විදුලිය_බිඳ වැටීම තව දුරටත්
නොරොච්චෝලේ ලක් විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයේ පරීක්ෂණ කටයුතු අවසන් කළද ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් විදුලිය විසන්ධි විය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එහි සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ "තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳවැටුණු නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ මේ වන විට පරීක්ෂණ අවසන් වෙලා දෝෂය නිවරැදි කිරීම සිදු වෙලා තියෙනවා. ඒ අනුව පරීක්ෂණ මට්ටමින් විදුලි ජනනය සඳහා දෙවන යන්ත්‍රය සූදානම් කිරීමේ කටයුතුයි මේ වන විට සිදු වන්නේ. අද දහවල් කාලය වෙන විට මෙම යන්ත්‍රයත් විදුලි ජනනය සඳහා පද්ධතියට එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉහළ විදුලි ඉල්ලුමත් ජලවිදුලිය නිෂ්පාදනය වීම සීමා වීමත් දෙවන ජනන යන්ත්‍රයේ ඇති තත්ත්වයත් මත පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා සිදු කරන්න වෙයි. ඒ නිසා සමහර ප්‍රදේශවල විදුලි සැපයුම ඉදිරියේදී බිඳ වැටෙන්න පුළුවන්." යනුවෙනි.
විදුලි බිඳවැටීම් තවදුරටත් සිදුවිය හැකියි
2019-03-19

MR ge kaale eka hadanna e pakku ida dunnanam mehema light yanne naha.ponna pakku puka uda dagena ka gahuwane..dan idapanko weli weli..

මුන් ඒකට බැන බැන ඉන්නවා මිසක් අලුතෙන් එකක්වත් හැදුවය 