දෛනික ක්‍රියාවලීන්හීදී කැඩී බිඳී යන පටක කොටස් , කාටිලේජ , අස්ථි , දත් වර්ධනයට සහ මනාව පවත්වා ගැනීමට විටමින් C අත්‍යවශ්‍යය. තුවාළ සුව වීම සහ ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට විටමින් C වැදගත් වේ. විටමින් C බොහොමයක් කොළ එළවළු සහ පලතුරු වල අඩංගු වේ. නැවුම් සහ අමු පලතුරු සහ එළවළු ආහාරයට ගැනීමෙන් වඩිපුර විටමින් C සිරුරට ලබා ගත හැක.
ආහාර අධික ලෙස පිසීමට ලක් කිරීමේදී විටමින් C විනාශ වේ. ප්‍රධාන ආහාර වේලකට පසුව පලතුරක් ගැනීමෙන් හා කොළ මැල්ලුම් , සම්බල් ආදියට දෙහි ඇඹුල් එක් කිරීමෙන් ආහාරයට විටමින් C එක් කර ගත හැකි අතර යකඩ අවශෝෂණය පහසු කරයි.
විටමින් C බහුල ආහාර :
පලතුරු : නෙල්ලි , පේර , කජු පුහුලම් , දෙහි කුලයේ පලතුරු (දොඩම් , නාරං ) ගස්ලබු , අන්නාසි , වෙරළු
කොළ එළවළු : මුරුංගා කොළ , කතුරු මුරුංගා , ගොටුකොළ , කංකුං , රාබු කොළ , රතුඅල කොළ , මුරුංගා , මාලුමිරිස් , තක්කාලි