විද්‍යාව හා බුදුදහම ගැන දන්නා තරම

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
විද්‍යාව හා බුදුදහම ගැන දන්නා තරම

විද්‍යාව යනු අප ගේ පංච ඉන්ද්‍රියයන්ට (ඇස, කන, නාසය, දිව හා සම) ගෝචර වන දෑ ඒ ආකාරයෙන් පවතිනුයේ මන්ද, ඒ ආකාරයෙන් හැසිරෙනුයේ මන්ද යන්න පැහැදිලි කිරීමට මොඩලයන් සෑදීම වේ. ඉන් අනතුරුව එම මොඩලයන් භාවිත කොට නව දෑ සොයාගැනීම හා නිපැයුම වේ. අප විද්‍යාවේ දී සත්‍ය යෑයි සලකන සියලූ දේවල් පරීක්‍ෂා කළ හැකි විය යුතු ය. එනම් මුළු විද්‍යාව ම ගොඩනැඟී ඇත්තේ පරීක්‍ෂණය, නිරීක්‍ෂණය හා නිගමනය මත ය. එනම් විද්‍යාවෙන් අප කිසියම් දෙයක්‌ පරීක්‌ෂා කිරීමට නම් එම දෙය මැනිය හැකි ග්‍රාහකයන් (deඑeජඑදරි) තිබිය යුතු ය එහෙත් අවාසනාවකට විද්‍යාවට බොහෝ සංවේදක හෝ ග්‍රාහකයන් හෝ නොමැත. මේ හේතුවෙන් දුක, සතුට, ආදරය, මෛත්‍රිය, කරුණාව, උපේක්‌ෂාව ආදී දැනෙන දේ හෝ සිත, විඤ්ඤාණය ආදී ආධ්‍යාත්මික දේ විද්‍යාවෙන් මැනිය නොහැකි ය.

එහෙත් බුදුදහම යනු අප අවට පවතින සියල්ල දුකක්‌ බව අවබෝධ කර දීමට ඇති දර්ශනයයි. ඉන්පසු මෙම දුක නැති කර ගැනීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් ගමන් මාර්ගයක්‌ පෙන්වා දී ඇත. එම මාර්ගය අනුගමනය කරන්නකුට, මෙම දුකින් මිදී ලොව්තුරු සුවය වන නිවන් මඟට පිවිසිය හැකි ය. මෙම සියල්ල සිත මත පාදක වී ඇත. එහෙත් අපට කවරදාක වත් බුදුදහමෙන් කියන දෑ, විද්‍යවෙන් පැහැදිලි කළ නොහැකි ය. මක්‌නිසා ද යත් අපට විද්‍යාවෙන් සිත මැනිය නොහැකි බැවිනි.

මේ කරුණු හේතු කොටගෙන අප ගේ සමහර ස්‌වාමීන්වහන්සේලා හා සමහර විද්‍යාඥයින් ලෙස ප්‍රචලිත පිරිස්‌ විද්‍යාවෙන් බුදුදහම පැහැදිලි කිරීමට උත්සාහ කිරීම සංවේගජනක කරුණක්‌ බව සඳහන් කළ යුතු ය. බුදුදහම පමණක්‌ නො ව වෙනත් කිසිදු දහමක්‌ පවා විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි ය. ඕනෑ ම දහමක්‌ විද්‍යාවට වඩා ඉහළින් පවතී. ඕනෑ ම දහමක්‌ එම දහම සත්‍ය යෑයි ස්‌ථිරව ම පවසයි. එහෙත් විද්‍යාව බොරු යෑයි විද්‍යාව ම පවසයි. විද්‍යාව හොඳින් අවබෝධ කරගෙන ඇති ඕනෑ ම අයෙක්‌ විද්‍යාව බොරු බව දනී. විද්‍යාව හරිහැටි නො දන්නා කෙනෙක්‌ නම් විද්‍යාව බොරු බව නො දනී. විද්‍යාවේ අද සත්‍ය යෑයි පිsළිගනු ලබන දෙය හෙට අසත්‍ය වේ. ඒ වෙනුවට තවත් සත්‍යයක්‌ ඉදිරිපත් වේ. නමුත් කිසිදු දහමක බොරු යෑයි පිළිගන්නා දේවල් නැත. අඩු ම තරමින් හැම දහමක ම එහි ඇති දේ සත්‍ය යෑයි පිළිගැනෙයි.

බුදුදහමේ සහ විද්‍යාවේ සමාන්තරව යන දේ තිබිය හැකි ය. ඉන් කියවෙනුයේ සමහර දේවල් විද්‍යාවෙන් හා බුදුදහමෙන් යන දෙකෙන් ම එක ම ආකාරයකට පැහැදිලි කළ හැකි බවයි. විද්‍යාව පරිසරයේ පවතින දෑ පැහැදිලි කරයි. බුදුන්වහන්සේ ද පරිසරය හා එහි පැවැත්ම පැහැදිලි කරති. මේ හේතුවෙන් දෙකේ ම සමාන්තර තැන් අපට හමු වේ. ඔබ මා ගෙන් ඇසුව හොත්, නිවැරැදි දෙය බුදුදහම ද කියා, මට දිය හැකි පිළිතුර වනුයේ මම නො දනිමි යන්න ය. එහෙත් බුදුදහමින් යමක්‌ විස්‌තර කරන බව පමණක්‌ මා අවබෝධ කරගෙන ඇත. ඒ ගැඹුරු දෙය කුමක්‌ දැයි මට පැවසිය නොහැකි ය. එහෙත් යථාර්ථය බුදුදහමින් පැහැදිලි කරන බව, එය යම් දුරකට හදාරන ඕනෑ ම කෙනකුට පැහැදිලි වේ. එමෙන්ම සැබෑ බුදුදහම පවතිනවා නම් පවතිනුයේ ත්‍රිපිටකයේ පමණකි. අප අසන බුදුදහම, සැබෑ බුදුදහමට බොහෝ සෙයින් වෙනස්‌ ය. එය හරියාකාරව පැහැදිලි කිරීමට නිවන් අවබෝධ කර ගත් ගුරුවරයකු සිටිය යුතු ය යන්න මා ගේ විශ්වාසයයි.


ආචාර්ය ප්‍රසන්න මධුරංග ප්‍රනාන්දු,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
භෞතික විද්‍යා අධ්‍යයනංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
බුදුදහම පිළිබඳ විද්‍යාඥයින් ඉදිරිපත් කරන ලද මත

පරමාණුව සදහා බෝර් ආකෘතිය ඉදිරිපත් කළ නීල්ස් ‍බෝර් මෙසේ පවසා ඇත. “පරමාණුව ගැන අධ්‍යයනය කරන අතරේම අපි පැවැත්ම නම් නාට්‍යයේ, අපි නළුවන් ‍හා ප්‍රේක්ෂකයන් ලෙස දරණු ලබන චරිත අතර සහ එහි සම්බන්ධතාවය ගොඩනැඟීමට බුදුරජාණන් වහන්සේ හා ලාඕ ටිසු නම් ශ්‍රෙෂ්ඨ චින්තකයින් මුහුණ දුන් ඥාන විමංසන ගැටළු වෙතට ද අවධානය යොමුකර යුතුය”.

1958 නීල්ස් බෝර්, පරමාණු භෞතික විද්‍යාව හා මිනිස් දැනුම, බ්‍රිතාන්‍ය ගණිතඥ, දාර්ශනවාදී හා නොබෙල් ත්‍යාග හිමිකරුවකු වන ඇල්ෆ්‍රඩ් ‍නොර්ත් වයිට්පොඩ් (ගණිතයේ ඉතාම වැදගත් ග්‍රන්ථයක් ලෙස සැලකෙන 'ප්‍රින්ජිරියා, මැතමෙටිකා', ග්‍රන්ථයේ බර්ට්‍රන්ඩ් රසල් හා සමකතෘ) මෙසේ පවසා ඇත.
“බුදුදහම යනු ව්‍යවහාරික පාරභෞතික විද්‍යා ඉතිහාසයේ අති විශාලතම නිදසුනයි”

බර්ට්‍රන්ඩ් රසල් යන තවත් නොබෙල් ත්‍යාගලාභියෙකු මෙසේ පවසා ඇත. “බුදු දහම විචාරාත්මක හා විද්‍යාත්මක යන අංශ දෙකේම එකතුවකි. එය විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කරමින් අවසාන‍යේ දී හේතුවාදී නිගමන වලට එළඹේ. එයින් මනස හා පදාර්ථය යනු කුමක් ද? ඒ දෙකෙන් වඩා වැදගත් වන්නේ කුමක්ද? මෙම විශ්වය ගමන් කරන්නේ යම්කිසි අරමුණක් කරාද? මිනිසාගේ සැබෑ තත්වය කුමක් ද? වැනි සිත් ඇදගන්නා සුළු ගැටළු වලට පිළිතුරු ලබා ගත හැක. විද්‍යාවේ පවතින සීමා නිසා මෙවැනි ගැටළු අපට නිරාකරණය කරගත නොහැක. එහි විජයග්‍රහණය ලැබෙන්නේ මනසටයි”.

ඇමරිකානු‍ භෞතික විද්‍යාඥයෙකු වන ජේ. රොබට් ඕපන්හයිමර් විසින් හෙයින්ස්බර්ග් අවිනිශ්චිතභාවය පිළිබඳ මූලධර්මය පැහැදිලි කරමින් “ඉලෙක්ට්‍රෝනයක පිහිටීම නොවෙනස්ව පවතී දැයි ඇසුවහොත් එයට පිළිතුර 'නැත' යන්නයි. ඉලෙක්ට්‍රෝනයේ පිහිටුම කාලයත් සමඟ වෙනස් වේදැයි ඇසුවහොත් එයට පිළිතුරද 'නැත' යන්නයි. මිනිසාගේ මරණින් මතු ජීවිතය පිළිබඳ කෙරෙන ලද ප්‍රශ්න වලට ද බුදුරජාණන් වහන්සේ එවැනි පිළිතුරු සපයන ලදි.