විදුලිය_කපන්න_වෙයි
වැස්සෙ නැත්නම් තත්ත්වය නරකයි – විදුලිය කපන්න වෙයි
අපේක්ෂා කරන පරිදි ඉදිරි සති දෙක ඇතුළත වැසි නොලැබුණහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවනු ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සැක පළ කරනවා.
ඔහු ඒ බව පැවසුවේ වැසි අඩු වීමෙන් විදුලිබල පද්ධතියට සිදුවී ඇති බලපෑම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි. එහිදී හෙතෙම සඳහන් කළේ සමනළ වැව ජලාශයෙන් දැනට ජාතික පද්ධතියට විදුලිය සැපයෙන්නේ පැය කිහිපයක් පමණක් බවයි. කුකුලේ ගඟ ජලාශයේද මේ වන විට අඩුම විදුලි බල නිෂ්පාදනයක් සිදු කරමින් ඇති බවත් සඳහන් කළා. ඒ අනුව පවතින තත්ත්වය මත අධික විදුලි ඉල්ලුමක් ඇති රාත්‍රී කාලයේ පද්ධතිය පවත්වාගෙන යෑමේ අර්බුධයක් ඇති විය හැකි බවත් පෙන්වා දුන්නා.
මේ අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉකුත් දා කියා සිටියේ විදුලි කප්පාදුවක් සිදු නොකර විදුලිබල සැපයුම පවත්වා ගැනීමට හැකි සෑම උත්සහයක්ම දරන බවයි. ඒ සඳහා හැකියාව තිබෙන බවටද ඔහු විශ්වාසය පළ කළා.