විටමින් C

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
විටමින්_C

විටමින් C බහුල ආහාර වර්ග

විටමින් C බහුල ආහාර වර්ග වර්ගයක් නම් කරන්න කිව්වොත් අපි ගත්කටටම කියන්නේ දොඩම් කියලා නේද ? ඒ ඇරුනම වෙන පළතුරක් ගැන කියන්න මතක් වෙන්නේ නෑ වගේම එහෙම කියන්න තරම් තවත් පළතුරක් ගැන ඔබ නොදන්නවා වෙන්නට පුළුවන්. නමුත් ඔබ දන්නවා ද ඇත්තටම දොඩම් වල තියෙන්නේ ඉතා සුළු විටමින් C ප්‍රමාණයක් බව ? ඒ කියන්නේ මිලිග්‍රෑම් 70ක් වගේ ප්‍රමාණයක්. එහෙම බලනකොට මිට වඩා විශාල විටමින් ප්‍රමාණයක් අඩංගු වන තවත් පලතුරු වර්ග ඕනෑතරම් තියනවා. ඒවගේ පලතුරු වර්ග 5ක් ගැන තමයි කියන්නේ යන්නේ. ඒ වගේම දන්නවද විටමින් C වලින් අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන? අපේ හැඟීම් ප්‍රබෝධමත්ව තියාගන්න එමගින් පිටිවහලක් ලැබෙනවාලු. ඒවගේම මානසික පීඩනයෙන් පෙලෙන අවස්ථාවේ නිකුත් වන හෝර්මෝන පාලනය කර උදරයේ මේදය තැන්පත් වීම අවමකරනවා. ඒවගේම මුක්ත ඛණ්ඩක (free radical) මගින් අපේ සෛල වලට ඇතිකරන අහිතකර බලපෑම් අවම කරනවා. ඒ කියන්නේ ඔබ සිගරට් දුම , වාහන දුම නැතිනම් හිරුරශ්මියට බොහෝ සේ නිරාවරණය වනවා නම් මේ ආහාර වර්ග ගැනීම ඔබේ සෞඛ්‍යට හිතකර වෙනවා.

01. අන්නාසි : 79 mg Vitamin C
මේ පලතුර අපිට හොඳට හුරුපුරුදුයි නේ. මෙහි අඩංගු bromelain කියන එන්සයිමය ආහාර ජීර්ණයට උපකාර වෙනවා.


Pineapple.jpg
 
Last edited:

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
02. ගස්ලබු / PAPAYA
88 mg Vitamin C
ගස් ලැබූ ගස් නම් අපි අවට පරිසරයේත් ගොඩක් තියනවා. මෙය කෙඳි සහිත ආහාරයක් ද වෙනවා. ඒවගේම කැලරි 62ක් සහ සිනි ග්‍රෑම් 11ක් වගේ ප්‍රමාණයකුත් ගස්ලබු කෝප්පයක අඩංගු වෙනවා. ඉතා ගුණදායි පළතුරක්.


images
 

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
03. ස්ට්‍රෝබෙරි / STRAWBERRY
89 mg Vitamin C
ගොඩක් දෙනෙක් ආස පළතුරක් නේ. මේ පලතුරේ අඩංගු පොලිෆිනෝල් කියන්නේ ස්වභාවික රසායනික සංයෝගයක්. එමගින් ඔබේ බර අඩු කරගැනීමට මෙන්ම සිරුරේ අනවශ්‍ය මේදය සැදීම ද අවම කරනවා.



strawberry-6.jpg
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව දානවද.. හා එහෙනම් දාලම ඉවර කරපංකො.. එකපාර කියවන්න..:baffled:
    එක පෝස්ට් එකකට ඔක්කොම දාන්න බැරිද බං එකින් එකට පෝස්ට් දාන්නෙ..:angry:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    04.බෙල් පෙපර් / RED BELL PEPPER
    190 mg Vitamin C
    මේවා තලලා ගන්න එක කෝප්පයක මිලිග්‍රෑම් 190ක් ම විටමින් C අඩංගු වෙනවා ලු. මේවා අපිට සුපර්මාර්කට් එකෙන් මිලදී ගන්න පුළුවන්. පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් සිදු වීමට මෙහි අඩංගු රසායංක සංයෝග හොඳ දිරිගැන්වීමක් ලබාදෙනවා.


    Red-bell-peppers.jpg
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    තව දානවද.. හා එහෙනම් දාලම ඉවර කරපංකො.. එකපාර කියවන්න..:baffled:
    එක පෝස්ට් එකකට ඔක්කොම දාන්න බැරිද බං එකින් එකට පෝස්ට් දාන්නෙ..:angry:

    :angry::angry: : සමාව දීම දේව ගතියකි. :yes::yes: ඔක්කොම ඒක සැරේ කියවද්දි ඒපා වෙයි කියලා මෙහෙම දැම්මේ..
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    05. පේර / GUAVA
    376 mg Vitamin C
    ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ පේර. පේර ගෙඩියක අඩංගු වෙනවා සතියකට විතර අවශ්‍ය විටමින් ප්‍රමාණයක්. ඒවගේම පිළිකා වලට එරෙහිව ක්‍රියාකරන ප්‍රතිඔක්සිකාරක වලින් ද මේ පලතුර අනුනයි. අපේ රටේ මේ හැම දෙයක්ම තියන හින්දා විටමින් පෙති වලට හුරුවෙන්නේ නැතුව මේ රසවත් පලතුරු වලින් ම ඒ අවශ්‍යතාවයන් සපයාගන්න හුරු වුනොත් නරක ද ?


    GUAVA_dreamstime_s_2725244.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔක්කොම ඒක සැරේ කියවද්දි ඒපා වෙයි කියලා මෙහෙම දැම්මේ..
    පිස්සුද බං.. ඔහොම දැම්මාම තමයි කියවන්න එපා වෙන්නෙ.. අතර මැදින් කොමෙන්ට් පවා වැටෙනවා.. සිංගල් පෝස්ට් එකකට දාපන් ත්‍රේඩ් එක.. ගොඩක් උන් ඔය මෝඩ වැඩේ කරනවා.. සමහර අය නම් පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න.. පිංතූර සීයක් දානවා නම් පෝස්ට් සීයක් දානවා..:sorry:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    වර්තමානයේ බොහෝ දෙනෙකු විටමින් වර්ග නිකරුනේ භාවිතයට ගැනීමට පෙලඹී ඇත. මෙසේ ගන්නා විටමින් වර්ග අතරින් විටමින් සී බහුලව දැකිය හැක. විටමින් සී පෙති ඉතා පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇඹුල් රසයෙන් යුක්ත වීමත් නිසා ඕනෑම විටක පහසුවෙන් භාවිතයට ගැනීමට පුරුදුවී සිටීයි.

    විටමින් සී යනු "ඇස්කොබික්" ඇසිඩ්ය. මෙය ප්‍රතිඔක්සිකාරක කාබන් වර්ගයකි. එමෙන්ම ඡලයේ දියවන කාබන් වර්ගයකි.

    ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සදහා විටමින් සී ඉතා වැගත් වේ. සම, ඇස්, දත්වල හා අස්ථිවල මනා පැවැත්මට විටමින් සී අත්‍යාවශ්‍යය. එමෙන්ම ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට විටමින් සී අවශ්‍ය වේ. එමගින් ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන කෙරේ.

    ඇතැම් රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් විශේෂයෙන් ම මෙම විටමිනය නිර්දේශ කරයි.
    ඒ් ආහාර මගින් විටමින් සී ලබාගත හැකි නො හැකි පුද්ගලයින්ට

    තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී / මුත්‍රා ආසාදන වලදී / තද උන අවස්ථා වලදී

    එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් සී පහසුවෙන් ශරීරයට ලබාගත හැක. නෙල්ලි, පේර, තක්කාලි වැනි පළතුරු වල විටමින් සී බහුලව පවතී. පළතුරු ජෑම් හෝ පුඩින් වර්ග ලෙස නොව නැවුම්ව ආහාරයට ගැනීම වඩාත් උචිතය. විශේෂයෙන්ම අමු තක්කාලි ආහාරයට ගැනීම මේ සදහා වැදගත්ය. පළතුරු බීම සාදන්නේනම් සීනි එක්කර ඉන් අනතුරුව යුෂ එක්කිරීම වඩා සුදුසුය. පළාවර්ග ආහාරයට ගන්නා විට මැල්ලුම් සෑදීමට වඩා විශේෂයෙන්ම සලාද වශයෙන් සකස් කරීමෙන් විටමින් සී සුරැකේ. මැල්ලුමක් නම් එසේ දෙහි එක්කිරීමේදී එයග හොදින් නිවුන පසුව එක්කරගත යුතුය.
    තාපය, සිසිලස මෙන්ම වැඩි වශයෙන් හැඳිගෑම හේතුවෙන් විටමින් සී විනාශ වී යයි.

    විටමින් සී ශරීරයට වැඩිවුවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් බැහැර කෙරේ.
    විටමින් සී ලබාගැනීමේදී දිනකට ග්‍රෑම්100 ක් භාවිතා කිරීම ගැටලු සහගත නොවේ. නමුත් විටමින් සී අධිමාත්‍රාවන් වමනය, සිහි මද ගතිය හෝ හිස රුදාව, නිතර මුත්‍රා පහවීම, නින්ද නොයාම සදහා හේතුවේ. විටමින් සී අධිමාත්‍රාවන් නිසා hemolytic anemia තත්වය උදා විය හැකි බව සොයා ගෙන ඇත. තවද පිළිකා ඇතිකිරීමටද මුත්‍රා ගල් සැදීමට ද හේතුකාරක වන බවද සොයා ගෙන ඇත.

    එබැවින් කෙතරම් ශරීරයට ගුණ වුවත් විටමින් සී නිකරුනේ අධිමාත්‍රාවන් ලබා නොගැනීමට වග බලා ගත යුතුය.