විද්‍යාව_හා_ආගම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    නැකැත් රාල;16441120 said:
    සංකල්පය හා විඥානය නොදන්නා ඔබ සමග තර්කය පලක් නැත. නිර්වානය හුදෙක් සංකල්පයක් ලෙස ලඝු කරන ඔබේ බුද්ධ ධර්මය පිලිඹඳ දැනුම කොතරම් දැයි සියල්ලන්ටම මනාව වැටහේ යැයි සිතමි. පුද්ගලිකව මඩගැසීමක් ඇර ගත යුත්තක් ඔබේ පෝස්ටුවේ නැත..
    ඔබ වැන්නවුන් තප්පුලන විට අත්පුඩි ගසන්නන්ද සිටීම ගැන කනගාටු වෙමි. බෞද්ධ දර්ශනය තුල නිර්වානය සංකල්පයක් නොවේ. නිර්වානය බෞද්ධ දර්ශනයේ අත්තිවාරමයි. බෞද්ධ දර්ෂනයේ අත්තිවාරමට පහරදීමට තරම් ඔබ බෞද්ධ දර්ශනයට වෛර කරන්නේ මන්දැයි නොදනිමි.
    මේ ගැන තවත් කථා කර පලක් නැත.
    බුදු සරනයි.

    මමත් ඔබේ අදහස සමග එකගයි.

    බවුතික විද්‍යාවෙන් තර්ක කරන කොට, මනස කොහෙද තියෙන්නේ? මනසේ බර කොච්චරද? මනස තියෙනවා කියල අපි ඔප්පු කරන්නේ කොහොමද? මනස හැදිලා තියෙන්නේ මොනවයින්ද? විද්‍යාත්මක උපකරණ වලින් මනස observe කරන්නේ කෙසේද? ගැබ්ගත් පසු මනස ඇතිවන්නේ කොයි අවස්ථාවේදීද?

    නිගමනය - මිනිස්සුන්ට හෝ සතුන්ට මනසක් කියා දෙයක් නොමැත. මනස යනු හුදෙක් මිථ්‍යාවකි.
    මනසක් තියෙනවා කියල අදහන්නා මිත්යදුෂ්ටිකයෙකි.

    .:lol::lol::lol::lol::rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නැකැත් රාල;16441120 said:
    සංකල්පය හා විඥානය නොදන්නා ඔබ සමග තර්කය පලක් නැත. නිර්වානය හුදෙක් සංකල්පයක් ලෙස ලඝු කරන ඔබේ බුද්ධ ධර්මය පිලිඹඳ දැනුම කොතරම් දැයි සියල්ලන්ටම මනාව වැටහේ යැයි සිතමි. පුද්ගලිකව මඩගැසීමක් ඇර ගත යුත්තක් ඔබේ පෝස්ටුවේ නැත..
    ඔබ වැන්නවුන් තප්පුලන විට අත්පුඩි ගසන්නන්ද සිටීම ගැන කනගාටු වෙමි. බෞද්ධ දර්ශනය තුල නිර්වානය සංකල්පයක් නොවේ. නිර්වානය බෞද්ධ දර්ශනයේ අත්තිවාරමයි. බෞද්ධ දර්ෂනයේ අත්තිවාරමට පහරදීමට තරම් ඔබ බෞද්ධ දර්ශනයට වෛර කරන්නේ මන්දැයි නොදනිමි.
    මේ ගැන තවත් කථා කර පලක් නැත.
    බුදු සරනයි.

    මා පැවසූයේ විඥානය ගැන නොව විඥාන දැනුම ගැනය... විඥානය සහ විඥාන දැනුම යන වදන් දෙක වෙන් කර හඳුනාගත නොහැකි ඔබ කුමන සතෙකුගෙන් පරිණාමය වූ ජීවියෙක්දැයි සෙවිය යුතුය..
    නැකැත් රාළගේ පිළිතුරෙන් පෙනී යන අනෙක් කරුණ නම් සංකල්පය යන්න වටහාගෙන නොමැති බවය.. නැකැත් රාළ සංකල්ප යන වදන තේරුම් ගෙන ඇත්තේ පඤ්ඤප්ති ලෙසයි.. එසේ තේරුම් ගත් විට මෙවන් ආකාරයේ පිළිතුර දීම සාමාන්‍ය දෙයකි..
    නිවන යනු කුමක්ද ?
    බුදු දහමට අනුව නිවන යනු සසර ගමනේ අවසානය වේ..
    නිවන සංකල්පයක් නොවේයැයි පවසන නැකැත් රාළගෙන් මට ඇසීමට ඇත්තේ ඔහුට සංකල්පයක් නොවන නිවන මා කියනා තැනට බෑගයක හෝ ලොරියක හෝ දමාගෙන ඇවිත් පෙන්විය හැකිද යනුවෙනි..
    මෙම ප්‍රශ්නය වැරදි විදිහට තේරුම් ගෙන මා පිළිගන්නේ භෞතික දෑ පමණක් බැවින් නිවන යන්න වටහා ගැනීමට මා හට නොහැකි වී ඇති බව නැකැත් රාල අනෙක් අතට පැවසුවත් මා පුදුම නොවෙමි.. එබැවින් එවැනි ප්‍රශ්නයක් ඇසීමට පෙර කිවයුත්තේ මේ ප්‍රශ්නය ඇසූයේ නැකැත් රාළ නිවන සංකල්පයක් නොවන බව පැවසූ නිසා එයට පිළිතුරක් වශයෙන් මිසක, මා පිළිගන්නේ භෞතික වූ දෑ පමණක්ය යන මතයේ නොසිට බවයි...
    නිවන යන සංකල්පය නැකැත් රාලට නොවැටහෙන්නේ නම් මාහට කීමට ඇත්තේ ගුරුත්වාකර්ශනය ගැන මොලය වෙහෙසවා සතියක් දෙකක් හොඳින් හිතන ලෙස පමණකි.. මෙහිදී ගුරුත්වාකර්ශනය ගැන සිතීම යනුවෙන් අදහස් කලේ නිව්ටන්ගේ සමීකරණ ගැන සිතීම නොව ගුරුත්වාකර්ශනය යන සංකල්පය (ප්‍රවාදය නොවේ) ගැන සිතීමයි.. එවිට ඔබට මෙය වටහා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත..
    අවසාන වශයෙන් කීමට ඇත්තේ මා ව්‍යංගයෙන් පැවසූ කිසිම දෙයක් නැකැත් රාළ ග්‍රහණය කරගෙන නොමැති බවයි.. එබැවින් එය ව්‍යංගයෙන් නොපවසා නැකැත් රාළට පහසුවෙන් ග්‍රහනය කරගත හැකිවන පරිදි කෙලින්ම පවසමි..

    මර්ලින්ගේ මායා බලය, යුනිකෝන් අශ්වයන්, වැනි දෑ හුදෙක් පොත් වල ඇති මිථ්‍යා ලෙස ප්‍රතික්ශේප කිරීමටත්,
    නාසයෙන් ගින්දර සමඟ ජලය විදීම, අහසේ පාවීම වැනි දෑ පරම සත්‍යය ලෙස ප්‍රතික්ශේප නොකිරීමටත්, ඇති සාධාරණ හේතුව හෝ හේතු කවරේද ?