විදුලි ඉංජිනේරු යකා
රටම එළිය කරමින් ජාතික ආර්ථිකයේ ඉදිරි ගමන උදෙසා බලශක්තිය සැපයීමට ඇති ලංකා විදුලිබල මණ්ඩලය යනු එක්තරා දූෂිත මාෆියාවක ග්‍රහණයට හසුවීම හමුවේ රටට බරක් සහ ජනතාවට විනයක් වූ ආයතනයක් බවට පත්ව ඇත්තේ කාලාන්තරයක සිටය.
එහෙත් කොතරම් විනාශකාරී වුවද ජාතියේ කරුමයකට මෙන් එකී මාෆියාවට එරෙහිව මෙතෙක් නැගී සිටියෙක්ද නොවන්නේය. ආණ්ඩු ආවේය. ආණ්ඩු ගියේය. එසේ කවුරුන් බලයට පැමිණියද මේ මොහොතේත් විදුලිබල මණ්ඩලය ගිල දමමින් ජනතාවට වින කරන මේ අපතයෝ යෙහෙන් වැජඹෙන්නාහ.
මෙකී මාෆියාව වූ කලී කුමක්ද? ඒ අන් කිසිවක් නොව නිදහස් අධ්‍යාපනයේ පිහිට ලබා රටේ ජනතාවගේ මුදලින් උගෙන විදුලිබල මණ්ඩලය යනු තමන්ට තනතුරු දරන්නට ස්ථාපිත කර ඇති ආයතනයක් පමණකැයි සිතා සංවිධානාත්මක ලෙස එය සිය උරුමය බවට පත්කරගෙන සිටින විදුලි ඉංජිනේරු මාෆියාවය. බොහෝ විට විදුලිබල මණ්ඩලයේ සිටින සියලුම විදුලි ඉංජිනේරුවන් මෙකී කුලකයට අයත් නොවන්නටද පුළුවන.
එහෙත් සිදු වෙමින් තිබෙන විනාශය හමුවේ රටත් ජනතාවත් වෙනුවෙන් කනාගාටුවෙන් වුව "එක මකුණකු කෑවිට ඔක්කොම මකුණෝ මරන" න්‍යායයෙන් මේ සටහන තබන්නට අපට සිදුව තිබෙන බව එකී නිර්දොaෂී පිරිස් අවබෝධ කර ගත යුතුය.
ලොව සෑම රටකම විදුලිය උත්පාදනය, රැහැන්ගත කිරීම හෙවත් සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම යන්න ඉතාම සැළසුම් සහගත අයුරින් සිදු කෙරෙන්නකි. එහිදී බලාගාර ස්ථාපිත කිරීමේ සිට විදුලිය උත්පාදනය කර බෙදාහැරීම දක්වා වූ සමස්ත කාර්යයේදී යාන්ත්‍රික, විදුලි, සිවිල් සහ රසායනික යන සියලු ඉංජිනේරුවන්ගේ විෂයානුබද්ධ දැනුම අවශ්‍ය තැනදී අවශ්‍ය ලෙස ලබා ගැනීම ඒ ඒ රටවල පිළිවෙත වී තිබේ.
එය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් ලෙසින් පෙන්වා දීමටද හැකිය. වර්තමානයේ මෙරට ක්‍රියාත්මක පෞද්ගලික විදුලි බලාගාරයන්හි ක්‍රියාකාරිත්වය දෙස බැලීමේදීද එය මැනවින් පැහැදිලි වන්නකි.
එහෙත් ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමය එය වුවද ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාදාමය කාලාන්තරයක සිට සිදු වෙමින් තිබෙන්නේ ඊට සම්පූර්ණයෙන්ම පටහැනි වූ "ඔලුවෙන් ඇවිදින" න්යායකිනි.
අද දවසේ ලංකා විදුලිබල මණ්ඩලය යටතේ ඇති මෙරට බලාගාරවල සිදුවන විදුලි උත්පාදනයේ සිට බෙදාහැරීම දක්වා වූ සියලුම කටයුතුවල අධිකාරිත්වය බලහත්කාරයෙන්ම නතු කරගෙන සිටිනුයේ විදුලි ඉංජිනේරු මාෆියාව විසිනි. එපමණක්ද නොව විදුලිබල මණ්ඩලයේ මානව සම්පත් කළමනාකරණ අංශයේ සිට ප්‍රවාහනය, ගබඩාකරණය වැනි සියලුම අංශ භාරව සිටිනුයේ පඳුරකට පයින් ගැසුවත් විසි වන තරමට පිශාචයන් මෙන් විදුලිබල මණ්ඩලයට ආරූඪ වී සිටින විදුලි ඉංජිනේරුවන් විසිනි.
ලංකා විදුලිබල මණ්ඩලය දෙස විමසීමෙන් බැලුවහොත් මේ වන විට විදුලි ඉංජිනේරුවරයකු භාරයේ නොමැත්තේ එහි කක්කුස්සි සේදීම හා කාණු සුද්ධ කිරීම ඇතුළු සනීපාරක්ෂක කටයුතු පමණි. අන් සෑම කටයුත්තකම අධිකාරි බලය ඇත්තේ විදුලි ඉංජිනේරුවකු සතුව වේ.
මණ්ඩලයේ වාර්තාවලටම අනුව වර්තමානයේ විදුලිබල මණ්ඩලයට අරක් ගෙන සිටින විදුලි ඉංජිනේරුවන්ගේ සංඛ්‍යාව අටසියයකි. එහි රාජකාරි සඳහා සිටින යාන්ත්‍රික ඉංජිනේරුවන් ගණන 40 ක් පමණ වන අතර සිවිල් ඉංජිනේරුවරුන් සිටිනුයේ දස දෙනකු පමණි.
මේ සංඛ්‍යා දෙස අනුපාතිකව බැලීමේදීද විදුලිබල මණ්ඩල "කැඳ හැලියේ" තරම ඕනෑම අයකුට පැහැදිලිව වටහාගත හැකිය. මේ වන විට විදුලි ඉංජිනේරු මාෆියාව ආණ්ඩු මෙල්ල කරන තරමට බලවත් වී සිටින්නේද මෙකී තත්ත්වය හමුවේය. ඔවුන් එසේ ආණ්ඩු මෙල්ල කිරීමේදී කිසිදු බියක් සැකක් නොමැතිව ආණ්ඩුවට දික් කරනුයේ වර්ජන පොල්ලය.
විදුලිය යනු ආර්ථික වශයෙන් මෙන්ම රටක ජන සමාජයේ එදිනෙදා ක්‍රියාවලියේදී නැතිවම බැරි අත්‍යවශ්‍ය සේවාවක් බව අමුතුවෙන් කිව යුතු නොවන්නකි. යථාර්ථය එසේ වෙද්දී මණ්ඩලය තුළ තමන් සතු අසීමිත බලය සමග එක් විනාඩියක් තුළ විදුලිබල මණ්ඩලයේ සමස්ත ක්‍රියාවලියම නතර කර රටම නන්නත්තාර කිරීමට මොවුන්ට හැකි බව විදුලි ඉංජිනේරු මාෆියාවේ අපතයෝ දැන සිටිති.
ඉදින් ඔවුහු වර්ජන පොල්ල ගෙන ආණ්ඩුවට දික්කරති. එහිදී කිසිත් කරකියාගත නොහැකිව නගුට දෙපරංශයේ ඔබා ගන්නා ආණ්ඩුව "ඔහේගෙ නම් ඔහේ ගන්න" කියන්නාක් මෙන් නිහඬවම කරබා ගනී. විදුලි ඉංජිනේරු මාෆියාව හමුවේ කාලයක සිට රටට දරාගත නොහැකි අන්දමේ විනාශයකක් සමග විදුලිබල මණ්ඩලය වළපල්ලට යද්දී දිගින් දිගටම සිදුවූයේ සහ අදද සිදු වෙමින් තිබෙන්නේ ඒ ටිකය.
ජාතියේ කරුමයටදොa මෙරට විද්වතුන් සහ බලධාරින් බකන්නිලා සිටියදී ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනයේදී එකී යාන්ත්‍රික ක්‍රියාවලිය අද දවසේ මුළුමනින්ම ග්‍රහණයට ගෙන සිටිනුයේ විදුලිබල මණ්ඩලයට අරක් ගෙන සිටින අට සියයක් පමණ වූ විදුලි ඉංජිනේරුවන් අතරින් පිළිලයක් සේ ඉස්මතු වී තිබෙන විදුලි ඉංජිනේරු මාෆියාවය.
මේ හමුවේ විදුලිබල මණ්ඩලයේ සිටින යාන්ත්‍රික ඉංජිනේරුවෝ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ලබාගත් තම විෂය දැනුමට අනුව කළ යුතු යුතුකම් රට වෙනුවෙන් ඉටු කිරීමට නොහැකිව පසෙකට වී සිටිති. මණ්ඩලයේ සිටින සිවිල් ඉංජිනේරුවන්ටද අත්ව ඇත්තේ එවන්ම වූ ඉරණමකි.
ඒ අතරේ වළං කද බිඳි "අම්බලමේ පිනා"ගේ භූමිකාව රඟමින් සිටින විදුලි ඉංජිනේරු මාෆියාවේ අම්බරුවෝ "බලු වලිගයේ ඇද අරින" අන්දමින් සියල්ල බදාගෙන කරන්නට ගොස් ජාතියට කෙළවමින් සිටිති. පැහැදිලිවම කිවහොත් සිදුවෙමින් තිබෙන්නේ "කෝච්චි ඩ්‍රැයිවර් ප්ලේන් එලවන්නාක්" වැනි ක්‍රියාවලියකි.
ජාතික ධනය ප්‍රකෝටි ගණනින් වනසමින් අද දවසේ විදුලි ඉංජිනේරු මාෆියාව මෙසේ විදුලිබල මණ්ඩලය සුන්නද්ධූලි කරන අතරේ ඉසිලිය නොහැකි විදුලි බිලක් රටේ ජනතාව අතට පත්වන තැනට කටයුතු කරමින් තවත් අතකින් ජනතාවගේ ඔලුවලට පොලුවලින් ගසමින් සිටින්නේය. පැහැදිලිවම කිවහොත් රටේ විදුලි බිල අසීමිත ලෙස ඉහළ යැමට Rජුවම වගකිව යුත්තේ එකී මාෆියාව බව අද විදුලිබල මණ්ඩලයේ සේවක sපරිස්ම කියන්නාහ.
නමුත් රටේ විදුලි බිල ඉහළ යන සෑම අවස්ථාවකදීම ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ නගර සභාව මෙන්ම ප්‍රදේශීය සභාව දක්වා ගිය දේශපාලනඥයන් සැමදා කළේ කුමක්ද? තම තමන්ගේ පාට කණ්ණාඩි තුළින් විදුලි බිලේ ඉලක්කම් දෙස බලා මොර දුන්නා මිස මේ යථාර්ථය පිළිබඳ කිසිවිටෙකත් හඬක් නොනැගීය.
රටට බරක් වී තිබෙන විදුලි ඉංජිනේරු මාෆියාවේ කටයුතු හමුවේ විදුලිබල මණ්ඩලයට හෙන වදිමින් එහි විනාශය ආරම්භ වන්නේ එසේය. එකී ආරම්භය මේ වන විට ගමන් කර ඇති දුර බොහෝය. උදාහරණ ලෙස දක්වතොත් ඉකුත් කාලයේ රට පුරා ඇති ජලාශ පිරෙන්නට වර්ෂාව ලැබෙද්දී එකී වටිනා ජලකඳ බලාගාරවල පිහිටි විදුලි උත්පාදක යන්ත්‍රවල බ්‍රමණ තලවල නොගෑවී කාටත් හොරා මුහුදට ගලා ගියේ මේ අපතයන් නිසාය.
එසේම පසුගිය කාලයේ කුකුළේ ගඟ බලාගාරයට මොවුන් කළ විනාශයද ඒ අන්දමේම එකකි. අද දවසේ එහි තිබූ විදුලි ජනක යන්ත්‍ර දෙකින් එකක් පණ අදමින් ක්‍රියාත්මක වන තැනට කටයුතු සැලසුවේද මොවුන්ම වේ. මෙකී විදුලි ඉංජිනේරු මාෆියාව රටටත් ජාතියටත් විදුලිබල මණ්ඩලයටත් සිදුකරමින් සිටින විනාශයේ තරම මැනවින් පැහැදිලි වන මෑත කාලීන හොඳම උදාහරණය වන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අද කර තිබෙන වින්නැහියිය වන්නේය.
නොරොච්චෝලේ බලාගාරය යනු ආරම්භයෙන් කෙටි කලක් තුළ ගැටලු මතුවු ව්‍යාපෘතියක් බව සත්‍යයකි. නමුත් පසු කාලීනව එය භාරව කටයුතු කළ මෙරට කෘතහස්ත යාන්ත්‍රික ඉංජිනේරුවකු වූ සාලිය පණ්ඩිතරත්න මහතා දැඩි වෙහෙසක් දරා සිය දැනුම උපරිමයෙන් යොදවමින් නොරොච්චෝලේ යළි ගොඩගන්නට වෙහෙසුණේය.
ඔහු දැරූ එකී වෙහෙස නිසාම මීට මාස හතකට පමණ ඉහත සිට අතීතයට ගිය වසර දෙකහමාරක් වූ කාලයේ නොරොච්චෝලේ බලාගාරය රටේ කතාබහට ලක්වන මාතෘකාවක් නොවී මෙගාවොට් 300 ක් පමණ වන එහි විදුලි ධාරිතාවෙන් සියයට අසූවක දායකත්වයක් ජාතික පද්ධතියට එක් කරමින් නොකඩවා ක්‍රියාත්මක වෙමින් තිබිණ.
පණ්ඩිතරත්න මහතා නොරොච්චෝලේ භාරව සිටි සමයේ එහි නඩත්තු කටයුතු වෙනුවෙන් විටින් විට බලාගාරය නවතා තිබුණේ වසර දෙකහමාරක කාලය පුරාවටම මාස තුනක් පමණි.
එහෙත් ඔහු මෙසේ නොරෝච්චෝලේ ගොඩ දමමින් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරද්දී එය විදුලි ඉංජිනේරු මාෆියාවේ ඇස්වල කටු අනින්නා වූ කරුණක් බවට පත්විය.
එහි අවසන් ප්‍රතිඵලය වූයේ කුමන්ත්‍රණකාරි ලෙස නොරොච්චෝලෙන් ඉවත් කෙරුණු සාලිය පණ්ඩිතරත්න මහතා ස්විට්සර්ලන්ත සමාගමක උපදේශක ඉංජිනේරුවරයකු ලෙස රටින් පිටව යද්දී නොරොච්චෝලේ බලාගාරය ආරම්භයේදී නැගුණු ජනතා විරෝධයක් හමුවේ මරණ දෙකක් සමග පැණි කෑ එකෙකු යෑයි කියනා අයකුට එය භාර වීම විය.
නොරොච්චෝලේ වත්මන් අර්බුදය ඇරඹෙන්නේ එතැන් පටන්ය. එකී අර්බුදයේ තරම කොතෙක්ද යත් ඔහු එය භාරගත් මාස හයක කාලය තුළ දින සියයක් නොරොච්චෝලේ අක්‍රීය වෙද්දී මෙම ලිපිය ලියූ සිකුරාදා වන විට මෙගාවොට් 300 ධාරිතාවෙන් යුත් එහි මෙගාවොට් 50 ක පමණ උත්පාදනයක් සිදු වූ කොටසක ට්රාන්ස්පෝමරයක් පිපිරී ගිය බවද වාර්තා විය.
නමුත් නොරොච්චෝලේ අක්‍රීය වෙද්දී ජල විදුලියද ප්‍රමාණවත් නොවීම හමුවේ අප ගමන් කළ යුතු වන්නේ ඩීසල් බලාගාර මගිනA විදුලි ඉල්ලුම සපුරා ගැනීමේ මාවත වෙතය. ඒ අනුව මේ මොහොත වන විට රටේ විදුලි ඉල්ලුම සැපිරීම සඳහා කැලණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දිනකට පුච්චා දැමිය යුතුව ඇති ඩීසල් ප්‍රමාණය ලීටර් ලක්ෂ පහළවකි.
මෙහිදී කැලණිතිස්ස බලාගාරය පමණක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් නොවන බවද කිව යුතුය. ඒ අනුව අනෙකුත් පෞද්ගලික බලාගාරවල පිහිට ලබා ගැනීමටද අපට සිදුවේ.
ඒ සියල්ලෙන්ම උත්පාදනය වන එක් විදුලි ඒකකයක මිලේ සාමාන්‍යය රුපියල් 28 ක් පමණ වේ. රුපියල් බිලියන ගණනක් වැය කර ඉදි කෙරුණු නොරොච්චෝලේ බලාගාරයෙන් විදුලි ඒකකයක් රුපියල් නවයකට උත්පාදනය කර ගැනීමේ හැකියාව තිබියදී එය විදුලි ඉංජිනේරු මාෆියාවේ පරීක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කර ගැනීමට ඉඩදී රටේ විදේශ විනිමය ප්‍රකෝටි ගණනින් වැය කර තොග පිටින් ඩීසල් ඉන්ධන පුළුස්සා දමමින් එක් විදුලි ඒකකයක් රුපියල් 28 ක මුදලකට ලබා ගැනීමට අපට සිදුව ඇත්තේ ඇයි?
සැබවින්ම අද දවසේ මේ සියල්ල සිදු වෙමින් තිබෙන්නේ රටට කරුමයක් වී ඇති විදුලි ඉංජිනේරු මාෆියාවේ කෙරුවාව හමුවේය. එසේම ඒ හේතුවෙන් රටට සිදුව ඇති සහ දැනුදු සිදුවෙමින් තිබෙන විනාශයන්ද බොහෝය. එහෙත් කිසිවකුත් අදටත් මොවුන්ට එරෙහි පියවරක් නොගැනීම රටේත් ජනතාවගේත් අවාසනාවක් බවට පත්ව ඇත.?
සමන් ගමගේ

http://www.divaina.com/2014/01/19/feature12.html