විජේ මල්ලිගෙ කොලොම

amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    විජේ මල්ලිගෙ කොලොම

    විජේ මල්ලිගෙ කොලොම

    ශ්‍රී ලංකාවෙ මියුසික් ෆීල්ඩ් එකේ සැමදාම වගේ මොකක් හරි අප්සෙට් සීන් එකක් තියෙනව කියල විජේ මල්ලිට විතරක් නෙවි ඔයගොල්ලන්ටත් හිතෙනව ඇති මේ දවස්වල ෆීල්ඩ් එකේ නිව්ස් කියවන කොට. පහුවෙච්ච දවස් ටිකේ හොටස්ට්ම නිව්ස් එක වුණේ ජෝතිපාල සීන් එක. ඩුප්ලිකේට් ජෝතිල ඉන්නවලු වෙන්ට ජෝතිල ඉන්නවලු, විජේ මල්ලිට මේවායෙ ආතක් පාතක් තේරෙන්නෙ නෑ. වීක්එන්ඩ් පේපර්ස් සිනමා කලා පිටු කපල පුරවල ලියුම් කියුම් ජෝතිව බෙදාගන්න බැරුව.
    විජේ මල්ලිටත් ඔය ජෝතිගෙ සින්දුත් ඇහෙනවා ඩුප්ලිකේට් ජෝතිලගෙ සින්දුත් ඇහෙනව. ඒත් ඕව ගැන වැඩිය ඔළුව කලබල කරගන්නෙ නැතුව සින්දු අහන එකයි විජේ මල්ලි නම් කරන්නෙ. ඔය මොන ජාතියෙ සුපර් ස්ටාර්ස්ල ජෝතිගෙ සින්දු කිව්වත්, ඒ මෑන්ස්ලට කියන්න අයිතිය දීල තියනව නම්, ජෝතිගෙ උරුමක්කාරයො, පැත්තක ඉන්න අපි මොකට අනුන්ගෙ සීනි කිරන්න යනවද කියල විජේ මල්ලිට කල්පනා වෙනව. විජේ මල්ලිට තාමත් ජෝතිව අඳුනගන්නත් පුළුවන් ඩුප්ලිකේට් ජෝතිගෙ වොයිස් එක අඳුනගන්නත් පුළුවන්. කාටහරි කියන්න පුළුවන්ද ජෝතිගෙ පැත්ත පළාතකවත් මේ සුපර් ස්ටාර්ස්ල නෑ කියල. ඒකෙ අනිත් පැත්තකුත් තියෙනවා.
    ඔය සුපර්ස්ටාර්ස්ල වුණත් ජෝතිගෙ සින්දු සින්ග් කරනව නියමෙට තිතට. ඒත් ඒ ගොල්ලො ජෝති නෙවි බව ජෝති ෆෑන්ස්ල ඉවෙන් වගේ දන්නව. මොනව වුණත් මේ කචල් බචල් වලින් විජේ මල්ලිට පේන්නෙ ජෝති කියන්නෙ අමරණීය ගායකයෙක් කියල. මෑන්ස් මැරුණට මෑන්ස්ගෙ සින්දු මැරෙන්නෙ නෑ. මැරිලත් නෑ. ඔය ස්ටාර්ස්ල ජෝතිව මාකට් කරගෙන සම්තින්ග් එකක් සොයා ගත්තත්, ඒ ගොල්ලො කවදාවත් ජෝතිගෙ සයිස් එකට මතක තියෙන්නෙ නෑ කාටවත්.
    ජෝති මාකට් කරන එක ගැන කතාකරන කොටයි විජේ මල්ලිට මතක් වුණේ ලාස්ට් වීක් එකේ ‘රසඳුනේ’ ගිය ෆෝරම් එක. සින්දුවක අයිතිය කාගෙද? බුද්ධිමය දේපළ පනතයි, අරකයි, මේකයි ගැන මතක් කර කර මියුසික් ඔස්තාද්ල ඉන්ටර්වීව්ස් දීල තිබුණෙ ඒගොල්ලො නැතුව සින්දු නෑ කියලා. විජේ මල්ලි ෆුල් හොල්මන් මේ කතාවලින්. කවුරුහරි මේ ජාතියෙ ප්‍රශ්නයක් දැම්මොත්? පොඩ්ඩක් හෝව් ජයරත්න ලොක්කා, ඔයාල සින්ගර්ස්ල වුණේ ජාතක කතාවලට, එහෙම නැත්නම් රොමියෝ ජුලියට් ඩ්‍රාමා එකේ දෙබස්වලට මෙලඩිදාලා මියුසික් කරල ද නැත්නම් ලිරික්ස් රයිටර් කෙනෙක් මෑන්ගෙ ටැලන්ට් එක පාවිච්චි කරල ලියන සින්දුවක් තෝරාගෙන කිව්වට පස්සෙ ද කියල නිකමට කෝචොක් එකට ඇහුවොත් ගම කෑව නේද?
    අපි නිකමට කල්පනා කරමුකො පොත් ලියන ලේඛකයෙක් ගැන. මෑන්ස්ගෙ පොත් පාඨකයන්ට යන්න නම් ඒව ප්‍රින්ට් කරල රට පුරා බෙදන්න ඕන. එතකොට පොතේ නිර්මාණකාරය, පොත ප්‍රින්ට් කරන ප්‍රෙස් එකට අයිති වෙනවද නැත්නම් පබ්ලිෂර්ට අයිති වෙනවද කියල, කියල දෙමුකො ජයකොඩි ළමයා. විජේ මල්ලිට නම් මේ සීන්ස් ෆුල්ම ෆුල් අවුල්.
    අයිතිය බෙදාගන්න බැරි සීන් එකක් නේ දැන් තියෙන්නෙ. ලිරික්ස් ලියපු එක්කෙනාගෙ ද සින්ග් කරපු කෙනාගෙ ද මියුසික් ඩිරෙක්ටර්ගෙ ද සින්දුවෙ අයිතිය තියෙන්නෙ කියන එක හොයන්න ජනාධිපති කොමිසමක් දාන්න තරම් වැඩේ සිරා වෙලා වගෙයි විජේ මල්ලිට පේන්නෙ. ඔය සින්ග් කරන නෝනල මහත්තුරුන්ට ඩිංගක් කල්පනා කරල බලන්න තිබුණනේ මේ වාද පිටියට ජොයින් වෙන්න කලින්. සින්දු අහන කට්ටිය ඔය සිංගර්ස්ලගෙ හඬ මතක තියාගත්තෙ නෑනේ. ඒගොල්ලො මතක තියා ගන්නෙ හොඳ ලිරික් එකක් විතරයි. හන්තානට පායන සඳ ලිව්වෙ නැත්නම් පීරිස් ලොක්කා සින්ග් කරන්නෙ ඊයෙ පෙරේදා ආපහු කරපු ස්පේස් ට්‍රැවල් එක ගැන ද කියල හොයල බලන්න වටිනව.
    නිර්මාණයක් නම් ඒක ඉතින් ටීම් වර්ක් තමයි. ලිරික්ස් රයිටර් නැතුව කට්ටියට සින්ග් කරන්න දෙයක් නැතිවෙනවා. හොඳ වොයිසස් නැතුව කොච්චර ලස්සන ලිරික් එකක් ලිව්වත් වැඩක් තියෙනවද? අන්තිමට ඕඩියන්ස් එක අහගෙන ඉන්නෙ වොයිස් එකයි ඒකට ඇඩ් වෙච්ච ලිරික් එකේ කොලිටි එක විතරයි. කට්ටිය ඔහොම යං කියල එහෙනම් කිව්වා ඕන්.

    උපුටා ගැනීම සිලුමිණ පුවත්පත
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    කියල තියෙන ඒව පරස්පර විරෝධීයි කියලයි මටනං තේරෙන්නෙ...
    පරන සිංදු අලුත් අය කියන එකේ මටනං අවුලක් පේන්නෙ නැහැ... හැබැයි සල්ලි දුන්නෙ නැත්තං අඩුම ගානෙ පරන ගායකය ගැන මතක් කිරීමක් කරන එක සහ සිංදුව ලියපු/සංගීතය දාපු කෙනා ගැන සඳහන් කිරීම මනුස්සකම කියලයි මම හිතන්නෙ... නැත්තං අලුත් සිංදුව ඉස්සෙල්ලම අහන කෙනෙක් හිතයි මේක අලුත් ගායකයගෙ සිංදුවක් කියල... සිංදුවක අයිතිය ගැන නං මටත් හරියටම තේරෙන්නෙ නැහැ... සිංදුව කියපු, ලියපු සහ සංගීතය දාපු තුන්දෙනාටම සම අයිතිය දුන්න නම් ඉවරයි... ඊට පස්සෙ අලුතින් සිංදුව කරනකොට ඒ තුන්දෙනාට සල්ලි දුන්නනම් හරි... :)
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    කියල තියෙන ඒව පරස්පර විරෝධීයි කියලයි මටනං තේරෙන්නෙ...
    පරන සිංදු අලුත් අය කියන එකේ මටනං අවුලක් පේන්නෙ නැහැ... හැබැයි සල්ලි දුන්නෙ නැත්තං අඩුම ගානෙ පරන ගායකය ගැන මතක් කිරීමක් කරන එක සහ සිංදුව ලියපු/සංගීතය දාපු කෙනා ගැන සඳහන් කිරීම මනුස්සකම කියලයි මම හිතන්නෙ... නැත්තං අලුත් සිංදුව ඉස්සෙල්ලම අහන කෙනෙක් හිතයි මේක අලුත් ගායකයගෙ සිංදුවක් කියල... සිංදුවක අයිතිය ගැන නං මටත් හරියටම තේරෙන්නෙ නැහැ... සිංදුව කියපු, ලියපු සහ සංගීතය දාපු තුන්දෙනාටම සම අයිතිය දුන්න නම් ඉවරයි... ඊට පස්සෙ අලුතින් සිංදුව කරනකොට ඒ තුන්දෙනාට සල්ලි දුන්නනම් හරි... :)
    ;)එහෙම තමයි වෙන්න ඔන