂකයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී ඝාතනයට ලක්විය. වැන්දඹුවූ ඔහුගේ බිරිඳ නන්දා දැන් යළි ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකු සමඟ විවාහවී සිටී)

    රෝහණ 1989 නොවැම්බර් 11වැනදා සවස පුවත්පත් බැලුවේය. රෝහණ කෑමට ප්‍රිය කළේ රතු කැකුළු බත්, ඇඹුල් තියල් කරන ලද බලමාළු, කට්ට සම්බල් හෝ පොල් සම්බල්ය. එළවළු තම්බා කෑමටද ප්‍රමුඛත්වය දුන් අතර මස් කෑවේ ඉදහිටය. නිවසේ කිකිළියන් 12ක් පමණ ඇතිකල අතර ඔවුන්ගේ බිත්තරද ට‍වුමේ කඩයට අළෙවිකර මුදල් ගත්තේ ඒකනායක අංකල්ය. රෝහණ සහ දරුවන් සතියකට අනුභව කළේ එක් බිත්තරයක් බැවිනි. අතුරුපසට බොහෝවිට ගත්තේ දිවුල් කිරි හෝ ගස්ලබුය. රෝහණ ඉවීමට දක්ෂයෙකි. කිහිප දිනක්ම රසවත් අන්දමට තෝසේ සාදා තිබිණි. නිවසේ සියළු ඉවුම් පිහුම් කටයුතු සහ රෙදි සේදීම් සහායට සිටි පක්ෂ සාමාජිකාවන් දෙදෙනා සිදුකල අතර චිත්‍රාංගනී බොහෝ විට සිදුකළේ ඒවා සම්බන්ධීකරණය කිරීමය. (සහායට සිටි සාමාජිකාවන් දෙදෙනා කළුතරින් සහ හම්බන්තොටින් සොයා දුන්නේ සෝමවංශ අමරසිංහගේ සහ උපතිස්ස ගමනායකගේ මැදිහත්වීමෙනි)

    වත්ත පිටිය බලාගැනීම සහ මුර වැඩේ සිදුකළේ ඒකනායක අංකල්ය.(ඒකනායක අංකල්ට ඒ වන විට වයස 55කි. අනුරාධපුර පදවියේ පදිංචි දෙදරු පියෙකු වන ඔහුගේ සැබෑ නම සයිමන්ය. වෘත්තියෙන් ‍‍ගොවියෙකි. ජවිපෙට 1970 ශ්‍රිපුරෙන් සම්බන්ධවන සයිමන් 71 කැරැල්ලේදී අත්අඩංගුවට ගත් අතර පසුව පුනුරුත්ථාපනය වී 1975දී නිදහස් විය. ජවිපෙ සමඟ 1978 සිට අනුරාධුපරයේ පූර්ණ කාලීනයෙකු වශයෙන් එක්වූ සයිමන් විසින් නියමුවා, රතුලංකා සහ මාලිමා පුවත්පත් රජරට බෙදා හැරීමේ වගකීම දැරීය. ජවිපෙ 1983 තහනමින් පසු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් දයාරත්න මගින් සයිමන් වි‍ශ්වාසවන්ත සේවකයෙකු ලෙසින් විජේවීරට හඳුන්වා දුන්නේ මැදවච්චියේ උපන් එච්.බී. හේරත්ය)

    රෝහණ 1989 නොවැම්බර් 11වැනිදා පස්වරුවේ සහායට සිටි සේවිකාවන් දෙදෙනාට ඒකනායක අංකල්ව කැඳවීය. රාත්‍රී පැය 4න් 4ට මුර සේවා ක්‍රමයක් යටතේ ඇහැරී සිටින්නැයිද යමක් සිදුවුවහොත් දන්වන මෙන්ද උපදෙස් දුන්නේය. එයට සතියකට පෙර නිවසේ ඇතිකල මෑන්, බ්ලු සහ ටයිනි නමින් හැදින්වූ සුනඛයින් තිදෙනාම අතුරුදහන් වි තිබිණි. එදින රාත්‍රී ආහාරයෙන් පසු රෝහණ රූපවාහිනිය නැරඹූ අතර ජවිපෙ මගින් සිදුකල බවට චෝදනා කරමින් රූපවාහිනියෙන් විකාශනය වූ ප්‍රවෘත්ති පිළිබදව සිය නොසතුට පළ කළේය. නිවස අතහැර වෙනත් ස්ථානයට යෑම පිළිබදව රෝහණ සාකච්ඡා කළේද නැත.චිත්‍රාංගනී පවසන පරිදි අවසාන වරට රෝහණ පදිංචි මෙම නිවස දන්නේ ගමනායක, සමන් පියසිරි, හේරත්, පියදාස රණසිංහ, සෝමවංශ, වනසිංහ සහ ඩී.එම්. ආනන්ද පමණි.(සෝමවංශ පසුව කියා ඇත්තේ මෙම නිවස දන්නා මුළු සංඛ්‍යාව 13ක් බව විජේවීර කියූ බවකි)

    පසුදා එනම් 1989 නොවැම්බර් 12වැනිදා හිමිදිරිය උදාවිය. රෝහණ උදෑසන ආහාර වේලට ගත්තේ කැකුළු බත්, කිරිහොදි සහ ලුණු මිරිසකි. උදෑසන පුවත්පත් බැලූ අතර දහවල් 12.30ට පමණ දිවා ආහාරය ගත්තේය. ඔහු සමඟ අමා සහ උවිදුද විය. දිවා ආහාරයෙන් පසුව පසුවරු 2.05වූවා පමණි. එවිට රෝහණ සාලයේ පොතක් බලමින් සිටියේය. ඒකනායක අන්කල් ඉක්මනින් පැමිණ ගේට්ටුව වසා ඇති ඉබ්බ ඇරීම සදහා යතුර ගත්තේ සුදු මාමා මෝටර් රථයෙන් එන බව පවසමිනි.(සුදු මාමා යනු දේශපාලන මණ්ඩල සභිකයෙකු වන දේවඛදනගේ පියදාස නොහොත් පියදාස රණසිංහය. වලස්මුල්ල වරාපිටිය උපන් පියදාස කිරම පදිංචිකරුවෙකි. වීරකැටිය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් අතර වලස්මුල්ල කරන්දෙණිය විදුහලේ හිටපු විද්‍යා ගුරුවරයෙකි. 71 කැරැල්ලේදී අත්අඩංගුවට පත්ව 1976දී නිදහස් විය. ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස 1979 මංගල සමුළුවේදී පත්විය.)

    ඒකනායක අන්කල් ගේට්ටුව විවෘත කළේය. ප්‍රථමයෙන් පියදාසගේ මෝටර් රථය පැමිණියේය. ඉන් විනාඩි 2කට පසු පැමිණි ඩෙලිකා සුදු වෑන් රථයෙන් අවිගත් හමුදා භටයින් 4 දෙනෙක්ද හමුදා නිළධාරින් 3දෙනෙක්ද ක්ෂණික‍ව නිවසට පැමිණියහ. (ඔවුන් පසුව කර්නල් ජානක පෙරේරා, කපිතාන් ගාමිණී හෙට්ටිආරච්චි සහ කරුණාරත්න ලෙස හදුනා ගන්නා ලදී) පුවත්පත් කියවමින් සිටි රෝහණ ඉදිරියට ආවේය. උපස් යුවලද පැළඳ ගන්නැයි රෝහණට කියා සිටියේය. “ඔබ විජේවීර බව තහවුරුයි. අපි අත්අඩංගුවට ගන්නවා” ඔවුන් කියා සිටි‍යහ. පවුලේ අය අහිංසක බව කියා සිටි විජේවීර ඔවුන් හඳුන්වා දුන්නේය. නුවරින්ද ආවේදැයි වැඩිදුරටත් විමසීය. අවශ්‍යනම් නිවස පරික්ෂාකරන ලෙසඳ ඉල්ලා සිටියේය. හමුදා විජේවීර සමඟ සාලයේ ඇති රවුම් මේසයේ වාඩිවී සිටියේය. රෝහණගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවේය. මෙවිට රෝහණ කියා සිටියේ තමාට හමුදා නිළධාරින් සමඟ නොව දේශපාලන නායකත්වය සමඟ කථා කල යුතු බවය. චිත්‍රාංගනී සහ දරුවන් පමණක් එම මේසය අසළ සිටියේය.

    අත්අඩංගුවට ගෙන සිටි විජේවීර කොළඹ යෑමට සූදානම් වන්නැයි හමුදා නිලධාරින් පැවසූහ. දුඹුරු ඉරි සහිත සරමක් සහ අත්කොට බැනියමකින් සැරසී සිටි විජේවීර එම ඇදුම් පිටින්ම යෑමට සූදානම් විය. එහෙත් හමුදා නිළධාරින් කියා සිටියේ හොදින් ඇද පැළදගෙන පැමිණෙන ලෙසය. විජේවීර පසුව කලිසමකින් සහ සුදු අත්දිග කමිසයකින් සැරසී පැමිණියහ. විජේවීර‍ගේ ජුලි උපන්දිනයට අලුත් කමිස තුනක් දේශපාලන සභිකයින්ගෙන් ලැබී තිබිණි. ඔහු ඉන් ඇදගත් කමිසය එච්.බි. හේරත් දුන්නකි. ඩෙලිකා වෑන් රථයේ දෙදෙනෙකු අත් කකුල් බැඳ බිම දිගාකර තිබිණි. ඉන් එක් අයෙකු පියදාස රණසිංහ වූ අතර ඔහු පහරදීම්වලට ලක්ව සිටියේ ජීවිතයෙන් සමු ගැනීමට ආසන්නවය. හේරත්ට පහරදීම් සිදුකර තිබූ අතර ඔහු සිටියේ සිහිමඳ ගතියෙනි. තමා හමුදා නිලධාරින් සමඟ යන්නේ හේරත් සහ පියදාස සමඟ බව රෝහණ කියා සිටියේය.

    මෙදින රෝහණගේ මවවන නැසිනෝනාද උලපනේ සිටියේ නැත. ඇය සිටියේ පාදුක්කේ නිවසේය. තංගල්ලේ මහගෙදර ගිනිතැබීමෙන් පසු ඇය සිටියේ බලවත් ශෝකයෙනි. හමුදා නිළධාරින් සමඟ රෝහණ පිටත්වීමට ප්‍රථම චිත්‍රාංගනීට කියා සිටියේ දරුවන්ගේ ආගම වෙනස් නොකරන ලෙසය. ලොකුදුවගේ ඔළුව අතගා හොදට ඉගෙන ගන්නා ලෙසද, දෙවන දියණියගේ ඔළුව අතගා වෛද්‍යවරියක් වන ලෙසද කියා සිටියේය. මෝටර් රථයේ පිටුපස ආසනයේ මැද රෝහණ වාඩිවූ අතර දෙපැත්තෙන් කර්නල් ජානක පෙරේරා සහ කපිතාන් හෙට්ටිආරච්චි වාඩිවිය. මෝටර් රථය සහ වෑන් රථය පිටවිය.

    සාකච්ඡාව අතරතුරදී රෝහණ‍ගේ අලුත්ම කමිසයක් ඇදගත් ඒකනායක අන්කල් වත්ත පහළට යනු චිත්‍රාංගනී දුටුවාය.(ඒකනායක අංකල් පසුව පිටුපස දොරෙන් ගොස් ටවුමට පැමිණ කොළඹට ආවේය. මහරගම කන්දෙ පන්සලට පැමිණ එහි ලොකු හාමුදුරුවන්ට මේ බව දන්වා රාජාංගනයේ 5 කනුව අසළ සිටින සිය නැගණියගේ නිවසට ගොස් නිහඬ ජීවිතයක් ගත කළේය. ජවිපෙ අනුරාධපුර කාර්යාලයට 1998 පෙබරවාරි මස පැමිණි ඒකනායක අංකල් එහිදී තමා හදුන්වා දුන්නේය. ජවිපෙ ඒ පිළිබදව සොයා බැලූ විට ඔහුගේ අනන්‍යතාවය තහවුරු විය. පසුව ඒ පිළිබදව අනුරාධපුරයේදී සහ කොළඹදී ජවිපෙ මගින් ඔහුගෙන් දීර්ඝ පටිගත කිරීමට සවිස්තර විස්තරයක් ලබාගත්තේය. ඔහු 2006දී මිය ගියේය.)

    (ඒකනායක අන්කල්ගේ හඬ පටය අනුව රෝහණ විජේවීර 1989 නොවැම්බර් මස මුලදී ඔහුට කියා ඇත්තේ ජවිපෙ දෙවැනි කැරැල්ලේ පාලනය තමා අතින් ගිලිහී ඇති බැවින් ඉදිරියේ සිදුවන මහා විනාශය වලක්වා ගතයුතු බවය. තමාට පෞද්ගලිකව පලා යාහැකිවූවද එසේ නොකර මෙයට විසදුමක් දියයුතු බවද විජේවීර ඔහුට කියා සිටියේය. විජේවීර ඒ පිළිබද පටිගත කරන ලද ප්‍රකාශයක කැසට් පටියක් සහ අතින් ලියන ලද දීර්ඝ ලිපියක් ලොකු එස්.ලෝන් බටයක දමා සිලිකන් සහ වැලිවලින් වසා සීල්කර ඒකනායක අන්කල්ට කියා වත්තේ සබුක්ක ගස ලඟ අඩි දෙකක වලක් හාර වළලනු ලැබිය. එය උඩින් විශාල ගලක්ද තැබීය. එය යම් එහෙකින් තමා අත්අඩංගුවට ගනු ලැබුවහොත් පක්ෂය වෙත ලැබීමට සලස්සන ලෙස ඒකනායක අංකල්ට උපදෙස් දුන්නේය. තමාට හැංගීමට අවශ්‍ය නැති බවද තමා අත්අඩංගුවට ගතහොත් විනාශය අවම කල හැකි බවද විජේවීර විසින් පැවසූ බව ඒකනායක අන්කල්ගේ හඬ පටයේ සඳහන්ය. ඒකනායක අන්කල් 1998 ජවිපෙ වෙත ලබාදුන් තොරතුරු අනුව වත්තට ගොස් එය ලබා ගැනීමට ජවිපෙ උත්සහා කලද පසුව එය අතහරිනු ලැබුවේ එහි වළලා ඇති රත්තරං ගැනීමට පිරිසක් පැමිණි බවට ආරංචියක් ගම පුරා පැතිර යාමෙනි. එහෙත් ඇතැම් අය පවසන්නේ එය ගොඩගත් බවකි.)

    කලයුත්තේ කුමක්දැයි චිත්‍රාංගනී සිතන විට මෝටර් රථයෙන් යළි විනාඩි 5කට පමණ පසු පැමිණි කර්නල් ජානක පෙරේරා සහ විජේවීර නිවසේ දොරකඩට පැමිණ චිත්‍රාංගනීට යළි කථා කළේය. මෙහිදී රෝහණ චිත්‍රාංගනීට කියා සිටියේ පාදුක්කේ නිවසට යන ලෙසය. කර්නල් ජානක පෙරේරා මුලදී කියා සිටියේ මෙම රහස දන්නේ තමන් පමණක් බැවින් සාමාන්‍ය විදිහට නිවසේ සිටින ලෙසය. එහෙත් පසුව විජේවීර සමඟින් පැමිණි ඔහුද කියා සිටියේ මෙම ස්ථානයෙන් කඩිනමින් ඉවත් වන ලෙසය. මොරටුවේ තමාගේ නිවසට යන්නදැයි චිත්‍රාංගනී ඇසූ විට කපිතාන් හෙට්ටිආරච්චි කියා සිටියේ එවැනි ස්ථාන අනාරක්ෂිත බවය. ඒකනායක අංකල් අතුරුදහන්වී ඇති බවද මෙහිදී චිත්‍රාංගනී කියා සිටි‍ හෙයින් හමුදා සෙබළුන් දෙදෙනෙක් වත්තේ ඇවිද ඔවුන් පිළිබදව සොයා බැලීය.

    රෝහණ යළි ගිය පසු කොළඹ යෑමට චිත්‍රාංගනී අතවශ්‍යම බඩු කිහිපයක් සූදානම් කර ගත්තේය. දරුවන් 5 දෙනාද විජේවිරගේ නැගණිය චිත්‍රානිද සේවයට සිටි කතුන් දෙදෙනා සමඟින් කළුතර යෑමට ටවුමේ කුලී වාහනයක් හිමි කළු මල්ලී‍ගේ සහාය ලබා ගත්තේය. රෝහණගේ මව කළුතර අසනීපවී ඇති බැවින් ඇය බැලීමට යන බව පැවසීය. පැය 5ක පමණ ගමනකින් පසු මහරගම හන්දියෙන් බසින විට රාත්‍රී 9.30ට ආසන්න විය. පසුව මහරගම රෝහණගේ ඥාති නිවසකට ‍ගියේය. පසුදින එනම් 1989 නොවැම්බර් 13වැනිදා පාදුක්කේ නිවසට යන ලදී. චිත්‍රාංගනී උලපනේ නිවසින් පිටත්වීමෙන් පසු නොවැම්බර් 12වැනිදා රාත්‍රී 7ට පමණ උඩුගම්පොලගේ නායකත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් නිවස වටලා එය සෝදිසි කරන ලදී.(එම නිවසේ තිබූ විජේවීර යුවලගේ රාමුකරන ලද ඡායාරූපයක්, ප්‍රේමදාස උඩුගම්පොලගේ සොහොයුරා විසින් තමාට දුන් 1990දී මුල් භාගයේදී ලබාදුන් අතර පසුව වසර 2කට පසු යළි ඉල්ලාගත් බවද ප්‍රවීණ රූපවාහිනී නිෂ්පාදක ජනක මල්ලිමාරච්චි ලියුම්කරුට කියා සිටියේය. විජේවීරගේ අවසාන ප්‍රකාශය පැය 1 විනාඩි 20ක් වූ අතර 1989 නොවැම්බර් 13වැනිදා රාත්‍රී රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශය සදහා එම ප්‍රකාශය රූපවාහිනී සභාපති මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ උපදෙස් පරිදි විනාඩි 6කට සංස්කරණය කිරීම භාරව සිටියේද ජනක මල්ලිමාරච්චි විසිනි.)

    පාදුක්ක නිවසේ විජේවිරගේ මවද සිටි අතර රෝහණ‍ගේ නංගී වන චිත්‍රානි නොවැම්බර් 17වැනිදා නිතිඥයෙකු සොයා ගැනීමටයැයි කියමින් නිවසින් පිටව ගියද 19 උදය තෙක් නොපැමිණිය. විජේවීරගේ ඝාතනය නොවැම්බර් 13වැනිදා සවස 5ට පමණ රූපවාහිනියේ හදිසි විශේෂ පුවතක් වශයෙන් විකාශනය වන විට රෝහණගේ මව එය අසා සිහිසුන් නැති විය. පාදුක්ක නිවසේ හිමිකරුවන් නිවසින් ඉවත්වන ලෙසට කල බලපෑම නිසා 1989 නොවැම්බර් 19වැනිදා ඔවුන් විසින්ම කුලී වෑන් රථයකට ගෙවා කඩුවෙල හන්දියෙන් බස්සන ලදී. පසුව කොටුවට තවත් වාහනයකින් ගොස් කොටුවෙන් බැස චිත්‍රාංගනී තීරණය කළේ හමුදා මූලස්ථානයට භාරවීමටය. යළිත් කොටුවෙන් කුලී රථයක නැගී බම්බලපිටියට යායුතු බව පවසා හමුදා මූලස්ථානය අසළදී සොහොයුරා බැලීමට අවශ්‍ය බව කියා වාහනයෙන් බැස හමුදාවට භාර විය.

    වසර 1989 නොවැම්බර් 19වැනිදා එදින රාත්‍රී හමුදා මූලස්ථානයේදී ජනාධිපති ‍ලේකම් කේ.එච්.ජේ. විජේදාස, ආරක්ෂක ලේකම් සේපාල ආටිගල, ජනරාල් හැමිල්ටන් වනසිංහ, මේජර් ජනරාල් සිසිල් වෛද්‍යරත්න, කර්නල් ලකී අල්ගම සාකච්ඡා කාමරයකදී ඇයට හමුවිය. මෙහිදී ජනාධිපති ප්‍රේමදාස විසින් චිත්‍රාංගනීට දුරකථනයෙන් ඇමතූ අතර තමා කියු දෙය ඇසුවානම් ‍විජේවීරට මෙසේ සිදු නොවන බව දැන්වීය. දරු පවුලේ ආරක්ෂාව, අධ්‍යාපනය ඇතුළු සියළු වගකීම් රජය භාරගන්නා බවද පසුදා දහවල් 1ට ජනාධිපති කාර්යාලයේ තමා හමුවන‍ ලෙසද දැනුම් දුන්නේය. එදින රාත්‍රී චිත්‍රාංගනී සහ දරු පවුල බොරැල්ල කිංස්ලි පාරේ යුධ හමුදා කාන්තා නිවස්නයේ කපිතාන් සිල්වා වෙත භාර දෙන ලදී. එහි කාමර දෙකක් තාවකාලිකව ඔවුන් වෙත වෙන්විය.

    ජනාධිපති කාර්යාලයේ පසුදා ජනාධිපති ප්‍රේමදාස හමුවූ අතර එම සාකච්ඡාව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න, හමුදාපති ජනරාල් හැමිල්ටන් වනසිංහ, ජනාධිපති උපදේශක බ්‍රැඩ්මන් වීරකෝන්ද එක්වී සිටියහ. ජනාධිපති ප්‍රේමදාස එහිදී කියා සිටියේ විජේවිර අවසන් වරට දීපානි චාමලී නමට ගත් මහන මැෂිම සිහිවටනයක් ලෙස තමා ලඟ ඇති බවය. ආරක්ෂාව සඳහා බස්නාහිර ප්‍රදේශයේ රැකවරණය ලබාදෙන බවද ප්‍රේමදාස කියා සිටියේය. ඇමති රන්ජන් විජේරත්න එහිදී කියා සිටියේ විජේවීර පදිංචිව සිටි ඉදිරිපස වත්තේ සිටින්නේ තමාගේ මිතුරෙකු බවත් ඔහු හමුවීමට මසකට පෙර පැමිණි බවත්ය. බොරැල්ලේ යුධ හමුදා කාන්තා නිවස්නයේ සති 3ක් සිටි චිත්‍රාංගනී සහ දරු පවුල අනතුරුව 1989 දෙසැම්බර් 12වැනිදා ගනේමුල්ල හමුදා කඳවුරටද 1992 මාර්තු මස ත්‍රිකුණාමලයේ නාවික කඳවුරටද පසුව වැලිසර නාවික කඳවුරටද යොමු කරන ලදී. විදේශ රටවල දේශපාලන රැකවරණය ලබාගැනීමට මැදිහත්වන ලෙසට ජවිපෙන් කල ඉල්ලීමටද යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි.

    රෝහණ විජේවීරගේ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා 2015 සැප්තැම්බර් 12වැනිදා ඇය පොලිස් මූලස්ථාන‍යට ගොස් පැමිණිල්ලක්ද යළි ඉදිරිපත් කළාය. සයදරු මවක් වන චිත්‍රාංගනීගේ එකම මුණුබුරා නිසාජා උමිත්ය. චිත්‍රාංගනීගේ එකම අරමුණ දරුවන්ගේ ජීවිතවල පැවැත්ම වෙනුවෙන් මෙම පීඩාකාරි වාතාවරණයෙන් මිදී නිදහස් පුරවැසියන් ලෙස ඔවුන්ට ජීවත් වීමට හැකි සාමකාමි පරිසරයක් කරා රැගෙන යාමය. කිසිවිටෙක දේශපාලන නොකල කිසිදු දේශපාලන මතයක් නොදැරූ තම දරුවන්ට ස්ථාවර අනාගතයක් උදා කිරීම ඇයගේ එකම පැතුමය.

    © Copyright 2019 Lanka Lead News. All rights reserved. [/SIZE]
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0

    නැහැ නැහැ...
    කිසිම සම්බන්ධයක් නැහැ වෙන්න ඕනේ...
    මම කිව්වේ අදාළ සිද්ධි දෙකේදිම අතකොලු උනු "හැඟීම් වලට වහල් උනු මිනිස්සු"ගැන... අද සමාජයේත් සුලභව ඉන්න උන්....
    කළු ජූලිය මෝඩ වැඩක් කිව්වට ඒ වගේම හැසිරෙන මෝඩ සිංහලු අදත් ඉන්නවා.. ( මම සිංහලු ගැනම කිව්වේ අනිත් උන් ගැන මෙතන කතා නොවුනු නිසා )


    ඒක කොයි සමාජෙත් ලක්ශණයක්. පිට රටවලත් ඉන්නවා. මිනිස්සුන්ගෙ හැටියක්