විදවන්නද මේ භවය පුරා..

Status
Not open for further replies.

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඕක ගැන දැන් එච්චර හිතන්න එපා මචන්.... මොනවා කරන්නද. උඹ උඹගේ ජීවිතේ ඉස්සරහට අරගෙන පලයන්. උඹට හොඳ කෙල්ලෙක් හම්බවෙයි උබට අවන්කවම ආදරේ කරන.
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    ජිවෙතේ ඔහොම තම බංග!!දුක් ගොඩක්.. ගිවෙතේ කොහොම හරි ජය ගන්න බලන්න!! EK අපි ඔක්කොම ඔයත් එක්ක!! All da bst!!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඕක ගැන දැන් එච්චර හිතන්න එපා මචන්.... මොනවා කරන්නද. උඹ උඹගේ ජීවිතේ ඉස්සරහට අරගෙන පලයන්. උඹට හොඳ කෙල්ලෙක් හම්බවෙයි උබට අවන්කවම ආදරේ කරන.

    ජිවෙතේ ඔහොම තම බංග!!දුක් ගොඩක්.. ගිවෙතේ කොහොම හරි ජය ගන්න බලන්න!! EK අපි ඔක්කොම ඔයත් එක්ක!! All da bst!!

    Bokkama pathhu wela giya aya wedak ne kollo :sorry:

    2.gif
    2.gif
    කමෙන්ට් වලට ස්තූතියි ඔක්කෝටම..! :)
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මචන් මට කෙල්ලේක් වත් ආදරයක්වත් නැ මොකද මම උඹලා හරි අනිත් කොල්ලෝ වගේ හරි ලස්සන නැ මම උඹට ආදරය ගැන උපදෙස් දෙන්න දන්නේ නැ, මචන් මට උඹේ කථාව අහද්දි සිරාවටම පට්ට දුකයි , මචෝ කෙල්ලේක් හින්දා දුක් විදින්න එපා, මචෝ මුහුදේ ඉන්නේ එක මාළුවයි නෙමෙයි උනාට මන් දන්නවා මුහුදු යන්නේ උඹ විතරක් නෙමේ කියලා , මචෝ මන් වගේ හිතේ දුක තියාගන්නේ නැතිව සිගරට් වලට ආදරේ කරහන්.......... මොකද කෙල්ල උඹව දාලා ගියත් එක උඹව දාලා යන්නේ නැ..........
    මචන් හොදම අඹ කන්නෙ පණුවෝ :lol:;)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම හැඟීම්බරයි බ්‍රෝ...
    මේක ඇත්ත සිදුවීමක් හින්දා කතාව ගැන අගය නොකර ඉන්නම්.
    ඒත් මේක ඔයාට විතරක් වුණු දෙයක් නෙම්යිනේ..
    අමාරුයි තමයි ඒත් හිත හදා ගන්න.
    බ්ම්ප් ඕනෙ නෑ මේක බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1081943
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    kohehari hodin innavanam sanasiyan machan.eka thamai godak aya hadunanne nathi adare:nerd::nerd:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    hmm..

    - එකෝමත් එක කාලෙක එකමත් එක රටක වුණු තවත් දුක්බර කතාවක්




    ආදරය නැමැති විශ්ව විද්‍යාලයේ ලැබිය හැකි ඉහළම උපාධිය වේදනාවයි.....




    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    මොකක්ද බං ඒ උනේ????:shocked::shocked::shocked:.......මොනවා කියන්නද කියල හිතා ගන්නවත් බෑ බං..එත් උබ වැටෙන්න එපා..ඒ උබට අයිති කෙනා නොවෙන්න ඇති..:no::no:උබට එයාටත් වඩා හොඳ කෙනෙක් හම්බවෙයි...කෙල්ලෝ කියන්නේ ප්‍රෙහේලිකා බං.සමහර ඒවා විසඳන්න පුළුවන්.සමහර ඒවා බෑ...මොනවා කරන්නද බං.උබ හොඳ බොක්කක් තියන කොල්ලෙක්,උබට වරදින එකක් නෑ....:):)Good luck මචං....
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ආදරය නැමැති විශ්ව විද්‍යාලයේ ලැබිය හැකි ඉහළම උපාධිය වේදනාවයි.....
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machoo man kiyanne mecharai kella mokak hari unbata boruwak kiyala thiyenawa .. poddak kella gena hoyala balapan atthatama ekita kollek innawada kiyala... uba love karaa nam aduma tharame eka dan wath kiyapan ... man adaree karaa kiyala .... kollek innawa nam hitha hadaa ganna yaluwa ...
     

    c gate

    Active member
  • Nov 22, 2007
    775
    98
    28
    මේක තවත් එක කථාවක් වෙන්න පුලුවං ඔයාලට....

    ඒත් මගේ ජීවිතේට මේක සෑහෙන්න බලපානවා...කියවලා බලන්න...ගලපන විදිහ නම් හරියටම දන්නේ නෑ. ඒත් හිතට එන විදිහට ලිව්වා..!


    පාසලේ බෙල් එක නාදවීමත් සමග පන්ති කාමර වලට ඇදී යන සිසු සිසුවියන් අතරේ ඒ රුව මා මුලින්ම දුටුවේ කවදා දැයි මට අදත් එදා මෙන්ම මතකය... යෙහෙලියන් දෙදෙනෙකු සමග පන්තිය කරා ඇදී යන ඒ රුව දෙස වික්ශිප්ත වූ දෙනෙතකිං මා බලා සිටි හැටි අද ඊයේ මෙන් මට තවමත් මතකය... සමහර අය පළමු දැකුමෙන්ම සිත් පැහැරගන්නා බව නවකථා වල කියවා ඇතත් එය සැබෑ ජීවිතයටත් යම්තාක් දුරට ගැලපේ යයි මට ගම්‍ය වූයේ ඒ දෑස, ඒ සිනහව , ඒ හඩ මගේ මනසේ මුළු දවස පුරාම රැව්පිළි රැවිදී ඇසෙන්නට පටන්ගත් නිසාවෙනි...
    ගණන් පාඩමේ වෙනදා නොවූ බර ගතියක් , විද්‍යාව අද සොයාගත් දෙයක් මෙන් අපහසු ගතියක්...
    මුළු ලෝකයේම ඇති සීමා මායිම් භූ ගෝලය පාඩමට ඇවිත් ඇති ගතියක් උදේ වරුවේම පෙන්නුම් කෙරිනි....
    විවේක කාලය සදහා සීනුව නාදවීමත් සමගම මාගේ දෙනෙත යලිත් සොයා යන්නට පටන් ගත්තේ ඇගේ රුවය... ඇය කව්ද.. ඇය කොහි සිට පැමිණෙන්නී ද, ඇගේ නම ගම , තතු දැනගැනීමට මා තුල මහත් ආශාවක් හට ගත්තේ නිතැතින්මය..
    අසල පන්තියක මිතුරියකගෙන් ඈ ගැන විමසුවෙමි... ඈ ............................. (ඇගේ නම සදහන් නොකරමි- සමාවන්න ) බව දැනගන්නට ලැබුනි.... ඒ මොහොතේ පටන් ඇගේ නම මගේ මුළු ආත්මයේම සැරිසරන්නාක් බදු හැගීමකින් සිත වෙලාගති.... සවස් වරුවේම මගේ සියළුම පොත් වලත් ඩෙස්ක් එකේත් ඇගේ නම තැන් තැන් වල ලිවීමෙන් මා අහින්සක සතුටක් ලදිමි..
    පාසල අවසානයේදී යලිත් වරක් ඒ රුව දැකගන්නට ඉඩ ලදිමි... පොත් බෑගයකුත් එල්ලාගෙන පාසලෙන් පිටව ඇය නොපෙනී යනතුරුම බලා සිටියෙමි..
    නිවසට පැමිණීමෙන් පසුවත් සවස් වරුවමත් මා ගතකලේ ඈ ගැන සිතමිනි... වෙනදාට වේගයෙන් ගලනා කාලය අද මහා මන්දගාමී ලෙස ගලායන තැතක් අත් දුටිමි.
    පසුදින උදෙන්ම අවදි වී වෙනදාටත් වඩා ලස්සනට ඇද පැළදගෙන ජෙල් පැකට්ටුවක්ම හිස තවරාගෙන උදෙන්ම පාසල බලා ගියේ ඇගේ මුහුණ හිමිදිරි උදෑසනම දැක ගැනීමේ මහත් ආසාවෙනි...
    අහෝ කරුමෙක මහත..... මේ මෝඩ ශිෂ්‍ය නායකයින්ට මාගේ පිවිතුරු ‍ආදරය තේරුම් ගත නොහැකි විය.... ප්රධාන ශිෂ්‍ය නායක තෙමේ මා බෙල්ලෙන් අල්ලාගෙන ගොස් ටැප් එකට අල්ලා මුලු හිසම සේදුවේ අපගේ පරම්පරාවටම දෙස් දෙවොල් තබමිනි....
    එලෙස ට්ප් එකට හිස පොවාගෙන සිටිද්දී යලිත් ඒ රුව දුටුවෙමි... ඈ යහලුවන් සමග සිනා සෙමින් මා අසලින්ම ගියයා.... මා ඒ දෙස බලද්දි... ආ... ජෙල් ගාගෙන ආවෙ මේකද.. පෙනේද මුගෙ මනමාලකම... කියා නැවතත් ටැප් වතුරෙන් නෑමට මට අවස්ථාව ලැබුනි...
    එදා දවසම මම ඈ දැකගන්නට පෙරුම් පිරුවත් මට ඒ අවස්ථාව නොලැබුනි..
    මෙලෙස දිනෙන් දින දිනෙන් දින ගත වූවත් පාසල තුලදී ඇගේ රුව යන්තම් දුටුවත් කථා කිරීමට තරම් අවස්ථාවක් නොලැබුනි.. නමුත් මාගේ සිත ස්ථිරවම ඈ කෙරෙහි බැදී ඇති බව මට පසක් වන්නට වූයේ.... රෑ ජාමේ මට පෙනෙන සිහින වල ඇය ප්රධාන චරිතය රගපෑ නිසාවෙනි..
    දිනක් මා ඇගේ අත අල්ලාගෙන යනු දුටිමි....තව දිනක් පාසලේ කතා කර කර හිදිනු දුටිමි...
    තව දිනක් ඇගේ නම හයියෙන් කියා ගෙදර අයගේ සමච්චලයට ලක් වූවෙමි...

    ඉංගිරීසි දැනුම වර්ධනය කර ගැනීම සදහා උපකාරක පන්තියකට මාව යොමු කෙරුනේ අපේ අම්මාගේ අනු දැනුම පිටය... නිවාඩු සෙනසුරාදා වත් ගෙදරට වී චිත්තරපටියක් බැලීමේ අවස්ථාව ඇහිරීම ගැන බැන බැන මව සමගින් පළමු දිනයේ පන්ති ගිය හැටි මට තවමත් මතකය... පන්තිය ඇති තැනට යාමට ඒ මිස් ගේ නිවස පසු කර කන්දක් ගැගිය යුතුය... ඒ කන්ද නගින විට මා ඈව යලිත් දුටුවෙමි... අහෝ දෙවියනි.... ! මේ කුමන ආශ්චර්්‍යයක්ද...
    ළමුන් 12ක් පමණ සිටි පන්තියේ කෙරවල බන්කුවක මා වාඩි උනෙමි..
    මා දුටු පමනින්ම ඇයත් ඇගේ යෙහෙලියනුත් කොක් හඩලා සිනාසෙනු දුටුවෙමි.... ඒ ලෙස සිනා වීමට හේතුව පාසල් ජෙල් සීන් එක බව පසුව දැන ගතිමි...
    පන්තිය පටන් ගති..... ඩික්ටේශන්..ග්රැමර්... එසේ.... අරවා මේවා මැද ඈ දෙස බැලීමටත් මා අමතක නොකලෙමි.. ඇත්තටම ඉංගිරීසි කථා කිරීමට හෝ ලිවීමට එතරම් හැකියාවක් නොතිබුනත් ඇයට වැඩ පෙන්වීමට සිතා කැපවීමෙන් වැඩ කළෙමි...
    එදා පටන් ඉංගිරීසි පන්ති යාමට පාසල් යාමටත් වඩා උනන්දුවෙන් මා සූදානම් වෙනු දුටු අම්මා තුල ඉමහත් ප්රීතියක් හට ගති... උදෑසන පටන් ඩික්ටේශන් පාඩම් කර... අමාරු වචන ඩික්හනරියෙන් බලා.... රජනාවල් වලට කරුණු සොයාගෙන සන්නද්ධ ලෙස පන්තියට යන මම කෙල්ලන්ටත් වඩා හොදින් වැඩ කරන බව දවසක් මිස් අම්මා සමග කියනවා ලැජ්ජාවෙන් අසා සිටියෙමි...
    දිනක් පන්තිය පටන් ගන්නා විට ඈ තනියෙම සිටිනු දුටුවෙමි. පසුව යාළුවන් පැමිනෙතැයි සිතුවත්...එය එසේ නොවුනි... එදින පන්තියේ ළමුන් අඩු නිසා ලග ලග බංකු වල අප දෙදෙනා හිද ගතිමු... යන්තම් මා දෙස බලා ඈ අවිහින්සක ලෙස හිනා වූවා මට තවමත් මතකය....
    ඒ හුරතල් සිනාවෙන් මා වශීවී ගිය ආකාරය කොතෙක්ද කිවහොත් එදින ඩික්ටේශන් 20 න් 12 ක් ම වැරදී ගිය බව කණගාටුවෙන් සිහිපත් කරමි.. දිනූෂ.. වට්ස් රෝන් විත් යූ ටුඩේ ආ.....
    මිස් ද පුදුමයෙන් මෙන් ඇසූ අතර... මම සිනහවෙන් පිළිතුරු දුනිමි... එදින නම් කෙසේ හෝ ඇය සමග කථා කිරීමට ඉටා ගත් මම ලග තිබූ පෑන ජනේලයෙන් එළියට දමා ටිකකින්.... එක්ස්කියුස් මී..... පෑනක් තියෙනවද කියා ඇගෙන් ඇසුවෙමි.... පැන්සල් පෙට්ටිය විවර කළ ඈ පෑනක් මා අත තැබුවාය... ඇයට ස්තූති කරමින් ඇගේ පෑනෙන් එදා වැඩ කර ගතිමි...
    පන්තිය ඇරී නිවෙස බලා ඈ ගමන් කලේ පයින්මය... ඇවිද්ද පය දහස් වටී යයි සිතා මා ද ඇය පසු පස්සේ යාමට ඉටා ගතිමි... පස්සෙන් ගියාට වැඩක් තියෙයි යෑ... කථා කලේ නැත්නම්...
    ඕන දෙයක් කියා ඇයට කථා කලෙමි.... ........................... කෝ අද යාළුවො ඔයාගෙ ?
    ආ... එයාලගෙ දහම් පාසලේ තෑගි උත්සවේ නිසා අද ආවෙ නෑ...
    ඇයි ඔයා දහම් පාසල් යන්නෙ නැද්ද.. මම ඇසුවෙමි...
    නෑ... ඇය කීවාය..
    මම යන්නෙත් නෑ නෙ... මම පිලිතුරු දුනිමි... ( මම දහම් පාසල් අවසාන විභාගෙත් කළ බව ඈ නොදනියි... ) මට උවමනා කලේ කථාව ඉදිරියට ගෙන යාමයි...
    හ්ම්ම්.... ඇ දෙන්නේ කෙටි පිලිතුරුමයි...
    අද ක්ලාස් එකේ වැඩ ලේසියි නේද ?
    ඔව්....
    එසේ එකත් හොදට ලිව්වා නේද...
    හ්ම්ම්ම්ම්....
    ඩික්ටේශන් තමයි අව්ල...
    හ්ම්ම්ම්ම්ම්.....
    ඈ මට ඉස්සර වී යන්නට තැත් කරයි... නමුත් මාත් ඈ සමගම යාමට උත්සහ කලෙමි...
    ඔයා‍ගෙ ගෙවල් කොහෙද...
    ඔය ඉස්සරහා...
    ආ එහෙමද... හොදයි නේ... පන්තියට ලගයි...
    හ්ම්ම්ම්ම්.....

    එදා ඈ සමග කථා කළ වචන කිහිපය අදත් මගේ සවන පුරා දෝංකාර දෙමින් මට ඒ දිනය මතක් කරයි.. මීලගට මා කළ යුත්තේ කුමක්ද.. ? හදවතේ බුර බුරා නැගෙන ආදරය කියනවාද..? තව කල් ඉවසනවාද .... හොදම වැඩේ යාලුවෙක්ට කථා කරලා බලන එක...
    මම ඇගේ හොදම යෙහෙලියක් සමග පාසලේදී කථා කලෙමි.... ඇය මා සමග පෙර වසර වලදී එකම පන්ති වල සිටි නිසා මා හොදින් හදුනයි...
    කල්පනා... මේ ..... අරයා.... මම ගොත ගැසුවෙමි..
    කව්ද දිනූෂ ?
    අර අරයා...
    කෝ... ? කව්ද ?
    අර අර.... ඔයාගෙ යාළුවා.. .................
    ආ.. .... ඉතිං.... මොකක්ද එයාට වෙලා ‍තියෙන්නෙ..
    නෑ මේ.. එයා... එයා....
    ඔව්.. මොකක්ද ?
    එයාට ෆෝන් එකක් තියෙනවාද ?
    හිහි.... ඇය සිනාසුනාය....
    ඇයි හිනා වෙන්නෙ ?? මම ඇසුවෙමි...
    නෑ මට හිතුනා එන පොට හොද නෑ කියලා..... ඒ දවස් වලම...
    මම වික්ශිප්ත වූයෙමි.... සැගවීමට දෙයක් නැති තැන ඇයට මාගේ සිතුවිල්ල පැවසුවෙමි....
    ම්ම්ම්..... දන්න විදිහට නං එයාට වෙන කව්රුත් නෑ.... ( ධන ලකුනක් - මට සතුට )
    ඒ උනාට කියන්නත් බෑ ඉතිං.. ( සෘන ලකුණක් - මට දුක )
    ෆෝන් එකක් නං තියෙනවා.... ( ධන - එළ )
    ඒත් නම්බර් එක මතක නෑ හලෝ... ( සෘන - මළ මගුලක් නෙ යකෝ.. )
    ඔයා හොද කෙනෙක් නේ .... මම එයාගෙන් ඔයා ගැන අහලා බලන්නම්...
    ෆෝන් නම්බර් එක හෙට දෙන්නම්... ( ධනේ ධන... - මට මාර සතුට )

    නෑ ... එපා කල්පනා... අහන්න ඕනෙ නෑ... පුලුවන් නම් මට ‍ෆෝන් නම්බර් එක දෙන්න...
    ආ .. ඕකේ .. මම දවල්ට දෙන්නම්....
    එදා දහවල් වෙනකං මා ගතකල අසහනකාරී කාලපරිච්ඡේදය ඔබට අමුතුවෙන් විස්තර කළ යු‍තු නොවේ යයි සිතමි... අනේ දෙයියො බලලා වගේ හමුබුනා ෆෝන් නම්බර් එකත්.....:love:
    එදින සවස මා නිවසට ගියේ දහසක් සිතුම් පොදි බැදන් ය...
    පළමුවෙන්ම මිස්ඩ් කෝල් එකක් ලබා දුනෙමි..... ප්රතිචාරයක් නැත...
    නැවතත් ලබා දුනෙමි..... ප්රතිචාරයක් නැත....
    තෙවනුවත් සිව් වනුවත් ඒ ආකාරයෙන්ම කිසිම ප්රතිචාරයක් නොමැත...
    ඕන දෙයක් උනදෙං කියා හෙලෝ ... මාව අදුරනවාද කියා මැසේජ් එකක් යැව්වෙමි....
    ප්රතිචාරයක් නොමැත..... වැරදි අංකයක් ලබා දීම ගැන සිතින් කල්පනාට බැන වදිමින් එදා නින්දට යාමට සැරසෙද්දී.... රෑ 11.30ට පමණ කෙටි පණිවිඩයක් ලැබුනි.... එහි.. ඔයා කව්ද යනුවෙන් අසා තිබුනි.... මම හැරෙන තැපෑලෙන් මම දිනූෂ , ඔයා....... .....................
    නේද කියා අසා යැව්වෙමි.... යලිත් එසැනින්ම වාගේ ඔව්... කව්ද ඔයාට මගේ නොම්බරේ දුන්නේ ? ඇයි මිස්ඩ් කෝල් ගහන්නේ කියා අසා එවා තිබුනි.... මමත්... කොහොම හරි හම්බුනා නේ.... මිස්ඩ් කෝල් ගහන්නේ මතක් උන නිසා... ඇයි ඒක කරදරයක් ද ? සොරි කියා යැව්වෙමි..... යලිත්... ආ .. කල්පනා වෙන්න ඇති දෙන්න ඇත්තේ.... නෑ කරදරයක් නෑ... මම ෆෝන් එක බැලුවෙ නෑ දවල් කියා රිප්ලයි ආවේය....
    මම මේ දකින්නේ සිහිනයක්ද කියා සැක හැර දැන ගැනීමට කකුල , අත, බඩ කොනිත්තා බැලුවෙමි..... ටොක්කක් ඇනගෙන බැලුවෙමි.... ඔව්... මේ සැබෑ ලොවයි... දෙයියනේ අපි මැසේජ් කර ගන්නවා... සුභ ලකුණක්.....

    පාසලේදී ඇය එසේමය..... පන්තියේදීත් එසේමය... සුපුරුදු ලෙස කථා නොකරම හිදියි...
    නමුත් නිවසට පැමිණි විට... බොහෝ විට රාත්තිරියේදී අප විසින් එස් එම් එස් හුවමාරු කර ගතිමු.... ඇය දිනින් දිනම චතුර ලෙස මැසේජ් කලාය... මාද ඉතා ප්රීතියෙන් රිප්ලයි කළෙමි...දිනෙන් දින කල් ගතවිය...... එස් එම් එස් ප්රමාන වැඩි විය.. ඔය අතරේ ඇයගේ දුරකථනයට මාගෙන් පොඩි රීලෝඩ් ද එක දෙක යැවුනු බවත් කිව මනාය..
    කෙමෙන් කෙමෙන් දුරකථනයෙන් අපි කථා කලෙමු... විහිලු කලෙමු... එහෙත් ආදරයක් පැවසීමට මම ඉක්මන් නොව්නෙමි... නිසි කාලය විභාගයෙන් පසුව පැමිනෙතැයි බලා සිටියෙමි...
    උසස් පෙළ විභාග සමයේ පවා අපි කථා කළෙමු.... ඇය වඩ වඩා මා සමග කුලුපග වූවාය.. මටද ඇයගේ හඩ නොඇසී නින්ද නොයන තරම් තත්වයකට පත් විය...

    කාලය ගලා ගියේය... උසස් පෙලින් පසුව මම පුහුණු පාඨමාලාවකටද ඇය පරිඝණක පාඨමාලාවකටද ගියෙමු. මග තොටදී නිතර හමුවීමට නොහැකි වූවත් 3ජී ඇමතුම් හා වොයිස් ඇමතුම් අපව නිතර සම්බන්ධ කරන ලදී..... ඇයගේ හා මාගේ ජීවිත එකම මගක ගමන් කරනු මම අධ්‍යයනය කලෙමි.... දෙදෙනාගේම අදහස වූයේ.. හොද රැකියාවක් සොයාගත් පසු පරස්සාවක් ගැන සිතීමටයි.... ඇයගේ ඒ වදන් මාගේ ආදරය ඇයට පැවසීම පමා කලත් අප දෙදෙනා තුල කිසියම් ස්ථිර බැදීමක් තිබුනු බව මට වැටහුනි....
    කාලය ගෙවී යද්දී ඇය සමග පැය ගණන් කථා කරමින් සිටීමට මම පුරුදු වුනෙමි.. කොටින්ම කිවහොත් ආදරයකටත් වඩා දුර දිග ගිය කිට්ටු සම්බන්ධකමක් ඈ මට පෙන්වූවාය...
    ගෙදරට නොකියන දේවල් පවා ඈට කීවෙමි... ඈත් එලෙසමය... දිනක් මම ඇයට මගේ යෝජනාව ඉදිරිපත් කිරීමට යද්දී ඈ එය වැලැක් වූ‍යේ.. ඔය වගේ කථා අහන්න තව කල් තියෙනවා දිනූ... තව ගොඩක් වැඩ තියෙනවා යයි කියාය... ඇයගේ ආදරබර වදන් හමුවේ මාගේ සිතුවිලි සියල්ලම ඇයට ඕනෑ කරන ආකාරයට ක්ෂනිකව වෙනස්වන සුළු බවක් දැක්විනි...

    දිනය පසුගිය 12 වෙනිදා.... සුපුරුදු පරිදි ඇගේ මිස්ඩ් කෝල් එක බලාපොරොත්තුවෙන් සිටියෙමි..... නමුත් එය එසේ නොවීය..... මා ඈට කථා කලෙමි ... එහෙත් කිසිම ප්රතිචාරයක් නොවීය..... අසනීපයක් වත් හැදිලද කියා සොයා බැලීමට නිවසට කථා කලෙමි... අක්කා ෆෝන් එක රැගෙන ආ... එයා පන්ති ගියා යයි පැවසුවාය....
    සිදුවන දේ හරි හැටි වටහා ගත නොහැකිව යලි යලිත් ඈ ඇමතීමට තැත් කළෙමි.... ථලක් නොවීය...ඇගේ පන්තිය අසල පැය ගණන් අව්වේ කර වූයෙමි... පන්තිය අවසානයේ ඇය මා දෙස නොබලාම 3 වීල් එකකින් පිටත් වූවාය.... කිමද මේ අරුමේ .. මට නොහැගේ ප්රිය සොදුරේ... !

    දිනෙන් දින ඇගෙන් කිසිම ප්රතිචාරයක් නොලැබෙද්දී.... මාගේ මුළු ජීවන රටාවම අව්ල් ජාලාවක් වෙමින් ති‍බේ.... කුසට අහරක්වත් ‍නොමැතිව... නින්දක් නොමැතිව... කැළඹුනු සිතින් පසුවෙමි... (මෙය ලියන මොහොතේ වෙලාව පාන්දර 2.05)
    එළකිරි සහෝදරයෙකු හා සහෝදරියෙකුගේ උපදෙස් මත ඊයේ සවස නැවත ඇය ඇමතුවෙමි.....
    දිනූ.. මට එක්කෙනෙක් ඉන්නවා ... ඔයා මට ආයෙ කථා කරන්න එපා ප්ලීස්...
    දුරකථනයෙන් ඇසුනු දේ අදහාගත නොහැකිව මම ගල් වූයෙමි.... ලෝකයම මා වටා කැරකෙන්නාක් වැනි හැගීමකින් මා තිගැස්සුනෙමි.....

    ඔයාලා දෙන්නට සුභ අනාගතයක්... මම පසුව ඇයට මගෙන් නික්මෙන අවසන් කෙටි පණිවිඩය මුදා හැරියෙමි...
    :(:(


    siththamkaramin.gif


    ඔයාලට හිතෙන දේ කරුණාකර ලියලා යන්න..!

    mchan mge storyat oya wage tikak.godak hitata waduna mchan.ubata una wage kama bima epa wela ban hitye.kochchra raha kamak kawat tittai.tamat hithe inne eya witarai.but eya mta katakaranna epa kyala nam kiwwe na.but mama hitala poddak atwela inne hithe tadakaragena duka.hamadama eya witarai mge hithe inne.:love:

    kollo uba wena kellek gana hitala life1 happy 1 inna kyala man wish karanwa.matanam eka karanna ba.ubata man wisha karanwa mchan>>!!!
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    උබට විතරක් නෙමේ බං මේක කියවපු මටත් සිරාවටම දුක හිතුන...මෙහෙමයි බං දුක තමා අවුරුදු කීයක්ද ඒත් එකක් කියන්නම් මේකෙදි උබ වැරදි නෑ.ඒකි වැරදි ඒ කෙල්ල උබටබලාපොරොත්තු දුන්න එක වැරදි..හිත හදා ගනින් වෙන මොනා කරන්නද...ලැබෙන්නෙ නැති දේවල් ගැන දුක් වෙලා වැඩක් නෑ බං..
     
    Status
    Not open for further replies.