විටෙක භරංකාර වුවද දියඇල්ල හරි අපූරුයි
දිය ඇල්ලක් කියූ සැනින් එහි සිරි නැරඹීම මෙන් ම එහි බැස නෑමට බොහෝ දෙනෙක්ට සිතෙයි. දිය ඇලි පරිසරයට එක් කරන්නේ අති සුන්දරත්වයක් මෙන් ම එය විටෙක අති භයංකාර අත්දැකීමක් එක් කිරීමට ද සමත්කම් දක්වයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අතිශය සුන්දර ඇබර්ඩීන් දියඇල්ල ඇල්ල පිහිටා තිබේ. අඩි 32ක උසින් යුත් ඇබර්ඩීන් දියඇල්ලට ලංකාවේ උසින් වැඩිම දියඇලි ලැයිස්තුවේ හිමිවන්නේ 18 වැනි ස්ථානය ය. කැලණි ගඟේ අතු ගංගාවක්වන කෙහෙල්ගමු ඔයෙන් ඇබර්ඩීන් දියඇල්ල නිර්මාණය වී තිබේ.
ගිනිගත්හේන නගරයට නුදුරු ව පිහිටා තිබෙන මේ දියඇල්ලට ඇබර්ඩීන් යන නම යොදා ඇත්තේ ඉංග්‍රීසි ජාතිකයන් ය. මහා බිත්‍රාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ තෙවැනි විශාලම නගරයේ නම ද ඇබර්ඩීන් ය. ඇබර්ඩීන් දියඇල්ලට ඒ නම තියා ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් නගරයේ නම සිහිවීමටයි.
කැලෑව වැවී මාර්ගය තරමක් අවහිර වී තිබීම හේතුවෙන් ඇබර්ඩීන් දියඇල්ල පාමුලට යෑම තරමක් අසීරු වූ කාර්යයකි. මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් එම දිනවල දී ඇබර්ඩීන් දියඇල්ල අතිශයින්ම ප්රචණ්ඩ ව පවතී. දියඇල්ලට මීටර් 100 ක් පමණ ඈතින් සිටින පුද්ගලයෙකු හිරිකඩවලින් නැහැවීම එම ප්රචණ්ඩත්වයේ තරම කදිමට කියාපාන්නකි.
ඇබර්ඩීන් දියඇල්ල පාමුලට ගිය ඔබට විඳින්නට ලැබෙන අත්දැකීම නම් සැබැවින්ම චමත්කාරජනක ය. කූඩැල්ලන්ගේ ප්‍රහාර හේතුවෙන් වෙහෙසට පත් දෙපාවට නව පණක් ලැබෙන්නේ ඇබර්ඩීන් දියඇල්ලේ ප්රචණ්ඩත්වය දෑසින් දුටුවිට දී ය. කුමන නමක් තිබුණත් ඇබර්ඩීන් දියඇල්ලේ සුන්දරත්වය නම් වචනයෙන් විස්තර කළ නොහැකි ය. එය ඔබම පැමිණ දෑසින් බලා අත්විඳිය යුතු ය.
ශ්‍රී ලංකාවේ පිහිටි සෞන්දර්යයෙන් අනූන ස්ථාන අතරින් දිය ඇලිවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. රටට සංචාරකයන්ගේ පැමිණීමේ දී මෙම දිය ඇලි එක් සාධකයක් ලෙස ද හැඳින්වීමට හැකි ය.
දිය ඇල්ල සිත සනසන දසුනක් වුව ද ඇතැම් පුද්ගලයින්ගේ අවිචාරවත් හැසිරීම් හමුවේ මෙම සුන්දර ස්ථාන අසුන්දර ස්ථාන බවට පත්වෙමින් තිබේ. මින් ප්‍රධානවන්නේ දියඇලි ආශි‍්‍රතව සිදුවන මරණයන් ය. මෑත කාලයේ දියඇලි සම්බන්ධ ව වූ මරණ සංඛ්‍යාව තරමක් වැඩි වූ බව වාර්තා වූ අතර ඉන් බොහොමයකට හේතු වූයේ නොසැළකිලිමත්කමයි.
දියඇලි පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි පැරැණිම සංවිධානයවන්නේ රත්නපුර දිස්ති‍්‍රක් දියඇලි යොවුන් මිතුරෝ සංවිධානයයි. ඉකුත් වසර 08 ක පමණ කාලයේ දී කළ ගවේෂණ අනුව අද අපේ රටේ දියඇලි 56 ක් පමණ අනතුරුදායක බවත් පසුගිය වසර 12 ඇතුළත ඒවායේ අනතුරුදායක මරණ රැසක් සිදු වූ බවටත් වාර්තා විය.
භූ විද්‍යාඥ මහාචාර්යවරු භූ විද්‍යාඥයින් සහ භූගෝල විද්‍යා මහාචාර්යවරු සඳහන් කරන අන්දමට ශ්‍රී ලංකාවේ දැනට නියම දියඇලි 272 ක් ඇති බවට අනාවරණ වී තිබේ. එහෙත් ඇතැම් ස්ථානවල වැසි කාලයට පමණක් තාවකාලික දියඇලි හට ගනී. ඒවා මළ දියඇලි ය. එසේ ම සමහර ස්ථානවල මීටර් 2-3 දියඇලි ද පවතින අතර එහෙත් ඒවා නියම දියඇලි නොවේ.
ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල දුල්තොට බඹරකන්ද දියඇල්ලයි. එය අඩි 790 ක් උසින් යුක්තවන අතර දෙවනුවට උසින් වැඩි ම ඇල්ලවන්නේ වලපනේ කුරුඳුඔය ඇල්ලයි. එහි උස අඩි 620 යි. තුන්වෙනි තැන ගන්නා දියලුම ඇල්ල අඩි 560 ක් උසයි. ලංකාවේ පළලම ඇල්ල තලවකැලේ සාන්ත ක්ලෙයාර් ඇල්ලයි. උතුරු නැගෙනහිර ද දියඇල්ලක් තිබෙනවා. ඒ ඔටුනුගල ඇල්ලයි.
එකවර තරුණයන් පස්දෙනකු බිලි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් කාලයේ දී දෙනියායේ කොල්ලු දොළ ඇල්ල රටපුරා ප්‍රසිද්ධ විය. ඒ දියඇල්ල සැඩ පහර දරුණු අඩි 40 ක් උස සීතල වතුර ඇති සිංහරාජයෙන් ගලා බසින එකක්.
දිවයිනේ දියඇලි 272 ක් ඇසුරෙන් කළ පරීක්ෂණයකට අනුව එයින් 56 ක ජීවිත හානි රැසක් සිදුව ඇති බවට අනාවරණය වී තිබේ. එයින් දියඇලි 20 ක් වඩාත්ම අනතුරුදායක තත්ත්වයක පවතී.
රත්නපුර දිස්ති‍්‍රක්කයේ පිහිටි බෝපත්ඇල්ල, මාතලේ දිස්ති‍්‍රක්කයේ පිහිටි බඹරකිරිඇල්ල, කළුතර දිස්ති‍්‍රක්කයේ පිහිටි දොඩංගොඩ තුඩුගල ඇල්ල, නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පිහිටි ඇබර්ඩීන් දියඇල්ල, බේකර්ස්, ලක්ෂපාන සහ රත්නපුර දිස්ති‍්‍රක්කයේ පිහිටි කිරිඳි ඇල්ල, වේවැල්වත්තේ පිහිටි ගොක්සිං ඇල්ල, පැල්මඩුල්ලේ පිහිටි මරක්කල ඇල්ල, ඇල්වල ඇල්ල, කල්තොට පිහිටි දූවිලි ඇල්ල, බෙලිහුල්ඔය පිහිටි පහන්තුඩා ඇල්ල, රක්වානේ පිහිටි දහයියා ඇල්ල, මාතර දිස්ති‍්‍රක්කයේ පිහිටි මීදුම් ඇල්ල හෙවත් කොල්ලුදොළ ඇල්ල, බදුල්ල දිස්ති‍්‍රක්කයේ පිහිටි දුන්හිඳ ඇල්ල, කළුතර දිස්ති‍්‍රක්කයේ බදුරලියේ පිහිටි මාකෙලි ඇල්ල යන ඇලි වේ.
එම 20 න් වඩාත්ම අනතුරුදායක දියඇලි ලෙස සැලැකෙන්නේ බෝපත් ඇල්ල, බඹරකිරිඇල්ල, තුඩුගල ඇල්ල, බේකර්ස් ඇල්ල, අසුපිණි ඇල්ල, දුන්හිඳ ඇල්ල, රත්නපු ඇල්ල, කල්තොට දූවිලි ඇල්ල, මාකෙළි ඇල්ල, මීදුම් ඇල්ල, පහන්තුඩා යන දිය ඇලි ය.
පසුගිය වසර 12 ක කාලය ඇතුළත එක් එක් දියඇලිවලින් සිදුවූ ජීවිත හානි හා ඒ ආශි‍්‍රත සිදුවූ අනතුරුවලින් වටිනා මිනිස් ජීවිත රැසක් අහිමිවී තිබේ. සංගණනයක් කිරීමේදී විශේෂයෙන්ම දැනට දියඇලිවලින් වැඩිම මිනිස් ජීවිත සංඛ්‍යාවක් අහිමිවී ඇත්තේ බෝපත් ඇල්ල ආශි‍්‍රත ප්‍රදේශයෙනි.
පොලිස් වාර්තාවලට අනුව සිදුවූ ජීවිත හානි අනුව එම හානි වැඩිමනක්ම සිදුව ඇත්තේ බෝපත් ඇල්ල ප්‍රසිද්ධ මෙන් පසු බව අනාවරණය වී ඇත.
අඩි 99 ක් උසැති මෙම දිය ඇල්ල කළුගඟේ අත්තක්වන කුරු ගඟේ පිහිටා තිබේ. දිය ඇලි ආශි‍්‍රත බොහෝ මරණ සිදු ව ඇත්තේ බීමත්කම, දියඇල්ල ඉහළ ප්‍රදේශයට නැගීම, ගලින් ගලට පැන යාමෙන් ලිස්සා වැටීමෙන් බෝපත් ඇල්ල වැටී නිර්මාණයවන තටාකය ඉතාමත් අනතුරුදායක තත්ත්වයක පවතින අතර එම වලේ නිරන්තරයෙන්ම දිය සුළි හා ගල්කුලකින් ද සමන්විතවීම නිසා බොහෝ මරණ මෙහි සිදු වී තිබේ.
මෙම වලට වැටී ජීවිත බේරාගත් පුද්ගලයින් සීමිතවන අතර එම ගල්කුලේ සිරවුවහොත් නැවතත් ඉහළට ඒම අපහසු වේ. මෙය මිනී පෙට්ටි වල යනුවෙන් ද හඳුන්වයි.
දෙවැනි ජීවිත හානි සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රාවණා ඇල්ලෙනි. ගල් වලවල් රැසක් මෙහි පවතිනා අතර නිරන්තරයෙන්ම වර්ෂා පතිතවන ප්‍රදේශයක් බැවින් මෙම ජීවිත හානි ඉහළ ගොස් ඇති අතර මෙම ප්‍රදේශය අධික සීත බවකින් යුක්තවීම තවත් හේතුවකි.
විශේෂයෙන් කෙන්ද පෙරළීම වැනි ආබාධ නිසා මියගිය අය ද මෙම දියඇල්ලෙන් වාර්තා වේ. මාතලේ රත්තොට බඹරකිරිඇල්ල වැටී නිර්මාණයවන තැන විශාල තටාකයකි. එම තටාකය අනතුරු භාවය පිළිබඳව නිශ්චිතව සොයාගෙන නොමැත. නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පිහිටි ඇබර්ඩීන් ඇල්ලේ පසුගිය දශකයේ සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව 05 කට අධික ය. ඝාතන, ඇලිවලින් පැනීම, ඇලි ආශ්රිත විනෝදවීමට යාමේ දී මෙම අනතුරු සිදු ව තිබේ.
විශේෂයෙන් ඩෙවොන් ඇල්ලෙන් පැන සිය දිවි හානිකර ගැනීම් පිරිමි ගැහැනු දෙපක්ෂයෙන් ම සිදු ව තිබේ. හෝටන් තැන්නේ පිහිටි බේකර්ගේ දියඇල්ල වැටෙන ස්ථානයේ නෑමට ගොස් එකවර ජීවිත 02 ක් හා තවත් තරුණයන් රැසක් මරණයට පත් විය.
මෙම දිය ඇල්ල සුන්දරත්වයක් වුවත් එහි ගුප්ත බවක් දක්වයි. මෙම ප්‍රදේශවල දිය නෑමේ දී ප්‍රවේසම් වීම ද ඉතාමත් අගනේ ය. ලංකාවේ 09 වැනි උස ම දිය ඇල්ල පැල්මඩුල්ලේ පිහිටි කිරිඳි ඇල්ල චණ්ඩ ස්වභාවයක් ගනී.
මෙම දිය ඇල්ලේ තරමක් ජලය අඩුවන අවස්ථාවේ දී එම දිය ඇල්ල තරණය කිරීමට යාමේ දී හා දිය ඇල්ලේ ඉහළ ප්‍රදේශයේ සිටි අවස්ථාවල සැඩ පහරට අසුවීමෙන් මරණයට පත් ව තිබේ. මියගිය තරුණයන් බොහොමයක් ද්‍රවිඩ ජාතිකයන් ය. සංචාරක පුරවරයක් බවට පත්වීමෙන් පසු මත්පැන් සහ විවිධ අපචාර කි‍්‍රයා පිහි ඇනුම්, මංකොල්ලකෑම්, කාන්තාවන් පැහැරගෙන යෑම් ආදි සිදුවීම් ද මෙහි වාර්තා වී තිබේ.
මෙම දිය ඇලි ආශ්රිත ව සිදුවන මරණ අතර පාසල් සිසුන් ද විශ්වවිද්‍යාලවල සිසුන් ද බහුලව වාර්තා වේ.
රත්නපුරේ අප්‍රකට දිය ඇල්ලක් වුවත් දිය ඇලි වලින් සිදුවන මරණවලින් බෝපත් ඇල්ලට අමතරව වැඩිමනක් ම සිදු ව ඇත්තේ වේවැල්වත්තේ පිහිටි ගොක්සිං ඇල්ලයි.
එම දියඇල්ල වැටෙන ස්ථානය ස්ථිරව හඳුනාගෙන නොමැති අතර එම වලට වැටී මියගොස් ඇති සංඛ්‍යාව 12 ඉක්මවන අතර තිදෙනෙකු එකවර මියගිය අවස්ථාවක් ද මෙම දියඇල්ල අවටින් වාර්තා වේ.
මෙම දිය ඇල්ල හරස් කොට බලාගාරයක් ඉදිවීම නිසා මෙම අනතුරු වර්ධනයක් වී තිබේ. විශේෂයෙන් පැල්මඩුල්ලේ පිහිටි මරක්කල ඇල්ල වැටෙන ස්ථානය දැකුම්කළු ස්ථානයක් වුවත් පසුගිය කාලයේ තරුණ ජීවිත රැසක් අහිමි කර ඇත.
කෑගල්ල, දැරණියගල පිහිටි අසුපිණි ඇල්ල වඩාත්ම අනතුරුදායක තත්ත්වයක පවතින දියඇලි නාමලේඛනයට ඇතුළත් වී තිබේ. ශ්‍රී පාදය, හෝටන්තැන්න, නමුණුකුල, නකල්ස්, සිංහරාජය ආශ්‍රීතව පිහිටි දිය ඇලිවල මේ දිනවල සංචාරය කිරීමේ දී මෙම අනතුරු පිළිබඳ විශේෂයෙන් සැළකිලිමත් විය යුතු ය.
ඇතැම් අය දිය ඇලි ආශ්රිත ව සිටින විස ඝෝර සර්පයින්ගේ දෂ්ඨ කිරිම්වලට ලක් ව මිය යන අතර දිය ඇලි ආශ්රිත ව ක්ෂණිකව ඇති වූ සැඩපහරවලට අසුවීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතී.